පොලිටිකල් බයොග්‍රැෆි/පොලිටිකල් ත්‍රිලර්/පොලිටිකල් ඩ්‍රාමා සහ ඔස්කාර්

මේ දවස් වල ලංකාවත් දේශපාලන පොරපිටියක් බවට පත්වෙල තියෙන නිසා අපි ටිකක් දේශපාලනමය සිනමාපට සම්බන්ධ දෙයක් කතා කරමුද?

ඔස්කාර් ඉතිහාසය පුරා පොලිටිකල් බයොග්‍රැෆි පොලිටිකල් බයොග්‍රැෆි/පොලිටිකල් ත්‍රිලර්(ෆිල්ම් වලට ඒ විදිහට වෙනම ශොනර් එකක් නම් කරල නැති වෙන්න පුළුවන් )/පොලිටිකල් ඩ්‍රාමා ෆිල්ම් වලට මොකක් හෝ අවොර්ඩ් එකක් ගිය අවස්ථා ගොඩක් තියෙනවා. යම් අවුරුද්දක පොලිටිකල් ත්‍රිලර් එකක් හෝ පොලිටිකල් බයොග්‍රැෆි එකක් ආවොත් ඒකෙ ප්‍රධාන චරිතය කරාපු නළුවා හෝ නිළිය හොඳම නළුවා හෝ නිළිය වීමේ ප්‍රවණතාවක් තියෙනවා. මේ ඒ ගැන මම දන්න ටිකක්.

 











01. චාර්ල්ස් ලාෆ්ටන් - ද ප්‍රයිවට් ලයිෆ් ඔෆ් හෙන්රි 8

බ්‍රිතාන්‍යයේ 8 වන හෙන්රි රජුගේ විවාහ ජීවිතය ආශ්‍රයෙන් නිපදවුණ් මෙම සිනමාපටය වෙනුවෙන් 1934, 7 වන ඔස්කාර් සම්මාන උළලේදී චාර්ල්ස් ලාෆ්ටන් ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නළුවා සම්මානය දිනා ගන්නවා. එම සම්මානය දිනා ගන්නා අවස්ථාවේ වයස අවුරුදු 34ක් වූ බැවින් එවකට එම අංශයේ සම්මානයක් දිනූ ලාබාලතම නලුවා වුණා.

02.ලොරෙටා යං - ද ෆාර්මර්'ස් ඩෝටර් 

1947 දී 20 වන ඔස්කාර් සම්මාන උළලෙදී ලොරෙටා ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නිලිය සම්මානය ලබා ගන්නෙ  'ද ෆර්මර්'ස් ඩෝටර්' පොලිටිකල් ඩ්‍රාමා ෆිල්ම් එකේ කල රංගනය වෙනුවෙනි.මෙය සත්‍ය කතාවක් නොවන අතර නවකතාක් ආශ්‍රයෙන් නිපදවූවකි.

03. ලොරන්ස් ඔලිවර් - හැම්ලට්


විලියම් ශේක්ෂ්පියර් ගේ හැම්ලට් නාට්‍යය අනුසාර්යෙන් නිපදවුණ පළමු හැම්ලට් සිනමාපටයේ රංගනය උදෙසා 1948, 22 ඔස්කාර් සම්මාන උළලේදී ලොරන්ස් ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නළුවා සම්මානය දිනා ගන්නවා.

04.බ්‍රොඩ්‍රික් ක්‍රොෆොර්ඩ් - ඕල් ද කිංස් මෙන්

එම නමින්ම වූ නවකතාව අනුසාරයෙන් නිපදවුණ මෙම සිනමාපටයේ රංගනය උදෙසා ක්‍රොෆොර්ඩ් 1949 , 23 ව්න ඔස්කාර් සම්මාඅන් උළලේදී ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නළුවා සම්මානය දිනා ගන්නවා.සිය මිතුරන් ට වාසිවන ලෙස වැඩ කරමින් සිය බලය රන්න්හා පවත්වාගත් දූෂිත දේශපාලඥයකුගේ නැගීම සහ බැසීම මෙමා සිනමාපටයේ දිගහැරෙනවා.

05.ඉංග්‍රිඩ් බර්ග්මන් - ඇනස්ටේසිආ 


1956, 29 වන ඔස්කාර් සම්මාන උළලේදී බර්ග්මන් ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නිලිය සම්මානය ලබා ගන්නෙ  මෙම සිනමාපටයෙ , රුසියානු ආධිපාදවරියක් වුණ ඇනා කොරෙෆ්/ඇනස්ටේසිආ ගේ චරිතය උදෙසාය.

06.කැතරින් හෙබර්න් - ද ලයන් ඉන් වින්ටර්

1968 , 41 වන ඔස්කාර් සම්මාන උළලේ දී ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නිලිය සම්මානය ලබා ගන්නෙ, මෙම සිනමාපටයේ , දෙවන හෙන්,රි රජුගේ බිසව වූ අක්‍යුටෙනා හි ආධිපාදවරිය එලිනොර් ගේ චරිතය උදෙසාය.

07.බෙන් කිංස්ලි - ගාන්ධි 



1983,56 වන ඔස්කාර් සම්මාන උළලේදී බෙන් කිංස්ලි ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නළුවා සම්මානය ලබා ගන්නේ 'ගාන්ධි' සිනමාපටයේ මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි නොහොත් මහත්මා ගාන්ධි ගේ චරිතය උදෙසාය.

08.ෆොරස්ට් විටෙකර් - ද ලාස්ට් කිං ඔෆ් ස්කොට්ලන්ඩ් 


2007,80 වන ඔස්කාර් සම්මාන උළලේදී විටේකර් ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නළුවා සම්මානය ලබා ගන්නේ මෙම සිනමාපටයේ ඉදිරිපත් කල උගන්ඩා හිටපු හමුදා නායක /ජනාධිපති 'ඉඩි අමීන්' ගේ චරිතය උදෙසාය.

09. හෙලන් මිරන් - ද ක්වීන් 

 විටෙකර් අමීන්ගේ චරිතය උදෙසා සම්මාන ගනිද්දී එම වසරේ එම සිනමා සම්මාන උළලේදීම හෙලන් ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නිලිය සම්මානය ලබා ගන්නෙ ද ක්වීන් හි 2 එලිසබත් රැජිණගේ චරිතය වෙනුවෙනි.

10.ෂෝන් පෙන් - මිල්ක් 

2009, 82 වන  ඔස්කාර් සම්මාන උළලේදී ෂෝන් ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නළුවා සම්මානය ලබා ගන්නේ : කැලිෆොර්නියා වල සැන් ෆැන්සිස්කෝ හි 'බොර්ඩ් ඔෆ් සුපවයිසර්ස්' හි සාමාජිකත්වය ලබා ගත් පළමු සමලිංගික තැනැත්තා වන හාවි මිල්ක් ගේ චරිතය වෙනුවෙනි .

11.කොලින් ෆර්ත් - ද කිං'ස් ස්පීච් 

2011 , 84 වන ඔස්කාර් සම්මාන උළලේදී ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නළුවා සම්මානය ලබා ගන්නේ මෙම සිනමාපටයේ 6 වන ජෝර්ජ් රජුගේ චරිතය උදෙසාය.

12.මෙරිල් ස්ට්‍රීප් - දි අයන් ලේඩි

කොලින් 6 වන ජොර්ජ් රජුගේ චරිතයට සම්මානය ගනිද්දී එම වසරේ එම සිනමා උළලේම 'දි අයන් ලේඩි' හි බ්‍රිතාන්‍යයේ සහ බටහිර රටක පළමු අග්‍රාමාත්‍ය වරිය වූ මාග්‍රට් තැචර් ගේ චරිතය උදෙසා , මෙරිල් විසින් ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නිලිය සම්මානය ලබා ගන්නවා.

13.ඩැනියෙල් ඩෙ - ලුවිස් 

ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නළුවා සම්මානය ලබා ගත් නළුවන් අතුරින් එය වැඩිම වතාවක් ( තුන් වතාවක් ) ලබා ගත් නළුවා බවට පත් වෙමින් 2013, 86 වන ඔස්කාර් සම්මාන උළලෙදි ඩැනියෙල් මෙම සම්මානය ලබා ගන්නේ ස්ටීවන් ස්පිල්බර්ග් ගේ 'ලින්කන්' සිනමාපටයේ ලින්කන් චරිතය උදෙසායි.

14.ගැරී ඔල්ඩ්මන් - ඩාර්කස්ට් අවර් 


2018 , 91 වන ඔස්කාර් සම්මාන උළලෙදී ගැරී ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නළුවා සම්මානය ලබා ගන්නේ ඩාර්කස්ට් අවර් හි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් ගේ චරිතය වෙනුවෙනි.

15.ඔලිවියා කොල්මන් - ද ෆේවරිට් 

2019, 92 වන ඔස්කාර් සම්මාන උළලෙදී ඔලිවියා ප්‍රධාන චරිතයක් උදෙසා හොඳම නිලිය සම්මානය ලබා ගන්නෙ 'ද ෆෙවරිට්' හි බ්‍රිතාන්‍ය රැජිණ' ඈන්' ගේ චරිතය උදෙසාය.

මෙම සිනමාපට අතරින් මා පෞද්ගලිකවම කැමති සිනමාපට වන්නේ මෙරිල් ස්ට්‍රීප් රඟන 'දි අයන් ලේඩි', ඩැනියෙල් ඩෙ-ලුවිස් රඟන 'ලින්කන්' සහ ගැරී ඔල්ඩ්මන් රඟන 'ද ඩාර්කස්ට් අවර්' සිනමාපට ය. විශේෂයෙන් මෙහි ල සඳහන් කල යුත්තේ දි අයන් ලේඩි හි මෙරිල් ස්ට්‍රීප් ගේ රංගනය අතිෂය විශිෂ්ට බවයි.

- Amila Lakmal  -

2 comments:

  1. ලින්කන් බැලුවා. නියමයි.

    මෙරිල් ස්ට්‍රිප් කොහොමත් කැපවීමෙන් චරිතාංග නිරූපණය කිරීම ගැන කීර්තිමත් නිළියක්...

    ReplyDelete
    Replies
    1. අණිවාර්යයෙන්ම..එකක් නැ නරකයි කියන්න

      Delete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters