අංකල් 'ඔස්කාර්'

 

අකැඩමි අවොර්ඩ් එකට ඔස්කාර් කියන්න හේතුව ගොඩ දෙනෙක් දන්නවා ඇති.දන්නෙ නැති අයට...ගොඩක්ම ප්‍රසිද්ධ එක තමයි 1929 අවුරුද්දේ ඉස්සෙල්ලාම අකැඩමි අවෝර්ඩ් එකේ තියෙන රූපය දැක්ක පුස්ථකාල සේවිකාවක් කිවුවලු 'ඒක හරියට අපේ අංකල් ඔස්කාර්' වගේ කියලා. ඒ නිසා නික් නේම් එක වැටුණා කියලා කියනවා.
නයිට් වරයෙකුගේ රුවක් රැගත් ඔස්කාර් සම්මානය හදන්නේ ලෝකඩ වලින්.ඒක වටේ කැරට් 24 රන් ආලේප කරනවා.උසින් අඟල් 13 1/2 ක් වෙන සම්මානය බර දල වශයෙන් ග්‍රෑම් 680ක් (පවුම් 8 1/2) විතර වෙනවා.
 
මේ කියන්න හදන්නෙ ඔස්කාර් එකේ ඉතිහාසය ගැන නෙමේ.ඔස්කාර් දෙන ප්‍රොසෙස් එක ගැන.
Academy of Motion Picture Arts and Sciences කියන්න එක්සත් ජනපදයේ සිනමා කර්මාන්තය සඳහා වන ඉහලම වෘත්තීය ආයතනය. 
 
එකේ ශාඛා 17ක් තියෙනවා. ඒ (සමහර ඒවට කියන සිංහල නම් දන්නෙ නැති නිසා ඉංග්‍රීසියෙන්ම දානවා)
  1. Actors
  2. Casting Directors (created July 31, 2013)
  3. Cinematographers
  4. Costume Designers (created from former Art Directors Branch)
  5. Designers (created from former Art Directors Branch)
  6. Directors
  7. Documentary
  8. Executives
  9. Film Editors
  10. Make-up Artists and Hairstylists
  11. Music
  12. Producers
  13. Public Relations
  14. Short Films and Feature Animation
  15. Sound
  16. Visual Effects
  17. Writers

සම්මාන දෙන එක එක අංශ වලට නම් යෝජනා කරන්නේ ඒ ඒ ශාඛා වල සාමාජික සාමාජිකාවන් විසින්. උදා. නළුවන්/නිලියන් විසින් නළු/නිලියන් ව යෝජනා කරනවා. අධ්‍යක්ෂ වරුන් විසින් අධ්‍යක්ෂ වරුන්ව යෝජනා කරනවා.ඒ වගේ . හොඳම විදේශීය භාශා සිනමාපටය වගේ ඒවට වෙනම විශේෂ නීතීරීති තියෙනවා.
ඡන්ද බලය තියෙන සාමාජික සාමාජිකාවන් සියල්ලටම අයිතිය තියෙනවා හොඳම සිනමාපටය ට නාම යෝජනා කරන්න.2018 වෙද්දි අකැඩමි එකේ ඡන්ද බලය හිමි සාමාජිකයන් 8000ක් ඉඳලා තියෙනවා.මේ අතරින් විශාලම චන්ද පදනමක් හිමි සාමාජිකයන් ප්‍රමාණයක් ඉන්නේ නළු/නිළි ශාඛාවෙ.ඒ 1,311 (22% ). PricewaterhouseCoopers (PwC)  කියන ලෝක ප්‍රකට විගණන සමාගම මගින් චන්ද සහතික කිරීම සිදු කරනවා.
ඔස්කාර් සඳහා නිර්දේශ වීම සඳහා පෙර වසරට පෙර වසරේ දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී 12න් පසුව සහ පෙර වසරේ දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී 12ට පෙර කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි තිරගතවීම ආරම්භ වී අවම වශයෙන් නොකඩවා දින 7ක් තිරගත වුණ සිනමාපට සුදුසුකම් ලබනවා.මෙය හොඳම විදේශීය භාශා සිනමාපටය,හොඳම වාර්තා සිනමාපටය සහ හොඳම කෙටි චිත්‍රපටය යන ඒවා සඳහා අදාල වෙන්නෙ නෑ.හොඳම විදේශීය භාශා සිනමාපටය එක්සත් ජනපදයේ තිරගත වීම අත්‍යාවශ්‍ය වන්නේත් නෑ.2009 හොඳම සිනමාපටය වුණ ද හර්ට් ලොකර් 2008 සත්‍ය වශයෙන්ම තිරගත වුණත් 2008 සම්මාන උළෙල සඳහා නිර්දේශ නොවුණේ ඒක ලොසැන්ජලීස් වල පෙන්නන්න පටන්ගත්තෙ 2009 නිසයි.දැන් තේරුණා නේද.කොහෙ හරි පෙන්නලා වැඩක් නෑ.ලොස් ඇන්ජලීස් වල පෙන්නන්නම ඕනෙ.
සිනමාපට තෝරා ගැනීම සඳහා තාක්ෂණික කාරණා ගොඩක් තිබ්බත් ඒ සේරම මෙතන කියන්න නොයන්නෙ මාගලක් විතර එකක් ලියන්න වෙන නිසා.උදා. අවම විනාඩි 40ක කාලයකින් විය යුතුයි වගේ.
නිෂ්පාධක වරුන් විසින්, නියමිත අවසාන දිනට කලින් ස්ක්‍රීන් ක්‍රෙඩිට්ස් ඔන්ලයින් සබ්මිට් කරන්න ඕන.ඒ දින පහු වුණොත් සුදුසුකම් ලබන්නෙ නෑ.ඊට පස්සෙ මේව චෙක් කරලා සුදුසුකම් ලබන නාමයෝජනා රිමයින්ඩර් ලිස්ට් එකකට දා ගන්නවා.දෙසැම්බර් මාසෙ වෙද්දි මෙ රිමයින්ඩර් ලිස්ට් ටික චන්ද පත්‍රිකා එක්ක චන්ද බලය තියෙන සාමාජිකයන් ට යවනවා,තැපෑලෙන්.බොහෝ අංශයන් සඳහා එක් එක් ශාඛාවල සාමාජිකයන් වෝට් කරන්නෙ තමාගෙ ශාඛාවෙ සාමාජිකයන්ට විතරයි. උදා. නලු නිලියො අධ්‍යක්ෂ වරුන් වෙනුවෙන් වෝට් කරනවා විරලයි.
එක් සාමාජිකයෙක්ට ;හොඳම සිනමාපටය සඳහා මනාප 10කුත් අනෙකුත් අංශ සඳහා මනාප 5කුත් ලකුණු කරන්න පුලුවන්. මේ අතරින් වැඩිම මනාප ගන්න අයට තමයි සම්මානය ලැබෙන්නෙ.
2009 ඉඳලා හොඳම සිනමාපටය තෝරන්නෙ Instant runoff ක්‍රමයට.එක හරියට දෙවනි මනාපෙ ගණිනවා වගේ තමයි.
හොඳම සිනමාපටය සඳහා සිනමාපට දෙකක් සමාන චන්ද ලබා ගතහොත් ඒ දෙක ඇර අනිත් සියල්ලම නොසලකා හැර, අනිත් සියල්ලට ලැබුණු චන්ද වල දෙවනි මනාපයන් ලෙස මෙම ඉදිරියෙන්ම සිටින සිනමාපට දෙකට ලැබිලා තියෙන මනාප ඒ එක් එක් සිනමාපටයට එකතු කරලා ඉන් පසුව වැඩිම මනාප ප්‍රමාණයක් ගන්න සිනමාපටය හොඳම සිනමාපටය ලෙස තෝරනවා.

ඔන්න ඔහොම තමයි වෙන්නෙ.

ඔස්කාර් වල පොලිටික්ස් ගැන කිවුවොත්, ඔස්කාර් එකක් ගන්න එක ලේසි පාසු සහ සුළු පටු කාරණයක් නොවන නිසා නිෂ්පාධකයන් ඩොලර් මිලියන ගණනින් වියදම් කරනවා චන්ද තමන් වෙත ලබා ගන්න.ඒක කුප්‍රකට කාරණයක්. ඒ කියන්නෙ ලෝකෙම පිලිගත්ත ඔස්කාර් වලත් සම්මානෙ ගන්නෙ 'හොඳම හොඳ එක' නොවෙන්න පුළුවන්.ඉතිං හැම දෙයින්ම දූෂිත  අපේ රටවල් ගැන කවර කතාද?

මේ ගැන උනන්දු කෙනෙක්ට කියවන්න හොඳ පොතක් තමයි 'All about Oscar' කියන්නේ.

ඔය මදැයි අංකල් ඔස්කාර් ගැන. අත හැරුණු දෙයක් තියෙනවනම් කියන්නේ නම් මැනවි.

- අමිල ලක්මාල් -
 
Gallery
 
                                 (First Oscar Invitation )
 


                     (From first 'Oscar' Awards ceremony )


(From 91st Oscar Awards ceremony )
 

භාරතයේ විත්ති - 43 - "අරුණෝද කලාපය"


අරුණෝද කලාපය නොහොත් අරුණාචාල් ප්‍රදේශ් කියන්නෙ ඊශාන දිග ඉන්දියාවෙත් කොණේම තියෙන ප්‍රාන්තය.ව.කි.මී 83,743ක් වීශාල මෙම ප්‍රාන්තය වයඹින්,උතුරින් ,ඊශාන දිගින් සහ නැගෙනහිරින් අරුණාචල් ප්‍රදේශ් චීනයට මායිම් වෙනවා.ගිනි කොණ දිගින් මියන් මාරයටත්,දකුණින් නාගාලන්ඩ් ප්‍රාන්තයටත් නිරත දිගින් ඇසෑම් ප්‍රාන්තයටත් බටහිරින් භූතානයටත් මෙම ප්‍රාන්තය මායිම් වෙනවා.

    (Districts in Arunachal Pradesh )
ප්‍රාන්තයේ උසම ස්ථානය මධ්‍ය මූදු මට්ටමින් මීටර 7000ක් පමණ වෙනවා.කංටේ,න්‍යෙගි කංසං ,ගොරිචන් සහ නැගෙනහිර ගොරිචන් කියන්නෙ ප්‍රාන්තයේ උසම ස්ථාන.

ඉන්දියාවෙ තියෙන සුන්දරම ප්‍රාන්ත වලින් එකක් තමයි අරුණාචල් ප්‍රදේශ්.ඉන්දියාවෙ අසුන්දර බව පමණක් දන්න,ඒවා පමණක් අහන්න, දකින්න, කතා කරන්න කැමති අයට මම ආරාධනා කරනවා හොයලා බලන්න මේ ප්‍රදේශ ගැනත් කියලා.


මාතෘකාවට එමු.
 
ඉන්දීය භූමියට කියලා ඉස්සෙල්ලාම ඉර එලියවැටෙන්නෙ අරුණාචල් ප්‍රදෙශ් වලට.ඒ නිසා තමයි ඒ නම වැටිලා තියෙන්නෙ.ඒ වගේම ප්‍රාන්තයේ රාජ්‍ය ලාංඡනයේ තියෙන්නෙත් කඳු දෙකක් මැද්දෙන් පායන සූර්‍යයාගේ රූපයක්.ඉතා නගර් තමයි අරුණාචල් වල අගනුවර.

ඉන්දියාවෙ බෞද්ධ ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් වාසය කරන්නෙ අරුණාචල් ප්‍රදේශ් වල.ඒ නිසාම ප්‍රාන්තය පුරාවටාම බෞද්ධ විහාරාරාම විශාල ප්‍රමාණයක් දැක බලා ගන්න පුළුවන්.බෞද්ධ දර්ශණයට අමතරව ඩොනිල් පෝලෝ නම් ආගමකුත් අරුණාචල් ප්‍රදේශ් වල අදහනව.එම ආගම තිබෙන්නෙ එම ප්‍රාන්තයේ පමණයි.මෙම ප්‍රාන්තයේ වැඩියෙන්ම ඉන්නෙ ක්‍රිස්තියානු භක්තිකයන්.ඔවුන් 30.26% පමණ වෙනව.හින්දූන් 29.04%ක්, ඩොන්යිපොලෝ වරු 26.2% , බෞද්ධයන් 11.76%,ඉස්ලාම් භක්තිකයන් 1.9% මෙම ප්‍රාන්තයේ වෙසෙනවා.මෙම භූමි ප්‍රදේශය සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව අතර මත ගැටුම් තිබෙනවා.චීනය මෙම ප්‍රදේශය දකුණු ටිබෙටය නමින් හඳුන්වන්නට යෙදෙනවා.1962 ඇති වුණ ඉන්දු-චීන යුධ ගැටුම් අතරේ චීන හමුදාවන් විසින් තාවකාලිකව මැක්මහොන් රේඛාව නම් ඉන්දු චීන සීමාවෙන් අරුණාචල් වලට ඇතුළු වුණා.මෙම සීමාවා ඇති කර ගන්නෙ ඉන්දියාව වෙනුවෙන් බ්‍රිතාන්‍යය ,චීනය සහ ටිබෙටය අතර 1913-1914 දී ශිම්ලාහි ඇතිකරගත් ප්‍රඥප්තියක් අනුව චීන,ඉන්දු,ටිබෙට් සීමා නිර්ණය වුණත් චීනය මෙයට එකඟ වී නෑ.එසේ වුවත් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවර හෙන් රි මැක්මහොන් විසින් සැතපුම් 550ක් දිග (කි.මී.890 ) සීමා රේඛාව අඳිමින් ඉන්දු,චීන්,ටිබෙට් දේශ සීමා වෙන් කරනු ලැබුවා.චීනය විසින් මෙයට එකඟ නොවූ නිසා එදා සිට අද වන තුරුත් මෙම දේශ සීමාව උදෙසා චීනය හා ඉන්දියාව අතර ගැටුම් පවතිනවා.
1972 ජනවාරි 20 ඉඳලා 1987 පෙබරවාරි 20 තෙක් අරුණාචල් ප්‍රදේශ් මධ්‍යම පාලන බල ප්‍රදේශයක් විදිහට තිබිලා 1987 තමයි ප්‍රාන්තයක් බවට ප්‍රකාශ කරලා තියෙන්නෙ.

සයවන දලයිලාමා ටං යං ග්‍යට්සෝ උපත ලබා තිබෙන්නේත් අරුණාචල් ප්‍රදේශ් වලයි.
අරුණාචල් ප්‍රදේශ් කියන්නේ සංචාරකයන්ගේ නොමද ආකර්ශණය දිනාගත් ප්‍රදේශයක්.එක අතකට කල්පනා කරද්දි හිතෙනවා ඉන්දියාවෙ කොයි ප්‍රදේශයද සංහාරක ආකර්ශණය දිනාගෙන නැත්තෙ කියලා.ගඳ ගහන,දුප්පත් කමින් මිරිකෙන , මුම්බයි හි ධරවි මුඩුක්කු පවා සංචාරක ආකර්ශණය දිනාගන්න සමත් වෙලා තියෙනවා.
අරුණාචල් හි පිහිටි වැදගත්ම ස්ථානය තමයි ටවාං බෞද්ධ විහාරය. 




මෙය ඉන්දියාවේ විශාලම බෞද්ධ විහාරය වන අතර ලෝකයේ දෙවන විශාලම විහාරය වෙනවා.එය දෙවනි වන්නේ ටිබෙටයේ පොතාලාවට (දලයි ලාමා වරයාගේ විහාරය ) පමණයි.මෙම විහාරය මාඕ ගේ විප්ලවයංගෙන් විනාශ නොවී ටිබෙට් බුදු දහම රැකුණු අතලොස්සක් වූ විහාර වලින් එකක්.
මෑතක සිට, වෙනම පාලනයක් ඉල්ලන නාගාලන්ඩ් ත්‍රස්ථ කණ්ඩායම් වලින් අරුණාචල් වෙත කරදර එල්ල වෙනවා.ඔවුන් නාගාලන්ඩ් වෙනම ප්‍රදේශයක් කරන්න සටන් වදිද්දීම අරුණාචල් භූමියෙන් කොටසකුත් නාගාලන්ඩ් වලට අමුනා ගැනීමට උත්සාහ කරනවා.
ප්‍රධාන භාෂාවන් වන්නේ හින්දි සහ ප්‍රාදේශීය භාෂාවන් වන ඇසෑමීස්, ගැලොං,නිෂි සහ නොස්ටේ යන භාෂාවල් ය.මීට අමතරව විවිධ ගෝත්‍ර වල වැසියන් වෙනත් භාෂා 50ක් පමණ භාවිතා කරනවා.
ඔක්තෝබර් සහ  අප්‍රේල් කාලයන් අරුණාචල් සංචාරය සඳහා වඩාත් සුදුසුම කාලයයි.
සංචාරකයන් අතර ප්‍රිය ස්ථාන ලෙස
ටවාං විහාරය (භූතානයට ආසන්නව පිහිටා තිබේ ),නම්දෆා ජාතිකෝද්‍යානය,රොයිං නදිය,ටේසු නදිය, සක්ටෙං වනජීවී සංරක්ෂිතය,පර්ශුරාම් පොකුණ,නම්සයි විහාරය,චංලං වනය,භෛරබ්කුණ්ඩ වනෝද්‍යාන,වක්‍රෝ ගම වැනි ප්‍රදේශ දැක්විය හැකි වුවත් තව ස්ථාන බොහොමයක් තිබේ.

                            (Golden Pagoda - Namsai )

                                    (Gombu Latso Lake)
                       ( Chagzam Bridge)
















ඔබ ලක්ෂ ගණනින් වියදම් කර විදෙස් සංචාරයන් හි යෙදීමට කැමැත්ත ඇති අයෙක් නම් සාපේක්ෂව අඩු මුදලකින් මෙවන් ප්‍රදේශ වල සංචාරය කල හැකි බව මතක් කරමින් නවතිමි.
ටවාං විහාරය ගැන වෙනම ලිපියකින් කීමට බලාපොරොත්තු වෙමි.

නැවත හමු වෙමු.




- අමිල ලක්මාල් -
Gallery








කොළඹ වීදියකදී.....22 - කොම්පැණි වීදිය?

ලංකාවේ පාරවල් හයක් එකට සම්බන්ධ වෙන හන්දියක් හැටියට මම තාම දන්නෙ කොම්පඤ්ඤ වීදිය හන්දිය.ඒ පාරවල් ගැන කිවුවොත් කුමරන් රත්නම් පාර (නිපොන් හෝටලය සහ බෝගස අසල ) , කිවි පාර (එතැනම ) , යුනියන් පෙදෙස (කමර්ෂල් බැංකුව අසල ), සර් ජේම්ස් පීරිස් මාවත (ගංගාරාම පාර ) , ජස්ටිස් අක්බාර් මාවත (ආවේ මරියා දේවස්ථානය අසලින් ස්ටේෂන් එක දෙසට ) සහ වෑකන්ද පාර යන පාරවලුයි. කොම්පඤ්ඤ වීදිය ලංකාවෙ ප්‍රසිද්ධම ස්ථානයක් වුණත් මේ වෙනකොට එහෙම වීදියක් නැත්තෙ නම වෙනස් වෙලා නිසයි. 


කොම්පඤ්ඤ වීදියට නම වැටිච්ච හැටි බලමු.


ඉස්සෙල්ලම , අද කොම්පඤ්ඤ වීදියට ඉංග්‍රීසියෙන් කියන    නම ට හේතු වුණේ බ්‍රිතාන්‍ය සමයේ ජා,ස්වාහිලි ආදී  වහලුන් මෙම ප්‍රදේශයේ පදිංචි කරවා තිබුණ නිසා කියලා අපි දන්නවා. මේ ඒ ගැන පැහැදිලි කිරීමක් නෙමේ.



හන්දියෙ ආවේ මරියා දේවස්ථානය අසල සිට දුම් රිය ස්ථානය දෙසට යන පාරේ (ඉස්සර රයිෆල් වීදිය ) රේල් පාරට එහා පැත්තෙ තමයි ලංකාවට ඉස්සෙල්ලාම අයිස් හදන මැෂිමක් 1863 දි ගෙන්නපු 'කලම්බු අයිස් කම්පැනි' (1866) ඉස්සර තිබුනෙ.


ආතර් වොන් පොස්නර් කියන ජර්මානු ජාතිකයා විසින් ආරම්භ කිරීමට යෙදුන මේකට අදනම් මේකට කියන්නේ 'සිලෝන් කොල්ඩ් ස්ටොර්ස් කම්පැනි' නොහොත් සරලව 'එලිෆන්ට් හවුස් ' එක.සේවකයන් 22ක් ගෙන් තමයි මේ කොම්පැනිය පටං අරන් තියෙන්නේ.ඇංග්ලිකන් පල්ලියේ ප්‍රධාන පූජකවරයෙක් වුණ සහ ප්‍රදේශයේ බලවත් පුද්ගලයෙක් වුණ 'ග්ලෙනී' පූජක තුමාගෙ නිවස තිබුණු (පසුව එතුමා නමින් නම් කල ) ග්ලෙනී වීදියේ ඉඳලා මේ කොම්පැනිය ස්ටේසම කිට්ටුවට වෙනකල් බිමක පැතිරිලා තිබුණා.ආතර් සහ ග්ලෙනී පූජක තුමා මිතුරන් බවත් කියවෙනවා.ආර්තර් වාසය කරලා තියෙන්නෙත් 'ග්ලෙනී හවුස් ' කිට්ටුවම නිවසක කියලා තමයි කියන්නෙ.
ඉතින්  මේ 'අයිස් කොම්පැනිය' ට යන පාර නිසා 'කොම්පැනි වීදිය' කියලා පාරට නම වැටුණා කියන එක ප්‍රසිද්ධ අදහසක්. පස්සෙ කාලෙක කොම්පැනි වීදිය කියන එක කොම්පඤ්ඤ වීදිය වුණාය කියන එක කියනවා.
මීට අමතරව තියෙන තව අදහසක් තමයි මැලේ ජාතිකයන් පදිංචිව සිටි ප්‍රදේශයක් නිසා මේ ප්‍රදේශයට ඒ නම වැටුණා කියන එක. මැලේ වීදිය පටන් ගන්න තැන , මැලේ වීදියටත්, කුමරන් රත්නම් පාරටත් අතර මැදිව තිබේණ අද කවුරුත් ආරක්ෂක සේවා විද්‍යාලයය ලෙස හඳුන්වන ජාතික පාසල තිබෙන ගොඩනැගිල්ල ඉස්සර අයිති වෙලා තිබිලා තියෙන්නෙ 'ලංකා රයිෆල් රෙජිමේන්තුවට'.



එම රෙජිමේන්තුවේ මූලස්ථානය වුණේ මෙම ගොඩනැගිල්ල(1873 අත් හැර දමන තෙක් ) . මෙම රෙජිමේන්තුවේ සේවය කරලා තියෙන්නෙ මැලේ ජාතිකයන්. මෙම මැලේ ජාතිකයන් පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ කොම්පඤ්ඤ වීදිය අහල පහල තියෙන මැලේ වීදිය,ජාවා ලේන්, කිවි පාර වගේ ප්‍රදේශ වල. 'කැම්පොං' කියන්නේ ඉන්දුනීසියාව,මැලේසියාව,සිංගප්පූරුව,කාම්බෝජය,බෲනායි වගේ රටවල් වල ගම්මානයක් හඳුන්වන්න යොදන නමක්.මැලේසියාවේ සහ සිංගප්පූරුවේ මුඩුක්කු වැනි ජනාවාස හඳුන්වන්නත් කැම්පොං යන්නම යෙදෙනවා. ඉතිං මෙහෙම මැලේ වරු පදිංචි වෙලා හිටිය ප්‍රදේශයට ඔවුන්     කියලා පාවිච්චි කරලා තියෙනවා(යනු බැරැක්කය හා සමාන වචනයක් ).මේ කැම්පොං කියන නම 'කොම්පඤ්ඤ ' කියලා සිංහල හුරුවට පාවිච්චි කරන්න යෙදුනා කියලත් අදහසක් තියෙනවා.

මොන හේතුවක් උඩ මේ ප්‍රදේශයට නම වැටුණත් "කොම්පඤ්ඤවීදිය" කියලා එක පාරක් අපිට දකින්න ලැබෙන්නෙ නෑ.ඒ වෙනුවට තියෙන්නෙ ලොකු ප්‍රදේශයක්.ඒකත් විශේෂත්වයක් තමයි.මොකද සාමාන්‍යයෙන් වීදිය කියන්නේ පාරකට නිසා. අද වෙනකොට නම් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශය සිඝ්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා වගේම පැරණි යුගයේ සළකුණු එකින් එක අයින් කෙරෙමින් තිබෙනවා.දැනට පැරණි යුගයේ මතක වලින් කොම්පඤ්ඤ වීදියේ ඉතුරු වෙලා තියෙන්නෙ සොයිසා ගොඩනැගිලි ත්


වික්ටෝරියානු ක්‍රමයට ඉදි වුණ අලංකාර  කොම්පඤ්ඤ වීදිය ස්ටේසමත් ,ආරක්ෂක සේවා විද්‍යාල ගොඩනැගිල්ලත් විතරයි. 


ඒවයිනුත් සොයිසා ගොඩනැගිලි අබලන් තත්ත්වයේ තිබෙණ නිසා කොයි වෙලේ ඉවත් කරයිද කියන්න අමාරුයි.
ඒ නිසා මෙම පැරණි ගොඩනැගිලි බලා ගන්න ඕනෙ නම් දැන්ම එක කරන එක හොඳයි.

කොළඹ වීදියකදී නැවත හමු වෙමු.



අමිල ලක්මාල්.

 

කොම්පඤ්ඤ වීදිය අහල පහල දේවල් ගැන මීට කලින් ලියපු ලිපි කිහිපයක ලිංක් පල කරමි.


බේරේ

https://thearchive123.blogspot.com/2017/11/03.html

සංවර්ධනය මැද හුදකලාව


https://thearchive123.blogspot.com/2018/03/07.html

කුඹුකේ ලිඳ ලඟදී

https://thearchive123.blogspot.com/2017/11/04.html 

කොළඹ කොටුව 

https://thearchive123.blogspot.com/2018/10/14.html


 

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters