NOTA - "None of the above"


උඩින් මුකුත් නොදා එක පාරටම None of the above කියලා කිවුවම මේ මොකක්ද කියලා හිතුණද...
මේ කියන්න යන්නෙ නෝටා ගැන.
ලංකාවෙ, අපේ චන්ද ප්‍රකාශ කරන ක්‍රමේට අනුව අපි කෙනෙක්ට අකමැති නම් ඒක ප්‍රකාශ කරන්න විදිහක් නෑ.. එක්කෝ චන්දෙ නොදා ඉන්න ඕනෙ..නැතිනම් චන්දෙ කටු ගාන්න ඕනෙ ..එහෙමත් නැතිනම් කුණුහරපයක් චන්ද කොලේ ලියන්න ඕනෙ(මෙය මම්ම් රෙකමදාරු කරන්නක් නොවේ..නමුත් වර්තමානයේ සිදුවන්නක්)...ඔච්චර තමයි අපිට චන්ද ප්‍රතික්ෂේප කරන්න ක්‍රම තියෙන්නෙ...නමුත් මේ එකකින්වත් දේශපාලුවන්ට බලපෑමක් තියෙනවද,පහු ගිය කාලෙ සුප්‍රකට මාතෘකා වලදි කතා වුන විදිහේ උකුණු පුකක තරම්වත් බලපෑමක් තියෙනවද..නෑ.. කොටිං කිවුවොත් දේශපාලුවො දන්නෙවත් නැතිව ඇති කී දෙනෙක් තමන්ට අමනාපද..කී දෙනෙක් තමන්ට විරුද්ධව කුණුහරප ලියලා තිබුණද..කී දෙනෙක් තමන්ට නොදී චන්දය අවලංගු කලාද කියන එක...අවලංගු චන්ද ප්‍රමාණය සමස්ථයක් විදිහට කියනවා මිසක එක් එක් පුද්ගලයාට හෝ පක්ෂ වලට වෙන වෙනම අමනාප ප්‍රමාණය ගිණීමේ හෝ ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් අපේ සාම්ප්‍රදායික චන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයේ නෑ...ඒවා චන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථාන හා මැතිවරණ කොමිසමෙන් මෙහාට අපිට දැන ගන්න විදිහක් නෑ..
නමුත් බොහෝ රටවල මේක වෙනස්..දුර යන්න ඕනෙ නෑ..අපි ලගම නෑයා දිහා බලමු..ලගම නෑයා සිරස නෙමේ ඉතිං..
ඒ තමයි ඉන්දියාව...
නිව්ටන් පිලුම කී දෙනෙක් බලලා තියෙනවද?!...බලපු අයට මතක ඇති..චන්ද මධ්‍යස්ථානෙට නැක්සල් වාදීන් ප්‍රහාර එල්ල කරද්දිත් නිව්ටන් පණ වගේ ආරක්ෂා කරගන්න හදන්නෙ මොකක්ද කියලා..ඒ මොකක්වත් නෙමෙ..චන්ද ප්‍රකාශ කරන යන්ත්‍රය නොහොත් EVM(Electronic Voting Machine ) එක..

මේ යන්ත්‍රයේ තිබෙන බොත්තම් එබීමෙන් තමයි ඉන්දියාවෙ චන්දය ප්‍රකාශ කරන්නෙ..එම දත්ත යන්ත්‍රය ඇතුලෙම ගබඩා වෙනවා..ඒ මගින් තමයි පසුව චන්ද ප්‍රතිඵල ගණනය සහ ප්‍රකාශකිරීම වෙන්නෙ..
ඉන්දියාවෙ මැතිවරණ සම්බන්ධයෙන් සුප්‍රකට විකල්පයක් තමයි නෝටා..
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට සිවිල් සංවිධානයකින් ඉදිරිපත්වුන පෙත්සමක් සළකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝගයකට අනුව ඉන්දීය මැතිවරණ කොමිසම විසින් EVM එකට නෝටා බොත්තම ඇතුළත් කරනවා.. අපි මේ නෝටා එක අමනාප විදිහට හදුන්වමු...
මේ විකල්පය ලබා දීමත් එක්කම මෙය සෑහෙන්න ජනප්‍රිය වෙනවා..සමහර මැතිවරණ වලදි ලබාගත් මනාප ප්‍රමාණයට වඩා අමනාප සංඛ්‍යාව වැඩියි..උදාහරණ විදිහට කිවුවොත් 2017 ගුජරාත් ප්‍රාන්ත මැතිවරණයේ සහ 2018 දී මධ්‍යප්‍රදේශ් , රාජස්තාන් සහ කර්ණාටක් මැතිවරණ වලදී ලබා ගත් මනාප ප්‍රමාණයට වඩා අමනාප ප්‍රමාණය වැඩි වුනා..කෙසේ වුවත් ඉන්දියාවෙ නම් අපේක්ෂකයෙක්(න්) ලබා ගත් මනාප ප්‍රමාණය ඉක්මව අමනාප ප්‍රමාණයක් තිබුණත්, ලබා ගත් මනාප සළකා බලා ඉන් ඉහලම ප්‍රමාණය ලබා ගත් අයව තෝරා පත් කර ගනු ලබනවා.. එහෙත් මෙම ක්‍රමය නිසා පක්ෂ වලින් නාම යෝජනා ලබා දීමේදී දිගින් දිගටම අමනාප වාර්තා කරන අපේක්ෂකයෙක්(න්) ට නාමයෝජනා ලබා නොදීමේ ප්‍රවණතාවක් තියෙනවා..උන්න හැටියට මලා මදිද?!..
ඔන්න ඔය නිසාම තමයි නෝටා අපේ රටටත් අවශ්‍ය වන්නෙ..නමුත් මම නම් කියන්නෙ අපේ රටට ඔය නෝටා ක්‍රමය හදුන්වා දෙනවා නම් එය ඉන්දියාවෙ ක්‍රමෙට නැතිව වෙනස්ම ක්‍රමයකින් විය යුතුයි...
එනම්..
එක්කෝ කෙනෙක් /පක්ෂයක් ලබා ගත් අමනාප ප්‍රමාණය මනාප ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ඔවුන්ව කෙසේවත් තෝරා නොගැනීමට හැකි වන ලෙසත්..
හෝ
එක් එක් පක්ෂය සහ අපේක්ෂකයා ලබා ගත් මනාප සහ අමනාප ප්‍රමාණයන් ඇතුළත් වාර්තාවක් ලබාගෙන චන්ද ප්‍රතිඵල සමගින් එම වාර්තාවද නිකුත් කල හැකි වන ලෙස
මෙම ක්‍රමය අපේ රටෙව් ක්‍රියාත්මක කළ යුතුයි..මේ නිසා අපේ රටෙත් පක්ෂ නාම යෝජනා දීමේදී දිගින් දිගටම අමනාප ස්කෝ කරන අයට නාමයෝජනා නොදීමට පෙළඹුනොත් සහ/හෝ දිගින් දිගටම අමනාප ලබා ගන්නා අපේක්ෂකයන් ප්‍රකාශ වීම නිසා චන්ද දායකයා විසින්ම සිය බුද්ධියෙන් විමසා ඉදිරියට එවන් අපේක්ෂකයන්ට සහ ඔවුන් ඇතුළත් පක්ෂ වලට චන්දය නොදී සිටීමට කටයුතු කළහොත් එයම ප්‍රජාතාන්ත්‍රික ජයක් නොවේවිද?
නමුත් දේශපාලන හොරගෙඩියන් සිටින මෙවන් රටක අධිකරණ නියෝගයකින් තොරව නම් මෙය සිදු වීම හීනයක් පමණයි..නෝටා තබා EVM වත් මෙරටට හදුන්වා දෙන්න මෙව් හොරගෙඩියන් ඔඩ තබාවිද යන්න ගැටළුවක්...
එම නිසා ඒ සදහා අවම වශයෙන් පෞරයන් හැටියට අපි හෝ පෙළ ගැසිය යුතුයි..
ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කලු කොඩි එසවීම , පාගමන් යාම, විරෝධතා සේම හො ඊටත් වඩා මෙය ප්‍රායෝගික හා සාර්ථක වේවි යන්න මගේ අදහසයි..
ඔබේ අදහස ?!

භාරතයේ විත්ති - 31 - 'කුම්භ මේලා'

    (2013 Kumbhamela at Prayagraj)

ලොව විශාලම හින්දු ආගමික සැණකෙළිය වන්නේ කුම්භ මේලාවයි..මෙය ලොව විශාලම ජන සහභාගීත්වයක් ඇති ආගමික උත්සවය ලෙසත් සැළකෙනවා....

මෙවර (2019 ජනවාරි 15 සිට මාර්තු තෙක් ) ප්‍රයාග් රාජ් හි පැවැත්වෙන එය සදහා මිලියන බැතිමතුන් 120 සහභාගී වනු ඇතැයි ඇස්තමෙන්තු කර තිබෙනවා..මෙම ප්‍රමාණය පෙබරවාරි 4 දිනට යෙදෙන සුහම නැකැත් යෙදෙන දිනදී මීට වැඩි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා..

කුම්භ මේලාව (පූර්ණ කුම්භ මේලාව ) පැවැත්වෙන්නේ වසර දොලහකට එක් වතාවක්..එම නිසාම ලෝ පුරා හින්දූන්ට එය ඉතා විශේෂ අවස්ථාවක් වෙනවා... පූර්ණ කුම්භ මේලාවට අතර මැද අර්ධ කුම්භ මේලාවන් පැවැත්වෙනවා..ඒ වසර හයකට වතාවක්... ඊයේ පටං ගත්තේ ඒ වගේ අර්ධ කුම්භ මේලාවක්.. ප්‍රයාග් රාජ් හි අවසාන පූර්ණ කුම්භ මේලාව පැවැත්වුනේ 2013 අවුරුද්දේ..ඊලග පූර්ණ කුම්භ මේලාව පැවැත්වෙන්නෙ 2025 අවුරුද්දෙ..
මහා කුම්භ මේලාවක් පවත්වන්නෙ පූර්ණ කුම්භ මේලාවන් දොලහකට පස්සෙ..ඒ කියන්නෙ අවුරුදු එක්සිය හතලිස් හතරකට එක් වතාවක්...


මොකක්ද මේකෙදි වෙන්නෙ...


මේකෙදි සිද්දවෙන්නෙ ගංගා සහ ජමුනා (යමුනා ) නදීන්ට පුරවෘත්ත වල සදහන් වන සරස්වති නදිය එක් වන සංගම් නම් ස්ථානයේ බැතිමතුන් ස්නානය කිරීමයි...
                                     ( Sagam = එකතු වීම)

නමුත් එම ස්ථානයේ හැර කුමන හෝ ;කුම්භ මේලා පැවැත්වෙන නගරයක තිබෙන ගංගාවක ස්නානය කිරීමත් සිද්ධ වෙනවා..නමුත් මේ උත්සව පැවැත්වෙන්නේ වෙනස් වෙනස් කාල වල... එම කාලය තීරණය වන්නේ හින්දූන්ගේ වික්‍රම්සම්වාත් නම් ලිත සහ ජ්‍යෝතිෂ්‍යයට අනුව..

මේ අනුව 
  • නාස්කි හි දී ගෝදාවරී නදියේ සහ උජ්ජයිනී (උදේනී) හිදී ක්ෂිප්‍රා නදියේද එකම වසරේ හෝ එකකට එක ලග වෙනස් වර්ෂවලදී ග්‍රහ මණ්ඩලයේ සූර්‍ය ,චන්ද්‍ර සහ ගුරු ග්‍රහයන්ගේ හැසිරීම අනුව තීරණය වන දිනකදී ;එනම් උජ්ජයිනී හිදී ගුරු සිංහ රාශියේද සූර්‍යයා මේෂ රාශියේද හෝ ගුරු ,හිරු සහ සදු තුලා රාශිගත වන කාර්තික අමාවක් දිනකදීද සහ නාසික් හිදී ගුරු සිංහ රාශියේ හෝ ගුරු, හිරු සහ සදු තිදෙනාම කටක රාශියේ ස්ථාන ගත වන අමාවක් දිනක දී ද,
  • හරීද්වාර් හිදී ගංගා නදියේද ,ප්‍රයාග්‍ රාජ් (2018 වන තෙක් අලහාබාද් ලෙස හැදින් විය..උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ) හි දී සංගම් (ඉහතින් සදහන් කල ලෙස ) හි වර්ෂ හයකට හෝ දොලහකට එක් වරක් බැගින් ගුරු, හිරු සහ සදු ග්‍රහ හැසිරීම මත තීරණය වන දිනකදී ; එනම් ප්‍රයාග්රාජ් හිදී ගුරු මේෂ රාශියේද හිරු හා සදු මකර රාශියේ ද හෝ ගුරු වෘෂභ රාශියේ සහ හිරු මකර රාශියේ ස්ථාන ගත වෙද්දී හෝ ගුරු වෘෂභ රාශියේද සහ හිරු මකර රාශියේද රාශිගත වන දිනකදීද .. හරීද්වාර් හිදී ගුරු කුම්භ රාශියේද හිරු මේෂ රාශියේද ස්ථාන ගත වෙද්දී
මෙම උත්සවය පැවැත්වෙනවා.

මෙම ස්ථාන හතරෙන් විශාලම උත්සවය පැවත්වෙන්නේ ප්‍රයාග්රාජ් හිදී ය..
                          (@ Sangam ; Prayagraj)

මීට අමතරව කුම්භකෝණම් හි වසර දොලහකට වරක් පැවැත්වෙන මහාමහම් උත්සවය හා කුරුක්ෂෙක්ත්‍ර හා සෝන්පත් හි පැවැත්වෙන සමාන උත්සවත් එම උත්සව සිදුකරන පූජකයන් විසින් කුම්භ මේලා ලෙසින් හදුන්වනු ලබනවා...

මෙම උත්සවය පැවැත්වෙන දිනයන්හිදී මෙම ස්ථාන වල ස්නානය මගින් සිය පවු සේදී යන බව හින්දූන් අදහනවා...තවද ගංගා නදියේ සුදු වන් ජලයත්..ජමුනා නදියේ කලු වන් ජලයත් එකතු වන සංගම් හි ස්නානයෙන් නැවත උප්පාද වීමක් (වසර දහසකදී වත්) සිදු නොවෙන බවත් ඔවුන් අදහනවා...
මෙම උත්සවය කොයි කාලෙක ඉදන් සිද්ද වෙන දෙයක්ද යන්න අපැහැදිලියි..


මොකක්ද මෙහෙම නාන්න විශේෂ හේතුව?!

හින්දු පුරාණ වලට අනුව මෙම උත්සවයේ නිධානයට එක් එක් හේතු සදහන් වෙනවා..නමුත් පොදු කාරණය නම් සුර අසුර යුද්ධය සහ අමෘත කලයයි..
 (Churning the sea bu Suras and Asuras)

සමුද්‍ර මන්තන් (මුහුද කැළඹීම) නම් ග්‍රන්ථයේ මෙ පිළිබද මුල්ම සදහන් වෙන බව විශ්වාස කෙරෙනවා..
සුරාසුර යුද්ධය අතර වෛශ්ණව් විසින් කිරි මුහුද කැළඹීමෙදී නොඑක් වස්තූන් හමු වූ අතර ඉන් ප්‍රධාන දෙකක් වන්නෙ හලා හල විෂ සහ ඊට සපුරා විරුද්ධ දෙය වන අමෘතයයි (අම්‍රිත්) . අමෘතය සොයා ගැනීමෙන් පසුව එය කලයක දමන සුරයන්, අසූරයන් විසින් එය උදුරා ගනීවි යැයි බියෙන් එය එතැනින් පිට කරවනවා..සමුද්‍ර මන්තන් ට අනුව මෙය ගෙන යන ලද්දේ දෙවියන්ගේ වෛද්‍ය වරයා වන ධනවන්තරී විසින් වන අතර වෙනත් විවිධ පුරාණෝක්ති වලට අනුව එය ගෙන යන ලද්දේ ගරුඩ හෝ ඉන්ද්‍ර හෝ මෝහිණී විසිනි..සමුද්‍ර මන්තන් ට අනුව ධනවන්තරී අමෘත කලය (අම්‍රිත් කුම්භ) රැගෙන යන අවස්ථාවේ කුම්භ මේලාව පැවැත්වෙන නාසික්, හරීද්වාර්,උජ්ජයිනි සහ ප්‍රයාග්‍ රාජ් හි නැවතී සිට තිබෙනවා..අනෙක් කතාවන්ට අනුව ආකාෂයෙන් අමෘතකලය රැගෙන යන විට අමෘත බින්දු මෙම ස්ථාන හතරට වැටී තිබෙනවා...මේ අනුව විවිධ පුරාණයන් ට අනුව විවිධ ගුරුකුල විසින් විවිධ විශ්වාසයන් දරණවා...


චීන දේශාටක හ්‍යුංසාං භික්ෂුව විසින් ඔහුගේ වාර්තා වල ශෛලාධිත්‍ය රජු විසින් පවත්වනු ලැබූ කුම්භ මේලාවක් ගැන සටහන් කරනවා...මෙය ගංගාවන් දෙකක් එකතු වන තැනක සිද්ද වුන බැව් සදහන් වන නිසා එම වාර්තාවේ සදහන් වන්නේ ප්‍රයාග් රාජ් හි 'සංගම්' විය හැකියි..එය කුම්භ මේලාව ගැන සදහන් වන ඓතිහාසික වාර්තා වලින් වැදගත්ම එකක්..

1903 දී ප්‍රයාග් රාජ් හි කුම්භ මේලාවට බැතිමතුන් 400,000 ක් ද

1998 හරිද්වාර් කුම්භ මේලාවට (අප්‍රෙල් 14 දින ) බැතිමතුන් මිලියන 10 ක් ද

2001 ප්‍රයාග් රාජ් පූර්ණකුම්භ මේලාවට දින 55ක් තුල බැතිමතුන් මිලියන 70ක් ද

2007 ප්‍රයාග් රාජ් අර්ධකුම්භ මේලාවට දින 45ක් තුල බැතිමතුන් මිලියන 70ක් ද

2013 ප්‍රයාග් රාජ් පූර්ණකුම්භ මේලාවට මිලියන බැතිමතුන් 120 ක් ද සහභාගී වූ බවට වාර්තා වෙනවා..


ප්‍රයාග් රාජ් හි දැන් පැවැත්වෙන අර්ධකුම්භ මේලාව සදහා ඉන්දීය රුපියල් බිලියන 42 ක් ( ඇ.ඩො. මිලියන 580 ක් ) වැය වෙන බව කියවෙනවා... මෙහිදී ලොව පුරා නන් දෙසින් පැමිණෙන හින්දූන් ගේ නවාතැන් සදහා හෙක්ටාර 2,500ක තාවකාලික නගරයක් ඉදි වන අතර තාවකාලික වැසිකිලි 122,000 ක් ඉදි වෙනවා..
මෙහිදී තනි පුද්ගලයෙක් සදහා සුදුසු වන ටෙන්ට් (dormitory tents) සිට තරු පහේ ටෙන්ට් වන තෙක් පරාසයක ටෙන්ට් මෙම තාවකාලික නගරයේ ඉදි වෙනවා..
(A part of the temporary town created for 2019 Kumbh mela)

ඉන්දීය දුම්‍ රිය සේවය මගින් විශේෂ දුම්‍ රිය වාර 800ක් මේ සදහා සැළසුම් කර තිබෙනවා..මෙම ප්‍රදේශ වල ආරක්ෂාව සදහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.. මිනිසුන් මිලියන ගණනින් ගැවසෙන ස්ථාන ත්‍රස්ථවාදීන්ගේ හොද ගොදුරු බවට පත්වීමට ඇති ඉඩකඩ වැඩි වීම ඊට හේතුවයි...ඉන්දීය සෞඛ්‍යය සේවය, ඉන්දීය ජලසම්පාදන සේවය,සහ තවත් සිය ගණනක රාජ්‍යායතන සහ රාජ්‍ය නොවන සංවිධාන වල සහාය මේ සදහා ලැබෙනවා...
මේ වන විට කුම්භ මෙලාව ආගමික උත්සවයකට අමතරව සෑම තැනකම සිදුවන්නාක් සේම විශාල ව්‍යාපාරික අවස්ථාවන් රැසක් බවට පත්ව තිබෙනවා...
මීට අමතරව කුම්භ මේලාව ලොව පුරා සිටින හින්දූන් විශාල ප්‍රමාණයකට එක තැනකට රැස්ව සිය අදහස් උදහස් අත්දැකීම් දැනුම හුවමාරු කරගැනීමට ඉඩක්ද සලසා දෙනවා..
මේ වන විට යුනෙස්කෝ සංවිධානය විසින් කුම්භ මේලාව අස්පෘෂ්‍ය සංස්කෘතික උරුමයන් යටතේ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශකොට තිබෙනවා..


කෙසේ හෝ කුම්භ මේලාව අවසන් වනු ඇත..එහෙත් අවසානයෙන් පසු තාවකාලික නගරයන් ඉවත් කිරීමටත් වඩා බරපතල වන්නේ ගංගාවන් අපවිත්‍රවීම කරණකොටගෙන ඇතිවන ජලපිරිපහදු කිරීමේ අපහසුතාවයන් සහ ඒත් සමග ඇතිවන අධික පිරිපහදු පිරිවැයයි..සෑම කුම්භ මේලාවකටම අමතරව ඉන්දීය රජයට මේ සදහා අතිරේකව ඉන්දීය රුපියල් කෝටි ගණනක් වෙන් කිරීමට සිදු වෙනවා..මෙය කුම්භ මෙලාවට අමතරව ගංගාවන් ආශ්‍රිතව සිදුවන අනෙක් සෑම ආගමික උත්සවයකින් පසුවත් සිදුවන්නක්..නමුත් කුම්භ මේලාව සැමටම වඩා ලොකු බැවින් බලපෑමද කෙතෙක් වේදැයි සිතන්න... ඉන්දියාව වැනි ආගමික උත්සව පිරි රටකට මෙම පිරිවැය වසරකට කොතෙක් දැයි යන්නත් අපට හිතා ගැනීමට අපහසුයි..
(Labours cleaning Jamuna after a religious festival)

ජල දූෂණයට අමතරව එකතු වන ඝණ අපද්‍රව්‍ය , වායු දූෂණය, ශබ්ධ දූෂණය අනෙකුත් පාරිසරික බලපෑම් වේ...
මෙම උත්සවයෙන් පසු ඇතිවන බෝවන රෝග පැතිරී යාම සීඝ්‍ර වීම ඉන්දීය සෞඛ්‍ය සේවයට බලපාන එක් ලොකු ගැටලුවක්...
එහෙත් ඉන්දියාවට එය ගැටළුවක් නොවෙනු ඇත.. මොන ක්‍රමයකින් හෝ තව සියවස් ගණනාවක් යනතුරුත් එය පවත්වාවි...

නැවත හමුවෙමු
- අමිල -
Gallery









another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters