භාරත විත්ති – 16 – “මණිකර්ණිකා”





1828 දී මණිකර්ණිකා තාම්බෙ වර්ණිසිවල ඉපදෙන්නෙ මරාති බ්‍රාහ්මණ පවුලක.ඇගේ පියා එකල මරාතා මහ රජු ගෙ බිතූර් දිස්ත්‍රික්කය භාරව සි පේශ්වා වරයා (මරාතා ඇමති වරයෙක්).ළමා කල නිදහසේ කෙලිදෙලෙන් ගත කල ඇය 1842 දී මරාතා මහ රජු වුන “ගංගාධාර රාඕ සමග විවාහ වීමත සමග නම වෙනස් වෙනවා “ලක්ෂ්මී භායි” ලෙස…
man1.jpg
 

මේ දෙපලට ලාබනපදරුවා අඩු වයසින් මිය යන නිසා “ආනන්ද රාඕ” නමින දරුවෙකු හදා ගත් අතර , 1853 දී අයට වයස 25 වෙන විට මහරාජා වරයා මිය යාමත් එක්කම හදා ගත් දරුවාට රාජ්‍ය ලබා දීම ප්‍රතික්ෂේප කරන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඇයට රැ.60,000 විශ්‍රාම වැටුපක් ගෙවා මාළිගයෙන් සහ බලකොටුවෙන පිටව යන ලෙස පවසනවා….

(Jhansi Fortress)
man8.jpg
(Jhansi Palace)
man6.jpg
ඇය බ්‍රිතාන්‍යයන්ට එරෙහිව යුධ වදින්නෙ මේ නිසයි…”ජාන්සි කි රාණ” (ජාන්සි වල රැජිණ) ලෙස දනන් ආදරයෙන් ඇමතූ ඇය බ්‍රිතාන්‍යයට එරෙහි ඉන්දීය සටනේ මුලු පුරුකක් වුනේ අන්න ඒ විදිහට..මේක කියන්න හිතුනෙ අද ඉන්දීය 70 වන නිදහස දිනය නිසා.(දැං ඉතිං කියන්න එපා උඹලට අපේ වීරයො මතක නෑ කියලා…නෑ මතක නැත්තෙ නෑ..මතකයි…ඒ අය ගැන අමුතුයෙන් මා කිවයුතු නැතැයි සිතමි)










මණිකර්ණිකා ඝාට් (මණ්කර්ණිකා ඉවුර)
මණිකර්ණිකා ඝාට් කියන්නෙ වාරාණාසි වල ගංගා ගඟ අසල , ධශාශ්වමේධ ඝාට් සහ සින්ධියා ඝාට් අතර පිහටි පූජනීය ඉවුරක..ආදාහන කටතු සඳහා මෙම ඉවුර වඩාත ප්‍රකටයි…මෙම ඉවුර අසල පිහිටි දේවාලයද “මණිකර්ණිකා මන්දිර්” නම්න හඳුන්වනවා…
man3.jpg

මණි කර්ණිකා කුන්ඩ්
මේ කියන්නෙ මණිකර්ණිකා දෙවාලයේ තියෙන පඩිපෙල් පොකුණ.දේවාලයේ පූජා සඳහා මෙන්ම පාරීබෝජනය සඳහාත් ජලය ලබා ගැනීමට මෙම පොකුණ බාවිතා කරණවා…ඇතැම් කාලා වලට මෙම පොකුණ වතුර බිඳුවක වත් ඉතිරි නොවෙන්න සිඳි යන බවත් පැවසෙනවා…..

man4

මණිකර්ණිකා 2017
මේ කියන්වෙ ඉතිං ඉස්සරහට එන්න තියෙන සිනමා පටයක්…ජාන්සි කි රාණි ගෙ චරිතය ඇසුරෙන් කල මෙම සිනමාපටයේ මණිකර්ණිකා චරිතය දක්ෂ නිලි කංගනා රනෞත් විසින් රඟ දක්වනවා…
man9

භාරත විත්ති – 15 – “අට ෆේල්…”


https://www.facebook.com/trishneetaroraofficial/
https://www.facebook.com/groups/804276106323782/permalink/1451586548259398/?hc_location=ufi
tri1.jpg
පංජාබ් ප්‍රාන්තයේ ලුදියානා වල මධ්‍යම පාංතික පවුලක පොඩි කොල්ලෙක් හිටියා.මේ කොල්ලා පොඩි කාලෙ ඉඳන් පරිඝණක ක්ෂේත්‍රය ,විශේෂයෙන් Hacking සම්බන්ධයෙන් පුදුම උනන්දුවක් දැක්වුවා.මේ උනන්දුව කොච්චරද කිවොත් තමුන්ගෙ පාසල් වැඩ කටයුතු පවා පැත්තකට දාලා මෙයා මේ දේවල් ගැනම හොය හොයා හිටියා…අන්තිමේ මොකද වුනෙ…8වන ශේණියෙ විභාගය මෙයා අසමත් වෙන්නෙ විෂයයන් දෙකක් අසමත් වීම නිසා…
මේ අසමත් වීමත් එක්කම ඉස්කෝලෙ ගුරු වරු,යාලුවො “මොට්ටයා” කියලා මෙයාව කොං කලා…දෙමාපියො මොනවද හිතුවෙ…”විනාසයි..මූ ඉස්සරහට මොනවා කරයිද..කවුද මූට රස්සවක් දෙන්නෙ මෙහෙම ගියොත්..බ්ලා..බ්ලා..බ්ලා..”…

මේ කොල්ලා මොකද කලේ..8 වසරෙන්ම ඉස්කෝල ගමන නවත්තලා තමුන්ගෙ විනෝදාංශය දිගටම කරගෙන ගියා…ඊට අමතරව අවිධිමත් විදිහට computer සහ hacking ගැන ඉගෙන ගත්තා…අවුරුදු 18 වෙනකොට මෙයා අවබෝධ කර ගන්නවා ඉන්දියාවෙ විශාල සමාගම්වල වටිනා දත්ත කොච්චර සොරකම් කරනවද කියලා…
21 දී මෙයා මේකට පිළියමක් කල්පනා කරනවා…22 වෙනකොට මෙයා TAC Security කියලා සමාගමක් පටං ගන්නවා…මේ සමාගමෙන් කලේ Ethical hacking සහ computer security සම්බන්ධ දේවල්…
මෙ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ඒ කියන්නෙ CEO වෙන්නෙත් මේ 8 ෆේල් මොට්ට කොල්ලම තමයි…
මෙයා තව පොත් තුනකුත් ලියනවා…
tri4 
– Hacking TALKS, The Hacking Era සහ Hacking with smart phones කියන ඒවා…
ඉන්දියාව පුරා මෙයාගෙ දක්ෂතාවය ගැන කතාවෙන්න ගත්තා….මේක කොච්චරද කියනවනම් ඉන්දියාවෙ මහ පෝසතා වන “අනීල් අම්බානි” ට අයත් “රිලයන්ස්/Reliance ” සමූහ ව්‍යාපාර මෙයාගෙ සේවය ලබ ගන්නවා..මීට අමතරව ඉන්දියාවෙ තවත් විශාල සමාගම් සමූහයන් වන “Amul”,”Avon Cycles” සහ රාජ්‍ය ආයතන වන “පංජාබ් පොලිසිය”,”ගුජ්රාට් පොලිසිය” සහ ඉන්දීය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය..තේරෙන බාසාවෙන් කිවුවොත් CBI එක පවා මෙයාගෙ සමාගමේ සේවය ලබා ගන්නවා…..2016 වන විට මෙයාගෙ සමාගමේ ගණුදෙනු කරුවන්ගේ ලැයිස්තුවෙ විශාල සමාගම් 500ක් ඉන්නවා සහ ඩුබායි වල මෙන්ම එක්සත් රාජධානියේත් ශාඛා කාර්යාල විවෘත කරනවා….

2017 දී මේ කොල්ලගෙ වයස 23 යි….
tri2 තමුන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන..විනෝදාංශය වෘත්තිය බවට පත් කරගෙන එයින ජය ගත් මේ අවුරුදු 23 , ඉන්දියාවෙ ලාබාලම CEO සහ කතුවරයා කවුද?…
එයාගෙ නම Trishneet Arora/ට්‍රිෂ්නීත් අරෝරා…
tri5.jpg
ඔයාට කවුරු හරි පංඩිතයෙන් අට පාස් නැති එකා කියලා විහිලු කලාට කමක් නෑ, ඔයා තුළ නිසි ඉලක්කයක් සහ එය ජය ගැනීමේ ආශාව සහ කැපවීම තියෙනව නම්….


භාරත විත්ති – 14 – “රෝස සහ නිල්”


https://www.facebook.com/groups/804276106323782/search/?query=%E0%B6%BB%E0%B7%9D%E0%B7%83%20%E0%B7%83%E0%B7%84%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A

pink11

රෝස සහ නිල් කියන්නෙ ගැහුණුන්ට රෝසත් පිරිමින්ට නිලුත් කියන්න නෙමේ…
ඉන්දියාවෙ රාජස්ථාන් ප්‍රාන්තෙ නගර දෙකක් හඳුන්වන්නෙ ඒ නමින් නිසා..ඒවා තමයි

1. රෝස නගරය – ජායිපූර් 2. නිල් නගරය – ජෝද්පූර්

ඒ ගැන කියන්නන තියෙන ගොඩාක් දේවල් වලින් ටිකාක් කියන්නයි මේ සූදානම….

“රෝස නගරය – ජායි පූර්”
pink1 https://www.google.lk/search…
ඉන්දියාවේ ප්‍රථම සැළසුම් සහගත ක්‍රමාණුකූ නගරයයි රාජස්ථාන් හි අගනුවර වන ජායි පූර්..
ලංකාව වගේ 5 ගුණයක් විශාල රාජස්ථාන් ප්‍රාන්තයේ ජායි පූර් විශාලම නගරයයි.එය ව.කි.මී.200.4 ක් ලෙස ඉන්දීය මිනුම්පති පවසනවා….වත්මනෙහි මිලියන 5ක් ජනගහණයක් ජායි පූර් වල වාසය කරනවා…එය දිල්ලි සිට කි.මී.262 ක්ද ආග්‍රා සිට කි.මී.232 ක්ද දුරින් පිහිටා තිබෙණවා..

pink5
 

මේක රෝස නගරය වුනේ කොහොමද?!..
දිග කතාවක් කෙටියෙන් කියන්න වෙනවා..
රාජස්ථාන්හි සිටි විශිෂ්ඨම රාජ වංශයක් වන “කච්චවාල” රාජ වංශය මුලින්ම අගනගරය කර ගත්තෙ කඳු ආශ්‍රිත “ඇම්බර් නගර්(ආමේර්) හි ය.මේ රාජ වංශයේ එක රජෙක් හිටියා “මහ රාජා ජයි සිං” කියලා..මේ ජයි සිං මහ උගතෙක්..ගණිතඥයෙන්..ජ්‍යෝතිර්වේදියෙන්..තාරකා විද්‍යාව හොඳින් හැදෑරූ අයෙක්…11 වන ලිපියෙන් කියවුන “ජන්තර් මන්තර්” පවා මෙතුමා විසින් ඉදිකරනු ලැබූවක්.
මෙතුමාට කඳුකර ජීවිතය ආසා නොවූ නිසා වෙන ස්ථානයක අග නුවර ඉදි කිරීමේ වුවමනාවක් ඇති වෙනවා.ගණිතඥයෙක් වුන මෙතුමා මේ කාර්යය බෙංගාලි ජාතික පඬි වරයෙක් වුන “ගුරු විද්‍යාධාර භට්ටාචාර්ජී” ට පවරනවා…මේ පඬි වරයා විසින් මනා සැළසුමකට අනුව ජායි පූර ඉදිකරවනවා…නගරය “නව ග්‍රහයින්ට” අනුව ප්‍රධාන කොටස් 9කට බෙදා තිබුණා…සෑම කොටසක්ම වෙන් වන ප්‍රාකාර සහ ගේට්ටු තිබුණ අතර ප්‍රධාන ගේට්ටු 7ක් තිබුණා….ප්‍රධාන වීදී උතුර සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරටත් කෙලින් විහිදෙනවා…මෙ වීදි අදටත් එසේමයි.නැගෙනහිර දොරටුව “සූරජ් පෝල්” ලෙසද බටහිර දොරටුව ” චන්ද්‍ර පෝල්” ලෙසද හැඳින් වෙන අතර වැඩි මනක් දොරටු දකුණු දෙසට පිහිටා තිබෙනවා…

pink4

නගරයේ වීදී, ගොඩනැගිලි,සඳලුතලා, මාළිගා සියල්ලම ටෙරාකොටා වර්ණයකින් වර්ණ කර තිබෙනවා…රෝස නගරය කියන්නේ මේ නීසායි…රෝස පැහැ කිරීමට නිශ්චිත හේතුවක් නැතත් ඇතැමුන් පවසන්නේ කාන්තාර දේශගුණය සහ දැඩි හිරු රශ්මියට ඔරොත්තු දීමට මේ වර්ණය යොදාගෙන ඇති බවයි.ඇතුමුන් පවසන්නේ මුඝල් සම්ප්‍රදායේ රතු ගල් වල ආභාෂය අනුව මේ වර්ණය යොදා ගෙන ඇති බවයි.
1876 දී 7 වන එඩවඩ් රජු පැමිණීම නිසා මුලු නගරයම නැවත් වර්ණ කල අතර ඉන් පසු සෑම වසර 10කටම වරක් නගරයේ නැවත වර්ණ ගැන්වීම කරනවා…
ජායි පූර් ගැන වෙනම පොතක් ලිවිය හැනි බැවින් මෙතැනින් නවතිමි..

(‘Hawa Mahel’ palace – Jai Pur )
pink2

“නිල් නගරය – ජෝද්පූර්”
pink6 https://www.google.lk/search…
 
ජායි පූර වගේ ලොකු කතාවක් නම් ජෝද්පූර් ගැන කියන්න නෑ…”රාජ්පුත් ” වංශිකයන්ගෙ නිජ බිම වෙන ජෝද්පූර් රාජස්ථාන් වල දෙවැනි විශාලම නගරය.”තාර් කාන්තාරය” අසල පිහිටි බැවින් දැඩි හිරු රශ්මියකින් යුතු නිසා “සන් සිටි” ලෙසද ජෝද්පූර් හැඳින්වෙනවා.
pink10 මෙයට නිල් නගරය ලෙස හැඳින්වෙන්නේ පැරණි නගරයේ ගොඩනැගිලි වලින් බහුතරයක් නිල්වර්ණයෙන් යුතු නිසා.පැරණි නගරය පවුරකින් සීමා වෙන අතර පවුරෙන් මෙපිට නව නගරය ඉවක් බවක් නැතිව වැඩී ඇති අතර වර්ණයෙන් විශේෂත්වයක් නෑ..
pink7
 

මේ නිල් නගරය ඉන්දීය සිනමා පට වල දර්ශණ තල සඳහා බහුලව යොදා ගන්නා ස්ථානයක් වන අතර සංචාරක ආකර්ෂණය නොමදව දිනූ පුරයක්…

pink8
pink9

භාරත විත්ති – 13 – “ඉන්දු මහා ප්‍රාකාරය”


https://www.facebook.com/groups/804276106323782/permalink/1447620358656017/?hc_location=ufi

kum.PNG

චීන මහා ප්‍රාකාරය ගැන නොදන්නෙ කවුද..ඒ වුණාට ඉන්දු මහා ප්‍රාකාරය නොදන්න අය ඇති ඕන තරම්.ලෝකයේ දිලම අඛන්ඩ පවුරු අතරින් චීන මහා ප්‍රාකාරයට පමණක්ම දෙවැනි වනඉන්දු මහා ප්‍රාකාරය “කුම්බල්ඝර්” ප්‍රාකාරයයි.

kum1
 

රැජස්තාන් ප්‍රාන්තයේ,උදයිපූර් ආසන්නව,රාජස්මණ්ඩ දිස්ත්‍රික්කයේ පිහිටි “කුම්බල්ඝර් මාළිගය” සහ බලකොටුව වටකොට මෙම මහා පවුර ඊදිකොට තිබෙනවා.
අර්වාල් කඳු වැටි මතින් දිවෙන මෙම පවුර වත්මනෙහි පවතින ආකාරයට තනවා ඇත්තේ “මේවාර්” රාජධානියෙහි මහරාජ වරයෙක් වුන “කුම්බකර්ණ” ( රණාකුම්භ ලෙස වඩා ප්‍රකටය) විසිනි (ක්‍රි.ව.15 වන සියවස 1433-1468).
දිගින් කිලෝමිටර 36ක් වන මෙහි පුළුල්ම ස්ථානය මීටර 15ක් පළල වෙනවා.

kum3 
යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති මෙම පවුරින් වට වුන ප්‍රදේශය තුළ හින්දු දේවස්ථාන 300ක් පමණ තිබෙනවා.
19 වන සියවසේ අවසානය තෙක් රජ වරුන් කුම්බල්ඝර් මාළිගයේ වාසය කලා.
මෙම මාළිගයට කුම්බල්ඝර් ලෙම නම් තබා ඇත්තේ පවුරේ බොහෝමයක් තැන් කලගෙඩි (කුම්භ) ආකරයට ඉදිකොට ඇති බැවිනි.සිංහලෙන් කිවහොත් මෙහි තේරුම කලගෙඩි ගෙදර ලෙස ගත හැක.

kum2 කුම්බල්ඝර් බලකොටුව ඉන්දියාව තුළ වැඩිම රහස් ප්‍රමාණයක් සැඟව ඇති ස්ථානය ලෙස පැවසෙනවා….

kum4

භාරත විත්ති – 12 – “ගුලාබ් ගෑංග්”

https://www.facebook.com/groups/804276106323782/permalink/1441806865904033/?hc_location=ufi

මේ කියන්න යන්නෙ රජ්ජෝ දේවි (මධුරි දික්ෂිත් ) සහ සුමිත්‍රා දෙවි (ජුහී චව්ලා ) අතර සටන ඇතුළත්ව ,2014 දි මේ නමින් කරපු සිනමාපටය ගැන නෙමේ.”ගුලාබී ගෑංග්” නමින් ඉන්දියාවේ තිබෙන නිල නොවන කාන්තා එකමුතුවක් ගැනයි.
gulab07
ගුලාබි ගෑංග් සංවිධානය ආරම්භ වෙන්නෙ ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ , බන්දෞසා න්ම ගමේ විසූ “සම්පත් පාල් දේවි” නම්වූ ඉන්දීය කාන්තාව ගෙ අදහසකට අනුව. දිනක් මැය සිය කාර්යයන් නිමවා ගෙදර එනවිට දකිනව ඇගේ මිතුරියකට මිතුරියගේ බීමත් සැමියා විසින් හිංසා කරන ආකාරය.

(Sampathpal Devi)
gulabi4.jpg

සම්පත් මෙම සිදුවීම නවතන්නට උත්සාහ කලත් මිතුරියගේ සැමියා ඇයටත් අඩන්තේට්ටම් කරනවා.ඉක්මනින් ක්‍රියාත්මක වුණ සම්පත් කාන්තාවන් පිරිසක් කැඳවාගෙන ගොස් මිතුරියගේ සැමියාට ගම්මුන් ඉදිරියේ පහර දී ඈව බෙරා ගන්නවා…මෙම අවස්තාවේ සම්පත්ගේ හිතේ ඇති වුණ සිතුවිල්ලක් අනුව ගුලාබි ගෑංග් සංවිධානයේ මූලාරම්භය සිදු වෙනවා.
ඉන්දියාවේ පහ්ත්ම කුලය ලෙස සැලකෙන් “දාලිත්” කුලයේ පිරිස් වැඩියෙන් වාසය කරන බන්දෞසා ගම ප්‍රධාන කොටගෙන ඇති වුණ මෙම සංවිධානයේ 2003 වනවිටදී සාමාජිකයන් 154ක් පමණ වූ බව සඳහන් වන අතර එය 2013 දී අල් ජසීරාට අනුව 400,000 ක් ද හින්දුස්ථාන් ටයිම්ස් වලට අනුව 270,000 කද වෙනවා. ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේ මෙමෙ සංවිධානයේ සාමජිකයන් විසිරී සිටිනවා.මෙම සාමාජිකත්වය අවුරුදු 12, 16 සිට අවුරුදු 60,70 තෙක් වයස් පරතරයක් ඇති විවිධ වූ කුලවල සහ උගත්, නූගත් කාන්තාවන්ගෙන් සමන්විත වෙනවා.

gulabi1
සංවිධානයේ ප්‍රධානම කර්යයන් වන්නෙ කාන්තා හිංසනයක් දුටු තැන ඊට එරෙහිව නැගී සිටීමයි.මෙම හිංසනයන්ට ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ හිංසනය, දෑවදි ප්‍රශ්න නිසා පිඩ්ඩ විඳින කාන්තාවන් ඇතුළත් වෙනවා. මීට අමතරව ඔවුන් සමාජයට අයහපතක් වෙන වෙනත් කාර්යයන් වලට විරුද්ධවද නැගී සිටිනවා.
2007 දී සම්පත් පාල් දේවිට ආරංචි වෙනවා රජය මගින් පවත්වාගෙන යන සහනාධාර ක්‍රමයක් යටතේ බඩු විකුණන වෙළඳ සැළක භාණ්ඩ වංචා සහගත ලෙස නගරයේ සුප්‍රිවෙළන්නද සැළකට ගෙනයන බව. මුලින් අදාල අධිකාරීන්ට දැන්වුවද පලක් නොවූ තැන ක්‍රියාත්මක වන ඔවුන් භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ වලට පහර දීම මගින් භාණ්ඩ නගරයට ගෙන යාම වළක්වනවා.

gulabi2
 
2008 දී විදුලි කාර්යාලයක් වටලන ඔවුන් , අල්ලස් ගෙන විදුලිය ලබා දීමට ප්‍රතික්ෂේප කල නිලධාරීන්ට දඬුවම් කරනවා. ( මෙ සිදිවීම් සිනමා පටයටත් ඇතුළත් වුණා ).
2007දී දාලිත් කුලයේ කාන්තාවක් දූෂණය කල ඉහල කුලයක පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම නිසා ගුලාබී ගෑංග් සාමාජිකාවන් අදාල පොලිසියට ගොස් පොලිස් නිලධාරියාට සහ අපරාධ කරුට පහර දීම කරනවා. මෙ ගුලාබි ගෑංග් වරියන් ප්‍රථම වතාවට දඬුවමක් ලෙස හිංසනය භාවිතා කල අවස්ථාවයි.
සාමාජිකාවන් ඔවුන්ගේ සහ සමාජයේ අනෙකුත් කාන්තාවන්ගෙ සුභසාධනය උදෙසා විවිධා කාර්යයන් කරන අතර ම අඩු අධ‍යාපනයක් ඇති කාන්තාවන්ට හැකි අයුරින් අධ්‍යාපනය ලබා දීමටද කටයුතු කරනවා.මීට අමතරව සටන් පුහුණු කරවීමත් ඔවුන්ගේ එක් කාර්යයක්.

gulabi3පසු කලෙක මෙම සංවිධානය සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු වීමත් සමගම විවිධ වාර්තා වැඩසටහන් සිදු කරනු ලබන අතරම”Pink Sari Revolution ” නමින් කෘතියක් සහ 2014 දී “ගුලාබ් ගෑංග් ” නමින් සිනමා පටයක්ද එළි දැක්වෙනවා.
gulab06සාමාජිකාවන් සියල්ලන්ම රෝස ඵැති සාරි අඳිනවා. රෝස පැහැයට හින්දියෙන් කියන්නෙ “ගුලාබ්”. මෙම නිසාම මේ කාන්තා එකමුතුව ගුලාබි ගෑංග් ලෙස නම්කොට තිබෙනවා.

භාරත විත්ති – 11 – “ජන්තර් මන්තර්”





https://www.facebook.com/groups/804276106323782/permalink/1440811246003595/?hc_location=ufi

මේ කියන්න යන්නෙ 1724 දි ඉන්දියාවෙ නව දිල්ලි වල මහ රාජ් ජයි සිං 2 විසින් ඉදි කරවනු ලැබූ “ජන්තර් මන්තර්” ගැන. වචනාර්තයෙන් ජන්තර් මන්තර් යනු “යන්ත්‍ර මන්ත්‍ර” යන්නයි.

jan4
ගොඩනැගිලි 13කින් යුත් මෙම සංකීර්ණය ඉදි කරවීමේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නෙ ජ්‍යෝතිෂ කටයුතු,හිරුගේ ගමන (විද්‍යත්මකව නම් පෘථිවි පරිභ්‍රමණය ) සහ කාල නිර්ණයන් උදෙසායි.මහරාජා ජයි සිං විසින් මෙම සංකීර්ණය ඉදිකරවනු ලැබුවේ මෝගල් අධිරජ මුහම්මද ෂාහ් විසින් දිනදර්ශණය සහ ජ්‍යෝතිෂය සනන්දහා භාවිතාවන දින දර්ශණය ( ලිත යැයි උපකල්පණය කරමු ) සංශෝධණය කිරීමේ කාර්‍යයභාරය ඉටු කිරීමේ එක අංගයක් ලෙසයි.
මෙම සංකීර්ණයේ ප්‍රධානම යන්ත්‍ර 3
1. සම් රාට් යන්ත්‍ර
2. ජයප්‍රකාෂ් යන්ත්‍ර
3. මිශ්‍රා යන්ත්‍ර

ලෙස නම්කොට තිබෙණවා.
 
“සම් රාට් යන්ත්‍ර”
මෙය ප්‍රධානම යන්ත්‍රයයි.මෙහි සම්මුඛපාදය අඩි 70ක්ද බද්ධ පාදය අඩි 114ක්ද කර්ණය අඩි 128ක්ද වන ලෙස වුණ සෘජුකෝණී ත්‍රිකෝණායක ආකාරයෙන් වන ප්‍රධාන කොටසද ඊට දෙපසින් මදක් වක්‍රාකාර වුණ කොටස්දෙකකින්ද යුතු වෙනවා.( ඡායා රූප බලන්න ).ඉහත කියූ සෘජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය ප්‍රථිවියේ අක්ෂයට සමාන්තර බව කියවෙනවා.දෙපසින් ඇති කොටස් දෙකින් පැය, මිනිත්තු සහ තත්පර ගණනය කළ හැකි වෙනවා.

jan3




“ජයප්‍රකාෂ් යන්ත්‍ර”
අර්ධගෝලාකාර , අවතල මුහුණතක් සහිතව සහ මුහුණතෙහි සිදුරු සහිතව ඉදිකොට ඇති මෙම යන්ත්‍රයෙන් ප්‍රතිවියේ හා ඊට සමාන්තරව ආකාෂයෙහි තරු පිහිටීම නිරීක්ෂණය කල බව කියවෙනවා. මෙහි විශේෂත්වය නම් ලෝක සිතියමක ප්‍රක්ෂේපණයට සමාන ආකරයකින් මෙම යන්ත්‍රය නිමවා තිබීමයි.
jan05
jan04

“මිශ්‍රා යන්ත්‍ර”
ප්‍රථිවියේ දිර්‍රඝතම සහ කෙටිම දින ගණනය කිරීම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කොට තිබෙණවා.තවද දිල්ලියෙන කෙතරම් දුරුන් තිබුණද ඉන්දියාවේ නගර වල නය මධ්‍යාහ් ඉතාම නිරවද්‍ය ආකාරයෙන් , මෙම යන්ත්‍රය භාවිතයෙන් ගණනය කල හැකි බව පැවසෙනවා.( ඡායා රූප නරඹන්න ).
jan07
jan08
jan06

1858 දී මෙම සංකීර්ණයට යම් යම් හානි සිදු වුනත් පසුව ප්‍රතිසංස්කරණය කෙරුණා.
jan03

තවත් කාරණාවකින් මෙය ගෘහ නිර්මාණ ශිල්පීන අතර ප්‍රකටයි.එනම් මෙම සංකීර්ණයේ ඇති ගොඩනැගිලි එකල පැවති ගෘහනිර්මාණශිල්පීය ලක්ෂණ වලට වඩා නවීණ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ පෙන්නුම් කිරීමයි….
jan5


another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters