ගබං ගේ රාජ්‍යය.......


නුවර පාර දිගේ නුවරට යනකොට කඩවත හන්දියෙන් වම් පැත්තට උඩහට යන ගණේමුල්ල පාරෙන් ගණේමුල්ලට වෙනකල් ගිහිං තියෙන්නෙ හෝ යන්නෙ කවුද?..
එහෙනං ඒ අය දන්නවා ඇති වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලය ත් හන්දියත් පහු කරලා තව ටිකක් ඉස්සරහට යද්දි දකුණු පැත්තට වෙන්න වත්ත ඇතුලට වෙන්න තියෙන ලොකු වළව්ව.....

ඒක තමයි ජයකොඩි වලව්ව...ජයකොඩි වලව්ව ඇතුළට මම ගිහිං තියෙන්නෙ එක වතාවයි..ඒ එහි හිමි කරු වුණ හිටපු පා.ම. කමළවර්ණ ජයකොඩි ගේ අවසන් කටයුත් සිදු කල අවස්ථාවේ....
ගණේමුල්ල කැන්දලියැද්ද පාලුවේ මහා බල පරාක්‍රමයක් විහිදා සිටි ජයකොඩි පරපුරට නිවස්න වුණේ ජයකොඩි වලව්ව...වලව්ව අවට තිබුණ ඉඩම් ප්‍රමාණය අක්කර දහසකට ආසන්න බව කියවෙනවා....
නමුත් මේ වන විට වලව්වට අයත් ඉඩම් තියෙන්නෙ වලව්ව පිහිටි බිමෙහි වලව්ව වටේ පිහිටි අක්කර කිහිපයක බිම් කොටස් පමණයි...ඉතිරිය ගණේමුල්ල යුධ හමුදා කඳවුර..විවිධ රජයෙ ව්‍යාපෘති ..නිවාස ව්‍යාපෘති සඳහා භාවිතයට ගෙන ඇති අතර තවත් කොටස් මේ වන විට විකුණා දමා තිබෙනවා...

ජයකොඩි වලව්ව අභ්‍යන්තර ඡායාරූප වැඩි ප්‍රමාණයක් මා සතු නොම වීම ගැන කණගාටුවට පත් වෙනවා..එහි ඇතුළත ඡායා රූප ගැනීම අපහසු කාර්යයක්...නමුත් මා දුටු ජවකොඩි වලව්ව මහේශාක්‍ය තෙජසකින් යුත් පෞරාණික ප්‍රෞඩ පෙනුමක් ඇති වලව්වක්...එහි කෑම මේසයේ තිබුණ මේසය එක වර සිය දෙනෙකුට ආහාර ගත හැකි ආකාරයේ විශාල මේසයක්...
                                                              (Main stairway)

                                                                 (Main stairway)


පරසතු මල් සිනමාපටය...කරුවල ගෙදර..ස්වයංජාත..උදාගිර වැනි ටෙලි නිර්මාණ නරඹා ඇති අය ජයකොඩි වලව්ව යම් ප්‍රමාණයකට දැක ඇති...
ජයකොඩි වලව්ව ගැන සත්‍යක් හෝ ජනප්‍රවාදයක් ලෙස ගත හැකි යැයි කිව හැකි කතාවක් තියෙනවා...


ගබං ජයකොඩි කියන්නෙ බ්‍රිතාන්‍ය පාලන කාලයේ වැලිපිල්ලෑව ප්‍රදේශයේ සිටි තරමක් සැරපරුෂ දාමරික ගති තරුණයෙක්..ගබං වැලිපිල්ලෑව පුරාණ විහාරයේ නායක හිමියන් සමග කුළුපග ඇසුරක් පැවතියා... ඒ ගිහි කල සිටම පැවති මිතුදමක් බව කියවෙනවා..මේ හිමි නම ජ්‍යෝතිෂය දැන සිටි කෙනෙක්..දිනක් හිමියන් කේන්ද්‍රයක් බලමින් සිටි අවස්ථාවක ගබං තව මිතුරන් කිහිප දෙනෙක් සමග පැමිණෙනවා...හිමියන් විහිලුවට මෙන් ගබංට පවසා සිටියේ "ඔන්න ගබෝ කේන්දරෙ...කොර ගන්නවනං කසාදෙ.." කියලා....
                                                                                                  (Gabang Appuhamy)

එම කාන්තාවගේ කේන්ද්‍රය සුභඵල රාෂියක් සහිත වාසනාවන්ත එකක් බැවින් එසේ කියූ බව පසුව හිමි නම ගබංට පවසනවා...
ගබං ඉටා ගන්නවා මේ තරුණිය කෙසේ හෝ විවාහ කර ගැනීමට.අදහස ක්‍රියාත්මක වීමක් ලෙස ගබං හා මිතුරන් එම තරුණිය බලහත්කාරයේන් පැහැරලෙන විත් නිවසේ තබා ගන්නවා...ටික කලක් යනවිට ගබං ගේ වැඩ කටයුත් ඉවසන්න තරුණිය පුරුදු වෙනවා...වැසිකිලි කැසිකිලි නොතිබුණ මේ යුගයේ ශරීරකෘත්‍ය සඳහා කැලෑවලට ඇදීම සිරිතයි...ජයකොඩි වලව්වට පහලින් අදත් පොකුණ හන්දිය ලෙස හඳුන්වන ප්‍රදේශය එකල විශාල දිය පොකුණක් හා කුඩා කැලයක්ව පැවති ප්‍රදේශයක්...දිනක් ශරීර කෘත්‍ය සඳහා මේ ප්‍රදේශයට පැමිණි ගබං ගේ බිරිඳ දකිනවා පුද්ගලයෙක් කැලයේ වලක් හාරා යම් කිසි දෙයක් සඟවන ආකාරය...
                                                                                          (Gabang Appuhamy's wife)

එම මිනිසා ඉවත්ව ගිය පසු එතැනට ගොසු බැලූ ඇය දකින්නේ වල දැමූ තරමක් විශාල කාසි මුට්ටියක්.... වහ වහා ක්‍රියාත්මක වූ ඇය මේ බව ගබංට දන්වා සිටිනවා...ගබං විසින් අර කියූ කාසි මුට්ටිය එතැනින් ගෙන නිවසට රැගෙන යනවා...
ගබංගේ දියුණුව ආරම්භ වෙන්නෙ එතැනින් පසුවයි...ඔහු එම මුදලින් අහල පහල තිබුණු වතු වලින් මිලට ගත හැකි සෑම එකක්ම මිලට ගෙන පොල් ව්‍යාපාරය ආරම්භ කරනවා...ඉනු පසු ලී ව්‍යාපාර..පොළියට මුදල් දීම වැනි විවිධ ක්‍රියාවන් සිදු කරන ගබං ප්‍රදේශයේ ධනවතෙක් බවට පත්ව වැලිපිල්ලෑව විහාරය ඉදිරිපස සිය නිවස්නය වන ජයකොඩි වලව්ව ඉදි කරනවා....
ගබං ජයකොඩි මෙසේ ධනවත්ව ප්‍රභූ දිවිපෙවෙතක් ගත කරමින් සිටින විට ඉංග්‍රීසි ආණ්ඩුවෙනුත් ඔහුට අනුග්‍රහය ලැබෙනවා...
ගබං ගේ පුත්‍රයා වුනේ ඇඩ්විං කේ ජයකොඩි...

                                                                                                              (Edwin K.Jayakody)

ඇඩ්විං කේ.ජයකොඩි විවාහ කර ගන්නෙ තවත් ප්‍රභූ පවුලක තරුණියක් වුණ සිරිදත්තා ජයකොඩි මැතිණියවයි...
                                                                           
                                                                               (Edwin and Siridaththa wedding photo)
සිරිදත්තා ජයකොඩි මැතිණිය ගැන ප්‍රදේශ වාසීන් මෙන්ම ලංකාවේ (දන්නා )මිනිසුන් දන්නේ බෞද්ධ වෙහෙර විහාර වලට අනුග්‍රහය දක්වමින් ඒවා නගා සිටුවීමට කටයුතු කල කාන්තායක් ලෙසයි...
                                                                                                      (Siridhaththa Jayakody)


කැළණි විහාරය...කිරින්ද සහ විහාර මහා දේවි උද්‍යාණයේ පිහිටි විහාරමහාදේවියගේ ප්‍රතිමාවන්ද සිරිදත්තා ජයකොඩි මහත්මියගේ අනුග්‍රහයෙන් ඉදිවුණ ඒවා.. තවද ප්‍රදේශයේ බෞද්ධ පාසල් නගා සිටූවීමට කටයුතු කල ඇය ජයකොඩි මහා විදුහල ආරම්භ කිරීමත් සිදු කරනවා...
1960 දී මහර ආසනය සඳහා එ.ජා.ප.යෙන් ඇය තරග කරනවා...
                                                                                                        (Siridhaththa Jayakody)

ඇඩ්විං කේ.ජයකොඩි සහ සිරිදත්තා ජයකොඩ්ගේ පුතුන් දෙදෙනෙකුත් දියණියකුත් සිටියා.


එක් පුතෙක් අකාලයේ මිය ගිය අතර දියණිය වෛද්‍යවරයෙක් සමග විවාහ වී විදේශ ගත වී තිබෙණවා..
අනික් පුතු කමළවර්ණ ජයකොඩි වලව්වේ හිමි කරු වුණ අතර ඇගේ බිරිඳ ස්වර්ණමාලි ජයකොඩ් සමග වලව්වේ වාසය කලා. 2007 කමලවර්ණ ජයකොඩි මිය ගියෙන් දරුවන්ද නැති ස්වර්ණමාලි ජයකොඩි පමණක් දැන් වලව්වේ වාසය කරනවා...
                                                                                  
                                                                                        (Ex. M.P. Kamalawarna Jayakody)

ඇයත් දැන් මහලුයි..
කවදා හෝ ඇයත් මිය ගිය දිනක ගබං විසින් ඉදිකල රාජ්‍ය අවසාන වන්නේ නවකතාවල කොතෙකුත් දැක ඇති වලව්වල පලහිලව් සැබෑවක් බවම සනාත කරමිනි...
                                                                         (Right side entrance)

                                                                      (Left side entrance)

- අමිල-

1 comment:

  1. i love this article...Just another thing should be added to it.Swarnamali is kamalawarna"s Second Wife.Please find Information About his first wife.and also Write More About the Walawwa..Wish You All The Best.

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters