භාරතයේ විත්ති - 24 - වාසනාව උරගාබැලීම




වසර 700කට පමණ පෙර මහාරාශ්ඨ්‍ර , කර්ණාටක වැනි ප්‍රාන්ත වල චාරිත්‍රයක් බිහි වුණා. එය පොදුවේ හින්දුන් සහ මුස්ලිමුන් අතර ප්‍රචලිත වුණ එකක්.
චාරිත්‍රය නම් තෝරාගත් දේවාල හෝ මුස්ලිම් පල්ලි වලදී අඩි 30-50 උඩ සිට කුඩා බිළිඳුන් පහලට විසි කිරීමයි. පහල සිටින් පිරිස් විසින් රෙද්දක් අල්ලා එයට දරුවන් වැටීමට සලස්වා ඔවුන් බේරා ගන්නවා. බේරෙන දරුවන් වාසනවන්තයන් ලෙසද වැටී මියගියහොත් සාපලත් හෝ දෙවියන් විසින් ප්‍රතික්ෂිප්ත දරුවන් ලෙස ඔවුන් සැලකුවා.

මෙහි උපත සිදු වුණ ආකාරය ගැන කියනවානම් ;වසර 700 කට පමණ පෙර ,එක්තරා මුස්ලිම් පූජක වරයෙක් පවසා තිබෙනවා සිය දරුවන් දේවස්ථානයේ ඉහල සිට බිමට වීසි කරන්නවුන් දෙවියන් කෙරෙහි සිය අපිරිමිත භක්තිය හා විශ්වාසය ඔප්පු කරන බව.එය අසා දරුවන් බිමට වීසි කල පසු බිම සිට ඔවුන් ඇල්ලීමට සලස්වා , දරුවන් බේරුනේ දෙවියන්ගේ දයාව හා කරුණාව නිසා බවත් ඔවුන් දේව බැල්ම ලද වාසනාවන්තයින් බවත් පවසා තිබෙනවා.

මෙසේ ඇතිවී ශතවර්ෂ ගණනාවක් පැවත ආ මේ අමානුෂික චාරිත්‍රය 2009 වසරේදී මානුෂීය සංවිධාන වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් තහනම් කලද අදටත් අප්‍රකට සහ ග්‍රාමීය දේවස්ථාන වල කිසිදු බාධාවකින් තොරව ඉටු කෙරෙනවා.

මෙය සිදු වන අවස්ථාවේ හයක් හතරක් නොතේරෙන වචනයක් කතා කොට සිය වේදනාව පැවසිය නොහැකි අත දරුවන්ට කුමන ආකාරයේ හැඟීමක් ඇතිවෙනවාද යන්න ගැන ඔවුන්ගෙ මුග්ධ දෙමාපියන් අදහන මුග්ධ දෙවියන්ටවත් තේරෙනවාද යන්න බරපතළ ගැටලුවකි.


සැම දෙයකටම රජය යනු පිළියම නොවන බවට මෙය උදාහරණයක්.රජයෙන් කොතරම් නීති රීති පැණවූවත් එය පිලිපැදිය යුත්තන් සහ ක්‍රියා කරවියයුත්තන් එය තේරුම් ගැනීමට තරම් නුවණක් නැති මුග්ධයන් වන කලී නීති රීති පොත්වලටම සීමා වේ.

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters