Beyond reasonable doubt ..සාධාරණ සැකයෙන් ඔබ්බට - 13 - සුන්වූ ප්‍රීතිය



2016 සැප්තැම්බර් 1 වන දින ඉන්දීයාවේ මුම්බයි හි විශේෂ කාන්තා අධිකරණය ක දී එරට පෙර නොවූ නඩු තීන්දුවක් ලබා දුන්නා..එය නම් "rarest of rare category" යටතේ ;ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් තරුණියක් මරා දැමීම යන අපරාධය නිසා විත්ති කරුවාට ,ඒ.එස්.ෂෙන්ඩේ විනිසුරු වරයා විසින් මරණීය දණ්ඩණය ලබා දීමයි.
මෙය ඉන්දියාවේ ප්‍රථම වතාව වුණ අතර ලෝකයෙන්ම දෙවන වතාව වෙනවා.පළමු වරට එවන් දඬුවමක් ලබා දී තිබෙන්නෙ බංග්ලාදේශ අධිකරණයකදීය.එරට "Acid Crime Suppression Act" යටතේ ඇසිඩ් ප්‍රහාරය මරණීය දණ්ඩණයට යටත් අපරාධයක්.

- සිදුවීම- 
 
ප්‍රීති රාති දිල්ලී වැසි රූමත් තරුණියක්.ඇය සිය දිළිඳු පවුලේ සැමටම දිරියක් ලබා දෙමින් හොඳින් ඉගෙන ඉන්දීය නාවුක හමුදා රෝහලක හෙදියක්(lieutenant nurse) ලෙස රැකියාව ලබනවා.

රැකියාවේ පළමු දින;2013 මැයි 02 දින , ඇය සිය පියා අමර් සිං සහ නැන්දණිය සුනීතා දහියා සහ සහෝදරයා සමග දිල්ලි සිට මුම්බයි වෙත පැමිණෙනවා. අදාල රාජකාරීමය කටයුතු අවසාන කොට ඔවුන් "ගරීබ් රාත් එක්ස්ප්‍රස්" දුම්රියෙන් පැමිණ බන්ද්‍රා දුම්රිය ස්ථානයෙන් බැස දහසක් මගීන් අතරින් ඇදී යන අතරේ දී මුහුණ ආවරණය කර ගත් කෙනෙක් ඇය පිටුපසින් විත් ඇගේ උරහිසින් අදිනවා.ඇය පිටුපසට හැරෙත්ම ඇගේ මුහුණට දරුණු සල්ෆියුරික් ඇසිඩ් ප්‍රහාරයක් වදින අතර ඇය අසල සිටි පියාටත්..නැන්දණියට ,.සහෝදරයාට සහ තවත් මගීන් දෙදෙනෙකුටත්(සුදේශ් කුමාරි සිං සහ සමීර් ෂයීක්) ඇසිඩ් වැද සුලු තුවාල ලබනවා...

වහ වහා ක්‍රියාත්මක වුණු පිරිස ප්‍රීති ව මුම්බයි හි ගුරු නානක් රෝහල වෙත රැගෙන යන අතර එතැනින් මසීනා රෝහල වෙත ඇයව මාරු කර යැවුවත් , 2013 මැයි 18 දිනදී ප්‍රීති සිටි දරුණු තත්වය හේතු කොටගෙන වඩාත් පහසුකම් සහ ප්‍රතිකාර ක්‍රම ඇති බොම්බේ රෝහල වෙත ඇයව මාරු කිරීමට වහ වහා කටයුතු යෙදෙනවා.
මාසකට ආසන්න කාලයක් අධික ලෙස දුක් විඳි ප්‍රීති අවසානයේ සිය පවුලේ ප්‍රීතිය සුන් කරමින් 2013 ජූනි 1 දින මෙලොව හැර යනවා. මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇයගේ පෙනහලු සහ ස්වසන පද්ධතියට සිදුවූ අධිකතර තුවාල හේතුකොටගෙන ඇති වුණ ශ්වසන සහ විවිධ ආබාධ හේතුකොටගෙන මරණය සිදුවී තිබුණා.

- පරීක්ෂණ-
ඉන්දීය රජයේ දුම්රිය පොලීසිය මුල් පරීක්ෂණ මෙහෙයවූ අතර ප්‍රීතිගේ අසල්වැසියෙකු වූ පවන් කුමාර් ගකෝර් නම් අයෙක් සැක පිට අත්අඩංගුවට ගත්තද පැහැදිලි හා ප්‍රභල සාක්ෂි නොමැති වීම මත ඔහුව නිදහස් කිරීමට කටයුතු කල අතර මුම්බයි මහාධිකරණය විසින් පරීක්ෂණ කටයුතු මුම්බයි අපරාධ පරීක්ෂණ අංශයට ලබා දීමට නියෝග කලා...

මුම්බයි අපරාධ පරීක්ෂණ අංශය විසින් සිදු කල දීර්ඝ පරීක්ෂණ රැසකින් අනතුරුව මරණයෙන් වසරකට පමණ ආසන්න කාලයකට පසුව ;2014 ජනවාරි 17 දින ,ප්‍රීතිගෙ තවත් අසල්වැසියෙකු වූ අංකූර් පන්වාර් ව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කීරිමට කටයුතු කල අතර ඔහුට විරුද්ධ චෝදනා පත්‍රය පිටු 1332 කින් යුතු වුණා. ඉන්දිය දණ්ඩ නීති සංග්‍රහ පණතේ වගන්ති 302 යටතේ මිණී මැරීම සහ වගන්ති 326 බී. යටතේ ඇසිඩ් ප්‍රහාරයක් සිදු කොට බරපතල තුවාල ඇති කිරීම අංකූර්ට විරුදුවබප්‍රධාන චෝදනා වුණා.
                                                                                                                                           (අංකූර් පන්වාර්)

ප්‍රීති පාර්ශවය ;පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ උජ්ජල් නිකම් පෙනීසිටි අතර විත්ති පාර්ශවය වෙනුවෙන් නීතීඥ අපේක්ෂා වෝරා පෙනී සිටියා.
සාක්ෂි කරුවන් 98 දෙනෙක් ලැයිස්තු ගත කොට තිබුණු අතර ඇසින් දුටු සාක්සි කරුවන් 5 දෙනෙකු සහ රෝහල් තුනේ වෛද්‍ය වරුන්..දුම්රිය මගීන්..වෙළඳසල් හිමියන් ඇතුලු වෙනත් සාක්ෂිකරුවන් 37 දෙනෙකුගෙන් සාක්ෂි විමසීම සිදු කෙරුණා.
මෙහිදී විත්තියට පහසූ වීමට පැවති එකම කාරණය නම් අංකූර මරණය සිදු කලා යැයි පැහැදිලිවම කිව නොහැකි වීමයි.ඊට හේතුව නම් අදාල අවස්ථාවෙ පුද්ගලයා මුහුණ ආවරණය කොට සිටීමයි.
එහෙත් අංකූර් විසින් සල්ෆියුරික් ඇසිඩ් මිලිදී ගන්නා අවස්ථාවේ එය දුටු පුද්ගලයෙක් සහ අදාල වෙළඳසැල් හිමියන් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් අතර අංකූර්ගේ අතෙහි වූ පැහැදිලිව හඳුනාගත නොහැකි වූ ඇසිඩ් වලින් සිදුවිය හැකියැයි කිව හැකි ආකාරයේ තුවාලද ඔහුට විරුද්ධව සාක්ෂි ලෙස ඉදිරිපත් කෙරුණා.
තවද ප්‍රීති රෝහලේ සිටියදී ඇගෙ යෙහෙලියකට පවසා තිබුණා අංකූර් ඇයට පෙම් සබඳතා යෝජනාවක් කලද ඇය එය ප්‍රතික්ෂේප කල බැවින් ඔහු ඇය සමග විරසකව සිටි බව. එම යෙහෙලියත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් එය ප්‍රකාශ කලා.
ඇසින් දුටු සාක්ෂි කරුවන් පස්දෙනාගෙන් තිදෙනෙකුම ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ අය වුණා.
ප්‍රීතිගේ පියා අධිකරණයේ හැඟීම් බරව ප්‍රකාශ කරමින් සිය දුප්පත් දියණිය ස්ව උත්සාහයෙන් උගෙන හෙදියක් වූ බව පවසා ඇය පවුලට සිටි ශක්තිය බවද පැවසූ අතර ඇයට සිදු කල අපරාධයට අංකූර්ට මරණ දඬුවමම ලබා දිය යුතු බවට අධිකරණයෙන් වරින් වර ඉල්ලා සිටියා...පැමිණිල්ලෙ නීතීඥ උජ්වල්ද පෙර එසේ තීන්දුවක් නොවූවද මෙම අපරාධය සඳහා මරණ දඬුවම ම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විත්තියෙ නීතීඥ වරිය නඩුව වෙනත් මගකට යොමු කිරීමට තැත් කරමින් මරණය ඇසිඩ් ප්‍රහාරයෙන් නොව එහෙත් භාභා රෝහලේ වෛද්‍ය නොසැලකලිමත් කම හේතුවෙන් ඇතීවූවක් බවට තර්ක කලද පැමිණිල්ල පහසුවෙන් එම තර්කය බිඳ දැමුවේ ප්‍රිතීව භාභා රෝහලට කිසිදු අවස්ථාවක ඇතුළත් නොකල බව පැවසීමෙණි..
වසර දෙකකට ආසන්න කාලයක් මුම්බයි හි විශේෂ කාන්තා මහාධිකරණයේදී ඇසුණු නඩුවට තීන්දුව 2016 සැප්තැම්බර් පළමු දින ලබා දුන්නා.
විනිසකරු සිය දේශනයේදී මෙසේ ද පවසා සිටියා..
" කාන්තාවන්ට සිදු කරන ඇසිඩ් ප්‍රහාරයන් ස්ත්‍රී දූෂණයන්ට ද වඩා බරපතලය. හේතුව නම් සත්‍රී දූෂණයකින් ඇගෙ මුලුමහත් ආත්මයම විනාශ වුවද කිසිවෙකු විසින් නොහඳුනන පළාතක නිදහසේ ජීවත්වීමට සලසමින් මානසික සුවය ලබා දීමෙන් ඇය සමාජය ඉදිරියේ යහපත් බවට පත් කල හැකි වුවත්, ඇසිඩ් ප්‍රහාරයෙන් ඇති වන දරුණු කැලැල් මුවෙහ් ඇති කාන්තාවන්ට කිසිදිනක සමාජයෙන් එය වසං කල නෙහැකි බැවින් සැමදා සමාජය ඉදිරියේ නිරාවරණව විඳවමින් ජීවත් වීමට සිදුවේ."
තව දුරටත් විනුසුරු වරයා මෙසේ ද පවසා සිටියා
"මා විශ්වාස කරනවා ප්‍රීති දින 30කට ආසන්න කාලයක් මියගොස් නොසිටියේ ඇසිඩ් ප්‍රහාරය නිසා ඇගේ ඇස් නොපෙනී ගිය බැවින් කියා.මන්ද යත් ඇය ඇගේ අධික ලෙස විරූපී වූ මුහුණ දුටුවානම් ඇය කම්පාවට පත්ව මරණය ඊට පෙර සිදුවිය හැකිව තුබුණා..."...
විනිස කර තීන්දුව ලබා දෙමින් පවසා සිටියේ ලැබී ඇති සියලුම සාක්ෂි විමසීමෙන් පසුව අංකූරු පන්වාර් විසින් මෙම මරණය සිදු කල බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් ඔහුට මරණීය දණ්ඩණය ලබා දෙන බවයි...



- පසු සිදුවීම් -
අංකූර්ගේ පවුලේ උදවිය සහ නීතීඥ අපේක්ෂා තීන්දුවෙන් පසුවද පවසා සිටියේ අංකූර් අහිංසකයෙක් බවත් හෝටල් කළමණාකරණ උපාධි ධරයෙකු වුන ඔහු සිය පවුලට සිටි එකම ශක්තිය බැවින් මරණීය දණ්ඩණය ලබා නොදී සිර දඬුවමක් ලබා දුනි නම් දඬුවම අවසානයේ ඔහුට සිය පවුල බලාකියා ගනිමින් සිටිය හැකිව තුබුනු බවයි.

ලෝකයේ වසරකට සිදුවන ඇසිඩ් ප්‍රහාර සාමාන්‍යක් ලෙස ගතහොත් 1500කින් 1000ක්ම ඉන්දීයාවෙන් වාර්තා වන අතර එම සාමාන්‍යය 1000නුත් 90%ක් කාන්තාවන්ට එල්ල වන ප්‍රහාර බවත් වාර්තා වෙනවා..
2013 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇසිඩ් සාමාන්‍ය පුද්ගලයන්ට විකිණීම තහනම් කරමින් සහ විකිණීමේදී හැඳුනුම්පත පරීක්ෂා කොට හේතු සහගත දෙයකට පමණක් විකිණිය යුතු බවත් තීන්දු කලද අදටත් ඉන්දියාව පුරා ඇසිඩ් ඕනෑම පුද්ගලයෙක්ට ලබා ගත හැකි තත්වයක් තිබෙන බව නොරහසක්..............



The court is adjourned

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters