ස්තෝත්‍ර 02 - ශිවතාණ්ඩව ස්තෝත්‍රය

කලින් වතාවේ ගෙනාවෙ ශිවගේ බිරිය වන පාර්වතියගේ අවතාරයක් විසින් මහිෂාසුර මර්ධණය කිරීම සහ ඒ ඇසුරින් ඇගෙ බලසම්පන්න කම වර්ණනා කෙරෙන 'මහිෂාසුර මර්ධිනි ස්තෝත්‍රයයි'..අද කියන්නෙ යන්නෙ සැමියාගේ වර්ණනාව වන 'ශිව තාණ්ඩව ස්තෝත්‍රය' ගැනයි.
ශිවතාණ්ඩව ස්තෝත්‍රය සම්බන්ධයෙන් වන සුප්‍රකටම දේව/මිත්‍යා කතාව වනුයේ එය රාවණා විසින් රචිත එකක්ය යන්නයි..ඉන් එක්  කතාවකට අනුව රාවණා සිය විමානයේ නැග  ආකාෂයේ සංචාරය කරමින් සිටිනවා.ඔහුගේ අහංකාර කම සහ බලපරාක්‍රමය නිසාම මාර්ගයේ හමුවන සෑම බාධකයක්ම නිර්දයව ඉවත් කිරීමට ඔහු පෙළඹුණා..මෙසේ යමින් සිටින විට ඔහු කෛලාශ කූඨය වෙත එළඹෙනවා..කෛලාශකූඨය යනු මහාදේව නොහොත් ශිව ගේ වාසස්ථානයයි.. රවණා අණ කර සිටිනවා කඓලාශකූඨයට සිය මාර්ගයෙන් ඉවත්වන ලෙසට..එහෙත් ශිවගේ වාසස්ථානය වන එය මාර්ගයෙන් ඉවත්වන්නේ නෑ.ඒ නිසා අනෙක් සියලුම බාධක සේම මෙයත් මාර්ගයෙන් ඉවත් කර දැමීමට රාවණා උත්සාහ කරනවා.. විමානයෙන් බැස එන රාවණා කෛලාශකූඨය දැතින් ඔසවා ඉවත් කිරීමට උත්සාහ දරණ අවස්ථාවේ කෝපයට පත්වන මහාදේව සිය මහපටැඟිල්ල කෛලාශකූඨයෙහි ඔබා එය නැවත තිබු ස්ථානයේම තබනවා..මෙසේ බිම තබන අවස්ථාවේ රාවණාගේ එක් පාදයක් කෛලාශකූඨයට යටවන නිසා ඔහුට එතැනින් ඉවත්විය නොහැකි වෙනවා...

 දින දාහතරක් සිරව සිටින රාවණා අවසන ශිව සතුටු කොට නිදහස් වීමට සිතා ශිවතාණ්ඩව ස්තෝත්‍රය ගායනා කල බවත්, ඉන් සතුටට පත්වන ශිව රාවණා නිදහස් කොට ඔහුට විනාශ කර නොදැමිය හැකි ආයුධයක් වන චන්ද්‍රහාස් අසිපත තෑගි කරනවා..
තව කතාවකට අනුව රාවණා නාරද මුණිගේ අණින් මහාදේව රැගෙන ඒමට ගිය අවස්ථාවෙ ඉහත සිදුවීම සිදු වෙනවා..
මේ කතාව මෙසේ වුණත් මට අනුවනම් මේ කතාවෙන් මෙම විශිෂ්ඨ පදමාලාව රැගත් ස්තෝත්‍රය සත්‍ය වශයෙන්ම ලියූ පුද්ගලයාට සිදු කර ඇත්තේ සුළුපටු මදිපුංචි කමක් නොවේ..

උච්ඡාරණය පහසු නොවන  සංස්කෘත වචන යොදාගෙන රචිත ශිව තාණ්ඩව ස්තෝත්‍රයෙ ශ්ලෝක දහසයක් අඩංගු වෙනවා.. සිව්පද ශ්ලෝක වල එක පදයක සිලබල දහසයකින් යුත් වෙනවා.. ලඝු නම් කෙටි සිලබලත් ගුරු නම් දිගු සිලබලත් එකින් එක මාරු වෙමින් එකකට පසු එකක් ලෙස යෙදීමෙන්, පංච චාමර ඡන්දසින් මෙම ස්තෝත්‍රය .අනුප්‍රාසය රසය නොමදව ඇතිවන ලෙස රචිත බැවින් මෙම ශ්ලෝක උච්ඡාරණයේදි එකක් පසු පසින් එකක් සේ ඇදෙන බිඳෙන රල පෙලක ශබ්ධ රසය ඇති වෙනවා . තවද ශ්ලෝක දහසයේම ශිවගේ ගුණ විවිධාකාරයෙන් ගැයීම සිදු වෙනවා..නව වන සහ දහවන ශ්ලෝක දෙකෙහි විනාශකාරක වන ශිවගේ ගුණ කියවෙනවා... මෙසේ ඉතාම විශිෂ්ඨ ලෙස පද බැඳූ ශිව තාණ්ඩව ස්තෝත්‍රය හුදෙක් මිත්‍යා චරිතයක් විසින්ම පබැඳූ එකක් ලෙස කීම එහි අඥාත රචකයාට මදි පුංචිකමක් නොවන්නේමද?!...

ස්තෝත්‍රයේ තේරුම සරලව කිවහොත් දියදහරාවන් ගලන කේෂකලාපයෙන් යුත්, නාගදරණය ගෙලෙහි පැලැඳි , ධමද් ධමද් හඳින් වාදනය වන බෙර හඬට නර්ථනයේ යෙදෙන...නළල මැදින් ගිනි සිළු පිට වෙන...අර්ධචන්ද්‍ර හිසින් දරණා...මුලු විශ්වයම සිතෙහි දරණ, පර්වථ රජ දියණිගේ ස්වාමී වූ..සියළු පීඩාවන් දායා බැල්මෙන් දුරලන..සියළු දෙවියන්ගී අධිපති, මහනෙල් මල් වර්ණති අනංග සුණු කරවූ, හස්තාසුර විනාශ කරවූ, මාරදේවටද මරණය කැඳවූ ..ලොවටම සෙත සැළසූ මහාදේව මගේ නමස්කාරය වේවා (මේ ඉතාම කෙටියෙනි. ශ්ලෝක කිහිපයකම එකම අර්ථය විවිධ වර්ණනා භාවිත කරමින් ඉදිරිපත් කර ඇත.



ජඨාටවී ගලඃජලඃ ප්‍රවාහ පාවිතස්තලේ
ගලේ වලම්භ්‍ය ලම්භිතම් භුජංග තුංග මාලිකම්
ධමද් ධමද් ධමද්ධම නිනාදව ධමර්වයම්
ඡකාර චණ්ඩ තාණ්ඩවම් තනොතුනඃ ශිවඃ ශිවම්

ජඨා කඨා හ සම්භ්‍රමාභ්‍රමා නිලිම්ප නිර්ජරී
විලෝලවී චිවල්ලරි විරාජමාන මුර්ධනී
ධගාධගාධගාජ්වලල් ලලාට පට්ට පාවකේ
කිෂෝර චන්ද්‍රශේඛරේ රතිත් ප්‍රතික්ෂනම් මම

ධරා ධරේන්ද්‍ර නන්දිනී විලාස බන්ධු බන්ධුරා
ස්ඵුරාදිගන්ත සන්තති ප්‍රමෝධමාන මානසේ
කෘපාකඨාක්ෂ ධෝරනී නිරුධ දුරධර්පදී
ක්වචිදිගම්බරේ මනෝ විනෝදමේතු වස්තුනී

ජටා භුජංග පිංගලස්ඵුරත්ඵර්ණා මණීඃප්‍රභා
කදම්භ කුංකුමද්‍රව ප්‍රලිප්ත දිග්වධූමුඛේ
මදංග සින්ධුරස්ඵුරත්වගූතරිය මේධුරේ
මනෝ විනෝදමද්භුතම් බිභර්තු භූත භර්තරී

සහශ්‍ර ලෝචණ්ඃප්‍රභ්‍රිත්‍ය ශේෂලේඛශේඛරා
ප්‍රසූල ධූලි ධෝරනී විධූෂරංඝ්‍රිපීතභූඃ
භුජංගරාජ මාලය නිබද්ධ ජාතජූතකා
ශ්‍රියයි චිරාය ජායතම් චකෝර බන්ධුශේඛරඃ

ලලාට චත්වරජ්වලා ධනන්ජයශ්ඵුලිංගභා
නිපීඨ පංචසායකම් නමඃනිලිම්පණායකම්
සුධා මයූක ලේඛයා විරාජමාන ශේකරම්
මහා කපාලි සම්පදේ ශිරෝ ජඨාලමස්තු නඃ

කරාල භාල පට්ටිකා ධගධගධගද්ජ්වලා
ධනන්ජයා හුතිඃකෘතඃ ප්‍රචණ්ඩ පංචසායකේ
ධරාදරේන්ද්‍ර නන්දිනී කුචග්‍රචිත්‍රපත්‍රකා
ප්‍රකල්පනෛකශිල්පිනී ත්‍රිලෝචනේ රතිර් මමා

නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධූර්ධරස්ඵුරත්
කුහූ නිශිතිනීතමඃ ප්‍රබන්ධ බද්ධ කන්ධරඃ
නිලිම්පනිර්ජරී ධරශ්තනෝතු කෘති සින්ධුරඃ
කලා නිධාන බන්ධුරඃ ශ්‍රියම් ජගද්ධුරන්ධරඃ

ප්‍රෆුල්ල නීල පංකජා ප්‍රපංචකාලිමඃප්‍රභා
විලම්භි කන්ට කණ්ඩලී රුචි ප්‍රබද්ධ කන්ධරම්
ස්මර්ච්චිධම් පුරච්චිධම් භවච්චිධම් මඛච්චිධම්
ඝජච්චිදණ්ඪකන්චිධම් තමාම්තකච්චිධම් භජේ

අඛර් වසර්ව මංගලා කලාද කදම්භ මන්ජරී
රසඃ ප්‍රවාහ මාධුරී විජෘම්භනා මධූර්ව්‍රතම්
ස්මරාන්තකම් පුරාන්තකම් භවාන්තකම් මඛාන්තකම්
ඝජාන්තකන්ධකන්ඨකම් තමාන්ඨකාන්තකම් භජේ

ජයත්වධ භ්‍රවිභ්‍රමාද් භුජංග තුංග මශ්වසත්
විනිර්ගමද් ක්‍රමස්ඵුරත් කරාල භාල හාව්‍යවත්
ධිමිඃ ධිමිඃ ධිමිඃ ධ්වනන් මෘදංග තුංග මංගලා
ධවණී ක්‍රමඃ ප්‍රවර්ථිතඃ ප්‍රචණ්ඩ තාණ්ඩවඃ ශිවඃ

දෘෂාද් විචිත්‍ර තල්පයෝර් භුජංග මෞක්තිකඃ ස්‍රජෝර්
ගරීෂ්ඨ රත්න ලෝශ්ටයෝඃ සුහෘද් විපක්ෂ පක්ෂයෝඃ
තෘශ්ණාර වින්ද චක්ෂුශෝඃ ප්‍රජාමහී මහේන්ද්‍රයෝඃ
සමඃ ප්‍රවරුර්ති ක් හ කධා සදා ශිවඃ භජාම්‍යහම්

කදා නිලීම්ප නිර්ජරී නිකුංජ කෝටරේ වසම්
විමුක්ත ධුර්මතී සදා ශිරඃ ස්තමන්ජලිම් වහම්
විමුක්තලෝලලෝචනෝ ලලාමබාලලග්නකඃ
ශිවේති මන්ත්‍ර මුච්චරන් සදා සුඛී භවම්‍යහම්

ඉමම්හි නිත්‍යමේව මුක්ත මුත්තමෝත්තමම්ස්තවම්
පඨන්ස්මරන් ධෘවං නරෝ විශුද්ධිමේති සන්තනම්
හරේ ගුරෞ සුභක්තිමා ශුයාති නන්යතා ගතිම්
විමෝහනම්හි දේහිනම් සුශංකරාස්‍යචින්තනම්


https://www.youtube.com/watch?v=S980-z1qx3g

(අවසාන කවි දෙකෙහි ලියු තැනැත්තා ලෙස සැළකෙන්නා නොහොත් රාවණා වර්ණනයා සහ ගායනා කිරීමේ අනුසස් සඳහන් වේ )


බොහෝ දෙනෙක් නරඹා තිබෙන 'බාහුබලි' සිනමාපටයේ බාහුබලි විසින් ශිව ලිංගම් ඔසවා ගෙනැවිත් දිය ඇල්ල අසලින් තබන අවසතාවී පසුබිමින් ශිව තාණ්ඩව ස්තෝත්‍රයේ මුල් ශ්ලෝක කිහිපය ගායනා වෙනවා...

https://www.youtube.com/watch?v=i0rwcKh74EQ



- අමිල -

Cold blooded KILLINGS 02 (i) - ඔලොෆ් පාම් (30.01.1927 - 28.02.1986)



ස්වීඩනය කියන්නී ලෝකයේ සාමකාමීම රටවල් වලින් එකක්... ප්‍රචණ්ඩත්වය , ත්‍රස්ථවාදය වගේ මාතෘකා ඇහෙන්නෙවත් නැති තරමේ තියෙන ස්වීඩනය කියන්නේ එරට සහ ලෝකයේ වෙනත් ඕනැම රටක වුනත් ප්‍රභල දේශපාලකයින් , ව්‍යාපාරිකයන් වැනි අය බයක් සැකක් නැතිව, අංගාරක්ෂකයන් නැතිව වීදි සරන රටක්..ඒත් 1986 පෙබරවාරි 28 වෙනිදා සිදු වෙච්ච දෙයකින් මේ සාමකාමීත්වයට දැඩි පහරක් එල්ල වුණා...


                                                         ******    ******    ******

ඔලොෆ් පාල්ම් 1927 ජනවාරි 30 වෙනිදා උපත ලබන්නේ ස්වීඩනයේ ස්ටොක් හෝම්ස් හි ඔස්ටර්මාම් හි දීය.සාම්ප්‍රදායික , ඉහල පෙළ දේශපාලනික පවුළක දරුවෙක් ලෙසයි ඔහු මෙලොව එළිය දකින්නෙ.ස්ටොක් හෝම්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපණය හදාරද්දී ඔහු 'සෝෂල් ඩිමොක්‍රටික් පාටි' නම් දේශපාලන පක්ෂයේ සාමාජිකත්වය ගන්නවා. ඔහු රටේ දේශපාලනාධිකාරීන්ගේ අවධානයට ලක් වන්නේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සභාපති වීමෙන් පසුවයි.මේ කාලයේ ආසියාතික රටවල් වල සංචාරය කල ඔහුට දරිධ්‍රතාවය යනු කුමක්ද යන්නත් ඇමරිකාවේ සංචාරය කල ඔහුට වර්ණ භේදය යනු කුමක්ද යන්නත් මනාව වැටහෙන්න ගත්තා..ඔහු ඒ අත්දැකීම් පහුකාලීන දේශපාලනයට යොදා ගැනීමට පෙළඹුණා.. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසානයේ ඔහු එවක ස්වීඩන් අගමැති වූ අර්ලැන්ඩර් යටතේ වැඩ කිරීමට යොමු වුනා.


මේ සමයේ ඔහු දේශපාලනිකව ඉතාම ඉහල තැනකට ඒමට සමත් වුණා..1955 දී "සෝෂල් ඩිමොක්‍රටික් ලේබර් පාටි" හි තරුණ අංශයේ නායකයා බවට ඔහු පත් වෙනවා. ඉන් පසු එළැඹෙන වර්ෂ කිහිපයේ දේශපාලනික වශයෙන් ඉහල තනතුරු කිහිපයක් හොබවන ඔහු ස්වීඩනයේ දේශපාලනයේ යා හැකි ඉහලම තැන වන අග්‍රාමාත්‍ය පුටුවට යන්නේ 1969 දීයි.

අගමැති වරයා වශයෙන් ඉමහත් විවාදයට ලක්වුණ , රැඩිකල් වෙනස්කම් රැසක් ඔහු එරට ව්‍යවස්ථාවට හඳුන්වා දෙන අතර සමාජ සුභසාධන අරමුදල් රැස්කිරීමේ අරමුණින් බදු වැඩි කිරීම හේතු කොටගෙන ඔහුගේ ජනප්‍රියත්වය හීනව ගොස් අවසානයේ අගමැති පුටුවෙන් නැගිට යාමට සිදු වෙනවා..ඉන් පසු එක්සත්ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ වන ඔලොෆ් ඒ මගින් ඔහුගේ සමාජ සුබසාධන අහිමතාර්ථයන් ඉටු කර ගැනීමට උත්සුක වෙනවා.මෙකල ඔහු ජාත්‍යන්තර අවධානය දිනාගත් ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා.
1982 දී නැවත බලයට පත්වෙන ඔහු 1986 තෙක් වසර හතරක් තුළ විවිධ පෙරළි ස්වීඩන දේශපාලනයේ ඇති කරනවා.



                                                               ******    ******    ******

ඒ සන්ධ්‍යාව....

1986 පෙබරවාරි 28 වෙනිදා හවස ඔහු බිරිඳත් සමග සිනමා ශාලවට ගොස් එමින් සිටියා..සාමකාමිත්වයේ නාමයෙන් ඔහු අංගාරක්ෂකයන් තබා ගැනීම නොකල අතර බොහො විට පාගමනේ යෙදෙන්නට පුරුදුව සිටියා...නිල උත්සව වලදී පමණක් අංගාර්ක්ෂකයින් තබා ගැනීමට ඔහු පුරුදුව සිටියා....
එදින් රාත්‍රී 11.30 ට පමණ වෙනදා මෙන්ම එදාත් ඔහු බිරිඳ සමග සිනමා ශාලාවේ සිට නිහඬ වීදි දිගේ සිය නිවස වෙත එමින් සිටියා. හදිසියේ කඩා පිණු තුවක්කු කරුවෙක් ඕලොෆ් ගේ උදරයට වෙඩි දෙකක් තබණ අතර බිරිඳ ලිස්බට් ගේ පිටුපසින් වෙඩි තබනවා. අසලින් ගිය ටැක්සි කරුවෙක් වහ වහා ඔවුන්ට උදවු කිරීමට පෙළඹෙන අතර හදිසි ආරක්ෂක අංශ දැනුවත් කිරීමටද කටයුතු කරනවා. අසල මාර්ගයේ සිටි තරුණියන් දෙදෙනෙකුත් , ගිලන් රථය පැමිණෙන තෙක් ඔවුන්ට උදවු කිරීමට පැමිණියා... ඒ කෙසේ වෙතත් රෝහල වෙත රැගෙන එන විටත් ඕලොෆ් සිය අවසන් හුස්ම හෙලා තිබුණා..
මේ ප්‍රවෘත්තිය ලද සැනින් ස්වීඩනයේ ජනයා කම්පාවට පත්ව ගියේ ජනප්‍රිය නායකයාගේ අහිමි වීම සහ ස්වීඩන නව යුග ඉතිහාසයේ එවන්නක් සිදු වුණ පළමු වතාව නිසාමයි...මිය යන විට ඕලොෆ් 59 වන වියේ පසු වුනා.




දක්ෂිණාංශික බලවේග...
ඕලොෆ් ගේ රැඩිකල් ප්‍රතිපත්ති දක්ෂිණාංශික බවේ අන්තයට ගිය ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් ඉහිලුවේ නැති බව කුප්‍රකට කාරණයක්. ස්වීඩනයේ මෙන්ම තුන්වන ලෝකයේ රටවල් වල දිලිඳු භාවය අවම කිරීමට අභ්‍යන්තර ක්‍රියාමාර්ග සහ එක්සත් ජාතීන් සමග එක්ව විවිධ ක්‍රියාමාර්ග ගැනීමත්, සාමය වෙනුවෙන් කතා කිරීම සහ වියට්නාම් යුද්ධය අවස්ථාවේ එහි අවසානයක් දැකීමට කතා කිරීමත් ඔහුට විරුද්ධව සතුරන් වැඩිවීමට කටයුතු වුණා. තවද අභ්‍යන්තරයෙන් ඔහුට චෝදනා එල්ල වුණේ සෝවියට් සමූහාණ්ඩුවෙන් ස්වීඩනය ආරක්ෂා කර ගැනීමට ඔහු නිසි ක්‍රියාමාර්ග නොගෙන ඇති බවයි. මෙම අදහස තීව්‍ර වීමට බලපෑ සාධකයක් වූයෙ සෝවියට් නෞකා බයක් හැකක් නොමැතිව ස්වීඩන් මුහුදට පිවිසීමයි. එහෙත් මිය යන අවස්ථාවේදීත් ඔහු සැළසුම් කර තිබුණේ එළඹෙන සතියකදී මොස්කව් ගොස් එම කාරණය ගැන කතිකා කර ගැනීමටයි..

වරද කලෝ කවරහුද?!

ඊලඟ කොටසින්...

- අමිල -



කොළඹ වීදියකදී.....18- "රජ ගෙදර සිට........."



කොහේ හෝ තැනක ඉඳන් යම් කිසි තැනකට තියෙන දුර ලකුණු කරන්නෙ සැතපුම් කණු (දැන් නම් කිලෝමීටර් කණු ) වලින් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ..
මේ විදිහට දුර ලකුණු කරපු කණු සිය ගාණක් කොළඹ හා ඒ අවට ඇති.ඒ වුනත් මේ කියන්න හදන්නෙ ඒ හැම එකක් ගැනම නෙමේ..ඒ සුද්දගෙ කාලෙ දුර ලකුණු කරලා හිටවපු කණු ගැන.


වර්තමානයේ කොළඹ ඉඳන් දුර මණින්නෙ මල්වත්ත පාරේ ඛාන් ඔරලෝසු කණුවෙ ඉඳලා කියලා කෙනෙක් කිවුවා, මගෙ 'කොළඹට වෙළාව කියන්නෝ' පෝස්ට් එකේ.. ඒ දැන් කාලෙ වුණාට ඒ කාලෙ කොළඹ ඉඳන් දුර මැන්නෙ කොළඹ රජ ගෙදර නොහොත් වර්තමාන ජනාධිපති මන්දිරයේ ඉඳලා..රජ ගෙදර ඉඳලා කිවුවත් රජ ගේ කිට්ටුව තියෙන ලයිට් හවුස් ඔරලෝසු කණුව ගාව ඉඳලා තමයි ඒ කාලෙ දුර මැනලා තියෙන්නෙ.ලයිට් හවුස් ඔරලෝසු කණුව ගැණත් 'කොළඹට වෙළව කියන්නෝ' පෝස්ට් එකේ කිවුව නිසා ආපහු කියන්න යන්නෙ නෑ...

හරි එහෙනම් අපි දැන් බලමු මේ පරණ සැතපුම් කණු ටික (දැනට ඉතිරි වෙලා තියෙන ) තියෙන්නෙ කොහෙද කියලා. මේවා දැනට තියෙන විදිහටනම් පාරෙ යන එන මෙලෝ මනුස්සයෙක්ට පේන්නෙ නෑ, දැනගෙන හරි උවමනාවෙන්ම හරි බැළුවොත් මිසක...මුල් වතාවට දැන ගත්ත වෙලේ මාත් හිතුවෙ කී වතාවක් නම් මේවා පහු කරං යන්න ඇතිද කියලා...

රජ ගෙදර ඉඳන් සැතපුම් එකේ කණුව නොහොත් එකේ කණුව තියෙන්නෙ ගාලු පාරෙ , ටාජ් සමුද්‍රා හෝටලය ඉස්සරහා. හරියටම කිවුවොත් ටාජ් සමුද්‍රා හෝටලයේ කොඩි ගස් ටික හිටවලා තියෙන තැන තියෙන පාදමේම තමයි මේ වෙනකොට මේ සැතපුම් කණුවත් හයි කරලා තියෙන්නෙ.ඒ කණුව එතනින් ගලවලා වීසි නොකරපු එක ගැන ටාජ් සමුද්‍රා හෝටලයට ස්තූතිවන්ත වෙන්න ඕනෙ...


" 1 MILE from the KINGS HOUSE "

                                         
                                                 a sketch of 1st Mile post


දෙකේ කණුව නොහොත් රජ ගෙදර සිට සැතපුම් දෙකේ කණුව තියෙන්නේ කොල්ලුපිටියෙ බර්ගර් කිං එකයි කමර්ෂල් බැංකුවයි අතරෙන් ඩුලිකේෂන් පාර දිහාට ඇදෙන 'මයිල් පෝස්ට් ඇවනියු' පටං ගන්න තැන, හරියටම කමර්ෂල් බැංකුවෙ පාදමේ...

                                     a sketch of 2nd Mile post



පාරේ නමින්ම කියතහැකි නෙ මේක සැතපුම් කණුවක් මුල් කරගෙන හැදිච්ච පාරක් කියලා. මයිල් පෝස්ට් ඇවනියු එකේ එහාට මෙහාට ගිහිං තිබ්බත්, ඔය පාර පහු කරන් ගාලු පාරෙත් එහාට මෙහාට ගිහින් තිබ්බත් අහම්බෙන් සැතපුම් කණු ගැන හොයද්දි මිසක ඕක දැකලා තිබ්බෙ නම් නෑ.

සැතපුම් තුනේ කණුව තියෙන්නෙ බම්බල පිටිය හන්දිය කිට්ටුව. ඒ බම්බලපිටියේ සුප්‍රකට 'බුලියන් එක්ස්චේන්ජ් ජ්වෙලර්ස්' ගොඩනැගිල්ල පාමුල..මතකනෙ..අර රත්තරං කාසියක් විදිහට හදපු එකක් බිත්තියෙ ගහලා තියෙන්නෙ අන්න එතන..
                                        
                                               a sketch of 3rd Mile post

හතරේ කණුවෙ ඉඳලා හයේ කණුව වෙනකල් මේ වෙනකොට හොයා ගන්න නෑ.
හතේ කණුව තියෙන්නෙ  ගල්කිස්සෙ. එක එක සංවර්ධන ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයක් විදිහට මේ වෙනකොට ඔය හතේ කණුව තියෙන්නෙ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඇතුළෙ..කියන විදිහටනම් පිට්ටනිය කිට්ටුව..ඒ නිසා ඒක දැක ගන්න ටිකක් අපහසුයි..මේක කියවන ශාන්ත තෝමසුවෙක් හරි එහි උගන්වන ගුරු මහතෙක් හෝ මහත්මියක් ඉන්නවනම් ෆොටෝ කෑල්ලක් අරන් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..



ඔච්චර තමයි දැනට ඒ කාලෙ සැතපුම් කණු වලින් ඉතිරි වෙලා තියෙන්නෙ..මේ අතරින් ගල්කිස්සෙ තියෙන එකේ සැතපුම් ගණන රෝම ඉලක්කමෙන් සටහන් කරලා තියෙනවා.මීට අමතරව මෙහි සිටුවනු ලැබූ වසර සටහන් කර තිබෙන බවත් කියවෙනවා (දැක නැති බැවින් කිනම් වර්ෂයද නොදනිමි ). මේ සැතපුම් කණුව රොබර්ට් බ්‍රවුන් රිග් ආණ්ඩුකාර වරයා විසින් සිටුවීමට යෙදුනු මුල්ම කණුවලින් එකක් (1812-1822) බවත් කියවෙනවා..නගර සංවර්ධන ක්‍රියාවලියේදී මෙවන් ස්මාරක වලට අවධානය නොදීමනම් ඉතාම අවාසනාවන්ත සිදු වීමක්.. කිසිවෙකුගේත් අවධානයට ලක් නොවී අදාල ගොඩනැගිලි හිමි කරුවන් විසින් මේවා ඉවත් කිරීම හෝ කොන්ක්‍රීට් දමා වසා දැමීම සිදු කලත් කිසිවෙකු දැන නොගනීවි.
ඒ නිසා නැවත වතාවක් මේ ස්ථාන වලින් යන විට අවධානයෙන් යුතුව බලන්න.. එවිට ඔබට මේ ස්මාරක දෑ ගන්නට ලැබේවි සහ ඒවායේ වෙනසක් සිදුවුවහොත් අවධානය යොමු කිරීමටද හැකි වේවි..

කොළඹ වීදියකදී නැවත හමු වෙමු.
-අමිල -

ස්තෝත්‍ර 01 - මහිෂාසුර මර්ධිනි ස්තෝත්‍රය



මහිෂාසුර මර්ධිනි ස්තෝත්‍රය  එහෙමත් නැත්තම් බොහෝ දෙනා දන්නා භාෂාවෙන් කිවහොත් ඓගිරි නන්දිනි ස්තෝත්‍රය රාම කෘෂ්ණ කවී නම් කවියා විසින් රචිත 'භගවතිපද්‍යපුෂ්පාන්ජලී ස්තෝත්‍රය' නම් ස්තෝත්‍රයේ කොටසකි. මහිෂාසුර මර්ධිනි ස්තෝත්‍රය ලෙස වෙනම ගැනෙන ස්තෝත්‍රය භගවතිපද්‍යපුෂ්පාන්ජලී ස්තෝත්‍රයේ හයවැනි ශ්ලෝකයෙන් පසුව ඇති ශ්ලෝක විසි හතකි. මෙම විසි හතෙන් පසුව තවත් ශ්ලෝක තුනක් එකතු වීමෙන් භගවතිපද්‍යපුෂ්පාන්ජලී ස්තෝත්‍රය සම්පූර්ණ වේ.

මහිෂාසුරමර්ධිනි ස්තෝත්‍රයේ කියවෙන්නී චාමුන්ඩේශ්වරී (පාර්වතියගේ අවතාරයක් ) නම් දෙවඟන විසින් විවිධ අසුරයන් මර්ධනය කල ආකරයයි.
මෙම ස්තෝත්‍රයේ දීවිය දුර්ඝා, ලක්ෂ්මී සහ සරස්වතීය ගේ ස්වරූපය ගෙන මධු, කෛතාභ,මහිෂාසුර,ශුම්භ හා නිශුම්භ යන අසුරයන් මර්ධනය කල ආකරය දැක්වේ.
ඉතා මැනැවින් පද බැඳූ සංස්කෘත ශ්ලෝකයක් වන මෙය තරමක් වේගයෙන් ගායනා කිරීමේදී දේවිය අසුරයන් මර්ධනය කිරීමෙදී ඇති වුණ ආවේගශීලී ස්වරූපය පෙනේ.

ඓගිරි නන්දිනි නන්දිත මේධිනි විශ්ව විනෝධිනි විශ්ණුනුතේ
ගිරිවර වින්ධ්‍ය ශිරෝධී නිවාසිනි විශ්ණු විලාසිනි ජිෂ්ණුනුතේ
භගවති හේසිනි කණ්ඩ කුඨුම්භිණි භූරි කුඨුම්භිණි භූරි සුතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

සුරවර වර්ශිනි ධූර්ධර මර්ධිනි ධුර්මුඛ මර්ශිනි හර්ෂරතේ
ත්‍රිභුවන පෝෂිනි සංකර තේෂිනි කිල්භිල මෝෂිනි ඝෝශරතේ
ධනුජ නිරෝෂිනි  ධිතිසුථ රෝෂිණි ධුර්මථ සෝෂිණි සින්ධුසුතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

ඓජගධම්භ මධම්භ කධම්භ වනප්‍රිය වාසිනි හාසරතේ
පිඛරි ශිරෝමණි තුංග හිමාලය සෘංග නිජාලය මධ්‍යගතේ
මධු මධුරේ මධුකෛතභ මන්ජිනි කෛතභ බන්ජිනි රාසරතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

ඓසත ඛණ්ඩ විකණ්ඩිත රුණ්ඩ විතුණ්ඩිත ශුණ්ඩ ගජාධිපතේ
රිපු ගජ ගණ්ඩ විධාරණ චණ්ඩ පරාක්‍රම ශුණ්ඩ මෘගාධිපතේ
නිජ භුජ දණ්ඩ නිපාතිථ ඛණ්ඩ විපාතිථ මුණ්ඩ භතාධිපතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

ඓරණ ධූර්මත ශතෘ වධෝදිත ධූර්ධර නිර්ජර ශක්ති බෘතේ
චතුර විචාර ධුරීත මහා ශිව ධූතකෘතා පරමාධිපතේ
ධුරිත ධුරීහ ධුරාශය ධුර්මති දානව ධූත කෘඉතාන්තමතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

ඓ සරණාගත වෛරි වධූවර වීරවරා භය දායකරේ
ත්‍රිභුවන මස්ථක ශූල විරෝධි ශිරෝධි කෘතාමල ශූලකරේ
ධිමිධිමි තාමර දුන්දුබිනාද මහා මුඛ හාරිකෘතත්ග්මකරේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

ඓ නිජ හූම් කෘතිමාතෘ නිරාකෘත  ධූම් විලෝචණ ධූම්‍ර සතේ
සමර විශෝෂිත සෝභිත භීජ සමුද්භව සෝනිත භීජලතේ
ශිව ශිව ශුම්භ නිශුම්භ මහා හව තර්පිත භූත පිශාච රතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

ධනු රනුශංග රණාක්ෂණ සංග පරීශ්පුරදංග නටාත්කඨකතේ
කනක පිශංග බෘශාත්ක නිශංග රශාද්භත ශුංග හතාවතුකේ
කෘත චතුරංග බලා ක්ෂිතරංගකදාත් බහු රංග රතාද්පතුකේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

සූර ලලන්ත තථේයි තෙථෙයි තථභී නයෝත්තම නෘත්‍ය රතේ
හාස විලාස හුලාස මයීප්‍රන තර්ථජ නේමිත ප්‍රේම භරේ
ධීමි කිත ධික්කත ධික්කත ධිමි ධ්වනි ඝෝර මෘදංග නිනාදලතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

ජය් ජය හේ ජ‍ය ජය් ජය ශබ්ධ පරස්තුථි තත්පර විශ්ණුනුතේ
භන භනබින්ජිමි භෘන්ගුත නූපුර සින්ජිත මෝහිත භූත පතේ
නදින්ත නටාර්ථ නෛනද නායක නාධිත නාට්‍ය සුගාන්ත රතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

ඓ සුමන සුමන සුමන සුමන සුමනෝහර කාන්තියුතේ
ශිත රජනී රජනී රජනී රජනී රජනීකර වක්‍ර වෘතේ
සූනයන විභ්‍රම් රභ්‍රම් රභ්‍රම් රභ්‍රම් බ්‍රහ්මාධිපතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

සහිත මහා හව මල්ලම හල්ලික මල්ලික රල්ලක මල්ලරතේ
විර්චිත වල්ලික පල්ලක මල්ලික බිල්ලික භිල්ලික වර්ග වෘතේ
සිතකෘත පුල්ලි සමුල්ලි ශිනාරුත තල්ලජ පල්ලව සල්ලිලතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

අවිරල ගණ්ඩ කලාත්මද මේධුර මාත මතංග රාජපතේ
ත්‍රිභුවන භාෂණ භූත කලානිධි රූප ප්‍රයෝනිධි රාජ සුතේ
ඓසුද නිජ්ජිථ ලාලස මානස මෝහන මන්මත රාජ සුතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

කමල දලාමල කෝමල කාන්ති කලා කලිතාත්මල බාල ලතේ
සකල විලාශ කලා නිලයාක්‍රම කෝලිචලාත්කල හම්ස කුලේ
අලිකුල සංකුල කෞලය මණ්ඩල මෞලි මිලාද් බහුභූලි කුලේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

කර මුරලී රව වීජිත කූජිත ලජ්ජිත කෝකිල මන්ජුමතේ
මිලිත පුලින්ද මනෝහර කුන්චිත රන්චිත ශෛල නිකුන්ජිකතේ
නිජ ගුණ භූත මහා සබරී ගණ සත්ගුණ සම්භෘත කේලිතලේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

කඨිතට පීත දුකෝල විචිත්‍රිත මයුක නිරස්කෘත චන්ද්‍ර රුචේ
ප්‍රණක සුරාසුර මෞලි මණිශ්පුර ධම්ශුල සාන්ක චන්ද්‍ර රුචේ
ජිත කණකාචල මෞලිපදෝර්ජිත නිර්භර කුන්ජර කුම්භකුචේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

විජිත සහාශ්‍ර කරෛක සහාශ්‍ර කරෛක සහාශ්‍ර කරෛක නුතේ
කෘත සුත තාරක සන්ගරතාරක සන්ගරතාරක සූනු සුතේ
සුරථ සමාධි සමාන සමාධි සමාධි සමාධි සුජාත රතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

පදකමලම් කරුණා නිලයේ වරිවාස්‍යති යෝ අනුධිනම් ශිවේ
ඓ කමලේ  කමලා නිලයේ කමලා නිලයා ස කතාම් න භවේත්
ථව පදමේව පරාම් ඉති අනුශීලයතෝ මම කිම් න ශිවේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

කංකල සත්කල සින්ධු ජලෛරනු සින්ජුනුතේ ගුණ රංග භුවම්
භජතිස කිම් න සචී කුච කුම්භ තථී පරි රම්භ සුඛානුභවම්
ථව චරණම් ශරණම් කරවානි නතාමරවානි නිවාසි ශිවම්
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

ථව විමලේන්දු කුලම් වදනීන්දු මලම් සකලායනු කූලයතේ
කිමු පුරු හූත පුරේන්දු මුඛී සුමුඛී භි රසෞ විමුඛී ක්‍රියතේ
මමතු මතම් ශිවනාම දනේ භවතී කෘපාය කිමු න ක්‍රියතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....

ඓමෛ දීන දයාලු දයා කෘපයීවදයාව භවාත්වයම් උමේ
ඓ ජගතෝ ජනනී කෘපයා අසි තාත අනුමිස ආසිරතේ
නා යුධචිත්තම ආත්‍ර භවාත්වය රාරිකෘතා දුරුතා පමපකරුතේ
ජය් ජය හෙ මහිෂාසුර මර්ධිනි රම්‍යකපර්ධිනි ශෛලශුතේ....



Cold blooded KILLINGS 01

හැදින්වීම....
ඉතිහාසය පුරාවටම ලෝකයේ විවිධ දේශයන් හි සිදු වුන සුප්‍රකට පුද්ගලයන්ගේ ඝාතන ඒ ඒ යුගයන්හි මිනිසුන්ගේ සිත් සත සලිත කල අවස්ථා ලෝක ඉතිහාසයේ පිටු පෙරලන විට අපිට දැක ගන්න පුලුවන්.
ජුලියස් සීසර්ගේ සිට ජෝන් එෆ් කෙනඩි තෙක්.. ෆ්‍රාන්ස් ෆර්ඩිනැන්ඩස් ගේ සිට ඒබ්‍රහම් ලින්කන් තෙක්.. මාටින් ලූතර් කිං ගේ සිට මහාත්මා ගාන්ධි තෙක් ජෝ ලෙනන්ගේ සිට මයිකල් ජ්ක්සන් තෙක් සහ තවත් අවස්ථා රාශියකදී මෙවන් ඝාතන රැසක් දැක ගන්න පුලුවන් ... මෙවන් බොහොමයක් ඝාතන දේශපාලන මය මුහුණක් ගන්නවා සහ ඇතැම් අවස්ථා මානසික ව්‍යාකූලත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් අතින් සිදු වුන සාහසික අපරාධ...
මෙම ලිපි පෙලින් එවන් ඝාතන කිහිපයක් සහ 'කෙස් ගහට මිස් වුණ' ඝාතන ව්‍යායාම කිහිපයක් ගැන කියන්න උත්සාහ කරනවා... 


01. පැට්‍රික් ලුමුම්බා (02.07.1925 - 17.01.1961)
(The official portrayof Prime Minister Patrice Lumumba)

... කදුලු ,ගිනි සහ ලේ.....

1925 ජූලි 2 දින ඔනලුආ (ඒ වන විට බෙල්ජියම් කොංගෝවේ කොටසක් වුන) හි දී උපත ලැබ පසුව මිෂනාරි පාසලකින් අධ්‍යාපනය ලබා දේශපාලනයට පිවිසි ලුමුම්බා අතිශය බුද්ධිමත් පුද්ගලයෙක් වුණා.මාධ්‍ය වේදියෙක් ලෙස කටයුතු කල ලුමුම්බා Belgian Liberal party හි සාමාජිකත්වය ලබා ක්‍රියාකාරී දේශපලනයට පිවිසෙන අතර මූල්‍ය අරමුදල් අවභාවිතය යන චෝදනාවට සිරගත වීමටද සිදු වෙනවා..සිරගතව සිටිනා කාලයේ ඔහු ගේ සාම්ප්‍රදයික අදහස් වෙනස්ව වෙනස්ම පුද්ගලයෙක් බවට පත්වීම සිදු වුණා..නිදහස් වීමෙන් පසුව ඔහු National Congolese Movement (MNC) සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් බවට පත් වෙනවා..බෙල්ජියම් රජය විසින් කොංගෝව නිදහස් රටක් බවට පත් කරන බවට පොරොන්දු වන්නෙත් මේ කාලයේදීමයි.
ප්‍රාදේශීය මැතිවරණ වලදී MNC සැළකිය යුතු ජයක් ලබන අතර මේ වකවානුවේදීම කොංගෝවට නිදහස ප්‍රකාශ කිරීමට නියමිතව තුබුණ වසර වන 1964 වෙනුවට එය 1960 දක්වා අඩු කර ගැනීමට ඔවුන් සමත් වෙනවා...මේ අනුව නිදහසින් පසුව පැවැත්වුණ ජාතික මැතිවරණයෙන් ජය ලබන ලුමුම්බා කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ පළමු අග්‍රාමාත්‍ය වරයා බවට පත් වෙන්නේ ජෝෂප් කසාවුබු ජනපති වන විටයි..
කොංගෝ ව නිදහස් රාජ්‍යයක් බවට පත් කිරීමේ උත්සවයේදී බෙල්ජියානු අධිරාජ්‍යයා විසින් පැවැත්වූ කතාවේදි ඔහු පවසා සිටිනවා ඔවුන් විසින් කොංගෝවේ දියුණුවට සහ කොංගෝ ජනයා ශිෂ්ඨ සමාජයේ කොටසක් බවට පත් කිරීමට සිදු කල ක්‍රියාවන් පිළිබදව...තවදුරටහ් කොංගෝවේ වහල් වෙලදාම නතර කිරීමට සහ කොංගෝ ජනයා තමා විසින්ම තමාව පාලනය කර ගත හැකි තත්ත්වයට ගෙන ඒමට බෙල්ජියානු රජය විසින් ගත් ක්‍රියාමාර්ග ගැනත් ඔහු සටහන් තැබුවා..මෙම කතාව ගැන අසතුටු වුන ලුමුම්බා එයට පිළිතුරු ලෙස කොංගෝව නිදහස් රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ සටනේදී කොංගෝ ජනයාට පසු කිරීමට සිදු වුණ 'කදුලු,ගිනි , සහ ලේ' ගොඩවල් ගැන සටහන් තබමින් බෙල්ජියානු අධිරාජ්‍ය වාදයෙන් කොංගෝ වැසියන් ලැබූ පීඩණය ගැනද කතාවක් පැවැත්වූවා..ඔහුගේ රටෙ කලු වැසියන්ට ගෙවීමට සිදු වුන ඉතාම අන්ත තත්තවය ගැනත් සටහන් තබන ඔහු කොංගෝවේ සම්පත් බෙල්ජියම විසින් සූරා කෑ හැටිත් මතක් කලා...


තර්ජන...

ලුමුම්බාගේ මේ කතාව එවැන්නකින් සිදු වන සේම බෙල්ජියන් රජය දරුණු ලෙස කෙනිත්තුවා...මේත් සමගම බෙල්ජියානු රජයේ සම්බන්ධතාවයත් ඇතිව කොංගෝවේ අභ්‍යන්තර අර්බුධ උත්සන්න වුනා..මුල් අවස්ථාවේ ; බෙල්ජියානු රජයේ උපකාරයෙන් කටංගා පළාත කොංගෝ ජන රජයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීම සිදු වන අතර ජනපති කවාසුබු විසින් ලුමුම්බාව අගමැති ධූරයෙන් ව්‍යවස්ථා විරෝධී ලෙස පහ කරනවා...මෙහිදී කවාසුබු ට හමුදා නායක ජෝෂප් මොබුටු ගේ සහාය ලැබුනා (ජෝෂප් පසුව කොංගෝවේ විනාශකාරී පාලකයෙක් බවට පත් වුනා..මොබුටු ට CIA සංවිධානයේ සහ බෙල්ජියානු රජයේ සහාය ලැබුනා).
1961 දෙසැම්බර් 01 වෙනිදා ලුමුම්බා ස්ටෑන්විල් වෙත පලා යන අතර මොබුටු ගේ සහායකයින් විසින් අල්ලා ගන්නවා..මෙම අවස්ථාවෙ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් ලුමුම්බාට නීත්‍යානුකූලව කටයුතු කිරිම සිදු කල යුතු බව තරයේ කියා සිටියා..සෝවියට් ජන රජය එක්සත්ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියා ලුමුම්බාව අගමැති පදවියේ ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන ලෙස.

පසුව ලුමුම්බාව කටංගා හිරගෙදරට යැවීමට කටයුති කරනවා..



පහරදීම්

කටංගා හිරගෙදරදී ඔහු සහ සහායකයන්නිතරම පහර දීම් වලට ලක් වුණ බව කියවෙනවා..
පසුව තීරණය කෙරුනා ලුමුම්බාව අගමැති නිල නිවසේ නිවාස අඩස්සියේ තබන්න...
දිනක් ලුමුම්බා නිවසින් පලායාමට සමත් වෙනවා..නමුත් මොබුටුගේ පිරිස නැවත ඔහුව අල්ලා ගැනීමට සමත් වෙනවා..
මෙවරද ලුමුම්මා රැකවරණය සදහා එක්ස්ත් ජාතීන් ට අභියාචනාය කලද කොංගෝවේ UN නිලධාරීන් ලුමුම්බාට උදවු කිරීමට අකමැති වුනා..
මේ අතර මොබුටු ගේ පිරිස විසින් ලුමුම්බාව මොබුටුගේ නිවසට ගෙන ගොස් ප්‍රසිද්ධියේ පිරිස සහ මාධ්‍යවේදීන් ඉදිරියේ පහර දුන් බව කියවෙනවා...පසුව ලුමුම්බාගේ සතුරෙක් වුන ට්ෂොම්බේ ගේ භාරයට ඔහුව පත් කරනවා..ට්ෂොම්බේ යනු කටංගාවට ස්වාධීන පාලනයක් ගෙන
ඒමට කටයුතු කල පුද්ගලයාය.....

ඝාතනය
ලුමුම්බාගේ ඝාතනය සිදු වන අවධියේ කොංගෝවේ පාලනය අධිකාරින් හතරක් අතේ පැවතුනා..ඒ කොංගෝ මධ්‍යම රජය,කොංගෝ මධ්‍යම රජයේ ලුමුම්බා පාර්ෂවය, කටංගා හි සහ දකුණු කසායි හි ස්වාධීන පාලන ප්‍රදේශ ලෙසය.මේ වන විටත් ලෝකය පුරාම ලුමුම්වාව නැවත පාලනයට ගෙන එන ලෙස බලපෑම් ඇති වීමත් සමග ලුමුම්බා විරෝධි අභ්‍යන්තර හා බාහිර බලවේග නොසන්සුන් වෙනවා...
එසේ වුවත් බටහිර බලපෑම් අනුව කොංගෝ මධ්‍යම රජයේ පාලනය සමස්ථ කොංගෝවටම ලබා දීමේ වෑයම අනුව පසු කාලීනව ලුමුම්බා පාර්ෂවයන් සහ කටංගාහි සහ කසායි හි ස්වාධීන පාලනයන් අවසන් කරමින් කොංගෝව බටහීරට සහාය දක්වන මධ්‍යම රජය යටතටම පැමිණෙනවා..
මේත් සමගම ලුමුම්බා හිතැති බටහිර විරෝධීන් මර්ධනය හමුවේ වුවද නැවත් ලුමුම්බා පාලනයක් ලබා ගැනීමට ඔඑල ගැසෙනවා..මේ අතර ශිෂ්‍යයින්, කම්කරුවන්, ග්‍රාමීය ජනයා, විවුධ වෘත්තිකයන් ආදී විශාල පිරිසක් පෙළගැසී සිටියා..

පැහැදිලිව ඔප්පු නොවුනද ලුමුම්බා ඝාතනය පිටුපස බෙල්ජියානු රජය විසින් සහය දක්වනු ලැබූ කටංගා සෙබලුන් සිටි බව කියවෙනවා...

1960 දෙසැම්බර් 03 ලුමුම්බාව ලෙපොල්ඩ්විල් සිට සැතපුම් 100ක් දුරින් පිහිටි තිස්විල් හි හමුදා කදවුරක් වෙත ගෙන යනවා..මොහුත් සමගම Maurice Mpolo සහ Joseph Okito යන ලුමුම්බා සහායකයන්ද රැගෙන යනවා. මොබුටුගේ නියෝග වාට අනුව ලුමුම්බා සහ සහායකයන්ට සැළකුවේ ඉතාම පහත් ආකරයකටයි..ඔවුන්ට ලබා දුන්නේ ආහාර ඉතාම කුඩා ප්‍රමාණයක්. රාජේෂ්වර් දයාල් වෙත ලුමුම්බා විසින් යැවූ ලිපියක ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය ගැන ලියා යවනවා..
1961 ජනවාරි 13 උදෑසන කදවුර නිසන්සුන් වෙනවා. මේත් සමග හමුදා නිලධාරීන් වෙත ෆ්‍රෑන්ක් 400,000 ක ගෙවීමක් කරන්න කටංගා කැබිනට්ටුව තීරණය කරනවා..සෙබලුන් අතරින් ඇතැමෙක් ලුමුම්බාට සහාය දැක්වුව අතර අනෙක් පිරිස ලුමුම්බා භයානක පුද්ගලයෙක් ලෙස සැළකුවා..මේ අතර කසු වබු, මොබුටු , විදේශ ඇමති මාරි බොම්බොකෝ, ආරක්ෂක අංශ ප්‍රධාන වික්ටර් නෙන්ඩකා කදවුරට පැමිණ සෙබලුන් සමග සාලච්චා පැවැත්වීමෙන් අනතුරුව ලුමුම්බාව වැනි අවධානය යොමු වුන සිරකරුවන්ව තවදුරටත් එම කදවුරේ තැබීම අවදානම් බව තීරණය වන බැවින් ඔවුන් තිදෙනාව කටංගා වට රැගෙන ඒමට නියෝග කෙරෙනවා..
1961 ජනවාරි 17 දින බලහත්කාරයෙන් ලුමුම්බාව ගුවන් යානයක නංවා එලිසබෙත්විල් වෙත රැගෙන යනවා..ඔවුන් එහි පැමිණීමෙන් පසුව අතඩංගුවට රැගෙන නිවසකට ගෙන ගොස් කටංගා සහ බෙල්ජියානු නිලධාරින් විසින් ඉතා දරුණු ලෙස පහර දීමට යෙදුනේ කටංගා ජනපති ට්ෂොම්බේ සහ ඔහුගේ කැබිනෙට්ටුව ඉදිරිපිටදීය..
එදිනම රාත්‍රියේ ලුමුම්බා සහ අනෙත් දෙදෙනාව කැලෑබද ප්‍රදේශයකට රැගෙන යනවා.. මෙහි හමුදා ඛණ්ඩ තුනක් රදවා තිබුණා..පසුව බෙල්ජියම් කොමිසමක පරීක්ෂණ වාර්තා වලට අනුව ලුමුම්බාව මෙහිදී මරා දමා තිබුණෙ කටංගා බලධාරීන් විසින් බව පැවසෙනවා.
එම වාර්තා වලට අනුව ජනපති ට්ෂොම්බේ සහ බෙල්ජියානු නිලධාරීන් සිවු දෙනෙකුත් එම අවස්තාවේ සහභාගී වී තිබෙනවා.

මෙහිදී ලුමුම්බා සහ අනෙක් දෙදෙනා වරකට එක්කෙන බැගින් ගසක් ඉදිරිපිට තබා වෙඩි තැබීමෙන් මරා දමා තිබෙනවා.වාර්තාවෙන අන්දමට මෙය 1961 ජනවාරි 17 දින රාත්‍රී 11.40 ත් 11.43 ත් අතර සිදුවී තිබෙනවා.
මරා දැමීමෙන් පසුව ලුමුම්බා සහ අනෙක් දෙදෙනාගේ සිරුරු සල්ෆියුරික් ඇසිඩ් දමා දිය කර දමා අස්ථි කැබලි වල දැමීමට කටයුතු කෙරෙනවා..මෙහිදී ලුමුම්බාගෙ දත් සහ හිස් කබල තබාගත් බව කියවෙනවා...
ලුමුම්බා සහ පිරිස අතඩංගුවෙන් මිදී පලා යන අතරේ ගම්වාසින් විසින් මරා දමා ඇති බවට නිල වශයෙන් ප්‍රවෘත්ති ලෙස ප්‍රචාරය කිරීමට කටයුතු යෙදුනා..






පසුව

එසේ වුවද වර්ෂ ගණනවකට පසුව 2002 දී බෙල්ජියානු රජය ප්‍රකාශයක් කරමින් , ලුමුම්බා ඝාතනයට ඔවුන්ගේ සහභාගීත්වය පිළිගත් අතර කොංගෝ ජනතාවගෙන් සමාව අයැද සිටියා..

පසුව අනාවරණය වුනු කාරණා අනුව ජනපති අයිසන්හවර් විසින් 1960 දී ලුමුම්බා මරා දැමීමට CIA සංවිධානයට අණ දී තිබුණ බව හෙලි වුනද ඔහුගේ ඝාතනයට CIA ඍජුව සම්බන්ධද යන්න පිලිබදව පැහැදිලි සාක්ෂි ලැබී තිබුනේ නෑ..

කෙසේ සිදු වුවද මෙය කොංගෝ ඉතිහාසයේ සිදු වුන අතිශය අමානුෂික ඝාතනයක් ලෙස කලු පැල්ලමක් ඉතිරි කර තිබෙනවා...

නැවත හමු වෙමු

- අමිල-

Gallery






කොළඹ වීදියකදී.....17- "කොඩි ගහ යට (නෙමේ) මම උපන්නේ"





“කොඩි ගහ යට මම උපන්නේ 
නම ගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නේ 
මුළු ලෝකය හතර වටේ...”  


හතර දෙනාම සූරයෝ සිනමාපටයට ජෝතිපාලයන් විසින් ගැයූ මේ ගීතය නොඅහපු ලාංකිකයෙක් ඉන්නවද කියලා හිතන්න අමාරුයි...ඒ තරමටම ඒ ගීතය එදත් අදත් එක සේ ජනප්‍රියයි.නමුත් දවස තිස්සෙ ඕක අහ අහා හිටියත් ඕකෙ ඔය කියන කොඩි ගහ මොකක්ද කියලා නිකමටවත් හිතුවද... ඕක මටත් කල්පනාවට ආවෙ සෑහෙන කාලෙකට පස්සෙ .. ඒ කල්පනාවට ආවට පස්සෙ මම ඕක ගැන හෙවුවා..ඒ හොයද්දි තමයි දැනගත්තෙ දෙයියනේ මේක පහු කරං කී වතාවක් නම් එහාට මෙහාට ගිහින් තියෙනවද කියලා...

ඉතිං අපි හැරෙමු කොඩි ගහ දිහාට..

කොඩි ගහේ ඉතිහාසය බලද්දි ඒක ලංකාව ආක්‍රමණය කල ප්‍රථම යුරෝපීය ජාතිකයන් වන පෘතුගීසීන් දක්වා දිවෙනවා.. මෙහි ලා සඳහන් කළ යුත්තේ කොඩි ගහ ගැන සඳහන් කරමින් පෘතුගීසී යුගය ගැන ලියවීම් කල ලියුම් කරුවන් දෙපළක් වන රොබෙයිරෝ සහ ක්වේරෝස් යන දෙපළයි...මොවුන්ගේ ලේඛණ වල කොළඹ කොඩි ගහ ගැන සඳහන් වෙනවා.. ඒ අනුව අනුමාන වශයෙන් කොඩි ගහ කොළඹ සිටුවනු ලැබ තිබෙන්නේ 1521 වර්ෂයෙයි..මුලින් මෙතරම් උස කොඩි ගහක් සිටුවීමේ අරමුණ වෙලා තියෙන්නෙ ලක්ෂෙට කොඩි දාන්න නෙමේ..මූදෙන් එන නැවු වලට කොළඹට එන පාර පෙන්නන්න කියලා තමයි කියන්නෙ...දවල්ට තද වර්ණ කොඩි එසවීමෙනුත් , රෑට කොඩි ගහේ ලාම්පු එල්ලීමෙනුත් මෙය කල බව වාර්තා වෙනවා...1946 වෙනකල් මේ කොඩි ගහේ ලාම්පු දැල්වුන බවත් වාර්තා වෙනවා.
 
  
(කොළඹ කොටුවේ වැජඹුන කොඩි ගහ - සිතුවමක්)

අඩි අසූවක් විතර උස , ලෝහමය මෙම කොඩි ගහ මුලින්ම හිටවලා තිබුනෙ පෘතුගීසීන්ගෙ කොටුව වුන (පසුව උදුරා දැමුනු ..) මගේ මින් පෙර ලිපියක සඳහන් වුන කොළඹ කොටුවෙයි..කොළඹ කොටුවෙ අදටත් තියෙනවා ෆ්ලැග් ස්ටාෆ් ස්ට්‍රීට් ..එහෙමත් නැත්තම් කොඩි ගහ වීදිය කියලා පාරක්..ඕං ඔය කියන කොඩි ගහ වීදිය ගල්බොක්ක වීදිය නොහොත් ගෝල් බක් ස්ට්‍රීට් හම්බ වෙන තැන කොණේ තමයි මේං මේ කියන කොඩි ගහ හිටවලා තිබුණේ...

ඉංග්‍රීසීන් කොළඹ කොටුව උදුරලා දාන වෙලාවෙ කොඩි ගහ, කොඩි ගහ වීදියෙන් ගලවගෙන ගෙනිහින් බ්‍රිස්ටල් වීදියේ 'ටයිම්ස් ' ගොඩනැගිල්ල ගාව හිටවන්න කටයුතු සළස්වනවා..අවුරුදු ගානක් එතන හිටි කොඩි ගහට 1980 දශකයේ අග භාගයේ කොළඹ නගර සංවර්ධන ක්‍රියාවලියේදී දෙවෙනි වතාවටත් උන් හිටි තැන් අහිමි වෙනවා..ඒ ගමන කොඩි ගහ ගලවං ගිහින් හිටවන්නෙ කොහෙද?... සාන්ත බස්තියං කන්දේ ..අද විදිහට දන්න බාසාවෙන් කියනවනම් අලුත් කඩේ ..

පිටකොටුවේ ගුණසිංහ පිළිමේ හරියෙන් පටං අරං අලුත්කඩේ පැත්තට යන මිහිඳු මාවත ඉවර වෙන ..අලුත්කඩේ වීදිය එහෙමත් නැත්තම් හල්ෆ්ට්ස්ඩොප් ස්ට්‍රීට් පටං ගන්න වට රවුමෙ තමයි මේ වෙනකොට මේ කොඩි ගහ තියෙන්නෙ..

නගර සංවර්ධනයේදී මෙවන් ස්මාරක තුට්ටුවකට මායිම් නොකරන පාලකයන් සිටින රටක මේ කොඩි ගහ දෙවතාවක්ම ගලවලත් විසික් කරලා දාන්නෙ එහෙමත් නැත්තම් අබලි යකඩ වලට විකුණන්නෙ  නැතිව මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක්..

ඔය හැමදාම අලුත්කඩේ උසාවි යන පෙරකදෝරු නෝනා මහත්තුරු මේක කියවනවනම් කල්පනා කරලා බලන්න මේක දැකලා තියෙනවදා කියලා..බාර් කවුන්සිලේටත් කිට්ටුව තමයි මේක තියෙන්න..අද වෙනකල් ඒක දැකලා තිබ්බේ නැත්තම් හරි දැකලා නිකම්ම නිකම් කණුවක් කියලා නොතකා ගියානම් හෙට ටිකක් හොදට බලන්න..වාහනේක යනවනම් ජෝතිපාලගෙ සින්දුව දාගෙන යන ගමන්ම බලන්න... කොඩි ගහ යට නොඉපදුනත් මොකද කොඩි ගහ යටින් ගියානම්... 



කොළඹ වීදියකදී නැවත හමු වෙමු

- අමිල -

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters