කොළඹ වීදියකදී.....10 - "102,තර්ස්ටන් පාර,කොළඹ 07"


අවසාන වතාවට ලිවුවේ රෙජිනා වළව්ව ගැන...මතක ඇති... ඒක අයිති වුනෙත් චාර්ල්ස් හෙන්රි ද සොයිසා මහතාගෙ පුතෙක්ට... අද කියන්න යන්නෙත් ඒ මහතාගෙ පුතෙක්ට අයිතිව තිබුණ මහා මන්දිරයක් ගැන...
තුම්මුල්ල හන්දියෙ ඉඳලා තර්ස්ටන් විද්‍යාලය පැත්තට යනකොට රෙජිනා වළව්වට කලින් හම්බ වෙන, තරමක් වත්ත ඇතුළට වෙන්න තියෙන මහ මන්දිරය මතකයට නගා ගන්න... ඒ මන්දිරයේ ගේට්ටු කුළුණු වල සවි කරලා තියෙන පුවරුවෙ දැන් තියෙන්නෙ නම් 'Saifee Villa ' කියලා... නමුත් මීට අවුරුදු 40කට විතර කලිනුත් මේ මන්දිරයෙ නම වුණේ "ලක්ෂ්මීගිරි වළව්ව"යි...

ලක්ෂ්මිගිරි වළව්ව 1910 දී ඉදිකරන්නෙ චාර්ල්ස් හෙන්රි සොයිසා මහතාගේ දෙවන පුත්‍රයා වන ඒ.ජේ.ආර් ද සොයිසා මහතා විසින්... ඔහු 1869 දී උපත ලබන්නෙ පසු කලෙක ලංකා විශ්වවිද්‍යාල කොලීජියට පරිත්‍යාග කල Brodie House හි දීය....
ඒ කාලෙ වෙනකොට ඇල්ෆ්‍රඩ් හවුස් වතු යාය කොළඹ නගරයේ අක්කර 125 කට ආසන්න ප්‍රමාණයක ;ඩුප්ලිකේෂන් පාරේ සිට කුරුඳු වත්ත තෙක්ද තුම්මුල්ල සිට සායිසා වටරවුම තෙක්ද පැතීරී පැවති බව කියවෙනවා..චාර්ල්ස් හෙන්රි සොයිසා මහතාට අයත්ව කොළඹ නගරයේ පමණක් මන්දිර 48ක් තිබුණ බවද කියවෙනවා...

පසුකාලීනව මෙම මහා ඉඩම කොටස් වලට කැඩී යනවා..සහ රජයටද අත්පත් කර ගැනෙනවා..
බ්‍රිතාන්‍ය යුගයේ ඉදි වුණ ලක්ෂ්මීගිරි වළව්ව Baroque සහ Italiante ගෘහ නිර්මාණ ලක්ෂන රැගත් ගෘහකර්මාන්තයක්...
Baroque යනු 16 වන සියවසේ ඉතාලියේ ප්‍රචලිත වුණ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයක් වන අතර Italiante යනු 19 වන සියවසේ ඉතාලියේම ප්‍රචලිත වූවක්...ඉතාලියේ පැරණි පල්ලි සිහියට නගා ගන්න..ඒ Baroque සම්ප්‍රදාය වන අතර දෙපසින් හෝ මැදින් උස් වුණ කුළුණු සහිතව නිවාස තැනීම Italiante සම්ප්‍රදායේ ලක්ෂණයක්....

ලක්ෂ්මීගිරි හි විශාල ගේට්ටු කුළුණු දෙක එංගලන්තයේ බකිංහැම් මාළිගයේ ගේට්ටු දෙකෙහි ආකෘතියක් බව කියවෙන අතර පසුව ඊජිප්තුවේ කයිරෝ කෞතුකාගාරයෙහිද මේ ආකාරයේම ගේට්ටු ඉදිකර ඇති බව සහ ඒය ලක්ෂ්මීගිරි හි ආකෘතියක් ලෙස ඉදිකර ඇති බවද කියවෙනවා...

සොයිසා මහතා විසින් ලක්ෂ්මීගිරි වළව්වේ ප්‍රධාන ගොඩනැගිල්ලේ දෙපසින් උස්වූ කුළුණු දෙකක් ඉදිකරේ ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාවක් වන අශ්ව රේස් සිය නිවසේ සිටම නැරඹීමට බවත් පැවසෙනවා.. ඔහු අසලම පිහිටි තුරග තරග පිටියේ පැවැත්වුන තරග මෙම කුළුණු මතට වී නරඹන්නට ඇති...

මෙම මන්දිරයේ ඉදිරි පස උද්‍යාණය පිහිටි කොටස පසු කලෙක රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කල අතර වර්තමානයේ එහි කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටිය පිහිටනවා...
පසුකාලීනව ඒ.ජේ.ආර් සොයිසා මහතා බරපතල මූල්‍ය අර්බුධයකට මුහුණ පෑමට සිදුවන අතර ලක්ෂ්මීගිරි වළව්ව උකසට තබා මුදල් ලබා ගන්නා අතර පසුව එය උකසට සින්න වෙනවා....
මෙසේ උකසට සින්න වුන ලක්ෂ්මීගිරි වළව්ව සුප්‍රකට ව්‍යාපාරික පවුලක් වන ඇඩමිජී ලුක්මන්ජී පවුල විසින් මිලට ගන්නවා..මේ වන තුරුත් මෙම මන්දිරයේ එම පවුලේ අය වාසය කරනවා..
ඇඩම්ජී ලුක්මන්ජි පවුල යනු ලංකාවේ ඉතාම සුළුතරයක් වන ඩාවුඩී බොහ්රා මුස්ලිම් සමාජයේ අනුගාමිකයන්..මෙම සමාජයේ ජාත්‍යන්තර වායකයා වූයේ ඉන්දියාවේ මුම්බායි හි විසූ ස්යෙද්නා තහිර් සෛෆුද්දීන්ය..එතුමා ලංකාවට පැමිණි දෑම වතාවකම නවාතැන් ගත්තේ ලක්ෂිමීගිරි වළව්වේය... 1978 දී ඔහු මියයාමත් සමග ඔහුගේ උරුම කරු වූ ස්යෙද්නා මොහම්මදු බහාර්නුද්දීන් විසින් සිය පියා සිහිවීමට , ඔහු ලංකාවට පැමිණි සෑම අවස්තාවකම ලැගුම් ගත් මෙම මන්දිරයට 'සයිෆී විලා' යන නම තබනවා...සයිෆී යන්න සෛෆුද්දීන් යන්නෙන් ලබා ගෙන තිබෙනවා...
ඒදා සිට අද තෙක් ලක්ෂ්මීගිරි වළව්ව සයිෆී විලා යන නමින් හඳුන්වනවා...
මෙම වළව්ව පිහිටි ප්‍රදේශය දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාව්‍ය රාජකීය ගුවන් හමුදාව් කඳවුරු බිමක් වූ අතර ලක්ෂමීගිරි පවා ඒ සඳහා යොදා ගත්තා... යුද්ධය අවසානයේ නැවත පිටත් වද්දී බ්‍රිතාන්‍යයන් විසින් වළව්වේ තිබුණු වටිනා කෞතුක භාණ්ඩ පොත් පත් යනාදිය රාශියක් රැගෙන ගිය බව කියවෙනවා...
1972 ඉඩම්‍ප්‍රතිසංස්කරණ පණත හඳුන්වා දීමත් සමග ලක්ෂ්මීගිරෙහි භූමිය තවත් සීමාවී අද පවත්නා ප්‍රමාණයට කුඩා වෙනවා... ඊට අයත්ව තිබුන බිම් ඒවායේ පදිංචිව සිටි කුලීකරුවන්ටම හිමි වුනා...තවත් කොටස් රජයේ ව්‍යාපෘති වලට යොදා ගත්තා...
ලක්ෂිමීගිරි වළව්වේ ගේට්ටු වල ඇති කිරුලෙහි S අකුර සඳහන් වෙනවා..එය සොයා වරු විසින් එකතු කරන ලද්දක් වුවද අදද මන්දිරයේ නම සයිෆී විලා බැවින් මෙම S අකුර මනාව ගැලපෙනවා...
1981 දී තිරගත වුණ 'කලියුගය' සිනමා පටයේ නන්දා සහ පියල්ගේ නිවස ලෙස යොදාගෙන තිබුනේද මෙම මන්දිරයයි....


-කොළඹ වීදියකදී නැවත හමු වෙමු-
-අමිල-

Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට..... 17 ..... "The Exorcism of Annelise"




1878 මාර්තු මස ජර්මනියේ දිසාඅධිකරණයක නඩුවක් ඇසෙමින් පැවතුණා.. චූදිතයන් වුණේ රෝමානු කතෝලික පූජකයන් වුණ අර්නස්ට් ඕල්ට් සහ ආර්නල්ඩ් රෙන්ස් සමගින් ඇනලිස් මිෂෙල් නම් තරුණියගේ දෙමාපියන්.

(Accused)

ජර්මානු නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥයෙක් විසින් පැමිණිල්ල මෙහෙයවූ නඩුවේ චෝදනාව වූයේ මිෂෙල්ගේ රෝක තත්වයන්ට නිසි ප්‍රතිකාර නොකොට ආගමික වත් පිළිවෙත් සිදුකිරීම හෝ එසේ කිරීමට ඉඩ තැබීම මගින් මිෂෙල්ගේ මරණය සිදු වන තැනට නොසැළකිලිමත්ව කටයුතු කිරීමයි.

 
 
අතීතයට මදකට යමු.

ඇනලීස් මිෂෙල් 1952 සැප්තැම්බර් මස 21 වන දින බටහිර ජර්මනියේ බැවරියා හි ලෙයිබ්ල්ෆිං හි දී රෝමානු කතෝලික යුවලකට දාව උපත ලැබුවා. 
                            (Michelle's family)

ඇය සොලොස් වියේදී ස්නායු පද්ධතියේ ඇති වූ අසංකූලතා හේතුවෙන් ඇති වන දිගුකාලීන මානසික අසංතුලිතතාවකට මුහුණ දීම ඇරඹුණා. මෙම අසංතුලිත තාවය 'Tempored lobe epilepsy' ලෙස හඳුන් වන මෙම අසංතුලිත තාවය හේතුවෙන් ඇය පසු කාලිනව අධික ලෙස මානසික අවපීඩණය ටද ලක්වුණා.
ඇය 20 වන වියට එළැඹෙන විට ඇයට විවිධ අවස්ථාවල යක්ෂයා දර්ශණය වීම සහ විවිධ හඬවල් ඇසීම වැනි දෑට මුහුණ දීමට සිදු වුණ බව ඇය පුන පුනා කියා සිටින්නට වුණා.

(1973 දී විශ්වවිද්‍යාලයට ඇතුළත් වුන ඇය ගැන විශ්ව විද්‍යාල සිසුන් විසින් පවසා තිබ්නේ අතිෂය හුදෙකලා සහ දැඩි ලෙස ආගමට නැඹුරු වුණ චරිතයක් ලෙසයි.)

1970 දී ඇය තුන්වන වතාවටත් දැඩි ලෙස රෝගාතුර වුයේ මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීය.ඇය මුහුණ පා සිටි මානසික රෝගයට බහුලව ප්‍රතිකාර ලෙස භාවිතා කරන Dilantin නම් ඔසුව ඇය සම්බන්ධයෙන් සාර්ථක වුයේ නෑ.මේ අතර ඇය දිගින් දිගටම කයා සිටියේ යක්ෂයා විසින් ඇයව ආක්‍රමණය කරමින් සිටින බවයි..නිතර යක්ෂයා ඇයට කතා කරන බවත් දර්ශණය වන බවත් ඇය පවසන්නට වුණා. Phychosis තත්වය සඳහා භාවිතා වන ඔසුවක් වන Aolept ඇයට ලබා දීමට වෛද්‍ය වරු නිර්දේශ කලා.. මෙම තත්වයේ රෝගලක්ෂණ ලෙස සඳහන් වන්නේ රෝගියාට සත්‍ය තත්වය හා සිතින් මවා ගත් තත්වයන් අතර වෙනසක් හඳුනාගත නොහැකි වීම...ව්‍යාජ විශ්වාසයන් ඇති කරගෙන ඒවා සත්‍ය යැයි අත්‍යන්තයෙන්ම විශ්වාස කිරීම... අන් අයට දර්ශණය නොවන දෑ දර්ශණය වීම හා අන් අයට නො ඇසෙන දෑ ශ්‍රවණය වීම , අවස්ථාවට නොසුදුසු දෑ නිතරම කියවීම , පිටස්තරයන් සමග දක්වන සබඳතා අසාමාන්‍ය වීම යනාදියයි...මෙහිදී භින්නෝන්මාද (Schizophrenia) තත්වයක්ද ඇති වන බව මනෝ වෛද්‍ය වරුන් පවසා තිබෙනවා..
තවද මෙම තත්ත්වයන් හිදී සාමාජ ආශ්‍රය ක්‍රමයෙන් අඩු වන අතර ස්වයං අභ්‍රිප්‍රෙරණය බරපතල ලෙස පහල වැටෙන බව කියවෙනවා...එය යම් අවස්ථාවක දී තමා විසින් තමාවම අත් හැර දැමීමක් දක්වා වර්ධණය විය හැකියි.

1973 වන විට මිෂෙල් කතෝලික පූජා වන් අතරදී ඇයට අමතන යක්ෂයා විසින් ඇයව අපායේ ගිණිදැල්ලට ලක්කරන බව පැවසූ බව ඇය විසින් පවසා තිබුනා..
ඇය කෙරෙහි ප්‍රතිකාර වල ප්‍රගතියක් කිසි ලෙසකින් දක්නට නොලැබුණා.අවපිඩණය දිගින් දිගටම වර්ධණය වුණා. දිගුකාලීන ප්‍රතිකාරත් දිගින් දිලටම අසාර්ථක වුණා.
මිෂෙල් ඇය වෙනුවෙන් කල ප්‍රතිකාර කෙරෙහි කලකිරීමට පත් වුණා.දිගින් දිගටම ප්‍රතිකාර වලට ලක් වීම සහ ඔසු භාවිත කිරීම කෙරෙහි ඇය බෙහෙවින්ම අසතුටින් සිටි බව කියවුණා.මේ වන විට ඇය ගේ ප්‍රතිකාර පස් වසක් ඉක්මවා තිබුණා.
යක්ෂයා විසින් ඇයව වසඟයට ගෙන ඇති බව ඇය නිතරම පවසන්නට වුණා. ඇතැම් අවස්ථාවල ඇයගේ අත පය නොඑක් අතට හැරී ,දරදඬුවී විනාඩි කිහිපයක් යන තෙක් එකම ආකාරයෙන් පැවතීම නිතරම දක්නට හැකි වුණා... මේ අතර දැඩි ආගමික චරිතයක් වූ ඇය පල්ලිය හා කුරුසය දැකීමටවත් අකමැති තත්ත්වයට පත් වුණා..
මෙසේ කරුණු යෙදෙද්දී අසල්වාසීන්ගේ ද අදහස් අනුව මිෂෙල්ව විවිධ කතෝලික පූජක වරුන් වෙත යොමු කිරීමට ඇගේ දෙමාපියන් කටයුතු කලා.පූජකවරුන් ගිහිප දෙනෙක්ම ඇයට තිබෙන්නේ මානසික රෝගයක් බව පවසමින් ආගමික චාරිත්‍ර කිරීම ප්‍රතික්ෂේප කිරීමට යෙදුනා.තවද මෙවන් තත්වයකදී ආගමික චාරිත්‍ර කිරීමට බිෂොප් වරයාගේ නිල අවසරය ලබා ගත යුතුව තිබුණා.
මේ අතර මිෂෙල් ප්‍රකෝපකාරී ලෙස හැසිරීම, ඇයගේම මුත්‍රා පානය කිරීම ,මලපහ ආහාරයට ගැනීම , තමාටම තුවාල කර ගැනීම , කෘමීන් ආහාරයට ගැනීම වැනි දෑ නිතර දක්නට ලැබුණා.

1973 නොවැම්බර් මසදී මනෝ වෛද්‍ය වරුන් 'Tegrerol' නම් ඔසුව ඇයට ලබා දීම ආරම්භ කලා. මෙම ඔසුව ඇය මරණයට පත්වන තෙක්ම ලබා ගත් බව පැවසෙනවා.
අවසන ඇගේ දෙමාපියන් අර්නස්ට් ඕල්ට් නම් පූජකවරයාට ඇයව යොමු කරනවා..ඇය දුටුමතින්ම ඔහු පවසා සිටින්නේ මෙය මානසික රෝගයක් නොවන බවත් යක්ෂයාගේ බලපෑමෙන් ඇති වන වසඟයක් වැනි තත්ත්වයක් බවයි. මෙයට රෝමාන චාර්‍රිත්‍ර සිදු කල යුතු බව ඔහු පවසනවා.මේ අනුව ඔහු අදාල කටයුත්ත සඳහා බිෂොප් වරයාගේ අවසරය බලාපොරොත්තු වෙනවා. 
 
                                    (Rev. Ernst Alt)

බිෂොප් වරයේක් මෙවන් කටයුතු සඳහා අවසර දෙන්නේ ඉතාමත් සීමිත අවස්ථාවලදී පමණි. ඒ සඳහා පෙර හඳුනා ගත් ලක්ෂණ ප්‍රකට කල යුතු වෙනවා... ඒව කිහිපයක් නම් ආගමික කටයුතු වලින් සැලකිය යුතු ලෙස ඇත් වීම, අධිමානසික බලයන් ප්‍රදර්ශණය කිරීම වැනි දෑ සඳහන් කල හැකියි..මෙම තත්වයන් සළකා බලන ජෝෂප් ස්ටැංග්ල් බිෂොප් වරයා 1975 සැප්තැම්බර් මස දී ආගමික කටයුත්ත සඳහා අවසර දෙනවා..
 
                                          (Bishop Joshep Stangl)
 
Exorcism නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙය ඉතාලි බසින් Rituale Romanum 1614 ලෙස හැඳින්වෙනවා...
 
 
මෙහිදී පූජකවරයා විවිධ බෛබල් පාඨ කියවමින් යක්ෂයා ට වාහකයාගේ ශරීරයෙන් ඉවත් වීමට විධාන කරනු ලබනවා..ලංකාවේ පවත්නා ඇතැම් ශාන්ති කර්මද මීට සමාන බව සඳහන් කල යුතුයි...
රම නිසා මෙම Exorcism යන්නට මා මින් ඉදිරියේදී ශාන්තිකර්මය යන්න භාවිතා කරනවා.
 
                  (In the event of an exorcism ... not Michelle's)

1975 සැප්තැම්බර් 24 දින පළමු ශාන්තිකර්මය ආරම්භ කලා.මේ අතර මිෂෙල්ගේ බලවත් ඉල්ලීම මත ඇගේ දෙමාපියන් විසින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්හිටුවීමත් සමග හුදෙක් ශාන්තිකර්මය මතම බලාපොරොත්තු තබා සිටියා..මෙසේ 1975 සිට 1976 තෙක් මාස 10ක් තුලදී , එකක් සඳහා පැය 3 සිට 4 තෙක් වැය කරමින් සතියට ශාන්තිකර්ම එකක් හෝ දෙකක් බැගින් ශාන්ති කර්ම 64ක් මිෂෙල් වෙනුවෙන් සිදු කලා...


මේ අතර ලිපියක් ගියමින් අර්නස්ට් ඕල්ට් පියතුමාට මිෂෙල් දන්වා සිටියේ කන්‍යා මවුතුමිය ඇයට කතා කල බවයි..තවද අන් අයගේ සැපත උදෙසා තමන් විඳවන බවද ඇය ලියා තිබුනා...
 
 


-අවසානය-

දැඩි දුක් කන්දරාවක් විඳ අවසානයේ 1976 ජූලි 01 දින මිෂෙල් ඇගේ නිවසේදීම මිය ගියා...
 
 

මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුනේ අධික පෝෂණ ඌණතාවයෙන් සහ විජලනයෙන් පෙලීමෙන් ශරීරය දුර්වල වී සිදු වුණ මරණයක් බවයි...
ඇගේ සිරුර කලබලා කාරීතත්වයක් යටතෙ වල දැමීමට ඇගෙ දෙමාපියන් කටයුතු කලා...
 


-චෝදනාව-
 
 
මිෂෙල් මරණයට පත්වූ දිවට මතියකට පෙර හෝ ඇය නිදි ප්‍රතිකාර වලට නැවත යොමු කලා නම් ඇයව බේරා ගත හැකිව තිබුණ බව චෝදනා වුනා...
මෙසේ චූදිතයන්ට ජර්මනියේ දිසාඅධිකරණයක 1976 නඩුව ගොනු වුනා...


-නඩුව-

චෝදනා ගොනු වීමෙන් වසර දෙකකට පමණ පසුව 1978 මාර්තු 30 දින නඩුව ආරම්භ වුණා...
පැමිණිලි පාර්ශවය විවිද කායික හා මානසික විශේෂඥයන් හා වෛද්‍ය වරුන් සාක්ෂියට කැඳවා තිබුනා.. ඔවුන්ගේ තර්කය වූයේ මෙය හුදෙක්ම මානසික රෝගයක් වූ බවත්, එයට ප්‍රතිකාර නොගෙන අත් හැරීම මත එය උග්‍ර වු බවත්, එසේ උග්‍ර වද්දී ආහාර ගැනීම පවා අත් හැරීම මත පෝෂණ උණතාවය ඇතිවිමෙන් මරණය සිදු වු බවත්..දෙමාපියන් ඇතුළු සියලු දෙනා නොසැළකිලිමත් මරණයකට වරදකරුවන් විය යුතු බවත්ය...


විත්තියේ තර්කය වුයේ වසර 5කට ආසන්න කාලයක් තුලදී සිදු කල විවිද කායික හා මානසික ප්‍රතිකාර වලින් කිසිදු ප්‍රයෝජනයක් නොවූ බවත්..එසේ වූ තැන ඇගේ දෙමාපියන් ඉතිරි වී තිබුණ විකල්පයකට යොමු වූ බවත්..දෙමාපියන් හා පූජක වරුන් ඇය මැරීමේ අදහසින් කටයුතු නොකල බවත් සහ සියල්ලන්ම ඇයට නැවත යතාතත්වටට පැමිණීමට උපකාර කිරීමෙන් කටයුතු කල බවත්ය.තවද විත්තිය විසින් ගෙනහැර පෑවේ ජර්මානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශාන්තිකර්ම තහනම් දෙයක් නොවන බවත් ඊට අනුව ජනතාවට සිය ආගමික විශ්වාස මත එල්බ , ඒ හා සම්බන්ධ කටයුතු කිරීමට පූර්ණ නිදහසක් ඇති බවත්ය...

මෙහිදී වඩා සුවිශේෂි දෙයක් වනුයේ බටහිර වෛද්‍ය වරයෙක් වුන රිචඩ් රොත් ගේ සාක්ෂියයි.මෙම වෛද්‍ය වරයා අර්නස්ට් ඕල්ට් පියතුමාගේ ඉල්ලීම පිට ශාන්තිකර්මය අතරතුරදීද මිෂෙල්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කලා.ශාන්තිකර්මය අතරතුර දී සිදු වුන දේවල් සම්බන්ධයෙන් ඔහු ඇසින් දුටු සාක්ෂි කරුවෙක් ලෙස ඉදිරිපත් වුනා..ඔහුගේ සාක්ෂියේදී සඳහන් කලේ 'කිසිදු එන්නතක් හෝ ඔසුවක් යක්ෂයා සම්බන්ධයෙන් වලංගු නැත' යන්නයි...

තවද ශාන්තිකර්මය අතරතුරදී සිදු වුන පටිගත කිරීම් සියල්ලම අධිකරණයේදී සාක්ෂි සේ ගෙනහැර පෑවා...
 
https://www.youtube.com/watch?v=-H4gvQDGiak

හඬපටිවලද සඳහන් වූ ලෙස සහ පියතුමා විසින් සිය සාක්ෂියේදී සඳහන් කල ආකාරයට මිෂෙල් වසඟයට ගත්තායැයි කියන යක්ෂයන් ඔවුන්ව මෙසේ හඳුන්වා දී තිබුණා..

• ජුදාස් ඉස්කාරියොට්
• හිට්ලර්(ෆ්‍යුර්හර්)
• නීරෝ
• කෙයින් සහ
• ලුසිෆර් (සාතන්)


පියතුමන්ට අනුව මරණයට පෙර මිෂෙල් මෙම සියලුම දෙනාගෙන් නිදහස් වූ බවද ඔහු අධිකරණයේදී පවසා සිටියා...

දිගින් දිගටම නඩුව සමාජාවධානයට පත් වෙද්දී බිෂොප් වරයාට චෝදනා එල්ලවූයේ ශාන්තිකර්මය සඳහා අවසර දීම පිළිබඳවයි..මෙහිදී බිෂොප් වරයා ප්‍රකාශ කර සිටියේ අවසර දෙන අවස්තාවේ මිෂෙල්ගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව ඔහු නොදැන සිටි බවයි...එසේම ප්‍රතිකාර නතර කරවීමට ඔහු කිසි විටකදී උපදෙස් නොදුන් බවයි..

-තීන්දුව -

දෙපාර්ශවයේම සාක්ෂි වාර්තා කිරාමන් අනතුරුව ,ජූරියේ නිර්දේශය මත අධිකරණය තීන්දුව ප්‍රකාශ කරනවා..
ඒ අනුව 

• අර්නස්ට් ඕල්ට් සහ ආර්නල්ඩ් රෙන්ස් පියතුමන් නොසැළකිලිමත් මිණීමැරුමකට වරද කරුවන් බවත් ඔවුන් එසේ නොකලේ එමේ මැරීමේ අදහසින් නොවන බවත්ය..ඒ අනුව ඔවුන්ට අත්හිටවූ මාස 6ක සිර දඬුවම් සහ වසර තුනක පරිවාස කාලයක් තීන්දු කරනවා..

• මිෂෙල්ගේ දෙමාපියන් නොසැළකිලිමත් මිණිමැරීමට වරදකරුවන් බව තීන්දු කලද දඬුවමකින් තොරව නිදහස් කරන්නේ ඔවුන් ඒ වන විටත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විඳවා ඇති බැවිනි ('Suffered enough'-ජර්මානු අපරාධ නීතියේ දඬුවම් සම්බන්ධයෙන් වන ප්‍රතිපාදනයකි)

පියතුමන්සම්බන්ධයෙන් වුන දඬුවම ලැබිය හැකිව තිබුණු දඬුවම් වලට වඩා බෙහෙවින්ම අඩු දඬුවමක් වුවද එය පැමිණිල්ල විසින් බලාපොරොත්තු වුන එකට වඩා වැඩි වුනා..පැමිණිල්ල අපේක්ෂා කලේ හුදෙක් දඩයක් ගෙවීම පමණි..එමෙන්ම දෙමාපියන් සම්බන්ධයෙන් පැමිණිල්ල බලාපොරොත්තු වුනේ වැරදිකරුවන් කිරීම සහ නිදඑස් කිරීමයි...

- පසු සිදුවීම්-

පියතුමන් විසින් පවසා සිටියේ අධිකරණයේ දඬුවම් කිසිවක් දෙවියන් ඉදිරියේ බලනොපවත්වන බවත් ඔහු යටත් වන්නේ දේවාධිකරණයේ තීන්දුවට පමණක් බවත්ය..

මරණයෙන් වසර දෙකකට පසුව ,බලධාරීන්ගේ අවසරය පිට මිෂෙල්ගේ සිරුර නැවත වතාවක් ඕක් ලී පෙට්ටියක බහා භූමදානය සිදු කලා... බොහෝ දෙනෙක් විශ්වාස කලා ඇය ශාන්තුවරය ලබා ඇති බවට.. අදටත් ඇගේ සොහොන වන්දනා කිරීම සිදු වෙනවා...
 


ඒ වනවිටත් අවසර ලබා තිබුණු ශාන්තිකර්ම බොහොමයක් අවලංගු කිරීමට රෝමානු කතෝලික පල්ලිය කටයුතු යෙදුවා...තවද දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ පසු කාලයේ ශාන්තිකර්ම සම්බන්ධයෙන් රීති තද කොට එය ඉතාම දුර්ලභ දෙයක් වන තැනට පත් කිරීමට යෙදුනා....


2013 දී මිෂෙල් ගේ නිවසෙහි හදිසි..අනපේක්ෂිත ගින්නක් හට ගත් අතර
එය යක්ෂයාගේ බලපෑමෙන් සිදු වූ බව විශ්වාස කරන අසල්වාසීන් ද සිටියා......



- The court is dismissed-
 
Gallery  







නවකතාවෙන් හොලිවුඩයට ……



නවකතාවෙන් හොලිවුඩයට  ……
අද පොඩි නිවාඩුවක් දැම්මා..වැස්සත් එක්ක... උදේ වරුවෙ නවකතාවක් කියවන්න ගත්ත...ඒකෙන් හදපු පිලුම ත් කිහිප වතාවක් බලලා තියෙනවා...ඉතින් ඕක කියව කියව ඉන්න අතරේ නිකමට හිතුනා හොලිවුඩයට ආපු නවකතා ගැන ටිකක් හොයන්න..හොයද්දි තමයි දැක්කෙ මම කැමතිම පිලුම් ගොඩක් තියෙනවා කියලා, නවකතා වලින් හදපු...සමහර ඒව නම් නව කතා වලින් හදපු බව දැනන් හිටියා..සමහර ඒව කලින් දැනන් හිටියෙ නෑ...ඉතින් දහස් ගානක් අතරින් මෙ මම වාඅත්ම ප්‍රියතම ඒව සහ ප්‍රියතම ඒව (අනු පිළිවෙලින් නොවේ)
  • Perfume : the story of a murderer 


     පැට්‍රික් සස්කින්ඩ් විසින් 1985 රචනාවුණ පර්ෆියුම් 2006 දී ටොම් ටයිකර් විසින් සිනමාවට ගෙන එනවා . සිනමා  විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ  ගේ නොමද පැසසුමට ලක්වුණ සිනමාපටයක්  තමයි පර් ෆියුම්(IMBD 7.5/10). නවකතාවත් best seller එකක් හැටියට ලැයිස්තු ගතවෙලා තියෙනවා .( මම උදය වරුවෙ කියව කියව හිටියෙත් මේකම තමයි ) 







  • The Book Thief


    ඔස්ට්‍රේලියානු ලේඛක මාකස් සුසැක් විසින් රචිත , ලොව පුරා සීඝ්‍රයෙන් අළෙවි වුණ නවකතාව  2013 දී බ්‍රයන් පර්සිවල් විසින් සාර්තක සිනමා පටයකට ගොඩනගනවා (IMBD 7.6/10). මෙහි විශaේෂත්වය වන්නෙ පාඨකයාaගේ හ ප්‍රේක්ෂකයාගේ දැසට කඳුලක් ගෙන එන කතාව මාරයා විසින් ඉදිරිපත් කිරීමයි.







  • Harry Potter series


    මේක නොදන්නෙ කවුද ඉතින් . ජේ.කේ.රෝලිංස් විසින් 1997 සිට 2007 තෙක් රචණා වුණ නවකතා 7ක් 2001 සිට 2011 තෙක් Chris colombus, Alfonso Cuar’n , Mike Newell සහ David Yats නම් අඪ්‍යක්ෂ   වරුන් අතින් සිනමාවට නැගෙනවා.







  • Hobbit Series සහ The Lord of the Rings series

    (The cover of 01st edition)
     

    උඩ එක වගේම තමයි මේකත් . 1937 ජේ.ආර්.ආර්.ටෝකිංස් විසින් රචිත හොබිට් නවකතා මාලාව සහ 1954 -1955 දී ඔහු විසින්ම රචිත ද ලෝඩ් ඔෆ් ද රිංස් කතා මාලාව 2012-2014 සහ 2001-2003 දී පීටර් ජැක්සන් අතින් සිනමාවට නැගෙන වා. නවකතා මාලාවන් දෙක වගේම සිනමා පට මාලාවන් දෙකත් අතිෂය ජනප්‍රියත්වයට පත්වෙනවා.




                                 (The cover of 01st edition) 

  • Wuthering Heights

    එම්ලි බ්‍රොන්ටේ විසින් 1847 තර ඈතකදි ලිවූ නවකතාව  අදටත් ලොව හොඳම නවකතා  සියය අතරේ තියෙන එකක්. 1939 දී මෙම නsවකතාව සිනමාවට නැගෙනවා විලියම් වයිල් අතින්.

  • ·      To kill a mocking bird


    1960 දී හාපර්ල අතින්  රචිත මෙම ජනප්‍රිය නවකතාව වැඩිකල් නොගොස් 1962 දී රොබට් මුලිගන් අතින් සිනමාවට නැගෙනවා. (IMBD 8.3/10). සිනමාපටයත් ප්‍රේක්ෂක සහ විචාරක සම්මාන නොමදව ලද එකක්.







  • Da Vinci code සහ Angels and Demons


    https://www.youtube.com/watch?v=zzjv-GUEDfg
    ඩෑන් බ්‍රවුන් විසින් 2003 දී රචිත ඩා වින්සි කෝඩ් 2006 දී ද 2000 දී රචිත ඒන්ජල්ස් ඇන්ඩ් ඩිමොන්ස් 2009 දී ද සිනමාවට නැගෙනවා. ඩා වින්සි කෝඩ් ඇතැම් රටවල වාරණයට පවා ලක්වෙනවා.





        
  • Moby-Dick


    1851 දී හර්මන් මෙල්විල් විසින් රචිත මෙම නවකතාව 1956 , 1998,2015 සහ 2017 දී සිවු වතාවක් සිනමාවට නැගෙනවා.

  • Dracula
                                                                                    (The cover of the 01st edition)
      


    ලොව පුරා වැඩිම අනුවාද ප්‍රමාණයක් ඇතිව සිනමාවට නැගුන  නවකතාව මෙයදෝ කියා සිතෙන තරමට Dracula සිනමා පට අප දැක තිබෙනවා. 1897 දී බ්‍රෑම් ස්ටෝකර් විසින් රචිත මෙම නවකතාව මුල් වරට 1931 දී ටොඩ් බ්‍රව්නින්ං විසින් රිදීතිරයට ගෙනවිත් තිබෙනවා.





  • No country for old men



    2005 ඇමරිකානු ජාතික නවකතාකරුවකු වන කොමැක් මැකර්ති විසින් රචිත ජනප්‍රිය ව් කතාව 2007 දී ජනප්‍රිය සිනමාපටයක් ලෙස අප හමුවට එනවා. සිනමාපටය IMBD 8.1/10 වාර්තා කරනවා.

  • The Shining


    1977 දී ස්ටෙෆන් කිං වීසින් ලිවූ නවකතාව 1981 දී ජනප්‍රිය සිනමාපටයක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආවේ සුප්‍රකට සිනමා කරු ස්ටැන්ලි කුබ්‍රික් විසින ි. IMBD   8.4/10.








  • Witness for the Prosecution


    රහස් පරීක්ෂක කතා ලොව රැජිණ අගතා ක්‍රිස්ටි විසින් 1925 දී සඟ්රාවකට “Traitor’s Hands” නමින් ලිවූ නවකතාව 1933 දී Witness for the Prosecution නමින් නවකතා පොතක් ලෙස  එලි දක්වනවා. එය 1957 දී සහ 2016 දී සිනමාවට නැ ගෙනවා.1957 සිනමා පටය වඩාත් සාර්ථක වී ඇති අතර   IMBD 8.4/10 ක් වාර්තා කරනවා. පුද්ග්ලිකව මා කැමතිම Court house drama ශානරයෙ සිනමාපටයයි . 

  • The Maze Runner


    ජේම්ස් ඩැෂ්නර් විසින් 2009 සිට් 2016 තෙක රචනා කල නවකතා 5කින් පොත් තුනක කතා වෙස් බෝල් විසින් 2014 සිට 2018 තෙක් සිනමාවට නගා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

    ඉහතින් දක්වා තිබෙන්නේ මා ඉතාම කැමති නවකතා පාදක  කරගෙන තැනුන සිනමාපට  කිහිප යක්.
    මීට අමතරව අහත නිර්මාණද මා කැමති ඒවා අතර තිබෙණවා.

  • The Fault in our stars
     How to Train your dragon

    A most wanted man
    Call me by your name
    It
    Ben-Hur 
    God Father
      









    Twilight series
     
    The Kite runner
    The girl with the dragon tattoo
    Alice in wonderland
    Matilda

    Charlie and the Chocolate factory
    Forrest Gump
    BrokeBacMountain






    The Chronicles of Narnia


    Dear John




    Franken Stein

    The Count of Monte Christos









    Beautiful creatures









    Secret life of Bees













    Twelve years a Slave


    One flew over the Cuckoo’s nest
    A walk to remember











     
     ඉහත ලැයිස්තුවල නැති නවකතා පාදක කරගෙන තැණුන සිනමා පට තව බොහොමයක් තිබුණද ඒ සියල්ලම මෙහි දැක්වීම අපහසු දෙයක්.
    එ නිසා ඔබ දන්නා මෙහි සඳහන් නොවන නිර්මාණ ගැන අදහස් දක්වන්න.
    -          අමිල -

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters