TIN TIN








ටිකකට පොඩි කාලෙට යමුද...
90 දශකයේ මැද හරියකදි ජාතික රූපවාහිණියෙ කාටූන් මාලාවක් පෙන්නන්න පටං ගත්තා...තේමා වාදනය ඇහෙනකොට කොහෙ හිටියත් දුවගෙන එන තත්වෙට අපි ඒ කාටූන් මාලාවට වහ වැටුනා...
ඒ ටිංටිං... දැන් තේමා වාදනය ඇහෙනවා ඇහෙනවා නේද...
ටිං ටිං බැලුවට හැමෝම ටිංටිංගෙ උප්පැන්නේ ගැන දන්නෙ නැහැනෙ...
ඔන්න එහෙනං ඒ ගැන ටිකක්...

1929 ජනවාරි 10 වෙනිදා ජෝර්ජ් රෙමී කියන කාටූන් ශිල්පියා තමයි Le Petit Vingtieme කියන පුවත්පතේ අතිරේකයකට මෙම කාටූන් කතාව ඇන්දෙ...
මුල්ම කතාව තමයි සෝවියට් දේශයට වීර චාරිකාවක්. Les Aventures de Tintin තමයි කතා මාලාවට තැබූ නම..
කතාමාලාවේ ජනප්‍රියත්වයත් සමගම එය ප්‍රංශයේ ප්‍රධානම ජාතික පුවත්පතක් වන Le Soir (The evening) හි පලවුනා...


මුල් කතාවට තවත් කොටස් 23ක් එකතු වී කතා මාලාව කොටස් 24ක් ලෙස සම්පූර්ණ වුනා...

පසුව සාර්ථක ටිංටිං සඟරාවත් ආරම්භ වුනා...
පුවත්පත් වාර්තාකාරයෙක් වුන ජෝර්ජ් රෙමී සිය අතින් නිමවුන කතා සහ පින්තූර වල RG ලෙස අත්සන් තැබීමට පුරුදුව තිබුනා..මෙය ප්‍රංශ බසින් උසුරුවන්නෙ හර්ජ් ලෙසයි..එනිසා ජෝර්ජ් ගේ සුරතල් නාමය හර්ජ් ලෙස සුප්‍රකට වුනා...
ටිංටිං ට වසර 75ක් පිරෙන විට එය ලොව පුරා භාෂා 70කට පරිවර්තනය වෙලා ඉවරයි...පොත් මිලියන 230ක්ට අධික ප්‍රමාණයක් අලෙවි වෙලා අවසන්...75 වන උපන්දිනය දවසෙ ටිංටිංගෙ රූපය රැගත් යූරෝ 10 කාසියකුත් නිකුත් වුනා...
ටිංටිං කියන්නෙ 20 වන ශතවර්ෂයේ අතිශය ජනප්‍රියම කොමික් කතා මාලාව වුනා...
2009 වර්ෂයේ බෙල්ජියමේ විවෘත වුන හර්ජ් කෞතුකාගාරය ටිංටිං සඳහා ඇතිවුන කෞතුකාගාර වලින් ඉදිරියෙන්ම තියෙනවා...

මෑතකදී රතු,ඉන්දියානු තීන්ත වලින් නිමවුන ටිංටිං සහ ස්නෝවිගේ රුව රැගත් චිත්‍රයක් ඩොලර් ලක්ෂ 50කට වෙන්දේසි වී තිබෙන බව ඔබ දන්නවද?
මෙම සිතුවම 1939 දී ඔක්ටකාස් රජුගේ සිතුවම් සමූහයේ තිබුණ එකක්...


ටිංටිං එච්චර වයස වුනාට ඒක රූපවාහීණී කතා මාලාවක් වුනේ 1991 දී...
සුප්‍රකට කාටූන් සමාගමක් වන Nelvana Limited, Elipse Programme නම් සමාගමත් සමග එකතුව කාටූන් කතා මාලාවක් ලෙස නිපදවුන ටිං ටිං ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා වලින් විකාශය වුනා...
ප්‍රථමයෙන් ප්‍රංශයේ FR3 නාලිකාවේත් පසුව එක්සත් ජනපදයේ HBO නාලිකාවේද, කැනඩාවේ Family නාලිකාවේද , ජපානයේ NHK නාලිකාවේද විකාශය වුනා...ප්‍රංශ කතා මාලාවේ ටිංටිං ලෙස මුල් වතාවට Colin O Meara ද ස්නෝවි ලෙස Susan Roman ද හඬ කැවීම් කලා...




කොමික් කතා මාලාවේ ඇතැම් චරිත වලට මුලින් දී තුබුන නම් වෙනස් බව දන්නවද..

ස්නෝව් මුල්න මිලොඋ (Milou) ලෙසද මහාචාර්ය කැල්ක්‍යුලස් Prof.Tournesol ලෙසද තොම්සන් හා තොම්ප්සන් Dupont et Dupond ලෙසද නම් ලබා සිටියා....
ටිං ටිං නමත් එක්ක හර්ජ් ගෙ නම නිතරම කිවුවත් නම නොකියවෙන කණ්ඩායමකුත් ඉන්නවා..ඒ තමයි පසුකාලින ටිංටිං නිර්මාණ වලට දායක වුන පිරිස..ඒ අයගෙන්

Bob de Moor
Edgar P Jacobs
Jacques Martini
Roger Leloup
ප්‍රධාන වෙනවා...

මෙහෙම ඇවිදගෙන ආපු ටිංටිං හොලිවුඩ් සිනමාවේ දැවැන්තයෙක්ගෙ ඇස ගැහෙන්නෙ 1983.ස්පිල්බර්ග් 1983 දී ටිංටිං හි සිනමා නිර්මාණ අයිතිය ලබා ගත් අතර 2002 දි නැවත ලබා ගන්නවා...පසුව 2008 දී නිර්මාණය ආරම්භ කරලා 2010 දී සිනමා පටය නිකුත් කරනවා..එය ආදායම් අතින් සාර්ථක නිර්මාණයක් වුනා..


මෙහෙම ආපු ටිංටිං ගෙ අලුත් පිම්මක් වුනේ 2015 දි ඇපල් සමාගම මගින් Tintin mobile app එක හඳුන්වා දීම...ඒ 2015 ජූනි 6 වෙනිදා...

ඕං තව පොඩ්ඩෙං අමතක වෙනවා ටිංටිංගෙ යාලුවො ටිකව මතක් කරන්න..
ලඟම යාලුවා ස්නොවී..ඊට පස්සෙ ඉඳි කට්ටට නූල වගේ ඉන්නෙ කැප්ටන් හැඩොක්...
මහාචාර්ය කැල්ක්‍යුලස් සහ ඔපෙරා ගායිකාව බියංකා කැස්ටෆියොරේ තමයි ටිංටිංගෙ ලඟම යාලුවො..ඊට අමතරව ජෙනරල් ටැපියෝකා එහෙමත් හිටියා...
ටිංටිංගෙ ලොකුම හතුරා තමයි රාස්ටාපොප්‍යුලොසෙස් ...

මේ කට්ටිය එකතු වෙලා ලස්සන කරපු ටිංටිං ට එදා වගේම අදත් අපි කැමතියි නේද...මම සම්බන්ධයෙන් නම් ඔවු...ටිංටිං කොමික් පොත් කිහිපයකට අමතරව pdf version එකෙන් සියලුම පොත්ද සහ බාගෙන තියාගන ඉන්න ටිංටිං කාටූන් මාලාවයි ඇනිමේෂන් සිනමාපටයයි මගේ ටිංටිං රසිකත්වය පෙන්වනවා...
ටිංටිං නිර්මාණයට හේතු හැටි හර්ජ් ෙමහෙම කියලා තියෙනවා..

"idea for the character of Tintin and the sort of adventures that would befall him came to me, I believe, in five minutes, the moment I first made a sketch of the figure of this hero: that is to say, he had not haunted my youth nor even my dreams. Although it's possible that as a child I imagined myself in the role of a sort of Tintin."
—Hergé, 15 November 1966

ටිං ටිං කතා මාලාව පහත කොටස් වලින් යුතු වුනා...මගේ ප්‍රියතම ඒවා තමයි..ඔටකාර් රජුගේ සෙංකෝලය...හිරුගේ සිරකරුවෝ සහ ටිංටිං සහ පළිඟු බෝල හත...

Tintin in the Land of the Soviets
Tintin in the Congo
Tintin in America
Cigars of the Pharaoh
The Blue Lotus
The Broken Ear
The Black Island
King Ottokar's Sceptre
The Crab with the Golden Claws
The Shooting Star
The Secret of the Unicorn
Red Rackham's Treasure
The Seven Crystal Balls
Prisoners of the Sun
Land of Black Gold
Destination Moon
Explorers on the Moon
The Calculus Affair
The Red Sea Sharks
Tintin in Tibet
The Castafiore Emerald
Flight 714 to Sydney
Tintin and the Picaros
Tintin and Alph-Art

දැං හවසට හවසට යන මෝඩ පහේ ඉන්දීය කාටුන් අවසන් වී නැවත මෙ කාටුන් මෑත යුගයේ දරුවන්ට බැලීමට වාසනාව ලැබේවායි පතමින් නවතිමි...
-අමිල-

Gallery

Tin Tin's Father - Herge ( Remie George) ...මෙයාට ගෞරවයක් විදිහට ස්පිල්බරග් එයාගේ ඇනිමේෂන් සිනමා පටයේ හර්ජ් චරිතය ඇතුළත් කරනවා..සිනමාපටය ආරම්භයේ ටිං ටිං ගේ චිත්‍රයක් , පාරේ ඉඳන් අඳින්නෙ හර්ජ් තමයිTin Tin's Father - Herge ( Remie George) ...







3 comments:

  1. Replies
    1. You may click the follow button and follow the blog. Then you will get notifications of al new posts.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters