නවකතාවෙන් හොලිවුඩයට ……



නවකතාවෙන් හොලිවුඩයට  ……
අද පොඩි නිවාඩුවක් දැම්මා..වැස්සත් එක්ක... උදේ වරුවෙ නවකතාවක් කියවන්න ගත්ත...ඒකෙන් හදපු පිලුම ත් කිහිප වතාවක් බලලා තියෙනවා...ඉතින් ඕක කියව කියව ඉන්න අතරේ නිකමට හිතුනා හොලිවුඩයට ආපු නවකතා ගැන ටිකක් හොයන්න..හොයද්දි තමයි දැක්කෙ මම කැමතිම පිලුම් ගොඩක් තියෙනවා කියලා, නවකතා වලින් හදපු...සමහර ඒව නම් නව කතා වලින් හදපු බව දැනන් හිටියා..සමහර ඒව කලින් දැනන් හිටියෙ නෑ...ඉතින් දහස් ගානක් අතරින් මෙ මම වාඅත්ම ප්‍රියතම ඒව සහ ප්‍රියතම ඒව (අනු පිළිවෙලින් නොවේ)
  • Perfume : the story of a murderer 


     පැට්‍රික් සස්කින්ඩ් විසින් 1985 රචනාවුණ පර්ෆියුම් 2006 දී ටොම් ටයිකර් විසින් සිනමාවට ගෙන එනවා . සිනමා  විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ  ගේ නොමද පැසසුමට ලක්වුණ සිනමාපටයක්  තමයි පර් ෆියුම්(IMBD 7.5/10). නවකතාවත් best seller එකක් හැටියට ලැයිස්තු ගතවෙලා තියෙනවා .( මම උදය වරුවෙ කියව කියව හිටියෙත් මේකම තමයි ) 







  • The Book Thief


    ඔස්ට්‍රේලියානු ලේඛක මාකස් සුසැක් විසින් රචිත , ලොව පුරා සීඝ්‍රයෙන් අළෙවි වුණ නවකතාව  2013 දී බ්‍රයන් පර්සිවල් විසින් සාර්තක සිනමා පටයකට ගොඩනගනවා (IMBD 7.6/10). මෙහි විශaේෂත්වය වන්නෙ පාඨකයාaගේ හ ප්‍රේක්ෂකයාගේ දැසට කඳුලක් ගෙන එන කතාව මාරයා විසින් ඉදිරිපත් කිරීමයි.







  • Harry Potter series


    මේක නොදන්නෙ කවුද ඉතින් . ජේ.කේ.රෝලිංස් විසින් 1997 සිට 2007 තෙක් රචණා වුණ නවකතා 7ක් 2001 සිට 2011 තෙක් Chris colombus, Alfonso Cuar’n , Mike Newell සහ David Yats නම් අඪ්‍යක්ෂ   වරුන් අතින් සිනමාවට නැගෙනවා.







  • Hobbit Series සහ The Lord of the Rings series

    (The cover of 01st edition)
     

    උඩ එක වගේම තමයි මේකත් . 1937 ජේ.ආර්.ආර්.ටෝකිංස් විසින් රචිත හොබිට් නවකතා මාලාව සහ 1954 -1955 දී ඔහු විසින්ම රචිත ද ලෝඩ් ඔෆ් ද රිංස් කතා මාලාව 2012-2014 සහ 2001-2003 දී පීටර් ජැක්සන් අතින් සිනමාවට නැගෙන වා. නවකතා මාලාවන් දෙක වගේම සිනමා පට මාලාවන් දෙකත් අතිෂය ජනප්‍රියත්වයට පත්වෙනවා.




                                 (The cover of 01st edition) 

  • Wuthering Heights

    එම්ලි බ්‍රොන්ටේ විසින් 1847 තර ඈතකදි ලිවූ නවකතාව  අදටත් ලොව හොඳම නවකතා  සියය අතරේ තියෙන එකක්. 1939 දී මෙම නsවකතාව සිනමාවට නැගෙනවා විලියම් වයිල් අතින්.

  • ·      To kill a mocking bird


    1960 දී හාපර්ල අතින්  රචිත මෙම ජනප්‍රිය නවකතාව වැඩිකල් නොගොස් 1962 දී රොබට් මුලිගන් අතින් සිනමාවට නැගෙනවා. (IMBD 8.3/10). සිනමාපටයත් ප්‍රේක්ෂක සහ විචාරක සම්මාන නොමදව ලද එකක්.







  • Da Vinci code සහ Angels and Demons


    https://www.youtube.com/watch?v=zzjv-GUEDfg
    ඩෑන් බ්‍රවුන් විසින් 2003 දී රචිත ඩා වින්සි කෝඩ් 2006 දී ද 2000 දී රචිත ඒන්ජල්ස් ඇන්ඩ් ඩිමොන්ස් 2009 දී ද සිනමාවට නැගෙනවා. ඩා වින්සි කෝඩ් ඇතැම් රටවල වාරණයට පවා ලක්වෙනවා.





        
  • Moby-Dick


    1851 දී හර්මන් මෙල්විල් විසින් රචිත මෙම නවකතාව 1956 , 1998,2015 සහ 2017 දී සිවු වතාවක් සිනමාවට නැගෙනවා.

  • Dracula
                                                                                    (The cover of the 01st edition)
      


    ලොව පුරා වැඩිම අනුවාද ප්‍රමාණයක් ඇතිව සිනමාවට නැගුන  නවකතාව මෙයදෝ කියා සිතෙන තරමට Dracula සිනමා පට අප දැක තිබෙනවා. 1897 දී බ්‍රෑම් ස්ටෝකර් විසින් රචිත මෙම නවකතාව මුල් වරට 1931 දී ටොඩ් බ්‍රව්නින්ං විසින් රිදීතිරයට ගෙනවිත් තිබෙනවා.





  • No country for old men



    2005 ඇමරිකානු ජාතික නවකතාකරුවකු වන කොමැක් මැකර්ති විසින් රචිත ජනප්‍රිය ව් කතාව 2007 දී ජනප්‍රිය සිනමාපටයක් ලෙස අප හමුවට එනවා. සිනමාපටය IMBD 8.1/10 වාර්තා කරනවා.

  • The Shining


    1977 දී ස්ටෙෆන් කිං වීසින් ලිවූ නවකතාව 1981 දී ජනප්‍රිය සිනමාපටයක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආවේ සුප්‍රකට සිනමා කරු ස්ටැන්ලි කුබ්‍රික් විසින ි. IMBD   8.4/10.








  • Witness for the Prosecution


    රහස් පරීක්ෂක කතා ලොව රැජිණ අගතා ක්‍රිස්ටි විසින් 1925 දී සඟ්රාවකට “Traitor’s Hands” නමින් ලිවූ නවකතාව 1933 දී Witness for the Prosecution නමින් නවකතා පොතක් ලෙස  එලි දක්වනවා. එය 1957 දී සහ 2016 දී සිනමාවට නැ ගෙනවා.1957 සිනමා පටය වඩාත් සාර්ථක වී ඇති අතර   IMBD 8.4/10 ක් වාර්තා කරනවා. පුද්ග්ලිකව මා කැමතිම Court house drama ශානරයෙ සිනමාපටයයි . 

  • The Maze Runner


    ජේම්ස් ඩැෂ්නර් විසින් 2009 සිට් 2016 තෙක රචනා කල නවකතා 5කින් පොත් තුනක කතා වෙස් බෝල් විසින් 2014 සිට 2018 තෙක් සිනමාවට නගා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

    ඉහතින් දක්වා තිබෙන්නේ මා ඉතාම කැමති නවකතා පාදක  කරගෙන තැනුන සිනමාපට  කිහිප යක්.
    මීට අමතරව අහත නිර්මාණද මා කැමති ඒවා අතර තිබෙණවා.

  • The Fault in our stars
     How to Train your dragon

    A most wanted man
    Call me by your name
    It
    Ben-Hur 
    God Father
      









    Twilight series
     
    The Kite runner
    The girl with the dragon tattoo
    Alice in wonderland
    Matilda

    Charlie and the Chocolate factory
    Forrest Gump
    BrokeBacMountain






    The Chronicles of Narnia


    Dear John




    Franken Stein

    The Count of Monte Christos









    Beautiful creatures









    Secret life of Bees













    Twelve years a Slave


    One flew over the Cuckoo’s nest
    A walk to remember











     
     ඉහත ලැයිස්තුවල නැති නවකතා පාදක කරගෙන තැණුන සිනමා පට තව බොහොමයක් තිබුණද ඒ සියල්ලම මෙහි දැක්වීම අපහසු දෙයක්.
    එ නිසා ඔබ දන්නා මෙහි සඳහන් නොවන නිර්මාණ ගැන අදහස් දක්වන්න.
    -          අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters