භාරතයේ විත්ති - 26 - ඉන්දියාවේ නයගරාව


ලෝක ප්‍රකට නයගරාව නොදත් කෙනෙක් මේ සමූහයේ සිටිනවා කියලා මම හිතන්නෙ නෑ...ඉන්නවනම් එහෙම කෙනෙක් මේකෙ ඉඳ වැදකුත් නෑ..
ඒත් කී දෙනාද දන්නෙ ඉන්දියාවේ නයගරාව ගැන...

ඉන්දියාවේ නයගරාවන් නමින් හඳුන්වන දිය ඇලි කිහිපයක්ම තියෙනවා...නමුත් ඒ අතරිනුත් නියම නයගරාවට ස්වරූපයෙන් වඩාත්ම සමාන දිය ඇල්ල ගැනයි මේ කියන්න සූදානම.
ඒ තමයි "චිත්‍රකූට් ඇල්ල".

චත්තිස්ගර්හි පමණක් නොව සමස්ත ඉන්දියාවේම සුප්‍රකට දිය ඇලි අතර නම රැන්ද්දූ මෙම ඇල්ල චත්තිස්ගර් ප්‍රාන්තයේ , බස්තාර් දිස්ත්‍රික්කයේ බටහිර ජග්දල්පූර් හි (ජග්දල්පූර් නගරයේ සිට කි.මී.38ක් දුරින් ) චිත්‍රකූට් ප්‍රදේශයේ මෙම ඇල්ල පිහිටා තිබෙණවා.ඔඩෙස්සා ප්‍රාන්තයේ කලහන්ඩි කලාපයේ , වින්ධ්‍යා කඳුවැටි කලාප‍යෙන ආරම්භ වී පැමිණෙන ඉන්ද්‍රවතී ගංගාව චිත්‍රකූට් හිදී අශ්වලාඩමක හැඩයෙන් මීටර 29ක් (අඩි 95ක්) පහලට ඇදවැටීමෙන් මෙම දියඇල්ල නිර්මාණය වෙනවා.....දිය ඇල්ලේ පළල මීටර 300ක් (අඩි 980 ක්) පමණ වෙනවා...

මෙම ඇල්ලෙන් පහලට බසින ඉන්ද්‍රවතිය (උපතේ සිට සැතපුම් 240ක් ගෙවා ගොස්)තෙලිඟානා ප්‍රාන්තයද හරහා ගොස් අවසානයේ ගෝදාවරී නදියට එකතු වෙනවා.

වර්ෂාපතණය අඩු කාල වලදී එකිනෙකට වෙන් වුණ දිය ඇලි තුනක් ලෙසින් පෙනුනද ඉන්ද්‍රවතියේ ඉහලට තදින් වර්ෂාව ඇදහැලෙන කාලයට එකම දියඇල්ලක් ලෙස නයගරා ඇල්ලේ ස්වරූපයෙන් මෙය ඇද හැලෙනවා...සාමාන්‍යයෙන් සෞම්‍ය දේසගුණයක් තිබෙන මෙම ප්‍රදේශය හේමන්ත ඍතුවේදී දැඩි වියලි ස්වභාවයක් දරණවා. ජූලි සහ ඔක්තෝබර් කාලවලදී වර්ෂාව වැඩි වීමත් සමගම දිය ඇල්ල හරහා දේදුණු පායා තිබෙණු දැකීම සුලභ දෙයක් .











දිය ඇල්ලේ වම් ඉවුරේ ශිව දෙවියන්ට කැප වුණ මන්දිරයක් තිබෙණ අතර අවට තිබෙණ ස්වභාවිකව සැකසුණ ගුහා පංතිය 'පාර්වතී ගුහා'ලෙස හඳුන්වනවා.

මෙම දිය ඇල්ල ආසන්නයේ ඉන්ද්‍රවතී නදියේ බෝට්ටු සවාරි සඳහා ප්‍රකටයි...

චත්තිස්ගර් හි මාවෝ වාදී කැරලි කරුවන් නිසා සංචාරක කර්මාන්තයට කෙනෙහිලිකම් සිදු නොවෙනවාම නොවේ.
දිය ඇල්ල නැරඹීම සඳහා සුදුසුම කාලය වන්නේ පෙබරවාරි සහ අගෝස්තු ලෙස දැක්වෙනවා.
ආසන්නයේම පිහිටි දුම් රිය ස්ථානය හා ගුවන්තොටුපොළ ජග්දලාපූර් හි පිහිටා තිබෙනවා.
වෙනවා.

- නැවත හමුවෙමු -

Gallery



 

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters