දෙවියන්ගේ ගීතයෙන් - 05 (from Bhagavad Gita )



පළමු පරිච්ඡේදය ,සිවුවන කොටස 


16-18
"අනන්ත විජයම් රාජා
කුන්තිපුත්‍රෝ යුධීෂ්ථිරහ්
නකුලහ් සහදේවශ් ච
සුඝෝෂා - මණිපුෂ්පකෞ

කාෂ්‍යාශ් ච ප්‍රමේස්වාහ්
සිඛන්ධි ච මහා රථහ්
දෘෂෟඨද්‍යුම්නෝ විරාථශ් ච
සාත්‍යකීශ් ච පරාජිතහ්

දෘපදෝ ද්‍රෞපදේයශ් ච
සර්වෂහ් පෘථ්වි-පථේ
සෞභද්‍රාශ් ච මහා -බාහුහ්
සංඛං දධ්මුහ් ප්‍රථක් ප්‍රථක් "

මහා රජු ;කුන්ති පුත්‍ර යුධිෂ්ථිර සිය අනන්ත විජය නම් ශංඛය වාදනය කරත් නකුල සිය සුඝෝෂ නම් ශංඛයද, සහදේව සිය මණිපුෂ්පක නම් ශංඛයද,මහා වීර කාශි රජු ,වීර සටන් කර සිඛන්ධී,දෘෂ්ඨද්‍යුම්න , විරාථ,සත්‍යඛී ,දෘපද ,මහා බාහුධර ;සුභද්‍රගේ පුත්‍ර යන අයද සිය ශංඛයෝ වාදනය කලෝය...
මෙසේ තවදුරටත් සංජය සිය ස්වාමී දෘථරාෂ්ඨ්‍ර රජුට ඔහුගේ අණුවන ක්‍රියාව අඟවන්නට විය...
කෞරවයන්ගේ විනාශය පෙන්වන සියළු ලකුණු සැමතින්ම පහල වුන බව සංජය දෘථරාෂ්ඨ්‍ර ට පහදන්නට විය...

19.
"සා ඝෝසෝ දෘථරාෂ්ඨ්‍රනම්
හෘදයානි ව්‍යදාරයත්
නභශ් ච පෘත්වීම් චෛවා
තුමුලෝ 'භ්‍යනුනාදයම්"

නන්දෙසින් ඇසෙන්නට වුන විවිධවූ ශංඛ නාදයන්ගෙන් කුරුක්ෂේත්‍රය දෙදරුම්කෑවේය,ආකාශය ද ධරණීතලයද දෙදරුම් කෑවෝය ඒ හා සමගම දෘථරාෂ්ඨ්‍ර පුත්‍රයන්ගේ හෘදයන්ද දෙදරුම් කෑවෝය ....

කෞරව ශංඛ නාද අසා පාණ්ඩවයන් සසල නොවුවද පාණ්ඩව ශංඛ නාදය අසා කෞරවයෝ අවශ්‍යයෙන්ම සසල විය.....

- චරිත කතා -

- දෘෂ්ඨද්‍යුම්න -

පංචාල දේශයේ රජු ද්‍රැපද විසින් යාගයක් කොට ප්‍රාර්තනා කරනවා තමා සමග යුධකොට තම දේශයෙන් කොටසක් අත්පත් කරගෙන සිටි ද්‍රෝණාචාර්ය තුමාව මැරීමට සමත් පුතෙක් ලබා දෙන ලෙස...
ද්‍රෝණාචාර්ය සමග පැරණි වෛරයකින් ද්‍රැපද රජු පසු වුනා...
යාගය අවසන ගින්නෙන් ;අග්නි දිව්‍යපුත්‍රයාගේ දරුවන් (අර්ධ) ලෙස මතු වුනේ වැඩුනු තරුණයෙක් වන;අශ්ඨාදෘෂ විද්‍යාව පාරප්‍රාප්ත දෘෂ්ඨද්‍යුම්නත් , රූපත් තරුණියක වන ද්‍රෞපදීත් ය..
ද්‍රෞපදීට අමතරව සිඛන්ධිනී නම් සොහොයුරියක් හා සිඛන්ධී,උත්තමෞජාස්,යුධමාන්යු,
සුරාථ,ශතෘජන්‍ය,සත්‍යජිත ,ප්‍රියදර්ශන සහ ද්වජකේතු නම් සහෝදරයන්ද වුනා...
දිනක් තිර්ථ යාත්‍රවෙහි යෙදි සිටි කුමරියක් කශී කුමරෙක් වන සුධන්ව විසින් අපහරණය කිරීමට තැත් කරනවා .පලායාමට සමත්වුන කුමරිය දිව ගොස් නවතින්නෙ පූජා පවත්වමින් සිටි දෘෂ්ඨද්‍යුම්න අසලයි. දෘෂ්ඨද්‍යුම්න සිය අග්නේය දුන්නෙන් එක හීයක් විද සුධන්ව සහ පිරිස පරාජය කිරීමට සමත්වෙනවා..පසුව ඔහු කුමරිය සමග විවාහ වී ක්ෂත්‍රධර්මන්,ක්ෂත්‍රංජය,මානාධ සහ සත්‍යද්‍රිති යන පුතුන් ලබනවා...
දෘෂ්ඨද්‍යුම්න ලෙස ඉපදීමට පෙර ඔහු 'එක්ලව්‍යා' ලෙස උපත ලබා සිටියා..
ද්‍රෝණාචාර්යගේ මරණය දෘෂ්ඨද්‍යුම්න අතින් සිදුවන බව දෛවයේ ලියැවී තිබුණත් දොණාචාර්ය ඔහුව සිය සිසුවෙක් කොට පාණ්ඩවයන් සහ කෞරවයන්ට සමානවම ශික්ෂාව ලබා දෙනවා...
කෘෂ්ණගේ උපදෙස් පරිදි පාණ්ඩව හමුදාවේ සේනාපති ලෙස පත් වන්නේ දෘෂ්ඨද්‍යුම්නයි....


එක්ලව්‍යා ගැන සහ මහායුද්ධයේ ආරම්භය ඊලඟ කොටසින්

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters