මිල අධික අත්වැරැද්ද




2005 දෙසැම්බර් 8 වෙනිදා ජපානයේ ටෝකියෝ කොටස් හුවමාරුවේ ඉතිහාසයේ සිදුවුණ මිල අධිකම අත්වැරැද්දක් සිදු වුනා...

ටෝකියෝ කොටහස් ුවමාරුව ගැන කිවුවොත් ඒක ලෝකයෙන් තුන්වන විශාලතම කොටස් හුවමාරුව වෙනවා වගේම තමයි ආසියාවේ විශාලතම කොටස්හුවමාරුවත් වෙන්නෙ...
2005 දෙසැම්බර් 8 වෙනිදා ජපානයේ විශාලතම කොටස් තැරැව්කාර සමාගමක් වන මිසුහෝ සමාගමේ තැරැව්කාරයෙක් ( මේ වන තෙක් නම හෙලි නොකල ) විකුණුම් ඇණවුමක් කරනවා..ඒ J-Com නමැති සමාගමක මූලික ප්‍රසිද්ධ කොටස් නිකුතුව වෙනුවෙන්..
ඔහු විකුණුම් ඇණවුම දමන්නෙ කොටස් 610000 යෙන් 1ක් ලෙසයි...ඒ වුනත් නියම විදිහට ඇණවුම කලයුතුව තුබුනෙ 1 කොටසක් යෙන් 610000ක් වන ලෙසයි....කොටස් 14000ක් වෙනුවෙන් කොටස් නිකුතුව කල යුතුව තිබුනා...

කෙසේ හෝ අතවැරදීමකින් සිදු වූ මෙම ඇණවුම නිවැරදි කිරීමට මිසුහෝ සමාගමේ වෙනත් තැරැව් කරුවෙක් හතර වතාවක් උත්සාහ කලත් ටෝකියෝ කොටස් හුවමාරුවේ පරිගණක පද්ධතිය මගින් එයට ඉඩ ලබා දුන්නෙ නෑ..
ගණුදෙනුව අවසානයේ ජපානයේ දෙවන විශාලම බැංකුව වන මිසුහෝ බැංකුවේම කොටසක් වන මිසුහෝ සික්‍යුරිටීස් සමාගමට යෙන් බිලියන 27ක ($ 225 මිලියන ) අලාභයක් සිදු වෙනවා...
කොටස් නිකුතුව සඳහා සිදු කල ඇණවුම J -Com සමාගම මගින් නිකුත් කිරීමට සිටි කොටස් ප්‍රමාණය මෙන් 41 ගුණයක් වුනා...

ඉහත කී අලාභයට අමතරව මෙම ගණුදෙනුව නිසා ටෝකියෝ කොටස් හුවමාරුවේ නිකෙයි මිලදර්ශකය 1.95% ක අගයකින් පහල ගිය අතර දිනය අවසානයේ 1.45 % ක් (15,404.05) ක් වුනා.
ජපානයේ මූල්‍ය තත්වය සම්බන්ධයෙන් නිතරම විමසිල්ලෙන් පසුවන Japanese Financial Security Agency මගින් පරීක්ෂණයක් මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කලා..
ටෝකියෝ කොටස් හුවමාරුව විසින් මුලින් වරද පිලි නොගත්තත් පසුව වරද ඔවුන්ගේ පරිඝණක පද්ධතිය මගින් ගණුදෙනුව අවලංගු කිරීම සිදුකල නොහැකි වීම මත බව ප්‍රකාශ වුනා...
මීට වන්දි ලෙස කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරියා වුන ටකුඕ ට්සුරුෂිමා මහතා මහතා, පරිගණක අංශයේ ප්‍රධානී සාදෝ යොෂිනෝ සහ කළමණාකාර අධ්‍යක්ෂ ටොමිඕ අමානෝ යන අයත් ඉල්ලා අස්වුනා...

මීට අමතරව ජපානයේ මූල්‍යක්ෂේත්‍රයේ යෝධයෙක් වුන මිසුහෝ සමූහයේ කොටස් අගය 3.4%කින් පහත වැටුනා..

මේ සියල්ල සිදු වුනේ සුලු අත්වැරදීමකින් වුවත් වන්දිය ඉතා විශාලයි...
අත් වැරදීම සිදු වුන තැරැව් කරුවාට කුමක් සිදුවීදැයි වාර්තා වෙන්නෙ නෑ...
හැබැයි ඔවුන් උගත් ලොකුම පාඩම තමයි ටෝකියෝ කොටස් හුවමාරුවේ පරිගණක පද්ධතියට ගණුදෙනුවක් අවලංගු කිරීමේ හැකියාවක් නොමැති බවත් සහ වහාම එය ට ක්‍රියාමාර්ගයක් ගෙන නිවැරදි කල යුතු බවත්.....


https://www.cbsnews.com/n…/stock-trade-typo-costs-firm-225m/


2 comments:

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters