කොළඹ වීදියකදී.....09 - රෙජිනාගේ සිහිනය



තුම්මුල්ල හන්දියේ ඉඳන් තර්ස්ටන් විද්‍යාලය පැත්තට තර්ස්ටන් පාර දිගේ ටික දුරක් එද්දි රැජිණ පාර පහුවෙනවාත් සමගම වම් අතපැත්තෙ තියෙන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයයි (Collage House)

දුටු හැටියෙම සිත් ගන්න පෞරාණික අලංකාර ගොඩනැගිල්ලක් වන මෙය කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන්ම ඉදිකෙරුනක්ද?

නෑ ..
මේ ගොඩනැගිල්ල ගැන හොයද්දි දකුණෙ මහා පෝසතුන් වන සයිමනඅ පෙරේරා අබේවර්‍ර්ධන පවුළත් කොළඹ මහ පෝසතුන් වුන සොයිසා පවුළත් ගැන අමතක කරන්නෙ කොහොමද?

සයිමන් පෙරේරා මහතාට පුතුන් තිදෙනෙක් සහ දියණියක්ද චාර්ල්ස් හෙන්රි සොයිසා මහතාට පුතුන් හතක් සහ දියණියන් හතක්ද සිටි බව කියවෙනවා...
  (Simon Perera Abeywardena)


සයිමන් මහතාගෙ එක් පුතෙක් සොයිසා මහතාගේ දියණියක් සමග විවාහ වන අතර සයිමන් මහතාගේ එකම දියණිය සොයිසා මහතාගේ තුන්වැනි පුතු ;තෝමස් ද සොයිසා මහත්ආ සමග විවාහ වෙනවා

සයිමන් මහතාගේ මේ එකම දුවගෙ නම තමයි රෙජිනා පෙරේරා අබේවර්ධන.

ලංකාවේ ප්‍රභලම පවුල් දෙකක් බැඳුන මෙම විවාහය ගැන London Graphics  පුවත් පතේ පළවුනේ 'A sinhalese wedding in 1899' ලෙසයි...

මංගල්‍යයට දෙන්න තෑග්ගක් ලෙස ගෙයක් හැදුනා..ඒ කොළඹ 7 ,සොයිසා මහතාගේ මහ වළව්ව ;බගතලේ වළව්ව (පසුව ඇල්ෆ්‍රඩ් හවුස්) ආසන්නයේම ඉඩමකයි...

                                                                                                          (Thomas Arthur De Soyza with Rejina Perera Abeywardena)


රෙජිනා වෙනුවෙන් හැදුන මම වළව්වේ වැඩ අවසන් වීමට පෙර රජිනා මෙලොව හැර යනවා...ඉදිවුන ගෙදරට 'රෙජිනා වළව්ව' ලෙස නම් තියනවා ...

රෙජිනාට වැඩිකල් ජීවත්විය නොහැකි වුන රෙජිනා වළව්ව 1920 දී බ්‍රිතාන්‍ය රජය විසින් මිලට ගෙන 1921 දී ලංකා විශ්වවිද්‍යාල කොලීජිය පිහිටුවීමට යොදා ගන්නවා...
එදා සිට මෙදා තෙක් රෙජිනා වළව්ව කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුසිය ලෙස භාවිතා වෙනවා....

ගෘහකර්මාන්තය සඳහා වික්ටෝරියානු ඉතාලි සහ කේරළ යන සම්ප්‍රදායන් මිශ්‍රවූ ගෘහනිර්මාණ ශිල්‍පයක් යොදාගෙන තිබෙනවා..විශේෂයෙන්ම වහල්තල දුටු සැනින් සිහියට නැගෙන්නෙ කේරළ ප්‍රාන්තයේ ට්‍රෙවන්කෝර් මහ මාළිගය වන පද්මනාභපුරම් මාළිගයේ වහලයි..
දෙපසින් අටපට්ටම් හැඩැති කුළුණු දෙකකින් සහ මධ්‍යයේ හතරැස් ගොඩනැගිල්ලකින්ද මෙම වළව්ව සමන්විත වෙනවා....ඉදිරිපස ආලින්දයේ වහල්තලය දරා සිටින්නේ අලංකාර දැවමය කණුවලින්..කණු අතර විවිධ කැටයම් රැගත් ලැටිස් ගසා තිබෙන්නේ කේරළ සම්ප්‍රදාය මනාව පෙන්වමින්...
රෙජිනා වළව්වට දකුණු පසින් තර්ස්ටන් පාර සහ ඩුප්ලිකේෂන් පාර යා කරමින් පිහිටි පාර රෙජිනා පාර ලෙස හැඳින්වුවද පසුව එය රැජිණ පාර (Queens Road)වී තිබෙනවා...
රෙජිනාගේ මතකයන් වියැකී යන්නේ එලෙසයි...


ඉතිං තර්ස්ටන් පාරේ යනකොට රෙජිනාටද ගෞරව කරමින් රෙජිනා වළව්ව දෙස මදක් බලන්න....එදා මංගල තෑග්ගක් ලෙස ඉදි වුනත් අද එස ලක්ෂ සංඛ්‍යාත විද්‍යාර්ථීන් වෙනුවෙන් සේවය සළසමින් සිටිනවා...

කොළඹ වීදියකදී නැවත හමුවෙමු
Gallery


                                                        

                                                (Charles Henry De Soyza)







ඡායා රූප ජංජාලයෙන්

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters