"නුවර වීදි"

(Start of kings' street / Old Swarna Kalyana veediya)
අවුරුද්දකට පස්සෙ නුවර ආවා...කලින් නුවර ආපු වතාවල් වල ඇවිදින්න බැරි වුන තැන් ගොඩකට යන්න පුලුවන් වුනා මේ සැරේ...
නුවර කිවුවම අපිට මතක් වෙන එක දෙයක් තමයි නුවර පාරවල්..එහමත් නැත්තම් නුවර වීදි...කොටු දැලක් වගේ එකිනෙකට බැඳිච්ච වීදි ගොඩක් නුවර ටවුම ඇතුලෙයි වටේමයි තියෙනවා...
මේ වීදී රජකාලෙ ඉඳලා පැවත එන වීදි...සමහර ඒවගෙ නම් දැන් වෙනස් වෙලා..සහ සමහර ඒවා තාම ඒ නමින්ම තියෙනවා..සමහර වීදි දැන් තිබුන තැනක් සොයාගන්නත් නෑ...
ඉතිං මේ කියන්න යන්නෙ නුවර වීදි ගැන....
නුවර ප්‍රධානම වීදිය වන; ඔරලෝසු කණුව සිට දළදාමාළිගය තෙක් දිවෙන දළදා වීදියයි නුව උතුරු පැත්තයි යාකරන තවත් වීදී තුනක් තියෙනවා..මේ වීදී තුන තමයි

1. යටිනුවර වීදිය
2. කොටුගොඩැල්ල වීදිය
3. ඩී.එස් සේනානායක වීදිය




මෙයින් ඩී එස් සේනානායක වීදිය තමයි දිගම වීදිය..එය මහයියාව ප්‍රදේශය ආසන්නයටම දිවෙනවා...

ඩී.එස් සේනානායක වීදියේ උතුරු කොටසේ මහයියාවට ආසන්න ප්‍ර‍දේශය රජකාලෙ හනඳු්වලා තියෙන්නෙ බොරවේ වීදිය කියලා..ඒ බොර පාට වතුර තිබුන වැවක් නිසා කියලා තමයි කියන්නෙ...ඉන් පසු කොටස නාගහ වීදිය කියලත්..රජ වීදීයේ සිට දළදා වීදිය තෙක් කොටස හෙට්ටි වීදිය කියලත් හඳුන්වලා තියෙනවා...

යටිනුවර වීදිය ඒ නමින්ම තමයි හඳුන්වා තිබෙන්නෙ..යටිනුවර වීදියේ උතුරු කොටස ..ඒ කියන්නෙ අස්ගිරි විහාරය පැත්තට වෙන්න තියෙන කොටස කන්දේ වීදිය කියලා හඳුන්වා තිබෙනවා..අදටත් ඒ නමින්ම ඒ කොටස හඳුන්වනවා..

ොටුගොඩැල්ල වීදියෙ උතුරු කොටස ඒ කියන්නෙ කන්දෙ වීදියේ සිට හරස් වීදිය තෙක් කොටස දස්කර වීදිය ලෙස හඳුන්වා තිබෙනවා..දස්කර කුලයේ මිනිසුන් මෙහි පදිංචිව සිටි බව කියවෙනවා...හරස් වීදියත් රජ වීදියත් අතර පිහිටි කොටුගොඩැල්ල වීදියේ කොටස කොටු ගොඩැල්ල වීදිය නමින්ම සහ රජවීදියත් දළදා වීදියත් අතර කොටස කයිකාර වීදියත් ලෙස හඳුන්වලා තියෙනවා..රජුගේ කයිකාරයො(කවි කාරයො) පදිංචිවෙලා තියෙන්නෙ කයිකාර වීදියෙ...

යටිනුවර වීදිය හා ඩී එස් සේනානායක වීදිය යා කරමීන් කොටුගොඩැල්ල වීදිය හරහා දිවෙන තවත් වීදි කිහිපයක් තියෙනවා..(කරුණාකර මා අතින් ඇඳ ඇති සිතියම බලන්න)

ඒවා තමයි උතුරේ සිට පිලිවෙලින්

1. හරස් වීදිය
2. කුමාර වීදිය
3. රජ වීදිය
4. කොළඹ වීදිය



හරස් වීදිය එදා හඳුන්වලා තියෙන්නෙ කෝමුට්ටි වීදිය කියලා..
කුමාර වීදියට කියලා තියෙන්නෙ වෛකුණ්ඨ වීදිය..
රජ වීදිය ස්වර්ණකල්‍යාණ වීදිය නමින් හඳුන්වලා තියෙනවා...ස්වර්ණකල්‍යාණ වීදියෙ තමයි රජුගේ හිතවත්ම අධිකාරම් වරු සහ නිළමේ වරු වාසය කරලා තියෙන්නෙ...ස්වර්ණකල්‍යාණ වීදිය නොහොත් රජ වීදිය ආරම්භ වන තැනම වම්පැත්තට වෙන්න පුරාවිද්‍යා සංරක්ෂිත ගොඩනැගිල්ලක් තියෙනවා..ඒ තමයි ඇහැලේපොළ වළව්ව..

කොළඹ වීදියේ කොටස් කිහිපයක් විවිද නම් වලින් හඳුන්වලා තියෙනවා...බටහිරටම වෙන්න පිහිටි කොටස රිදී වීදිය ලෙසත් යටිනුවර හා සේනානායක වීදි අතෙර කොටස පල්ලදෙණිය වීදිය ලෙසත් හඳුන්වලා තියෙනවා...
දළදා වීදිය සහ පංසල වීදිය දළදා වීදිය නමින්මත්..දේව වීදිය ඒ නමින්මත් හඳුන්වලා තියෙනවා.

අද වඩුගොඩපිටිය වීදිය එදා හඳුන්වලා තියෙන්නෙ උඩුනුවර වීදිය කියලයි...
අද නුවර දිසාලේඛම් කාර්යාලය තියෙන භූමිය හරහා ඒ කාලෙ පාරක් තිබිලා තියෙනවා..අලුත් වීදිය නමින් හඳුන්වපු...දැන් ඒපාර එතන නෑ...
තවත් එකකි තමයි දේව වීදියෙන් ඇරඹී පත්තිනි හා නාථ දේවාල අතරින් විශ්ණු දේවාලය පිහිටි ප්‍රදේශයට දිවුන වීදියක් තිබිලා තියෙනවා මහාදේවාල වීදිය කියලා...
පත්තිනි හා නාථ දේවාල අතරෙ පෙරහැරට ගෙන ආ ඇතුන් ගාල් කරපු ප්‍රදේශය ඇත් වීදිය නමින් හඳුන්වා තිබෙනවා...
සාමාන්‍ය ජනයාට තහනම් වූ ප්‍රදේශයක් තමයි අෂ්ඨ වංක වීදිය නොහොත් කුමරුප්පෙ වීදිය..ඒ වීදය තමයි අද කිරිමුහුදත් දළදාමාළිගයත් අතරින් උල්පැගන්ගෙයත් පසුකරමින් ඇදෙන්නෙ.
රජුගේ ඤාතීන් ද මහ බිසව සහ අන්තප්පුරය සිටි මාළිගාවන් තිබෙන්නේත් බිසෝවරුන්ගේ නාන තොට වූ උල්පැන්ගෙය තිබෙන්නේත් මෙම වීදිය ආසන්නයේයී...
මහරජු විසූ මාළිගය දළදාමාළිගයට උතුරින් අදටත් තිබෙනවා..එය මහ මාළිගය නමින් හැඳින්වුන අතර අද බෞද්ධ කෞතුකාගාරය පිහිටි ගොඩනැගිල්ලත් එදා මහමාළිගය පිහිටි ප්‍රදේශයි..අද මහ මාළිගයෙන් කොටසක් පමණක් ඉතිරිවී තිබෙනවා...
        (මහ බිසවගේ මාළිගය "මැද වාහල")

මැද මාළිගයේ තමයි මහ බිසව වාසය කලේ..එය පිහිටා තිබෙන්නෙ බෞද්ධ කෞතුකාගාරයත් පල්ලෙ මාළිගාවත් අතරයි...එය අද කෞතුකාගාරයක්...

                      (ලෝක බෞද්ධ කෞතුකාගාරය )

පල්ලෙමාලිගය ඒ කියන්නෙ රජුගේ අන්තප්පුරය අද මහනුවර කෞතුකාගාරය පවත්වාගෙන යාමට භාවිතා කරනවා...
ඉතිං මේ දාලා තියෙන්නෙ නුවර පුරා ඇවිදලා එකතු කරගත්ත තොරතුරු ...
වරදක් තිබේ නම් නිවැරදි කරත්වා...
අමතර යමක් තිබේනම් එකතු කරත්වා...
- අමිල-

Galery
(Pics by Amila )

බෞද්ධ කෞතුකාගාරයේ තබා ඇති ප්‍රදර්ශන භාණ්ඩ





මහනුවර කෞතුකාගාරයේ තබා ඇති ප්‍රදර්ශන භාණ්ඩ (මෙම කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ පල්ලෙ වාහල නොහොත් රජුගේ උප බිසෝවරුන්ගේ මාළිගයේය )















2 comments:

  1. ස්තූතියි මේ බලොග් සටහන ට..... (අකූරු බොහොම කුඩා නිසා කියවීඹ ඉතා අපහසුයි. විශාලනය කරන්නත් බැහැ. ඒ් ගැන අවධානය යොමු කරන්න.)

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters