ස්තෝත්‍ර 02 - ශිවතාණ්ඩව ස්තෝත්‍රය

කලින් වතාවේ ගෙනාවෙ ශිවගේ බිරිය වන පාර්වතියගේ අවතාරයක් විසින් මහිෂාසුර මර්ධණය කිරීම සහ ඒ ඇසුරින් ඇගෙ බලසම්පන්න කම වර්ණනා කෙරෙන 'මහිෂාසුර මර්ධිනි ස්තෝත්‍රයයි'..අද කියන්නෙ යන්නෙ සැමියාගේ වර්ණනාව වන 'ශිව තාණ්ඩව ස්තෝත්‍රය' ගැනයි.
ශිවතාණ්ඩව ස්තෝත්‍රය සම්බන්ධයෙන් වන සුප්‍රකටම දේව/මිත්‍යා කතාව වනුයේ එය රාවණා විසින් රචිත එකක්ය යන්නයි..ඉන් එක්  කතාවකට අනුව රාවණා සිය විමානයේ නැග  ආකාෂයේ සංචාරය කරමින් සිටිනවා.ඔහුගේ අහංකාර කම සහ බලපරාක්‍රමය නිසාම මාර්ගයේ හමුවන සෑම බාධකයක්ම නිර්දයව ඉවත් කිරීමට ඔහු පෙළඹුණා..මෙසේ යමින් සිටින විට ඔහු කෛලාශ කූඨය වෙත එළඹෙනවා..කෛලාශකූඨය යනු මහාදේව නොහොත් ශිව ගේ වාසස්ථානයයි.. රවණා අණ කර සිටිනවා කඓලාශකූඨයට සිය මාර්ගයෙන් ඉවත්වන ලෙසට..එහෙත් ශිවගේ වාසස්ථානය වන එය මාර්ගයෙන් ඉවත්වන්නේ නෑ.ඒ නිසා අනෙක් සියලුම බාධක සේම මෙයත් මාර්ගයෙන් ඉවත් කර දැමීමට රාවණා උත්සාහ කරනවා.. විමානයෙන් බැස එන රාවණා කෛලාශකූඨය දැතින් ඔසවා ඉවත් කිරීමට උත්සාහ දරණ අවස්ථාවේ කෝපයට පත්වන මහාදේව සිය මහපටැඟිල්ල කෛලාශකූඨයෙහි ඔබා එය නැවත තිබු ස්ථානයේම තබනවා..මෙසේ බිම තබන අවස්ථාවේ රාවණාගේ එක් පාදයක් කෛලාශකූඨයට යටවන නිසා ඔහුට එතැනින් ඉවත්විය නොහැකි වෙනවා...

 දින දාහතරක් සිරව සිටින රාවණා අවසන ශිව සතුටු කොට නිදහස් වීමට සිතා ශිවතාණ්ඩව ස්තෝත්‍රය ගායනා කල බවත්, ඉන් සතුටට පත්වන ශිව රාවණා නිදහස් කොට ඔහුට විනාශ කර නොදැමිය හැකි ආයුධයක් වන චන්ද්‍රහාස් අසිපත තෑගි කරනවා..
තව කතාවකට අනුව රාවණා නාරද මුණිගේ අණින් මහාදේව රැගෙන ඒමට ගිය අවස්ථාවෙ ඉහත සිදුවීම සිදු වෙනවා..
මේ කතාව මෙසේ වුණත් මට අනුවනම් මේ කතාවෙන් මෙම විශිෂ්ඨ පදමාලාව රැගත් ස්තෝත්‍රය සත්‍ය වශයෙන්ම ලියූ පුද්ගලයාට සිදු කර ඇත්තේ සුළුපටු මදිපුංචි කමක් නොවේ..

උච්ඡාරණය පහසු නොවන  සංස්කෘත වචන යොදාගෙන රචිත ශිව තාණ්ඩව ස්තෝත්‍රයෙ ශ්ලෝක දහසයක් අඩංගු වෙනවා.. සිව්පද ශ්ලෝක වල එක පදයක සිලබල දහසයකින් යුත් වෙනවා.. ලඝු නම් කෙටි සිලබලත් ගුරු නම් දිගු සිලබලත් එකින් එක මාරු වෙමින් එකකට පසු එකක් ලෙස යෙදීමෙන්, පංච චාමර ඡන්දසින් මෙම ස්තෝත්‍රය .අනුප්‍රාසය රසය නොමදව ඇතිවන ලෙස රචිත බැවින් මෙම ශ්ලෝක උච්ඡාරණයේදි එකක් පසු පසින් එකක් සේ ඇදෙන බිඳෙන රල පෙලක ශබ්ධ රසය ඇති වෙනවා . තවද ශ්ලෝක දහසයේම ශිවගේ ගුණ විවිධාකාරයෙන් ගැයීම සිදු වෙනවා..නව වන සහ දහවන ශ්ලෝක දෙකෙහි විනාශකාරක වන ශිවගේ ගුණ කියවෙනවා... මෙසේ ඉතාම විශිෂ්ඨ ලෙස පද බැඳූ ශිව තාණ්ඩව ස්තෝත්‍රය හුදෙක් මිත්‍යා චරිතයක් විසින්ම පබැඳූ එකක් ලෙස කීම එහි අඥාත රචකයාට මදි පුංචිකමක් නොවන්නේමද?!...

ස්තෝත්‍රයේ තේරුම සරලව කිවහොත් දියදහරාවන් ගලන කේෂකලාපයෙන් යුත්, නාගදරණය ගෙලෙහි පැලැඳි , ධමද් ධමද් හඳින් වාදනය වන බෙර හඬට නර්ථනයේ යෙදෙන...නළල මැදින් ගිනි සිළු පිට වෙන...අර්ධචන්ද්‍ර හිසින් දරණා...මුලු විශ්වයම සිතෙහි දරණ, පර්වථ රජ දියණිගේ ස්වාමී වූ..සියළු පීඩාවන් දායා බැල්මෙන් දුරලන..සියළු දෙවියන්ගී අධිපති, මහනෙල් මල් වර්ණති අනංග සුණු කරවූ, හස්තාසුර විනාශ කරවූ, මාරදේවටද මරණය කැඳවූ ..ලොවටම සෙත සැළසූ මහාදේව මගේ නමස්කාරය වේවා (මේ ඉතාම කෙටියෙනි. ශ්ලෝක කිහිපයකම එකම අර්ථය විවිධ වර්ණනා භාවිත කරමින් ඉදිරිපත් කර ඇත.



ජඨාටවී ගලඃජලඃ ප්‍රවාහ පාවිතස්තලේ
ගලේ වලම්භ්‍ය ලම්භිතම් භුජංග තුංග මාලිකම්
ධමද් ධමද් ධමද්ධම නිනාදව ධමර්වයම්
ඡකාර චණ්ඩ තාණ්ඩවම් තනොතුනඃ ශිවඃ ශිවම්

ජඨා කඨා හ සම්භ්‍රමාභ්‍රමා නිලිම්ප නිර්ජරී
විලෝලවී චිවල්ලරි විරාජමාන මුර්ධනී
ධගාධගාධගාජ්වලල් ලලාට පට්ට පාවකේ
කිෂෝර චන්ද්‍රශේඛරේ රතිත් ප්‍රතික්ෂනම් මම

ධරා ධරේන්ද්‍ර නන්දිනී විලාස බන්ධු බන්ධුරා
ස්ඵුරාදිගන්ත සන්තති ප්‍රමෝධමාන මානසේ
කෘපාකඨාක්ෂ ධෝරනී නිරුධ දුරධර්පදී
ක්වචිදිගම්බරේ මනෝ විනෝදමේතු වස්තුනී

ජටා භුජංග පිංගලස්ඵුරත්ඵර්ණා මණීඃප්‍රභා
කදම්භ කුංකුමද්‍රව ප්‍රලිප්ත දිග්වධූමුඛේ
මදංග සින්ධුරස්ඵුරත්වගූතරිය මේධුරේ
මනෝ විනෝදමද්භුතම් බිභර්තු භූත භර්තරී

සහශ්‍ර ලෝචණ්ඃප්‍රභ්‍රිත්‍ය ශේෂලේඛශේඛරා
ප්‍රසූල ධූලි ධෝරනී විධූෂරංඝ්‍රිපීතභූඃ
භුජංගරාජ මාලය නිබද්ධ ජාතජූතකා
ශ්‍රියයි චිරාය ජායතම් චකෝර බන්ධුශේඛරඃ

ලලාට චත්වරජ්වලා ධනන්ජයශ්ඵුලිංගභා
නිපීඨ පංචසායකම් නමඃනිලිම්පණායකම්
සුධා මයූක ලේඛයා විරාජමාන ශේකරම්
මහා කපාලි සම්පදේ ශිරෝ ජඨාලමස්තු නඃ

කරාල භාල පට්ටිකා ධගධගධගද්ජ්වලා
ධනන්ජයා හුතිඃකෘතඃ ප්‍රචණ්ඩ පංචසායකේ
ධරාදරේන්ද්‍ර නන්දිනී කුචග්‍රචිත්‍රපත්‍රකා
ප්‍රකල්පනෛකශිල්පිනී ත්‍රිලෝචනේ රතිර් මමා

නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධූර්ධරස්ඵුරත්
කුහූ නිශිතිනීතමඃ ප්‍රබන්ධ බද්ධ කන්ධරඃ
නිලිම්පනිර්ජරී ධරශ්තනෝතු කෘති සින්ධුරඃ
කලා නිධාන බන්ධුරඃ ශ්‍රියම් ජගද්ධුරන්ධරඃ

ප්‍රෆුල්ල නීල පංකජා ප්‍රපංචකාලිමඃප්‍රභා
විලම්භි කන්ට කණ්ඩලී රුචි ප්‍රබද්ධ කන්ධරම්
ස්මර්ච්චිධම් පුරච්චිධම් භවච්චිධම් මඛච්චිධම්
ඝජච්චිදණ්ඪකන්චිධම් තමාම්තකච්චිධම් භජේ

අඛර් වසර්ව මංගලා කලාද කදම්භ මන්ජරී
රසඃ ප්‍රවාහ මාධුරී විජෘම්භනා මධූර්ව්‍රතම්
ස්මරාන්තකම් පුරාන්තකම් භවාන්තකම් මඛාන්තකම්
ඝජාන්තකන්ධකන්ඨකම් තමාන්ඨකාන්තකම් භජේ

ජයත්වධ භ්‍රවිභ්‍රමාද් භුජංග තුංග මශ්වසත්
විනිර්ගමද් ක්‍රමස්ඵුරත් කරාල භාල හාව්‍යවත්
ධිමිඃ ධිමිඃ ධිමිඃ ධ්වනන් මෘදංග තුංග මංගලා
ධවණී ක්‍රමඃ ප්‍රවර්ථිතඃ ප්‍රචණ්ඩ තාණ්ඩවඃ ශිවඃ

දෘෂාද් විචිත්‍ර තල්පයෝර් භුජංග මෞක්තිකඃ ස්‍රජෝර්
ගරීෂ්ඨ රත්න ලෝශ්ටයෝඃ සුහෘද් විපක්ෂ පක්ෂයෝඃ
තෘශ්ණාර වින්ද චක්ෂුශෝඃ ප්‍රජාමහී මහේන්ද්‍රයෝඃ
සමඃ ප්‍රවරුර්ති ක් හ කධා සදා ශිවඃ භජාම්‍යහම්

කදා නිලීම්ප නිර්ජරී නිකුංජ කෝටරේ වසම්
විමුක්ත ධුර්මතී සදා ශිරඃ ස්තමන්ජලිම් වහම්
විමුක්තලෝලලෝචනෝ ලලාමබාලලග්නකඃ
ශිවේති මන්ත්‍ර මුච්චරන් සදා සුඛී භවම්‍යහම්

ඉමම්හි නිත්‍යමේව මුක්ත මුත්තමෝත්තමම්ස්තවම්
පඨන්ස්මරන් ධෘවං නරෝ විශුද්ධිමේති සන්තනම්
හරේ ගුරෞ සුභක්තිමා ශුයාති නන්යතා ගතිම්
විමෝහනම්හි දේහිනම් සුශංකරාස්‍යචින්තනම්


https://www.youtube.com/watch?v=S980-z1qx3g

(අවසාන කවි දෙකෙහි ලියු තැනැත්තා ලෙස සැළකෙන්නා නොහොත් රාවණා වර්ණනයා සහ ගායනා කිරීමේ අනුසස් සඳහන් වේ )


බොහෝ දෙනෙක් නරඹා තිබෙන 'බාහුබලි' සිනමාපටයේ බාහුබලි විසින් ශිව ලිංගම් ඔසවා ගෙනැවිත් දිය ඇල්ල අසලින් තබන අවසතාවී පසුබිමින් ශිව තාණ්ඩව ස්තෝත්‍රයේ මුල් ශ්ලෝක කිහිපය ගායනා වෙනවා...

https://www.youtube.com/watch?v=i0rwcKh74EQ



- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters