Cold blooded KILLINGS 02 (ii) - ඔලොෆ් පාම් (30.01.1927 - 28.02.1986)



ඕලොෆ් ගේ මරණය වන තෙක් පළමු ලිපියෙන් පලකලා.

මොහුගේ මර්ණනයට වගකිවයුත්තා ලෙස මු වරට අත් අඩංගුවට ගන්නේ අන්ත දක්ෂිණාංශිකයෙක් වුණ වික්ටර් ගනර්සන් නමැත්තායි.මොහුට විරුදුව තිබුණ සාක්ෂි මද කම නිසා ;පොලිසිය සහ පැමිණිල්ලේ නීතීඥවරුන් සමග ඇති කර ගත්  ගැටුම් වලට පසු මොහුව නිදහස් කිරීමට තීන්දු කරනවා.
                                          (Victor Gunnerson)

ඊ ලඟට අත් අඩංගුවට පත් වන්නේ ජෝන් ස්ටැනර්මන් .
මොහුත් ජාති වාදී මරණයන්ට වරද කරුවෙක් වුණ අන්ත දක්ෂිණාංශිකයෙක්.නමුත් පසුව ඔප්පු වුනේ ඕලොෆ් ගේ මරණය සිදු වුණ දින ඔහු පොලිස් කූඩුවක රැය පහන් කල බවයි. එ නිසා ඔහුත් චෝදනා වලින් නිදහස් වෙනවා. පසුව ස්ටොක්හෝම්ස් පොලිස් ප්‍රධානී හාන්ස් හෝල්මර් ගේ ඇස යොමු වුනේ කුර්දිෂ් කණ්ඩායමක් වෙත...එහෙත් ඒ පරික්ෂණත් සාර්ථක වුණේ නෑ... මේ වන විට පොලිසිය වෙත එල්ල වුණ පීඩණය ගැන ඔබට හිතා ගන්න පුලුවනි..


1988 දෙසැම්බර් මස ක්‍රිස්ටර් පීටර්සන් අත් අඩංගුවට පත්වෙනවා මෙන්ම ඕලොෆ් ගේ බිරිඳ ඔහුව හඳුනා ගන්නවා.

එහෙත් ඇයගේ ප්‍රකාශයට අනුව ක්‍රිස්ටර් ඕලොෆ්ට වෙඩි තබනවා ඇය දුටු බව සඳහන් වන්නේ නෑ. තවද අග්‍රාමාත්‍ය වරයාව මරා දැමීමට තරම් සාධාරණ හේතුවක් ක්‍රිස්ටන් ට තිබෙනවාද යන්න ඔප්පු වන්නේ නැහැ..එසේ වුවත් 1989 ජුලී මස ඕලොෆ් මරා දැමිමට ක්‍රිස්ටන් වරද කරු බවත් ඒ නිසාම ජීවිතාන්තය දක්වා සිර දඬුවමත් අධිකරණය විසින් තීන්දු කරනවා...විනිසුරු වරු දෙදෙනෙක් ක්‍රිස්ටන්ව නිදහස් කල යුතුයි යන්න තීරණය කරද්දී වැඩි මතයට අනුව ලබා දුන් මෙම මෙම තීන්දුවට විරුද්ධවත් වීශාල සමාජ මතයක් හැදෙන්නෙ ඕලොෆ් වෙනුවෙන් නැගෙන මතයට අමතරවයි...විනිසකරුවන්ගේ බෙදුනු තීරණය එයට විශාල බලපෑමක් කලා..
ඉන් මාස 6කට පසුව අබියාචනයකදී ඕලොෆ් නිදොස් කොට නිදහස් කරනවා.

මෙසේ ඕලොෆ් ගේ මරණය සිදු කල අයෙක් සොයා ගැනීමට හැකි නොවන තැන මරණය සිදු කලෝ කවුරුන්ද යන්න ගැන විවිධ මත පළ වුණා.. ඒ මත වලට අනුව මෙය ෆ්‍රීමේසන් සංවිධානය විසින් සිදු කල එකක් (ෆ්‍රී මේසන් වරුන් ගැන වෙනම ලිපියකින් කතා කලා ) , ආයුධ වෙළෙන්දන් විසින් සිදු කල එකක් යන්නත් සහ වැඩි වශයෙන්ම දකුනු අප්‍රිකාව පදනම්ව ඇතිවුන සුදු කලු බේදයට විරුද්ධ පිරිසක් වෙත චෝදනාව එල්ල වුනේ ඕලොෆ් මරනයට කිට්ටුව ඔවුන්ට විරුද්ධව පර්ළිමේන්තුවේ සිදු කල ප්‍රකාශයක් හේතුවෙන්..

1996 දී පෙර දකුණු අප්‍රිකානු පොලිස් නිලධාරියෙක් වුන ඉයුජින් ඩි කොක් කියා සිටියේ ඕලොෆ් ගේ මරණය සිදු කලේ ද.අ.පොලිසි නිලධාරියෙක් වුණ ක්‍රෙග් විලියම්සන් විසින් බවයි. 

                                      (Eugene De Kock )

ඔහුට අනුව විලියම්සන් ඔත්තු කරුවෙක් ලෙසත් කටයුතු කලා. මේ ප්‍රකාශයෙන් පසුව විලියම්සන් ගේ ප්‍රධානියා වුණ ජොහැන්ස් කොඑට්සී ප්‍රකාශ කර සිටියේ මරණය සිදු කලේ ඇන්තනී වයිට් නම් අයෙක් විසින් බවයි. මීටත් පසුව වයිට් ගේ සමකාලීනයෙක් වුන පීටර් කැසෙල්ටන් විසින්  මරණය සිදු කල තැනැත්තා ලෙස ස්විඩිෂ් සෙබළෙක් වුන බර්ටිල් වේඩින් ව  හඳුනා ගන්නවා . මෙසෙ චෝදනා නැගෙන නැගෙන විට ස්වීඩන් පොලිසිය පරීක්ෂණ සිදු කලත් එකදු චෝදනාවක්වත් ඔප්පු කිරීමට සමත් සාක්ෂි ලැබෙන්නේ නෑ.

එම නිසාම ඝාතනයෙන් දශක තුනකට පසුව අද වන තුරුත් ඕලොෆ් ගේ මරණයට වගකිව යුත්තෝඅ කවරහුද යන්න නොවිසඳුන ප්‍රශ්නයක්.....

නැවත හමු වෙමු

- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters