පාරු පාළමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුනා.... ඒ ගැන මම මීට කලින් ;මෙම ලිපි මාලාවේ දෙවැන්නෙදි කිවුවා..
https://thearchive123.blogspot.com/search?q=%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+
https://thearchive123.blogspot.com/search?q=%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+
අද කොළඹ තුළට පිවිසෙන්න..ඉන් පිටත් වන්න සහ කොළඹ තුළ සහ ඉන් පිටතට මගී හා භාණ්ඩ ප්‍රවාහනය සදහා තිබෙන ප්‍රධානම ක්‍රමය වන්නෙ මහා මාර්හ හෝ දුම්රිය මාර්ග...නමුත් අදින් දශක කිහිපයකට පෙර මෙම කාර්‍යය සදහා කොළඹ තුල සහ කොළඹින් පිටත ආරම්භ වී කොළඹ ට ඇතුළු වන ඇල මාර්ග වලින් විශාල කාර්‍යය භාරයක් ඉටු කලා...එම ඇල මාර්ග සමහරක් මේ වන විට වසා දමා හෝ මාර්ගය වෙනස් කර වෙනත් ඇලවල් හෝ ගංගා සමග සම්බන්ධ කර තිබුණත් කිහිපයක් අද වන විටත් දකින්න පුලුවන්.. මේ කතා කරන්නෙ ඉන් ප්‍රධාන ඒවා කිහිපයක් ගැන...
1. ලන්දේසි ඇල නොහොත් හැමිල්ටන් ඇල...
කිලෝ මීටර 14.5 ක් දිග හැමිල්ටන් ඇල කොළඹත් පුත්තලමත් මීගමුව හරහා යා කරන ඇල මාර්ගයක්..
මෙම ඇල මාර්ගයේ ඉතිහාසය බැලුවොත් කෝට්ටේ හයවන වීර පරාක්‍රමබාහු (ක්‍රි.ව 1477-1466)රජ දවස වන තෙක් දිවෙනවා..එතුමා කොළඹ හා පිට පළාත් සම්බන්ධ කරමින් ඇල මාර්ග තැනවූයේ මූලිකවම කුරුදු ,පුවක්, එනසාල් ,ලුණු වැනි දෑ කොළඹ තුලට ප්‍රවාහනය කරවීමටයි... කෝට්ටේ රාජධානියට අයත් වුණ ප්‍රදේශයේ ප්‍රධානම මූදු තොට වුණ මීගමුව ට වෙළද භාණ්ඩ ප්‍රවාහනය පහසු කර ගැනීමටත් එය උපකාර වුනා...
ලන්දේසි පාලන සමයේදී මෙම මුල්කාලීන ඇල මාර්ග අවශ්‍ය තැන් වල වේලි පවා ඉදි කරමින් විධිමත් සැළසුමකට අනුව සංවර්ධනය කලා..ඔවුන් හැදල සිට පමුණුගමට නව ඇල මාර්ගයකුත් ඉදි කිරීම සිදුකලා..මෙම සංවර්ධනයේ ප්‍රධානම අංගයක් වුනේ ලන්දේසි ඇල සංවර්ධනයයි..
බ්‍රිතාන්‍ය පාලන සමයේ 1802 දී එවක මිනුම්පති වූ ජෝර්ජ් ඇට්කින්සන් සහ ආණ්ඩුකාර වර ගාවින් හැමිල්ටන්ගේ එකමුතුවෙන් නව මීගමු ඇල ඉදි වුනා..මෙය උතුරින් දෙසින් පුත්තලම් කලපුවෙන් ආරම්භව විවිධ නම් වලින් හැදින්වෙන ඇල මාර්ගලෙස පැමිණ මීගමුවෙන් මුහුදට වැටෙන මහ ඔයට එකතු වී නැවත මහ ඔයේ දකුණු පස ඉවුරෙන් ආරම්භව පැමිණ දකුණු දෙසින් මීගමුව කලපුවට වැටෙනවා..
එතැන් සිට පෙර කී ලන්දේසි ඇල වර්තමානයේ නැවතත් හැමිල්ටන් ඇල නමින්ම මීගමුව කලපුවෙන් දකුණු ඉවුරෙන් ආරම්භ වී පමුණුගම,උස්වැටකෙයියාව හරහා මුතුරාජ වෙල වගුරුබිම උඩින් මුහුදට කිට්ටුවෙන් විත් හැදල ප්‍රදේශයේදි තරමක් රට අභ්‍යන්තරයට ගොස්, මීගමු පාරට සමාන්තරව විත් වත්තල හේකිත්ත ප්‍රදේශයේදි මට්ටක්කුලිය පාළම අසලින් කැලණි ගගට වැටෙනවා..
ආණ්ඩුකාරවර ගාවින් හැමිල්ටන් ට ගෞරවයක් ලෙස ඔවුන් මෙය හැමිල්ටන් ඇල නමින් හදුන්වනවා..භාණ්ඩ හා මගී ප්‍රවාහනයට මෙම ඇල මාර්ගයෙන් සිදු වුනේ සුළුපටු සේවයක් නොවේ..අදටත් මෙම ඇල මාර්ගයේනම් ප්‍රවාහන කටයුතු සිදු වනවා සහ සුලු වශයෙන් සංචාරක කටයුතු වලටත් යොදා ගන්නවා..
2. සාන්ත බස්තියං ඇල නොහොත් සෙබස්තියන් ඇල
මෙම ඇල කැළණි ගගේ අලුත් පාළමත් , පරණ පාළමත් අතර මැද ප්‍රදේශයක දී නාගලගං වීදිය අසලින් ආරම්භ වී ....
නාගලගංවීදියට දකුණු පසින් සමාන්තරව විත් කැළණිතිස්ස
බලාගාරය අසලින් අලුත් පාළම පාර යටින් ගොස් ඉන් තරමක් රට ඇතුළට ගොස්
ග්‍රෑන්ඩ්පාස්,නවගම්පුර, දෙමටගොඩ,මාලිගාවත්ත ප්‍රදේශ හරහා විත්
ආමර්වීදිය/සංඝරාජ මාවත හරහා ගොස් වම් පසින් මීරානියා වීදියට සමාන්තරව තරමක්
දුර ගොස් සාංචිආරච්චි වත්ත,අධිකරණ මාවත හරහා විත් මරදාන පාරද පසුකොට මරදාන
තාක්ෂණ විද්‍යාලය පිටුපසින් විත් කෙසෙල්වත්තේදි ඕල්කොට් මාවත යටින් ගොස්
වර්තමානයේ බස්තියන් බස් නැවතුම්පොලට පසෙකින් ගොස් (ෆ්ලෝටිං මාකට් ප්‍රදේශය)
කොටුව දුම්රිය ස්ථානයට තරමක් මෙහායින් දුම්රිය මාර්ගය හා ඩී ආර්.
විජේවර්ධන පාර හරහා ගොස් බේරේ වැවට එකතු වෙනවා...කොළඹ නගර අභ්‍යන්තරයෙන්
ආරම්භව එහිම අවසන් වන දිගම ඇල මාර්ගය වන්නේ සෙබස්තියන් ඇලයි..
2014 - 2016 කාලයේදී මෙම ඇල මාර්ගය පිරිසිදු කිරීම් කටයුතු කෙරුනත් මේ වන විට ඒවා දක්නට ලැබෙන්නෙ නෑ..
2014 - 2016 කාලයේදී මෙම ඇල මාර්ගය පිරිසිදු කිරීම් කටයුතු කෙරුනත් මේ වන විට ඒවා දක්නට ලැබෙන්නෙ නෑ..
3. නොරිස් ඇල (නොරිස් කැනල්)
නොරිස් ඇල බ්‍රිතාන්‍ය යුගයේදී ඉදි වන්නේ වර්ෂා කාලයේදි එකතුවන අධික ජල ප්‍රමාණය කොළඹින් පිට කර මුහුදට රැගෙන යමටයි..එය අරම්භ වන්නේ කේරි විද්‍ය්ලය අසල ප්‍රදේශයකින්... භූගතව දිවෙන ඇල මාර්ගයක් සේ එන නොරිස් ඇල 'නොරිස් කැනල් වීදිය' ප්‍රදේශයේදී අපට දැක ගන්න පුලුවන්.. රෝහල් චතුරස්‍රය තුල (ආසිරි සෙන්ට්‍රල් රෝහල ඉදිරිපස) නොරිස් කැනල් වීදියට සමාන්තරව පැමිණෙන මෙම ඇල භූගතව හෙජස් කෝට් ගොඩනැගිල්ල වැනි ගොඩනැගිලි අසලින් ගොස් ඩීන්ස් පාර නොහොත් බද්දේගම විමලවංශ හිමි මාවත හරහා ගොස් ෆාමර්ස් ගොඩනැගිල්ල අසලින් නැවත මතු වෙනවා..ඉන් ඔබ්බෙහි දී නැවත භූගතව ගොස් මරදානේදී නගරසභා වැඩබිම අසලින් (සහීරා විද්‍යාලයීය පිහිණුම් තටාකාංගණය අසල) ගාමිණී හෝල් අසලදී ඩාර්ලි පාර හරහා ගොස් සමාගම් මන්දිරය අසලදී නැවත මතු වෙනවා.. මතකද බලන්න සමාගම් මන්දිරය අසලින් ඇදෙන කුණු ගද ගහන කලුපාට වතුර පිරි ඇල... මෙය අද පටන් ගත් තැන සිට මුහුදට වැටෙන තෙක් අතර මග තිබෙන අප ජලය සියල්ලම රැගෙන එන නිසාමයි මෙතරම් දුගදක් එන්නෙ..
සමාගන් මන්දිරය ඉදිරිපසින් ඇදෙන ඇල ඉන් ඔබ්බෙහි ප්‍රවාහන අමාත්‍යාංශ භූමිය අසලින් ගොස් නෙළුම් කුළුණ ආසන්න ප්‍රදේශයේදී බේරේ වැවට එකතු වෙනවා..
4. දෙමටගොඩ ඇල
ගොතටුව ප්‍රදේශයේදී දියවන්නා ඔයෙන් පටං ගන්නා හීන් ඇලත් නාවල ප්‍රදේශයේදී කිරුලපන ඇලෙන් පටංගන්නා කිද ඇලත් යන ඇලවල් දෙක වැලිකඩ ප්‍රදේශයේදී එකතුවී දෙමටගොඩ ඇල නිර්මණය වෙනවා..එතැන් සිට කොලොන්නාව,මීතොටුමුල්ල,දෙමටගොඩ හරහා විත් දෙමටගොඩ දුම්රිය ස්ථානයත්, රේගු සංකීර්ණයත් ,මිහිදු සෙන්පුර නිවාස සංකීර්ණයත් අතරින් විත් (කෝච්චියෙ යන එන අයට මතක් වුනා නේද ) ලාෆ්ස් එක කිට්ටුවදී බේස්ලයින් පාර හරහා ගිහින් සෙබස්තියන් ඇලට එකතු වෙනවා... වසර කිහිපයකට පෙර මෙය පිරිසිදු කිරීම් සිදු කර ඉවුරු ක්‍රමවත්ව සැකසීම සිදු කලත් මේ වන විට නැවතත් එය අපිරිසිදු ජල කදක් මුහුද කරා රැගෙන යමින් සිටිනවා..සහ වර්ෂා කාල වලදී අසල පිහිටි නිවාස බිම් වලටද කලු පැහැ ජලයෙන් යට වීමට සළස්වනවා...
හීන් ඇල සහ කිද ඇල ගැන වෙනම කියන්න යන්නෙ නෑ මම.
5. කිරුලපන ඇල
දියවන්නා ඔයෙන් ආරම්භ වී දකුණු දෙසට ඇදෙන කොලොන්නාව ඇලෙන් කිරුලපන ඇල පටං ගන්නවා..ඒ කෝට්ටේ ප්‍රදේශයේදියි...එතැන් සිට නාවල, කිරුලපන හරහා එන මෙම ඇලෙන් කිරිමන්ඩල මාවත අසලදී කිද ඇල පටං ගන්නවා..මෙසේ ඉදිරියට ඇදෙන කිරුලපන ඇල නාරාහේන්පිට ප්‍රදේශයේදී බේස්ලයින් පාර හරහා ගොස් ලුම්බිනි විද්‍යාලය අසලදී විද්‍යාලයට හා හැව්ලොක් සිටි සංකීර්ණය අසලදී හැව්ලොක් පාර හරහා ගොස් ශාන්තපීතර විද්‍යලය අසලින් ඩුප්ලිකේෂන් පාර හරහා ගොස් සැවෝයි සිනමාශාලාව අසලදී ගාලුපාර හරහා ගොස් වැල්ලවත්තේදි මුහුදට වැටෙනවා..
කොළඹ දී මුහුදට වැටෙන ඇලවල් දෙකින් එකක් වන්නෙ මෙයයි...මන්ද යත් අන් සියලුම ඇල මාර්ග තවත් ඇල මාර්ගයකින් ,ගගකින් හෝ බේරේ වැවෙන් අවසන් වන බැවිනි..
6. දෙහිවල ඇල
වැල්ලවත්ත (කොළඹ 05) තලකොටුව උද්‍යානය ප්‍රදේශයේදි දෙහිවල ඇල පටංගන්නෙ කිරුලපන ඇලෙන්..එතැන් සිට හැව්ලොක් ටවුම පසුකරන් ඇදෙන ඇල කිරුලපන/පාමංකඩ දී හයිලෙවල් පාර හරහා ගොස් ස්ටැෆර්ඩ් මාවතට සමාන්තරව ගොස් වේළුවණාරාමය අසලදී හොරණ කොළඹ මාර්ගය (120 බස් මාර්ගය) හරහා ගොස් දෙහිවලට ඇතුළු වී ,දෙහිවල බුදු පිළිමය අසලදී ගාලු පාර හරහා ගොස් මුහුදට වැටෙනවා.. කොළඹදී මුහුදට වැටෙන දෙවන ඇල දෙහිවල ඇල වන අතර එය කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ දකුණු සීමාවයි .ඉන් පසු ඇරඹෙන්නේ දෙහිවල - ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයයි..
කොළඹ නගරය හරහා මෙම ප්‍රධාන ඇලවල් යාකරමින් තවත් කුඩා ඇලවල් රාශියක් තිබුණත් ඒ එකක් ගණනේ සදහන් කිරීමට අපහසුයි...
වර්තමානයේදි නිසි ප්‍රයෝජනයක් නොගන්නා මෙම ඇල මාර්ග සංවර්ධනය කර ප්‍රවාහන සහ සංචාරක කටයුතු වලට යොදා ගත හැකි බව නිසි බලධාරීන් නොසිතන්නේ මන්ද ...
විදේශයන්හි වෙසෙන අය සහ විදෙස් සිනමාපට නරඹන අය දැක ඇති එම නගර මැදින් ගලන අලංකාර ;දෙපස මනස්කාන්ත උද්‍යන, මල් ගස් වලින් ගැවසීගත් ඇල මාර්ග සහ ඒවායේ බෝට්ටු වලින් ගමන් ගන්නා මිනිසුන්...
අපට එවන් ඇල මාර්ග තිබියදීත් එසේ සංවර්ධනය කිරීමට කිසිවෙකුට නොසිතෙන්නේ අවාසනාවටමැයි...
මේ ඇලමාර්ග පසු කරන් ඔබ නිතර යන එනවා වුනත් ඒවා නොදන්නවා වන්න පුලුවන්..මෙම ලිපියෙන් පසු හෝ දැනුවත් වෙනවානම්, ඒවා දුටු විට හදුන ගන්න පුලුවන් වෙනවා නම් මගේ කාර්‍යයෙන් කොටසක් හෝ සම්පූර්ණ බව සිතමි...
කොළඹ වීදියකදී නැවත හමුවෙමු
- අමිල -
ස්තූතියි පුතුනි ! ...
ReplyDelete