හිම ගිරෙහි සැඟවී ගත්තෝ...





වාර්තා වන අන්දමට කාලාන්තරයක් තිස්සේ එවරස්ට් මුදුන තරණය කිරීමට උත්සාහ ගත් පුද්ගලයන් 300 කට ආසන්න ප්‍රමාණයක් ගමන අතර මගදී විවිධ හේතු කරණකොටගෙන මිය ගොස් තිබෙනවා...මෙම පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රමාණයකගේ  සිරුරු ඝණ හිම තට්ටු වලින් වැසී තවමත් කඳු වැටි අතරම පවතිනවා...

මේ වන විට ගෝලීය උෂ්ණත්වය අධික වීම හේතුකොටගෙන හිමාලය කලාපයේ ග්ලැසියර දියවීම කරණකොටගෙන මෙසේ හිමෙහි සැඟවීගත් මල සිරුරු විශාල ප්‍රමාණයක් මතු වෙමින් පවතිනවා..නේපාල කඳු නගින්නන්ගේ සංවිධානයේ හිටපු සභාපති අන්ග් ට්ෂෙරිංග් ෂෙර්පා පවසන අන්දමට මෙය මේ වන විට පෙර පැවති තත්ත්වයට වඩා අධික බවක් පෙන්නුම් කරනවා...ඔහුට අනුව මෑත වර්ෂ වලදී මිය ගිය අයගේ යැයි සිතිය හැකි පිරිසකගේ මල සිරුරු ඔවුන් විසින් පහලට ගෙන ආවත් පැරණි සිරුරු තවමත් කඳු මුදුන්හිම පවතිනවා..නේපාල රාජ්‍ය නිලධාරියෙක් ප්‍රකාශ කල අන්දමට ඔහු විසින් 10 කට ආසන්න මල සිරුරු ප්‍රමාණයක් මතු කරගෙන තිබෙනවා..



කඳු තරණ සංවිධායකයන්ගේ සංගමයේ නිලධාරීන්ට අනුව නේපාල රජයේ නීති රීති හේතු කොට ගෙන මල සිරුරු පහලට රැගෙන ඒම තවත් දුෂ්කර වී තිබෙනවා...එරට නීති වලට අනුව රජයේ මැදිහත් වීමකින් තොරව මල සිරුරු සම්බන්ධ ක්‍රියාවන් කල නොහැකියි...ඔවුන්ට අනුව එවරස්ට් හි ටිබෙට් පාර්ශවයේ මල සිරුරු නේපාලයට සාපේක්ශව පහසුවෙන් පහලට ගෙන ඒමට හැකිය.
ඔවුන්ට අනුව කුම්භු ග්ලැසියරයේ වැඩිම මල සිරුරු ප්‍රමාණයක් තිබෙනවා..
                 
                   (කුම්භු ග්ලැසියරය)




මල සිරුරු මතු වීමට අමතරව ග්ලැසියර දියවීම හේතුවෙන් ඇති වී ඇති තවත් ගැටලුවක් වන්නේ හිම මත පිහිටි විල් වල ජලය වැඩි වීම සහ විල් විශාල වීමයි...මේ හෙතුවෙන් කඳු තරණය කරන්නන්ට මෙම විල් හරහා යාම තව තවත් දුෂ්කර කටයුත්තක් වෙමින් පවතිනවා..
 2016 දී නේපාල හමුදාව විසින් ඉම්ජා නමින් හඳුන්වන විල හින්දවීමට කටයුතු කලේ ග්ලැසියර දියවීමත් සමග එහි රැස්වන ජලය අධික වීමත් එය අනතුරු දායක වීමත් හේතුවෙන්..
පසුගිය වසරේදී බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල දෙකක පර්යේෂකයන් පිරිසක් කුම්භු ග්ලැසියරය විද සිදු කල පර්යේෂණයෙන් හෙලි වුනේ ග්ලැසියරයේ තිබිය යුතු උෂ්ණත්වයට වඩා අධික උෂ්ණත්වයක් දැනට එහි පවතින බවත් මේ හේතුව නිසා එය ඉක්මනින් දිය වී යාමේ අවධාණමක් ඇති බවත් ය..


කුම්භු ග්ලැසියරය ආශ්‍රිතව අවධානම වැඩි වුනත්, එහි මල සිරුරු ප්‍රමාණය වැඩි වුනත් කඳු තරණය කරන්නන් වැඩි පිරිසක් ඒ හරහා යාම මේ වන විටත් සිදු කරනවා... කිව යුතු කාරණය නම් වර්ෂ ගණනාවක් තිස්සේ මොවුන් ඇතැම් මල සිරුරු මග සළකුණු ලෙස යොදා ගැනීමයි.. Summit     අසල පිහිටි Green Boot   එවන් එක මග සළකුණක්.

(Green Boot)

කඳු තරණය කරන අතර මිය ගිය තැනැත්තෙක්ගේ පාද වල තවමත් දක්නට ලැබෙන කොල පාට සපත්තු දෙක මෙසේ මං  සලකුණු කරනවා...
මල සිරුරු පහලට ගෙන ඒමට ඇති අනිත් බාධාව නම් අධික පිරිවැයයි... ඇස්තමේන්තු වලට අනුව එය ඇ.ඩො.40,000 - 80,000 ක් පමණ වෙනවා...අනිත් කාරණය නම් සීතලින් ගල් ගැසී ඇති මල සිරුරු දෙතුන් ගුණයකින් බර වැඩි වීමයි..

එම නිසා බොහෝ දෙනා පවසන්නේ ඔවුන්ගේ පවුල් වල උදවියට අවශ්‍යනම් හෝ වෙනත් අත්‍යාවශ්‍ය හීතුවකට මල සිරුරු ඉවත් කලහොත් මිසක ඔවුන්ට හිමගිරෙහිම සමාදානයේ සැතපීමට ඉඩ හැරීම මැනවැයි යන්නයි...

- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters