Cold blooded KILLINGS 02 (i) - ඔලොෆ් පාම් (30.01.1927 - 28.02.1986)



ස්වීඩනය කියන්නී ලෝකයේ සාමකාමීම රටවල් වලින් එකක්... ප්‍රචණ්ඩත්වය , ත්‍රස්ථවාදය වගේ මාතෘකා ඇහෙන්නෙවත් නැති තරමේ තියෙන ස්වීඩනය කියන්නේ එරට සහ ලෝකයේ වෙනත් ඕනැම රටක වුනත් ප්‍රභල දේශපාලකයින් , ව්‍යාපාරිකයන් වැනි අය බයක් සැකක් නැතිව, අංගාරක්ෂකයන් නැතිව වීදි සරන රටක්..ඒත් 1986 පෙබරවාරි 28 වෙනිදා සිදු වෙච්ච දෙයකින් මේ සාමකාමීත්වයට දැඩි පහරක් එල්ල වුණා...


                                                         ******    ******    ******

ඔලොෆ් පාල්ම් 1927 ජනවාරි 30 වෙනිදා උපත ලබන්නේ ස්වීඩනයේ ස්ටොක් හෝම්ස් හි ඔස්ටර්මාම් හි දීය.සාම්ප්‍රදායික , ඉහල පෙළ දේශපාලනික පවුළක දරුවෙක් ලෙසයි ඔහු මෙලොව එළිය දකින්නෙ.ස්ටොක් හෝම්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපණය හදාරද්දී ඔහු 'සෝෂල් ඩිමොක්‍රටික් පාටි' නම් දේශපාලන පක්ෂයේ සාමාජිකත්වය ගන්නවා. ඔහු රටේ දේශපාලනාධිකාරීන්ගේ අවධානයට ලක් වන්නේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සභාපති වීමෙන් පසුවයි.මේ කාලයේ ආසියාතික රටවල් වල සංචාරය කල ඔහුට දරිධ්‍රතාවය යනු කුමක්ද යන්නත් ඇමරිකාවේ සංචාරය කල ඔහුට වර්ණ භේදය යනු කුමක්ද යන්නත් මනාව වැටහෙන්න ගත්තා..ඔහු ඒ අත්දැකීම් පහුකාලීන දේශපාලනයට යොදා ගැනීමට පෙළඹුණා.. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසානයේ ඔහු එවක ස්වීඩන් අගමැති වූ අර්ලැන්ඩර් යටතේ වැඩ කිරීමට යොමු වුනා.


මේ සමයේ ඔහු දේශපාලනිකව ඉතාම ඉහල තැනකට ඒමට සමත් වුණා..1955 දී "සෝෂල් ඩිමොක්‍රටික් ලේබර් පාටි" හි තරුණ අංශයේ නායකයා බවට ඔහු පත් වෙනවා. ඉන් පසු එළැඹෙන වර්ෂ කිහිපයේ දේශපාලනික වශයෙන් ඉහල තනතුරු කිහිපයක් හොබවන ඔහු ස්වීඩනයේ දේශපාලනයේ යා හැකි ඉහලම තැන වන අග්‍රාමාත්‍ය පුටුවට යන්නේ 1969 දීයි.

අගමැති වරයා වශයෙන් ඉමහත් විවාදයට ලක්වුණ , රැඩිකල් වෙනස්කම් රැසක් ඔහු එරට ව්‍යවස්ථාවට හඳුන්වා දෙන අතර සමාජ සුභසාධන අරමුදල් රැස්කිරීමේ අරමුණින් බදු වැඩි කිරීම හේතු කොටගෙන ඔහුගේ ජනප්‍රියත්වය හීනව ගොස් අවසානයේ අගමැති පුටුවෙන් නැගිට යාමට සිදු වෙනවා..ඉන් පසු එක්සත්ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ වන ඔලොෆ් ඒ මගින් ඔහුගේ සමාජ සුබසාධන අහිමතාර්ථයන් ඉටු කර ගැනීමට උත්සුක වෙනවා.මෙකල ඔහු ජාත්‍යන්තර අවධානය දිනාගත් ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා.
1982 දී නැවත බලයට පත්වෙන ඔහු 1986 තෙක් වසර හතරක් තුළ විවිධ පෙරළි ස්වීඩන දේශපාලනයේ ඇති කරනවා.



                                                               ******    ******    ******

ඒ සන්ධ්‍යාව....

1986 පෙබරවාරි 28 වෙනිදා හවස ඔහු බිරිඳත් සමග සිනමා ශාලවට ගොස් එමින් සිටියා..සාමකාමිත්වයේ නාමයෙන් ඔහු අංගාරක්ෂකයන් තබා ගැනීම නොකල අතර බොහො විට පාගමනේ යෙදෙන්නට පුරුදුව සිටියා...නිල උත්සව වලදී පමණක් අංගාර්ක්ෂකයින් තබා ගැනීමට ඔහු පුරුදුව සිටියා....
එදින් රාත්‍රී 11.30 ට පමණ වෙනදා මෙන්ම එදාත් ඔහු බිරිඳ සමග සිනමා ශාලාවේ සිට නිහඬ වීදි දිගේ සිය නිවස වෙත එමින් සිටියා. හදිසියේ කඩා පිණු තුවක්කු කරුවෙක් ඕලොෆ් ගේ උදරයට වෙඩි දෙකක් තබණ අතර බිරිඳ ලිස්බට් ගේ පිටුපසින් වෙඩි තබනවා. අසලින් ගිය ටැක්සි කරුවෙක් වහ වහා ඔවුන්ට උදවු කිරීමට පෙළඹෙන අතර හදිසි ආරක්ෂක අංශ දැනුවත් කිරීමටද කටයුතු කරනවා. අසල මාර්ගයේ සිටි තරුණියන් දෙදෙනෙකුත් , ගිලන් රථය පැමිණෙන තෙක් ඔවුන්ට උදවු කිරීමට පැමිණියා... ඒ කෙසේ වෙතත් රෝහල වෙත රැගෙන එන විටත් ඕලොෆ් සිය අවසන් හුස්ම හෙලා තිබුණා..
මේ ප්‍රවෘත්තිය ලද සැනින් ස්වීඩනයේ ජනයා කම්පාවට පත්ව ගියේ ජනප්‍රිය නායකයාගේ අහිමි වීම සහ ස්වීඩන නව යුග ඉතිහාසයේ එවන්නක් සිදු වුණ පළමු වතාව නිසාමයි...මිය යන විට ඕලොෆ් 59 වන වියේ පසු වුනා.




දක්ෂිණාංශික බලවේග...
ඕලොෆ් ගේ රැඩිකල් ප්‍රතිපත්ති දක්ෂිණාංශික බවේ අන්තයට ගිය ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් ඉහිලුවේ නැති බව කුප්‍රකට කාරණයක්. ස්වීඩනයේ මෙන්ම තුන්වන ලෝකයේ රටවල් වල දිලිඳු භාවය අවම කිරීමට අභ්‍යන්තර ක්‍රියාමාර්ග සහ එක්සත් ජාතීන් සමග එක්ව විවිධ ක්‍රියාමාර්ග ගැනීමත්, සාමය වෙනුවෙන් කතා කිරීම සහ වියට්නාම් යුද්ධය අවස්ථාවේ එහි අවසානයක් දැකීමට කතා කිරීමත් ඔහුට විරුද්ධව සතුරන් වැඩිවීමට කටයුතු වුණා. තවද අභ්‍යන්තරයෙන් ඔහුට චෝදනා එල්ල වුණේ සෝවියට් සමූහාණ්ඩුවෙන් ස්වීඩනය ආරක්ෂා කර ගැනීමට ඔහු නිසි ක්‍රියාමාර්ග නොගෙන ඇති බවයි. මෙම අදහස තීව්‍ර වීමට බලපෑ සාධකයක් වූයෙ සෝවියට් නෞකා බයක් හැකක් නොමැතිව ස්වීඩන් මුහුදට පිවිසීමයි. එහෙත් මිය යන අවස්ථාවේදීත් ඔහු සැළසුම් කර තිබුණේ එළඹෙන සතියකදී මොස්කව් ගොස් එම කාරණය ගැන කතිකා කර ගැනීමටයි..

වරද කලෝ කවරහුද?!

ඊලඟ කොටසින්...

- අමිල -



No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters