NOTA - "None of the above"


උඩින් මුකුත් නොදා එක පාරටම None of the above කියලා කිවුවම මේ මොකක්ද කියලා හිතුණද...
මේ කියන්න යන්නෙ නෝටා ගැන.
ලංකාවෙ, අපේ චන්ද ප්‍රකාශ කරන ක්‍රමේට අනුව අපි කෙනෙක්ට අකමැති නම් ඒක ප්‍රකාශ කරන්න විදිහක් නෑ.. එක්කෝ චන්දෙ නොදා ඉන්න ඕනෙ..නැතිනම් චන්දෙ කටු ගාන්න ඕනෙ ..එහෙමත් නැතිනම් කුණුහරපයක් චන්ද කොලේ ලියන්න ඕනෙ(මෙය මම්ම් රෙකමදාරු කරන්නක් නොවේ..නමුත් වර්තමානයේ සිදුවන්නක්)...ඔච්චර තමයි අපිට චන්ද ප්‍රතික්ෂේප කරන්න ක්‍රම තියෙන්නෙ...නමුත් මේ එකකින්වත් දේශපාලුවන්ට බලපෑමක් තියෙනවද,පහු ගිය කාලෙ සුප්‍රකට මාතෘකා වලදි කතා වුන විදිහේ උකුණු පුකක තරම්වත් බලපෑමක් තියෙනවද..නෑ.. කොටිං කිවුවොත් දේශපාලුවො දන්නෙවත් නැතිව ඇති කී දෙනෙක් තමන්ට අමනාපද..කී දෙනෙක් තමන්ට විරුද්ධව කුණුහරප ලියලා තිබුණද..කී දෙනෙක් තමන්ට නොදී චන්දය අවලංගු කලාද කියන එක...අවලංගු චන්ද ප්‍රමාණය සමස්ථයක් විදිහට කියනවා මිසක එක් එක් පුද්ගලයාට හෝ පක්ෂ වලට වෙන වෙනම අමනාප ප්‍රමාණය ගිණීමේ හෝ ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් අපේ සාම්ප්‍රදායික චන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයේ නෑ...ඒවා චන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථාන හා මැතිවරණ කොමිසමෙන් මෙහාට අපිට දැන ගන්න විදිහක් නෑ..
නමුත් බොහෝ රටවල මේක වෙනස්..දුර යන්න ඕනෙ නෑ..අපි ලගම නෑයා දිහා බලමු..ලගම නෑයා සිරස නෙමේ ඉතිං..
ඒ තමයි ඉන්දියාව...
නිව්ටන් පිලුම කී දෙනෙක් බලලා තියෙනවද?!...බලපු අයට මතක ඇති..චන්ද මධ්‍යස්ථානෙට නැක්සල් වාදීන් ප්‍රහාර එල්ල කරද්දිත් නිව්ටන් පණ වගේ ආරක්ෂා කරගන්න හදන්නෙ මොකක්ද කියලා..ඒ මොකක්වත් නෙමෙ..චන්ද ප්‍රකාශ කරන යන්ත්‍රය නොහොත් EVM(Electronic Voting Machine ) එක..

මේ යන්ත්‍රයේ තිබෙන බොත්තම් එබීමෙන් තමයි ඉන්දියාවෙ චන්දය ප්‍රකාශ කරන්නෙ..එම දත්ත යන්ත්‍රය ඇතුලෙම ගබඩා වෙනවා..ඒ මගින් තමයි පසුව චන්ද ප්‍රතිඵල ගණනය සහ ප්‍රකාශකිරීම වෙන්නෙ..
ඉන්දියාවෙ මැතිවරණ සම්බන්ධයෙන් සුප්‍රකට විකල්පයක් තමයි නෝටා..
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට සිවිල් සංවිධානයකින් ඉදිරිපත්වුන පෙත්සමක් සළකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝගයකට අනුව ඉන්දීය මැතිවරණ කොමිසම විසින් EVM එකට නෝටා බොත්තම ඇතුළත් කරනවා.. අපි මේ නෝටා එක අමනාප විදිහට හදුන්වමු...
මේ විකල්පය ලබා දීමත් එක්කම මෙය සෑහෙන්න ජනප්‍රිය වෙනවා..සමහර මැතිවරණ වලදි ලබාගත් මනාප ප්‍රමාණයට වඩා අමනාප සංඛ්‍යාව වැඩියි..උදාහරණ විදිහට කිවුවොත් 2017 ගුජරාත් ප්‍රාන්ත මැතිවරණයේ සහ 2018 දී මධ්‍යප්‍රදේශ් , රාජස්තාන් සහ කර්ණාටක් මැතිවරණ වලදී ලබා ගත් මනාප ප්‍රමාණයට වඩා අමනාප ප්‍රමාණය වැඩි වුනා..කෙසේ වුවත් ඉන්දියාවෙ නම් අපේක්ෂකයෙක්(න්) ලබා ගත් මනාප ප්‍රමාණය ඉක්මව අමනාප ප්‍රමාණයක් තිබුණත්, ලබා ගත් මනාප සළකා බලා ඉන් ඉහලම ප්‍රමාණය ලබා ගත් අයව තෝරා පත් කර ගනු ලබනවා.. එහෙත් මෙම ක්‍රමය නිසා පක්ෂ වලින් නාම යෝජනා ලබා දීමේදී දිගින් දිගටම අමනාප වාර්තා කරන අපේක්ෂකයෙක්(න්) ට නාමයෝජනා ලබා නොදීමේ ප්‍රවණතාවක් තියෙනවා..උන්න හැටියට මලා මදිද?!..
ඔන්න ඔය නිසාම තමයි නෝටා අපේ රටටත් අවශ්‍ය වන්නෙ..නමුත් මම නම් කියන්නෙ අපේ රටට ඔය නෝටා ක්‍රමය හදුන්වා දෙනවා නම් එය ඉන්දියාවෙ ක්‍රමෙට නැතිව වෙනස්ම ක්‍රමයකින් විය යුතුයි...
එනම්..
එක්කෝ කෙනෙක් /පක්ෂයක් ලබා ගත් අමනාප ප්‍රමාණය මනාප ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ඔවුන්ව කෙසේවත් තෝරා නොගැනීමට හැකි වන ලෙසත්..
හෝ
එක් එක් පක්ෂය සහ අපේක්ෂකයා ලබා ගත් මනාප සහ අමනාප ප්‍රමාණයන් ඇතුළත් වාර්තාවක් ලබාගෙන චන්ද ප්‍රතිඵල සමගින් එම වාර්තාවද නිකුත් කල හැකි වන ලෙස
මෙම ක්‍රමය අපේ රටෙව් ක්‍රියාත්මක කළ යුතුයි..මේ නිසා අපේ රටෙත් පක්ෂ නාම යෝජනා දීමේදී දිගින් දිගටම අමනාප ස්කෝ කරන අයට නාමයෝජනා නොදීමට පෙළඹුනොත් සහ/හෝ දිගින් දිගටම අමනාප ලබා ගන්නා අපේක්ෂකයන් ප්‍රකාශ වීම නිසා චන්ද දායකයා විසින්ම සිය බුද්ධියෙන් විමසා ඉදිරියට එවන් අපේක්ෂකයන්ට සහ ඔවුන් ඇතුළත් පක්ෂ වලට චන්දය නොදී සිටීමට කටයුතු කළහොත් එයම ප්‍රජාතාන්ත්‍රික ජයක් නොවේවිද?
නමුත් දේශපාලන හොරගෙඩියන් සිටින මෙවන් රටක අධිකරණ නියෝගයකින් තොරව නම් මෙය සිදු වීම හීනයක් පමණයි..නෝටා තබා EVM වත් මෙරටට හදුන්වා දෙන්න මෙව් හොරගෙඩියන් ඔඩ තබාවිද යන්න ගැටළුවක්...
එම නිසා ඒ සදහා අවම වශයෙන් පෞරයන් හැටියට අපි හෝ පෙළ ගැසිය යුතුයි..
ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කලු කොඩි එසවීම , පාගමන් යාම, විරෝධතා සේම හො ඊටත් වඩා මෙය ප්‍රායෝගික හා සාර්ථක වේවි යන්න මගේ අදහසයි..
ඔබේ අදහස ?!

1 comment:

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters