ක්ලේහිල්/මැටි කන්ද



ක්ලේහිල් මතක කාටද?
වඩා සරල කලොත් මායාබන්ධන මතකද? අසූව අනූව දශකයෙන් මෙහා දෙදාහ දශකයෙන් එහා උපන් අයට නම් අමතක වෙන්න විදිහක් නෑ . ක්ලේහිල් කියන්නෙ මායා බන්ධන ෆස්ට් සීසන් එකේ රියානාගෙ ගම සහ මායාබන්ධකයින්ගේ බලකොටුව අයත් වුණ ප්‍රදේශය.

මයා බන්ධකයින්ගේ සමාන්තර ලෝකය රූගත කිරීම සඳහා යොදා ගන්නේ පෝලන්තයේ ප්‍රදේශ කිහිපයක්.1995 නිකුත් වුණ ෆස්ට් සීසන් එකේ රූගත කිරීම් කරන්නේ ඔස්ට්‍රේලියාවෙ සිඩ්නි වල 'බ්ලූ මවුන්ටන්' සහ පෝලන්තයේ  ප්‍රදේශ වල. පෝලන්තයේ ප්‍රදේශ වල නම් කියද්දි දිව පැටලෙන නිසා තමයි ඒවා පෝලිෂ් වලින්ම දාල තියෙන්නෙ.

Kraków-Częstochowa Upland

 
මෙන්න මේ හරියෙ තමයි ක්ලේහිල් වල සමනිං ටවර් එක තියෙන්නෙ. පෝල්ගෙ ලෝකයෙයි රියානගෙ ලෝකයෙයි දොර ඇරෙන්නෙත් මේ ප්‍රදේශයෙ. මධ්‍ය දක්ෂිණ පෝලන්තයේ තිබෙන මෙම ප්‍රදේශය ;'පෝලිෂ් ජුරාසික් හයිලෑන්ඩ්' නමිනුත් හඳුන්වනවා.ඊට හේතුව ජුරාසික යුගයේ සිට පැවත එන 220 ක් පමණ වන හුණුගල් ගුහා සංකීර්ණය නිසයි.පෝල් රියානාගෙ ලෝකයට එන්න පෙර නරඹන්න යන හුණුගල් ගුහා දර්ශණත් මෙම ගුහා වල රූගත කර තිබෙනව.මෙම ගුහා නිස මෙය සංචාරක ආකර්ශණය දිනාගත් ප්‍රදේශයක්.


Ogrodzieniec castle

 
ජුරාසික් හයිලෑන් ප්‍රදේශය් ආසන්නයේම පිහිටා තිබෙණ නටඹුන් වී ගිය මෙම බලකොටුව තමයි ගරා වැටුණු  පැරණි මායාබන්ධක බලකොටුව ලෙස යොදා ගැනෙන්නෙ.රියානව පොලොව යට ගුහාවකට දාලා ගල් දොරකින් වහනවා මතකයි නේද.මැරිච්ච මායාබන්ධකයින්ගෙ ඇට සැකිලියි පරණ ජර්නල් ටිකකුයි හම්බ වෙන්නෙ ඒ බලකොටුවෙන්.
මුල් වතාවට 14-15 සියවස් වල ඉදි වුණ මෙම බලකොටුව පසුකාලීනව විවිධ අවස්ථාවන් වල ප්‍රතිසංස්කරණයන්ට ලක්වෙලා තිබෙණවා. Włodkowie Sulimczycy පවුල විසින් බලකොටුව ඉදිකොට තිබෙණවා.මෙම මාළිගයත් සංචාරකයන්ගේ නොමද අකර්ශණය දිනාගත් තැනක්.





zawiercie
මෙම ප්‍රදේශයේ ගම්මානයක තමයි රියනාගෙ ගම වන ක්ලේහිල් සහ පිටුවහල් කරන්නන්ගේ මුඩු බිම් ප්‍රදේශ රූගත කරලා තියෙන්නෙ.

Czocha Castle
මේක තමයි තැන. රාජ්‍යාධිකාරීන් (මර්නා,ලූකස්, කොරියොන් ) සහ මායාබන්ධකයින් ගේ නිවස්නය වුණ, පියාඹන නැවු ලෑන්ඩ් කරල තිබුණ,භූගත බලාගාරයක් තිබුණ මායා බන්ධකයන්ගෙ බලකොටුව ලෙස යොදාගත්තෙ මෙම බලකොටුවයි. පෝලන්තයේ 'හොග්වාර්ට්ස්' ලෙස මෙම බලකොටුව හඳුන්වන්නේ හොග්වාර්ට්ස් මැජික් පාසලේ පෙනුම තිබෙණ නිසයි.
13 වන සියවසේදී මෙම මාළිගය ඉදිකරන්නට යෙදුනෙ බොහිමියානු (චෙච් රාජ්‍යය ) රජෙක් වුණ එකැස් වෙන්සෙස්ලාඋස් 1 විසිනි.පසුව එය Konrad von Wallhausen ට හා මේසන් හි බිෂොප් වරයාට උරුම වෙනවා.ඉනුත් පසු රජවරු රැජිණියන් කිහිප දෙනෙකුට උරුම වුණ මෙම මාළිගය 1793 අගෝස්තු 17 දින ගින්නකට හසු වෙනවා.පසුව අත්හැර දමා තිබුණු එය 1909 දී සුරුට්ටු නිෂ්ප්පාදකයෙක් වුණ අර්නස්ට් ගස්ටෆ් විසින් මිලදීගෙන ප්‍රතිසංස්කරණය කරන්නේ ජර්මානු ගෘහ නිර්මාණ ලක්ෂණත් ඇතුළත් කරමින්.දෙවන ලෝක යුද්ධ සමයේ හමුදාවන් සහ සොරුන්ගේ ආක්‍රමණයන්ට නතු වුණ මාළිගය 1940 අග සිට 1950 තෙක් සරණාගත නිවාසයක් ලෙස භාවිතා කෙරුණා.1952 දී එය පෝලන්ත හමුදාව අත්පත් කර ගෙන නිවාඩු ගතකිරීම සඳහා හමුදා නවාතැන්පලක්  ලෙස යොදා ගැනීමත් සමග නිල සිතියම් වලින් ඉවත් කරනු ලබනවා. 1996 දී එය මහ ජනයාට විවෘත වන්නේ හෝටලයක් සහ සම්මන්ත්‍රණ ශාලවක් ලෙසයි. මේ වන විට බහුල වශයෙන් එයට සංචාරකයන් ඇදෙන්නෙ යුරෝපීය මාළිගාවක අසිරිය විඳිමින් නවාතැන් ගෙන විවේක ගන්නයි.






Książ Castle
 
මායා බන්ධකයින්ගේ මාළිගයේ ඇතැම් අභ්‍යන්තර දර්ශණ (උසාවිය වැනි ) සඳහා මෙම මාළිගයේ අභ්‍යන්තරය යොදාගෙන තිබෙණවා.

මෙම සියළුම ස්ථාන අද වන විට යුරෝපා සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථාන වන අතර ඒවා ජනප්‍රිය වීම සඳහා ස්පෙල්බයින්ඩර් කතා මාලාවෙන් ලැබෙන්නෙ නොමද උදවුවක්.

- අමිල ලක්මාල් -


1 comment:

  1. හරිම ආස හිතුණ ලිපියක්.. ඉස්සර මං ආසාවෙන් බලපු කතාවක් මායා බන්ධන කියන්නේ..ඇත්තටම මේ පිංතූර එක්ක කතාව කියවන් යද්දී කතාවේ සිදුවීම් මට මතක් වුණා..

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters