භාරතයේ විත්ති - 44 - "මහරාජාගේ නිධානය"


රජුන්ගේ බිම යන්නෙන් ජනිත වුණ, භූමි ප්‍රමාණයෙන් ඉන්දියාවෙ විශාලම ප්‍රාන්තය වන 'රාජස්තාන්' යනු බහුලව වියලි සහ කන්තාර දේශගුණයෙන් යුත් සශ්‍රීකත්වයෙන් අඩු ප්‍රාන්තයක් වුවත් අතීතයෙ එහි විසූ රජා මහාරජා වරුන් නම් සශ්‍රීකව විසූ බවට එහි පිහිට ඇති , අදටත් ඉතිරිව තිබෙන සිය ගණන් වූ 'මැහැල්' (මළිගා ) සහ 'හවේලී' (ප්‍රභූ නිවාස/වළව්  ) සාක්ෂි දරණවා.මා එය ඇසින් දුටු සාක්ෂි කරුවෙක්මි. මේ එක් එක් මාළිගාවන් හා හවේලී සමග බැඳුණු කතාන්දර රාශියක් තිබෙණව. ඉන් එක් ප්‍රසිද්ධ කතාවක් / ජනප්‍රවාදයක් තමයි ජය්ගඩ් බලකොටුවේ නිධානය සම්බන්ධ කතාව.ජය්ගඩ් බලකොටුව සහ ඒ හා සම්බන්ධ ජ්ය්පූර් මහ මාළිගය, ආමෙර් මහා මාළිගය,නහර්ඝඩ් බලකොටුව වැනි ස්ථාන ගැන මගේ මීට පෙර ලිපි වලින් කිය වුන නිසා ආයෙ අමුතුවෙන් ඒ ගැන කියන්නෙ නැතිව කලින් පෝස්ට් වල ලිංක් දානවා.කැමති කෙනෙක් බලන්න.නැත්තම් මේ ගෲප් එකේම මගෙ පෝස්ට් තියෙන යුනිට් එකෙනුත් ඒවා හොයා ගන්නා පුළුවන් වෙයි.
ඉන්දියාවබලා ...05 "රජුන්ගේ බිම වෙත"

https://thearchive123.blogspot.com/2018/08/05.html

ඉන්දියාවබලා ...06 - 'රජුන්ගේ බිමේදී'

https://thearchive123.blogspot.com/2018/08/06.html 

ඉන්දියාවබලා ...07 - 'ආමේර්'

https://thearchive123.blogspot.com/2018/08/07.html

ඉන්දියාවබලා... 08...- " චිත්තෝර්ඝඩ්"

https://thearchive123.blogspot.com/2018/08/08.html


ආමේර් ;කච්චාවාහ රජ පරම්පරාවේ (පසුව ජය්පූර් වෙත සේන්දු වුණ ) එක් ප්‍රසිද්ධ මහාරාජා වරයෙක් තමයි 'මහරාජා මාන්සිං 1'(1590-1614) කියන්නේ.

මෙතුමා ජෝදාභායි දේවියගේ ඥාති බෑණනුවෙක් වුණ නිසා මහා අක්බර් අධිරජ්‍යයාගේ විශ්වාසවන්තයෙක් වුණ අතරම එතුමාගෙ සේනාධිනයකයෙක් වුණ. මහා අක්බර් අධිරාජ්‍යයා මාන්සිං 1 පිටත් කර හරිනවා (1580 දී මහරාජ බවට පත්වීමට පෙර, ඇෆ්ගන් වරුන් මර්ධනය කිරීමට. ඇෆ්ගන් වරුන් සාර්ථකව මර්ධනය කිරීමට මෙතුමා සමත් වෙනවා.ඔහු නැවත ආමේර් වෙත පැමිණෙන්නේ ඇෆ්ගන් වරුන්ගෙන් කොල්ලකාගත් විශාල ධනස්කන්ධයක්ද අරගෙනයි. මහා අක්බර් අධිරාජ්‍යයාගේ කොතරම් හිතවතෙක් වුවත් ධනයට ලෝභ බව ඕනම කෙනෙකුගේ ලක්ෂණයක් බව ප්‍රකට කරමින් මෙතුමා එම ධනයෙන් විශාල ප්‍රමාණයක්   ජය්ඝඩ් බලාකොටුවේ යම් තැනක සඟවා තබනවා. මෙම ස්ථානය ගැන විවිධ අදහස් තිබෙනවා.ඇතැමුන් පවසන ආකාරයට ඒ ජය්ඝඩ් බලකොටුවට,වැසි සමයේදී අරාවල්ලි කඳුවැටි වලින් ගලා එන ජලය එක් රැස් කිරීමට යොදා ගන්නා ජල තටාකය යටින් පිහිටි රහස් කුටියකයි. (අදටත් මෙම ජල ටැංකියට යාමට තිබෙන දොරවල් අගුළු ලා වසා තිබෙනවා ).

තවත් අයට අනුව ඒ කොටු පවුරේ යම් ස්ථනයක වන අතර තවත් අයට අනුව ඒ ආමේර් මාළිගයේ සිට හෝ නහර්ඝඩ් බලකොටුවේ සිට ජය්ඝඩ් බලකොටුවට ගමන් ගන්නා රහස් උමං මාර්ග වලින් එකකයි.




(මෙම උමං මාර්ග වලින් කිහිපයක් අදටත් යහතින් තිබුණද ඒවායේ ගමන් කල හැක්කේ කෙටි දුරක් වන තෙක් පමණයි.ඉතිරිය දෙපසින්ම වසා දමා තිබෙණව.මීට අමතරව වැසී ගිය සොයා නොගත් උමං මාර්ගද මාළිගාවන් හා බලකොටු වල සැළසුම් වලට අනුව පවතිනවා ). කෙසේ හෝ මහරාජා මාන්සිංගේ නිධානය මෙසේ වැසී යනව. මීට පසුවද විවිධ අවස්ථාවන් හි අමේර් සහ ජය්පූර් රජ පවුළේ උදවිය ජ්ය්ඝඩ් බලකොටුවේ ආරක්ෂාව උදෙසා සැඟවී සිටි අවස්ථාවන් වල ඔවුන්ගේ ධන සම්පත් මෙහි සඟවා තබා තිබෙන අතර නැවත මාළිගයට ප්‍රහාර ඇති වුවහොත් ඒවා නැති වේ යැයි යන බිය නිසා ඒවා ජය්ඝඩ් බලකොටුවේම තිබෙන්නට හැර තිබෙණවා. එම නිධානයන්ද කොතැන කෙසේ පවතිනවාහ යන්න නොදනී. මෙම නිධාන වලින් එකක් වන්නේ ,රාජධානිය ආමේර් සිට ජය්පූර් වෙත ගෙන ආ විශිෂ්ඨ රජෙක් වන සහ ඉංජිනේරු දැනුමෙන්ද යුත් වූ මහාරාජා සවායි ජය්සිං 2 විසින් සඟවන්නට යෙදුනායැයි කියන නිධානයකි.

(රජ පරපුරට සවායි නම ලැබෙන්නෙ මෙතුමාගේ සිටයි.ඊට හේතු වුණා යැයි කියන කතාව වනුයේ මොහු සේවය කල ඖරන්ග්සෙබ් අධිරාජ්‍යයා බැහැ දැකීමට යන අතරතුර කාන්තවක් ඇසුරු කිරීමට ප්‍රමාද වූයෙන් රාජ සභාවට යාම ප්‍රමාද වූ බවත්.අතිෂය කෲර ඖරන්ග්සෙබ් අධිරාජ්‍යයා රැවටීමට බොරු වර්ණනාවක් ගෙතූ මහරාජා ජය්සිං ඔබ තුමා පූර්ණ චන්ද්‍රයෙක් නොව චන්ද්‍රයෙකුත් තවත් කාලක් බව ප්‍රකාශ කලේය. කාල යන්නට හින්දියෙන් යෙදෙන වචනය 'සවා' යන්නයි. එතැන් සිට ජය්පූර් මහ රාජා වරුන්ගේ නම මුලට සවායි යන්න එකතු වන්නෙ ඖරන්ග්සෙබ්ගෙත් ආශිර්වාදය සමග බව කියවෙනවා).
කෙසේ හෝ පසු කාලීනව ජය්පූර් මහරාජා වරයෙක් වුණ කීර්තිමත් මහරාජා මාන්සිං 2 මියගිය පසු ඔහුගේ බිරිඳ මහරාණි ගයාත්‍රි දේවි හදිසි නීතිය ප්‍රකාශ කිරීමෙන් පසුව (1975) අතඩංගුවට ගැනීමට ඉන්දිරා ගාන්ධි කටයුතු කරනවා.
                                 (Maharani Gayatridevi )

මෙය හුදෙක් දේශපාලනමය පලිගැනීමක් බව ඉතිහාසගත වන්නෙ ගයාත්‍රීදේවි කොංග්‍රස් රජය ප්‍රතික්ෂේප කල තැනැත්තියක් වූ බැවිණි. ගයාත්‍රිදේවී සිරගතව සිටියදී ඉන්දිරා ගාන්ධි විසින් ඉන්දීය හමුදා ඛණ්ඩ රැසක් ජය්ඝඩ් බලකොටුව වෙත යවන්නෙ නිධන් හරා අවුස්සා බැලීමටයි.ඒ වන විටත් රාජස්තානයෙ අන් සියළුම බලකොටු හා මාළිගා ඉන්දීය පුරවිද්‍යා අධිකාරිය යටතේ පැවතුණත් ජය්පූර් මාළිගය සහ කුමක් හෝ හේතුවක් මත ජය්ඝඩ් බලකොටුවත් රජ පවුළටම අයත්ව තිබුණා.එය සංචාරකයන්ට විවෘත වුණේ නෑ(අදටත් ජය්පූර් මහ මාළිගයේ කොටසක් ;චන්ද්‍ර මැහැල් නමින් හඳුන්වන , රජ පවුළට අයත් වන අතර ජය්ඝඩ් බලකොටුවේ ආදායමෙන් කොටසක් රජ පවුළ වෙනුවෙන් වෙන්වී ඇත ).මාස තුනක් තිස්සේ ජය්ඝඩ් බලකොටුවේ වැවු පොකුණු හිස් කරමින් නිධන් සෙවූවද ඉන්දිරා රජයට සොයාගත හැකි වූවක් නෑ.  තවත් සමහරුන් කියන ආකාරයට සොයාගත් දේ රජයට නොව ඉන්දිරාගාන්ධි සිය පුද්ගලික ප්‍රයෝජනයට ගත් බව පැවසෙනවා. කෙසේ හෝ මාස තුනක ට්‍රෙෂර් හන්ට් එක ඉවර වුණාට පස්සෙ ජය්පූර් දිල්ලි මහා මාර්ගය දින තුනක් මහ ජනයාට වසා තබන්නෙ ජ්ය්ඝඩ් කොටුවේ සිටි හමුදාව ඉවත්කර ගැනීම සහ ඔවුන්ගේ වාහන රැගෙන යාමටයි (මෙසේ වසා තැබූ කාලයේ නිධන් ද හොරෙන් පැන්නූ බව කටකතාවකි ).

සත්‍ය අසත්‍ය කෙසේ වුවද අදටත් ජය්ඝඩ් , නහර්ඝඩ් බලකොටු හා ආමේර් සහ ජය්පූර් මළිගය යන සිවු කොණ් වලින් වටවූ ප්‍රදේශ වලින් කොතැනක හෝ මෙම නිධානය සඟවා ඇති බව ජනයා විශ්වාස කරති. ඔබ අමේර් හෝ ජය්ඝඩ් වෙත සංචාරය කලහොත් සහ ගයිඩ් වරයෙක් සමග ගියහොත් ඔවුන් යම් යම් ස්ථාන දක්වා කැට තියා ඔබට පෙන්වාවි මෙතැන තමයි නිධානය සඟවා තිබෙණ්ණෙ කියාලා. ඒත් එ හුදෙක් ඔවුන්ගේ මතයක් පමණි.

ප.ලි. මේ වෙනකොට ජය්පූර් රජ පවුළේ උරුමකරු වන නාමික මහරාජා සවායි පද්මනාබ් සිං වෙනවා.

නැවත හමු වෙමු.

- අමිල ලක්මාල් -


නැවත හමුවෙමු

Gallery

Jaigrh fotress,mer Palace and Arawaalli maontains



















No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters