ආයුෂ්මන් ඛුරානා


1984 සාප්තැම්බර් 14 චන්දිඝඩ් වල ඉපදුන ආයුෂ්මන් බොලිවුඩ් ඉඩස්ට්‍රි එකට පය තියන්න කලින් ජනප්‍රිය වෙන්නෙ පංජාබ් සහ හින්දි ගායකයෙක් සහ රූපවාහිනී නළුවෙක් විදිහට..2012 විකී ඩෝනර් එකේ රගපාන්න කලිනුත් ආයුෂ්මන් ජනප්‍රිය ගායකයෙක්.විශේෂයෙන් ඔහුගේ 'මිට්ටි දි ඛුෂ්භූ' ගීතය අතිශය ජනප්‍රිය වුණා.
2012 විකී ඩෝනර් කියන්නෙ ආයුෂ්මාන්ගෙ පළවෙනි සිනමාපටය.

අතිශය ජනප්‍රිය , සුපර් හිට් (budget 5 crore, income 61 crore) කැටගරි එකට වැටුණ විකී ඩෝනර් එකේ කරපු ස්පර්ම් ඩෝනර් ගෙ චරිතය වෙනුවෙන් ආයුෂ්මාන් Best debut සහ ඒකෙම 'පානී දා රංග් දේක් කේ' ගීතය වෙනුවෙන් හොදම ගායකයා ලෙසත් ෆිල්ම්ෆෙයා සම්මාන ගන්නෙ හොදම නළුවාට නිර්දේශ වෙද්දි.විකී ඩොනර් එකේ ආයුෂ්මාන්ගෙ සහායිකාව වුනේ යාමී ගෞතමී. 2012 පස්සෙ 2015 වෙනකල් ආයුෂ්මාන්ගෙ කාලෙ හොද වුණේ නෑ. ඒ කාලෙ ආපු 'බේවකූෆියා' 'හවායිසාදා' වගේ ෆිල්ම් ජනප්‍රිය වුණේ නෑ .


2015 ආපහු ආයුෂ්මන් අලු ගසලා දාලා කරලියට එන්නෙ 'ධම් ලගාකේ හයිෂා' එකෙන්.

තමන් අකමැති , තරබාරු තරුණියක් එක්ක විවාහ වෙන්න සිද්ද වෙන තරුණයෙක් ගෙ frustrated life එක ගැන මේ ෆිල්ම් එකේ කියනවා.ඒකෙ ආයුෂ්මාන් එක්ක රංගනයට එක් වුණේ මුල් වතාවට භූමි පෙඩ්නෙකර් කියන දක්ෂ නිලිය. ධම් ලගාකෙ හයිෂා ත් හිට් ෆිල්ම් එකක් වෙනවා (budget 14 crore , income 42 crore) ඒකෙන් පස්සෙ ඔන්න ආයුෂ්මාන් ට ආපහු පොඩි තැනක් ලැබෙනවා.(භූමිට best debut සම්මානෙ ලැබෙනවා ) ඉන්දීය ඉහලම සම්මානය වන ජාතික සිනමා සම්මාන උළලේ හොදම හින්දි සිනමාපටයට හිමි සම්මානය ගන්නෙත් ධම් ලගාකෙ හයිෂා සහ ඒ අවුරුද්දෙ හෑම සිනමා සම්මාන උළෙලකම ආයුෂ්මාන් හොදම නළුවා ලෙස නිර්දේශ ලබනවා.
2017 දී ආයුෂ්මාන් ක්‍රිටී සනූන් සමග හිටි 'බරේලි කි බර්ෆි' සහ භූමි පෙඩ්නෙකර් සමග හිටි 'ශුබ් මංගල් සාව්ධාන්' වාණිජමය වශයෙන් සාර්ථක සිනමාපට .


(බරේලි කි බර්ෆි -budget 20 crore,income 58 crore , ශුබ් මංගල් සාව්ධාන් - budget 25 crore,income 64.54 crore) ..මෙහෙම ටික ටික උඩට ආපු ආයුෂ්මාන්ගෙ කල දවස හොද වුණේ 2018 අවුරුද්දෙ.ඒ ඔහුගෙ වාසනාවන්තම අවුරුද්ද. 2018 තිර ගත වුණ, ඔහු සමගින් ප්‍රවීණ සුපිරි නිලි තබූ රගපෑ 'අන්ධාදුන්' සහ නීනා ගුප්තා,ගජ් රාජ් රාඕ ,සුරේඛා සික්රි සහ සාන්‍යා මල්හෝත්‍රා සමග රගපෑ 'බධායි හෝ' සිනමාපට දෙකම ආයුෂ්මන්ට වාසනාව ගෙනාව.


දෙකම අතිශය සාර්ථක සිනමා පට වුණා (අන්ධාදුන් - budget 32 crore, income 456 crore සහ බධායි හෝ - budget 29 crore , income 221.44 crore ) . ඔහු ,2018 ෆිල්ම්ෆෙයා සම්මාන උළලේ හොදම නළුවා විචාරක සම සම්මාන ය සහ ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොදම නළුවා ලෙස සම සම්මාන ලබන්නෙ අන්ධාදුන් වෙනුවෙන්.2018 ලබපු මේ සාර්ථකත්වයත් එක්ක මේ වෙනකොට ඔහු බොලිවුඩයට නැතිවම බැරි කෙනෙක් වෙලා. ඒක ඔප්පු වෙන්නෙ 2019 අවුරුද්දෙ ඔහු ඉන්න සිනමාපට තුනක් එලියට ඒමෙන්. නීච කුලයේ ලෙස සැලකෙන යුවතියන් කිහිප දෙනෙකු අරබයා සිද්ධ වෙන අසාධාරණකම් ගැන කියවෙන 'ආර්‍ටිකල් 15 හි පොලිස් නිලධාරියාගේ චරිතය ආයුෂ්මාන් රගපෑව.

එම සිනමාපටයේ budget එක 28 crore වෙද්දි income එක 91.7 crore වෙනවා. ඊලගට ආයුෂ්මාන් එන්නෙ 'ඩ්‍රීම් ගර්ල් ' සිනමාපටයෙන් .එයත් ආදායම් අතින් අති සාර්ථක නිර්මාණයක් වුණා (budget 30 crore, income 191 crore) . ආයුෂ්මාන් ගෙ ඉඔලග එකත් ඒ වගේම සාර්ථක එකක් වෙයි කියලා කියන්න පුළුවන් . ඒ තමයි ඊයෙ ට්‍රේලරය එලියට දාපු 'බාලා' සිනමාපටය.


හිස් මුදුනේ කොන්ඩයයාම නිසා අපහසු තාවයට පත් වෙන තරුණ වියත් පසු කරගෙන යන පුද්ගලයෙක්ගෙ කතාවක් මේක. මෙම සිනමා පටයේ ආයුෂ්මාන් එයාගෙ පළමු සහායිකාව යාමි ගෞතමී සහ පළමු අති සාර්ථක සිනමාපටයේ සහායිකාව භූමි පෙඩ්නෙකර් සමග රංගනයේ යෙදෙනෙවා.මේ වෙනකොටත් බාලා ට්‍රෙලර් එක 24 million views අරන් ඉවරයි. ඔහු විකට රංගනය සහ චරිතාංග රංගනය යන රංග පරාසය තුල විවිධ ස්ථාන වල සිය දස්කම් දක්වන්නෙක්. ඉදිරියේදී ඛාන් වරුන්ගෙන් ගිලිහී යන බොලිවුඩය බාර ගන්න තවත් එක් විශිෂ්ඨයෙක් වෙයි ආයුෂ්මාන්.
- අමිල-

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters