අංකල් 'ඔස්කාර්'

 

අකැඩමි අවොර්ඩ් එකට ඔස්කාර් කියන්න හේතුව ගොඩ දෙනෙක් දන්නවා ඇති.දන්නෙ නැති අයට...ගොඩක්ම ප්‍රසිද්ධ එක තමයි 1929 අවුරුද්දේ ඉස්සෙල්ලාම අකැඩමි අවෝර්ඩ් එකේ තියෙන රූපය දැක්ක පුස්ථකාල සේවිකාවක් කිවුවලු 'ඒක හරියට අපේ අංකල් ඔස්කාර්' වගේ කියලා. ඒ නිසා නික් නේම් එක වැටුණා කියලා කියනවා.
නයිට් වරයෙකුගේ රුවක් රැගත් ඔස්කාර් සම්මානය හදන්නේ ලෝකඩ වලින්.ඒක වටේ කැරට් 24 රන් ආලේප කරනවා.උසින් අඟල් 13 1/2 ක් වෙන සම්මානය බර දල වශයෙන් ග්‍රෑම් 680ක් (පවුම් 8 1/2) විතර වෙනවා.
 
මේ කියන්න හදන්නෙ ඔස්කාර් එකේ ඉතිහාසය ගැන නෙමේ.ඔස්කාර් දෙන ප්‍රොසෙස් එක ගැන.
Academy of Motion Picture Arts and Sciences කියන්න එක්සත් ජනපදයේ සිනමා කර්මාන්තය සඳහා වන ඉහලම වෘත්තීය ආයතනය. 
 
එකේ ශාඛා 17ක් තියෙනවා. ඒ (සමහර ඒවට කියන සිංහල නම් දන්නෙ නැති නිසා ඉංග්‍රීසියෙන්ම දානවා)
  1. Actors
  2. Casting Directors (created July 31, 2013)
  3. Cinematographers
  4. Costume Designers (created from former Art Directors Branch)
  5. Designers (created from former Art Directors Branch)
  6. Directors
  7. Documentary
  8. Executives
  9. Film Editors
  10. Make-up Artists and Hairstylists
  11. Music
  12. Producers
  13. Public Relations
  14. Short Films and Feature Animation
  15. Sound
  16. Visual Effects
  17. Writers

සම්මාන දෙන එක එක අංශ වලට නම් යෝජනා කරන්නේ ඒ ඒ ශාඛා වල සාමාජික සාමාජිකාවන් විසින්. උදා. නළුවන්/නිලියන් විසින් නළු/නිලියන් ව යෝජනා කරනවා. අධ්‍යක්ෂ වරුන් විසින් අධ්‍යක්ෂ වරුන්ව යෝජනා කරනවා.ඒ වගේ . හොඳම විදේශීය භාශා සිනමාපටය වගේ ඒවට වෙනම විශේෂ නීතීරීති තියෙනවා.
ඡන්ද බලය තියෙන සාමාජික සාමාජිකාවන් සියල්ලටම අයිතිය තියෙනවා හොඳම සිනමාපටය ට නාම යෝජනා කරන්න.2018 වෙද්දි අකැඩමි එකේ ඡන්ද බලය හිමි සාමාජිකයන් 8000ක් ඉඳලා තියෙනවා.මේ අතරින් විශාලම චන්ද පදනමක් හිමි සාමාජිකයන් ප්‍රමාණයක් ඉන්නේ නළු/නිළි ශාඛාවෙ.ඒ 1,311 (22% ). PricewaterhouseCoopers (PwC)  කියන ලෝක ප්‍රකට විගණන සමාගම මගින් චන්ද සහතික කිරීම සිදු කරනවා.
ඔස්කාර් සඳහා නිර්දේශ වීම සඳහා පෙර වසරට පෙර වසරේ දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී 12න් පසුව සහ පෙර වසරේ දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී 12ට පෙර කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි තිරගතවීම ආරම්භ වී අවම වශයෙන් නොකඩවා දින 7ක් තිරගත වුණ සිනමාපට සුදුසුකම් ලබනවා.මෙය හොඳම විදේශීය භාශා සිනමාපටය,හොඳම වාර්තා සිනමාපටය සහ හොඳම කෙටි චිත්‍රපටය යන ඒවා සඳහා අදාල වෙන්නෙ නෑ.හොඳම විදේශීය භාශා සිනමාපටය එක්සත් ජනපදයේ තිරගත වීම අත්‍යාවශ්‍ය වන්නේත් නෑ.2009 හොඳම සිනමාපටය වුණ ද හර්ට් ලොකර් 2008 සත්‍ය වශයෙන්ම තිරගත වුණත් 2008 සම්මාන උළෙල සඳහා නිර්දේශ නොවුණේ ඒක ලොසැන්ජලීස් වල පෙන්නන්න පටන්ගත්තෙ 2009 නිසයි.දැන් තේරුණා නේද.කොහෙ හරි පෙන්නලා වැඩක් නෑ.ලොස් ඇන්ජලීස් වල පෙන්නන්නම ඕනෙ.
සිනමාපට තෝරා ගැනීම සඳහා තාක්ෂණික කාරණා ගොඩක් තිබ්බත් ඒ සේරම මෙතන කියන්න නොයන්නෙ මාගලක් විතර එකක් ලියන්න වෙන නිසා.උදා. අවම විනාඩි 40ක කාලයකින් විය යුතුයි වගේ.
නිෂ්පාධක වරුන් විසින්, නියමිත අවසාන දිනට කලින් ස්ක්‍රීන් ක්‍රෙඩිට්ස් ඔන්ලයින් සබ්මිට් කරන්න ඕන.ඒ දින පහු වුණොත් සුදුසුකම් ලබන්නෙ නෑ.ඊට පස්සෙ මේව චෙක් කරලා සුදුසුකම් ලබන නාමයෝජනා රිමයින්ඩර් ලිස්ට් එකකට දා ගන්නවා.දෙසැම්බර් මාසෙ වෙද්දි මෙ රිමයින්ඩර් ලිස්ට් ටික චන්ද පත්‍රිකා එක්ක චන්ද බලය තියෙන සාමාජිකයන් ට යවනවා,තැපෑලෙන්.බොහෝ අංශයන් සඳහා එක් එක් ශාඛාවල සාමාජිකයන් වෝට් කරන්නෙ තමාගෙ ශාඛාවෙ සාමාජිකයන්ට විතරයි. උදා. නලු නිලියො අධ්‍යක්ෂ වරුන් වෙනුවෙන් වෝට් කරනවා විරලයි.
එක් සාමාජිකයෙක්ට ;හොඳම සිනමාපටය සඳහා මනාප 10කුත් අනෙකුත් අංශ සඳහා මනාප 5කුත් ලකුණු කරන්න පුලුවන්. මේ අතරින් වැඩිම මනාප ගන්න අයට තමයි සම්මානය ලැබෙන්නෙ.
2009 ඉඳලා හොඳම සිනමාපටය තෝරන්නෙ Instant runoff ක්‍රමයට.එක හරියට දෙවනි මනාපෙ ගණිනවා වගේ තමයි.
හොඳම සිනමාපටය සඳහා සිනමාපට දෙකක් සමාන චන්ද ලබා ගතහොත් ඒ දෙක ඇර අනිත් සියල්ලම නොසලකා හැර, අනිත් සියල්ලට ලැබුණු චන්ද වල දෙවනි මනාපයන් ලෙස මෙම ඉදිරියෙන්ම සිටින සිනමාපට දෙකට ලැබිලා තියෙන මනාප ඒ එක් එක් සිනමාපටයට එකතු කරලා ඉන් පසුව වැඩිම මනාප ප්‍රමාණයක් ගන්න සිනමාපටය හොඳම සිනමාපටය ලෙස තෝරනවා.

ඔන්න ඔහොම තමයි වෙන්නෙ.

ඔස්කාර් වල පොලිටික්ස් ගැන කිවුවොත්, ඔස්කාර් එකක් ගන්න එක ලේසි පාසු සහ සුළු පටු කාරණයක් නොවන නිසා නිෂ්පාධකයන් ඩොලර් මිලියන ගණනින් වියදම් කරනවා චන්ද තමන් වෙත ලබා ගන්න.ඒක කුප්‍රකට කාරණයක්. ඒ කියන්නෙ ලෝකෙම පිලිගත්ත ඔස්කාර් වලත් සම්මානෙ ගන්නෙ 'හොඳම හොඳ එක' නොවෙන්න පුළුවන්.ඉතිං හැම දෙයින්ම දූෂිත  අපේ රටවල් ගැන කවර කතාද?

මේ ගැන උනන්දු කෙනෙක්ට කියවන්න හොඳ පොතක් තමයි 'All about Oscar' කියන්නේ.

ඔය මදැයි අංකල් ඔස්කාර් ගැන. අත හැරුණු දෙයක් තියෙනවනම් කියන්නේ නම් මැනවි.

- අමිල ලක්මාල් -
 
Gallery
 
                                 (First Oscar Invitation )
 


                     (From first 'Oscar' Awards ceremony )


(From 91st Oscar Awards ceremony )
 

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters