භාරතයේ විත්ති - 43 - "අරුණෝද කලාපය"


අරුණෝද කලාපය නොහොත් අරුණාචාල් ප්‍රදේශ් කියන්නෙ ඊශාන දිග ඉන්දියාවෙත් කොණේම තියෙන ප්‍රාන්තය.ව.කි.මී 83,743ක් වීශාල මෙම ප්‍රාන්තය වයඹින්,උතුරින් ,ඊශාන දිගින් සහ නැගෙනහිරින් අරුණාචල් ප්‍රදේශ් චීනයට මායිම් වෙනවා.ගිනි කොණ දිගින් මියන් මාරයටත්,දකුණින් නාගාලන්ඩ් ප්‍රාන්තයටත් නිරත දිගින් ඇසෑම් ප්‍රාන්තයටත් බටහිරින් භූතානයටත් මෙම ප්‍රාන්තය මායිම් වෙනවා.

    (Districts in Arunachal Pradesh )
ප්‍රාන්තයේ උසම ස්ථානය මධ්‍ය මූදු මට්ටමින් මීටර 7000ක් පමණ වෙනවා.කංටේ,න්‍යෙගි කංසං ,ගොරිචන් සහ නැගෙනහිර ගොරිචන් කියන්නෙ ප්‍රාන්තයේ උසම ස්ථාන.

ඉන්දියාවෙ තියෙන සුන්දරම ප්‍රාන්ත වලින් එකක් තමයි අරුණාචල් ප්‍රදේශ්.ඉන්දියාවෙ අසුන්දර බව පමණක් දන්න,ඒවා පමණක් අහන්න, දකින්න, කතා කරන්න කැමති අයට මම ආරාධනා කරනවා හොයලා බලන්න මේ ප්‍රදේශ ගැනත් කියලා.


මාතෘකාවට එමු.
 
ඉන්දීය භූමියට කියලා ඉස්සෙල්ලාම ඉර එලියවැටෙන්නෙ අරුණාචල් ප්‍රදෙශ් වලට.ඒ නිසා තමයි ඒ නම වැටිලා තියෙන්නෙ.ඒ වගේම ප්‍රාන්තයේ රාජ්‍ය ලාංඡනයේ තියෙන්නෙත් කඳු දෙකක් මැද්දෙන් පායන සූර්‍යයාගේ රූපයක්.ඉතා නගර් තමයි අරුණාචල් වල අගනුවර.

ඉන්දියාවෙ බෞද්ධ ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් වාසය කරන්නෙ අරුණාචල් ප්‍රදේශ් වල.ඒ නිසාම ප්‍රාන්තය පුරාවටාම බෞද්ධ විහාරාරාම විශාල ප්‍රමාණයක් දැක බලා ගන්න පුළුවන්.බෞද්ධ දර්ශණයට අමතරව ඩොනිල් පෝලෝ නම් ආගමකුත් අරුණාචල් ප්‍රදේශ් වල අදහනව.එම ආගම තිබෙන්නෙ එම ප්‍රාන්තයේ පමණයි.මෙම ප්‍රාන්තයේ වැඩියෙන්ම ඉන්නෙ ක්‍රිස්තියානු භක්තිකයන්.ඔවුන් 30.26% පමණ වෙනව.හින්දූන් 29.04%ක්, ඩොන්යිපොලෝ වරු 26.2% , බෞද්ධයන් 11.76%,ඉස්ලාම් භක්තිකයන් 1.9% මෙම ප්‍රාන්තයේ වෙසෙනවා.මෙම භූමි ප්‍රදේශය සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව අතර මත ගැටුම් තිබෙනවා.චීනය මෙම ප්‍රදේශය දකුණු ටිබෙටය නමින් හඳුන්වන්නට යෙදෙනවා.1962 ඇති වුණ ඉන්දු-චීන යුධ ගැටුම් අතරේ චීන හමුදාවන් විසින් තාවකාලිකව මැක්මහොන් රේඛාව නම් ඉන්දු චීන සීමාවෙන් අරුණාචල් වලට ඇතුළු වුණා.මෙම සීමාවා ඇති කර ගන්නෙ ඉන්දියාව වෙනුවෙන් බ්‍රිතාන්‍යය ,චීනය සහ ටිබෙටය අතර 1913-1914 දී ශිම්ලාහි ඇතිකරගත් ප්‍රඥප්තියක් අනුව චීන,ඉන්දු,ටිබෙට් සීමා නිර්ණය වුණත් චීනය මෙයට එකඟ වී නෑ.එසේ වුවත් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවර හෙන් රි මැක්මහොන් විසින් සැතපුම් 550ක් දිග (කි.මී.890 ) සීමා රේඛාව අඳිමින් ඉන්දු,චීන්,ටිබෙට් දේශ සීමා වෙන් කරනු ලැබුවා.චීනය විසින් මෙයට එකඟ නොවූ නිසා එදා සිට අද වන තුරුත් මෙම දේශ සීමාව උදෙසා චීනය හා ඉන්දියාව අතර ගැටුම් පවතිනවා.
1972 ජනවාරි 20 ඉඳලා 1987 පෙබරවාරි 20 තෙක් අරුණාචල් ප්‍රදේශ් මධ්‍යම පාලන බල ප්‍රදේශයක් විදිහට තිබිලා 1987 තමයි ප්‍රාන්තයක් බවට ප්‍රකාශ කරලා තියෙන්නෙ.

සයවන දලයිලාමා ටං යං ග්‍යට්සෝ උපත ලබා තිබෙන්නේත් අරුණාචල් ප්‍රදේශ් වලයි.
අරුණාචල් ප්‍රදේශ් කියන්නේ සංචාරකයන්ගේ නොමද ආකර්ශණය දිනාගත් ප්‍රදේශයක්.එක අතකට කල්පනා කරද්දි හිතෙනවා ඉන්දියාවෙ කොයි ප්‍රදේශයද සංහාරක ආකර්ශණය දිනාගෙන නැත්තෙ කියලා.ගඳ ගහන,දුප්පත් කමින් මිරිකෙන , මුම්බයි හි ධරවි මුඩුක්කු පවා සංචාරක ආකර්ශණය දිනාගන්න සමත් වෙලා තියෙනවා.
අරුණාචල් හි පිහිටි වැදගත්ම ස්ථානය තමයි ටවාං බෞද්ධ විහාරය. 




මෙය ඉන්දියාවේ විශාලම බෞද්ධ විහාරය වන අතර ලෝකයේ දෙවන විශාලම විහාරය වෙනවා.එය දෙවනි වන්නේ ටිබෙටයේ පොතාලාවට (දලයි ලාමා වරයාගේ විහාරය ) පමණයි.මෙම විහාරය මාඕ ගේ විප්ලවයංගෙන් විනාශ නොවී ටිබෙට් බුදු දහම රැකුණු අතලොස්සක් වූ විහාර වලින් එකක්.
මෑතක සිට, වෙනම පාලනයක් ඉල්ලන නාගාලන්ඩ් ත්‍රස්ථ කණ්ඩායම් වලින් අරුණාචල් වෙත කරදර එල්ල වෙනවා.ඔවුන් නාගාලන්ඩ් වෙනම ප්‍රදේශයක් කරන්න සටන් වදිද්දීම අරුණාචල් භූමියෙන් කොටසකුත් නාගාලන්ඩ් වලට අමුනා ගැනීමට උත්සාහ කරනවා.
ප්‍රධාන භාෂාවන් වන්නේ හින්දි සහ ප්‍රාදේශීය භාෂාවන් වන ඇසෑමීස්, ගැලොං,නිෂි සහ නොස්ටේ යන භාෂාවල් ය.මීට අමතරව විවිධ ගෝත්‍ර වල වැසියන් වෙනත් භාෂා 50ක් පමණ භාවිතා කරනවා.
ඔක්තෝබර් සහ  අප්‍රේල් කාලයන් අරුණාචල් සංචාරය සඳහා වඩාත් සුදුසුම කාලයයි.
සංචාරකයන් අතර ප්‍රිය ස්ථාන ලෙස
ටවාං විහාරය (භූතානයට ආසන්නව පිහිටා තිබේ ),නම්දෆා ජාතිකෝද්‍යානය,රොයිං නදිය,ටේසු නදිය, සක්ටෙං වනජීවී සංරක්ෂිතය,පර්ශුරාම් පොකුණ,නම්සයි විහාරය,චංලං වනය,භෛරබ්කුණ්ඩ වනෝද්‍යාන,වක්‍රෝ ගම වැනි ප්‍රදේශ දැක්විය හැකි වුවත් තව ස්ථාන බොහොමයක් තිබේ.

                            (Golden Pagoda - Namsai )

                                    (Gombu Latso Lake)
                       ( Chagzam Bridge)
















ඔබ ලක්ෂ ගණනින් වියදම් කර විදෙස් සංචාරයන් හි යෙදීමට කැමැත්ත ඇති අයෙක් නම් සාපේක්ෂව අඩු මුදලකින් මෙවන් ප්‍රදේශ වල සංචාරය කල හැකි බව මතක් කරමින් නවතිමි.
ටවාං විහාරය ගැන වෙනම ලිපියකින් කීමට බලාපොරොත්තු වෙමි.

නැවත හමු වෙමු.




- අමිල ලක්මාල් -
Gallery








No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters