ටොම් හූපර් ගේ සිනමා ඔපෙරාව....


ප්‍රංශ මහාගත්කතුවරයා වික්ටර් හ්‍යුගෝ විසින් රචිත කෘතියක් දශක කිහිපයකට කලින් ලංකාවෙ අනුවර්තනය වෙනවා ;අයි.ඇම්.ආර්.ඊරියගොල්ල මහතා අතින්, "මනුතාපය නමින්".ඉතාම අනුවේදනීය කතාවක් රැගත් මෙම කෘතිය ලෝකයේ සාහිත්‍ය ලෝලීන්ගේ ආදරය දිනාගත් සුප්‍රකට කෘතියක් වෙනවා වගේම අනුවාදය සිංහල පාඨකයන් අතර ප්‍රසිද්ධ වෙනවා.
මෙම මුල් කෘතිය ඇසුරු කරගෙන ටොම් හූපර් විසින් අති විශිෂ්ඨ සිනමා නිර්මාණයක් කරනවා 2012 දි.
හොලිවුඩ් වල සුපිරිම නලුවන් සහ නිලියන් කිහිප දෙනෙක් යොදාගෙන නිර්මාණය වුණ මෙම සිනමා කෘතිය විශේෂ එකක් වෙනවා. එහි දෙබස් 99.99% ක්ම ගීතමය ආකා‍රයෙන් ඉදිරිපත් වීම.මේ මා දුටු එවන් එකම ආකාරයේ හොලිවුඩ් සිනමාපටයයි.(තව තියෙනවද කියන්න දන්නෙ නෑ ) . 

මුලුමනින්ම ඔපෙරාවක් සිහිපත් කරන මෙම සිනමා පටය හොලිවුඩ් නළු නිළියන් යනු දක්ෂ ගායක ගායිකාවන් බවත් ඔප්පු කල සිනමාපටයක්.
ටොම් හූපර්ගෙන් සිනමාපටය අධ්‍යක්ෂණය කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද මූලිකම කොන්දේසිය වී ඇත්තේ සියලුම සංගීතමය දෙබස් සජීවීව , දර්ශන තලයේදීම පටිගත කලයුතු බවයි. තවද අදාල නලු නිලියන්ට හඩ හැසිරවීම සහ හැගීම් ප්‍රකාශනය සම්බන්ධයෙන් පූර්ණ නිදහස ලබා දිය යුතු බව. ඒ කොන්දේසිය අනුව එය එසේම වී තිබෙනවා.

ඒ ගැන රසල් ක්‍රෝ මෙසේ පවසනවා.

"There's an emotional level to this that cannot be created in the studio,” ඔහු එසේ කියද්දි ඇමැන්ඩා මෙසේ කියනවා "It is so much more powerful, you have complete freedom, complete control.”
ඔවුන් කෙතරම් දක්ෂ පිරිසක්ද කියන එකට එයම සාක්ෂියක් වනු ඇති. එය සජීවීව ගායනා කලා යන බව ඇසූ මුල් අවස්ථාවේම මට මතක් වුණේ හෙලෙනා බොන්හැම් කාර්ටර් ව. ඇයගේ චරිතය වුණේ මැඩම් තෙනාර්ඩේ (Madam Thenardier) .ඇත්ත වශයෙන්ම දක්ෂ නිලියක් ලෙස ඈ සිය කපටි චෞර චරිතයට ඔබින ලෙස හැගීම් ඉදිරිපත් කරමින් කෙටි,වේගවත් සහ දිගු ගායනයන් ලෙස ඇගේ දෙබස් ඉදිරිපත් කිරීම මා සිත් ගත්තා.ඉන් කියවෙන්නෙ නෑ හ්‍යු හෝ රසල් හෝ ඈන් හෝ අදක්ෂයි යන්න.
ගායනාමය දෙබස් ඛණ්ඩ 1980 දශකයේ ඉදිරිපත් වුණ වේදිකා රංගනයක අඩංගු වුණ ගායනාවන්.ඇතැම් ඒවා සිනමාපටයට ඔබින ලෙස අඩු කොට සංස්කරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව ගිතමය අංක 50ක් මෙම සිනමාපටයේ අඩංගු වෙනවා.
මම සහතික කරනවා එය අණිවර්‍යෙන්ම වෙනස් අත්දැකීමක් වේවි.ඒ නිසා අණිවර්‍යෙන්ම ඔබ එක්වතාවක් හෝ නැරඹිය යුතුම සිනමා නිර්මාණයක් බව.
ඩොලර් මිලියන 61 වැය කොට නිර්මාණය වුණ මෙම සිනමාපටය ලොව පුරා බෙදාහැරීමෙන් ලද ආදායම ඩොලර් මිලියන 441.8 ක්. සිනමාපටය කෙතරම් සාර්ථකද යන්නට ඒ ගණන්හිලවු ඇති.
85 වන අකැඩමි සිනමා සම්මාන උළලේ මෙම සිනමාපටය පහත සම්මාන සදහා නිර්දේශ වුණා.

• හොදම සිනමාපටය
• ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නළුවා - හ්‍යු ජැක්මන්
• සහාය චරිතයක් උදෙසා හොදම නිළිය - ඈන් හැතවේ (සම්මානය දිනීය )
• හොදම ඇදුම් නිර්මාණය
• හොදම අංගරචණය සහ කොණ්ඩා මෝස්තර සැකසුම් (සම්මානය දිනීය )
• හොදම සංගීතය (සම්මානය දිනීය )
ඉතින් මේ විශිෂ්ඨ සිනමාපටය නරඹා නොසිටීමට හේතු තිබේද?!
ප්‍රධාන හා උප ප්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වූයේ
• හ්‍යු ජැක්මන් - ජෝන් වැල්ජෝන්
• ඈන් හැතවේ - ෆැන්ටීන්
• රසල් ක්‍රෝ - ජාවර්ට්
• තෙනාර්ඩේ - සාෂා බැරොන් කොහෙන්
• මැඩම් තෙනාර්ඩේ - හෙලෙනා බොන්හැම් කාර්ටර්
• කොසෙට් - අමැන්ඩා සයිෆ්‍රඩ්
• මැරියස් - එඩී රෙඩ්මේන්
• එෆනී - සමැන්තා බාර්ක්ස්
රේටිංස්
IMDB - 7.6/10
Rotten Tomatoes - 69%
Metacritic - 63%
නරඹා නැත්තන් හට නැරඹීමට ආරාධනා කරමි.

"Les Misérables (2012)"


- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters