අප්‍රිකානු රටවල් පසුබිම් කරගත් ෆිල්ම්ස්

අප්‍රිකානු රටවල් පසුබිම් කරගත් ෆිල්ම්ස් වල අමුතුම ගතියක් තියෙනවා.ඒ කර්කෂ පාරිසරික ගතිය නිසාම වෙන්න පුළුවන් .
කොහොම වුණත් අප්‍රිකානු රටවල් වල රූගත කෙරුනු ෆිල්ම්ස් බලන්න මගෙ වැඩි කැමැත්තක් තියෙනව.එහෙම බලපු ගොඩකින් මේ මම කැමතිම ඒවා දහයක්.

01.ක්වීන් ඔෆ් කැට්වේ
 
යුගන්ඩා හි කැට්වේ වල මුඩුක්කුවක දිළිදු දැරියක්වූ ෆියොනා මුටෙසි චෙස් මගින් ලොවක් දිනන කතාවයි.
සුප්‍රකට ඉන්දීය අධ්‍යක්ෂිකා මීරා නායර් විසින් අධ්‍යක්ෂණය කර ඇත.
ප්‍රධාන චරිත
ෆියොනා මුටෙසි - මඩිනා නල්වංගා
නක්කු හැරියට් (ෆියොනා ගේ මව ) - ලුපිටා න්‍යොන්ගෝ
රොබර්ට් කැටෙන්ඩේ (චෙස් ගුරුවරයා) - ඩේවිඩ් ඔයෙලොවෝ

IMDB 7.4/10
Rotten Tomatoes 93%
Metacritic 73%


 
 
 
 
 
 
 
 
 
02.හොටෙල් රුවන්ඩා
 
වාර්ගික යුද්ධයක් අතරේ සරණාගතයන් බේරාගැනීමට සහ ඔවුන්ට උපකාර කිරීමට පෙලඹෙන රුවන්ඩාහි හෝටල් කළමනාකරුවකුගේ කතාවකි. සුපිරිම පිලුමකි.
ප්‍රධාන චරිත
පෝල් - ඩොන් චීඩ්ල්
ජැක් ඩැග්ලිෂ් - ක්වෝකීන් ෆීනික්ස්
ටටියානා - සොෆී ඔකොනෙඩො

IMDB 8.1/10
Rotten Tomatoes 91%
Metacritic 79%


 
 
 
 
 
 
 
 
 
 
03.ද ලාස්ට් කිං ඔෆ් ස්කොට්ලන්ඩ්
 යුගන්ඩා හි හමුදා පාලක /ජනාධිපති ෆීල්ඩ්මාෂල් ඉඩි අමීන්ගේ දුර්ධාන්ත පාලනය සහ මුලින් ඒවා නොදුටු ඇසින් සිට පසුව ඊට විරුද්ධ වන ඔහුගේ ස්කොට්ලන්ත ජාතික වෛද්‍ය වරයා නිකුලස් ගැරගොන් ගේ කතාවයි.
මෙහි ඉඩි අමීන් ලෙස රංගනය උදෙසා ෆොරස්ට් විටේකර් එම වසරේ ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නළුවා ට හිමි අකැඩමි සම්මානය දිනා ගන්නවා.
ප්‍රධාන චරිත
ඉඩි අමීන් - ෆොරස්ට් විටෙකර්
නිකුලස් ගැරගොන් - ජේම්ස් මැක්අවොයි
කේ අමීන් - කෙරී වොෂිංටන්

IMDB 7.7/10
Rotten Tomatoes 87%
Common sense 4/5

 
 
 
 
 
 
 
04.බ්ලඩ් ඩයමන්ඩ්
 
මිල කල නොහැකි දියමන්තියක් සොයා ගන්නා අප්‍රිකානු ජාතික සොලමන් සහ එය ලබා දුනහොත් පෝල් ට නැවතත් සිය පවුල සමග එකතු වීමට උපකාර කරන බව කියමින් දියමන්තිය ලබා ගැනීමට උත්සාහ කරනා ඩැනීගේ කතාවයි.දියමන්ති කර්මාන්තය, අප්‍රිකානු ත්‍රස්ත ක්‍රියා ගැන අනුවේදනීය සිද්ධි මාලාවකින් යුත් කතාවකි .

අප්‍රිකානු රටවල් පසුබිම් කරගත් ෆිල්ම්ස් වල අමුතුම ගතියක් තියෙනවා.ඒ කර්කෂ පාරිසරික ගතිය නිසාම වෙන්න පුළුවන් .
කොහොම වුණත් අප්‍රිකානු රටවල් වල රූගත කෙරුනු ෆිල්ම්ස් බලන්න මගෙ වැඩි කැමැත්තක් තියෙනව.එහෙම බලපු ගොඩකින් මේ මම කැමතිම ඒවා දහයක්.

සොලමන් - ජය්මන් හන්සු
ඩැනී - ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ

මෙම සිනමාපටය උදෙසා ජය්මන් සහ ලියෝ පිලිවෙලින් සහාය චරිතයක් සහ ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නළුවන් ලෙස අකැඩමි සම්මානයට නිර්දේශ වුණා.


 

05.ද බෝයි හූ හාර්නස් ද වින්ඩ්
මලාවි හි දුෂ්කර ගම්මානයක 13 හැවිරිදි විලියම් කවම්කොම්බා බාධා කිරීම් මධ්‍යයේ සුළං බලය උපයෝගී කරගෙන සිය වගා කටයුතු සදහා භූගත ජලය ලබා ගැනීමට කටයුතු කරන කතාන්දරයකි.අප්‍රිකානු රටවල නියං,දුර්භීක්ෂ,දිළිදු බව පිළිබදව අනුවේදනීය සිද්ධීන් අඩංගු කතාවකි.

ප්‍රධාන චරිත
මැක්ස්වෙල් සිම්බා - විලියම් ක්වම්කොම්බා
චුඉටෙල් එජියෝෆෝ - ට්‍රයුවෙල් ක්වම්කොම්බා (විලියම් ගේ පියා - අධ්‍යක්ෂණයද මොහුගෙනි )
 

IMDB 7.6/10
Rotten Tomatoes 86%
Common sense 5/5


 







06.ද කොන්ස්ටන්ට් ගාර්ඩනර් 
 
කෙන්යාවේ තානාපති සේවයේ නියුතු ජස්ටින් සහ ඔහුගේ බිරිද ටෙසා සහ කෙන්යාව වෙලාගෙන ඇති ඖෂධ මාෆියාව ගැන අනුවේදනීය කතාවකි.

ප්‍රධාන චරිත
ජස්ටින් - රේෆ් ෆයින්ස්
ටෙසා - රේචල් වයිස්
මෙහි රංගනය උදෙසා රේචල් සහාය චරිතයක් උදෙසා හොදම නිළිය සදහා අකැඩමි සම්මානය දිනා ගන්නා ලදී

IMDB 7.4/10
Rotten Tomatoes 83%
Metacritic 82%


 







07.ද ගෝඩ්ස් මස්ට් බී ක්‍රේසි ( 1,2 & 3)
 
මේ ගැන අමුතුවෙන් කියන්න ඕනෙද?

IMDB 7.3/10
Rotten Tomatoes 85%
Common sense 4/5






 









08.මිස්ටර් බෝන්ස් (1,2)
 
ද ගෝඩ්ස් මස්ට් බී ක්‍රේසි වගේම ඉල ඇදෙනකල් හිනා වෙන්න පුළුවන් ෆිල්ම්ස් දෙකකි.

IMDB 4.8/10

 









09.ඩෙසර්ට් ෆ්ලවර් 
දශක කිහිපයකට පෙර ලෝකයේ අංක එකේ මෝස්තර නිරූපිකාවක් වූ වෝරිස් ඩයරි විසින් රචිත එම නමින්ම වූ ;අතිෂය අනුවේදනීය වූ, ස්වයං චරිතාපදානය ආශ්‍රයෙන් නිර්මාණය වුවකි.

ප්‍රධාන චරිත
වෝරිස් ඩයරි - ලියා කෙබෙඩේ
මැරිලින් - සලී හොව්කිංස්


 










10.ටිම්බක්ටු
 
මාලි හි ටිම්බක්ටු නුවර ආශ්‍රිත ව ජීවත් වන, ෂරියා නීතිය ඉදිරියේ අසරණ වුණ ගොපල්ලකුගේ කතාව කියවෙන සුපිරි කතාවකි.

IMDB 7.1/10
Rotten Tomatoes 98%
Metacritic 92%

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters