Oscar 2020 ?



"2019 අවුරුද්දෙ මේ වෙනකොට තිරගත වෙච්ච සහ දෙසැම්බරයේ තිරගත වෙන්න නියමිත ෆිල්ම්ස් 20කුත් ඇතුළුව සේරම ෆිල්ම්ස් ගණනින් 229 ක්.
මේ අතරින් ඔස්කාර් නිර්දේශයන් කෙරෙහි බළාපොරොත්තු තියාගත හැකි රංගනයන් පිළිබද මගේ අදහසක් මේ."

01.ලුපිටා න්‍යොන්ගෝ /Lupita Nyong'o - Us (ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නිළිය)
 
Twelve years a slave වෙනුවෙන් සහාය චරිතයක් උදෙසා හොදම නිළිය ලෙස අකැඩමි සම්මානයක් මේ වනවිටත් ලබා ඇති ලුපිටා මෙම වර්ෂයේ Us සිනමාපටයේ රංගනය වෙනුවෙන් නිර්දේශයක් ලැබීමේ ඉඩකඩ බොහොම වැඩියි.Us සිනමාපටය 2019 වර්ෂයේ තිරගත වුණ ජනප්‍රියම සිනමාපට අතරින් එකක්.

 
 
 
 
 
 
 
 
 
 
02. ඇන්ටෝනියෝ බැන්ඩෙරාස් / Antonio Banderas - Pain and Glory (ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නළුවා )


සිනමා අධ්‍යක්ෂවරයෙක් ගේ ජීවිතය පිළිබද ශක්තිමත් කතාන්දරයක් ලෙස ඉදිරිපත් වෙන මෙම සිනමාපටයේ ඇන්ටෝනියෝගේ රංගනය මේ වසරේ ඔස්කාර් සම්මානයක් සදහා නිර්දේශයක් බලාපොරොත්තු විය හැකි මෙන්ම මෙම සිනමාපටයද හොදම සිනමාපටය ලෙස නිර්දේශ වීමට ඉඩකඩ වැඩියි.

 
 
 
 
 
 
 
 
 
 
 
03.ක්වාකීන් ෆීනික්ස් /Joaquin Pheonix - Joker (ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නළුවා)
 
මෙම වර්ෂයේ වැඩිම කතාබහකට ලක්වූ රංගනයක් කිවහොත් අතිශයෝක්තියක් නොවේ.මෙම රංගනය උදෙසා ක්වාකීන් අණිවර්‍යෙන්ම නිර්දේශයක් ලබාවි.

 
 
 
 
 
 
 
 
 
 
 
 
04.පෙනිලොපේ කෘස් /Penélope Cruz - Pain and Glory
(ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නිළිය)


 

ඉහත සිනමාපටය උදෙසාම පෙනිලොපේ මෙම සම්මානය උදෙසා නිර්දේශ වේ යැයි සිතන්න පුළුවන් .
ඇය Vicky Christina Barcelona හි රංගනය වෙනුවෙන් මේ වන විටත් සහාය චරිතයක් උදෙසා හොදම නිළිය ලෙස අකැඩමි සම්මානයක් ලබා තිබෙනවා.

05.එලිසබෙත් මොස් /Elizabeth Moss - Her Smell
(ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නිළිය)
 

මෙය 2018 මුල් වරට තිරගත වුවත් ලොස්ඇන්ජලීස් හී 2019 වර්ෂයේ තිරගත වූ නිසා මෙම වර්ෂයේ සිනමා උළලේ නිර්දේශයක් ලැබියා හැකියයි අනාවැකි කියන්න පුළුවන් .එමෙන්ම සිනමාපටයත් හොදම සිනමාපටය ලෙස නිර්දේශ ලබන්න පුළුවන් .

 
 
 
 
 
 
 
 
06.ජුලියන් මූර් /Julianne Moore - Gloria Bell
(ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නිළිය)

මෙයත් ලොස්ඇන්ජලීස් හි තිරගත වූයේ 2019 නිසා මෙම වර්ෂයට අදාල වෙන එකක්. දික්කසාදයෙන් පසු සිය ජීතිවටහ් නිදහසේ විදින්නියකගේ චරිතය ජුලියන් මෙහි ඉදිරිපත් කරනවා.හොලිවුඩයේ දක්ෂ නිළියක් වන ජුලියන් හොදම නිළිය ලෙස ඔස්කාර් සම්මානය එක් වරක් ලබා තිබෙනවා.

 
 
 
 
 
 
 
 
 
 
 
 

07. ටෙරන් එජර්ටන් /Taron Egerton - Rocketman
(ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නළුවා )
 


එල්ටන්ජෝන්ස් ගේ කතාව රැගත් මෙම සිනමාපටය උදෙසා ටෙරන් නිර්දේශයක් ලබාවි යැයි විශ්වාස කරන්න පුළුවන් .එමෙන්ම මෙම සිනමාපටයත් හොදම සිනමාපටය ලෙස නිර්දේශයක් ලැබිය හැකියි.

 
 
 
 
 
 
 
 
 
 
 
08.ඇඩම් ඩ්‍රයිවර්/Adam Driver - Marriage Story
(ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නළුවා )


 
මෙම සිනමාපටයේ සංවේදී හා ප්‍රභල රංගනයක යෙදෙනවා ඇඩම් ඩ්‍රයිවර් .මෙම රංගනය උදෙසා ඔස්කාර් නිර්දේශයක් ලැබීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.

09.ස්කාර්ලට් ජොහැන්සන් /Scarlet Johansson - Marriage Story

(ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නිළිය)


ඉහත සිනමාපටය උදෙසාම ස්කාර්ලට් හොදම නිළිය උදෙසා නිර්දේශයක් ලැබීමට ඉඩකඩ තිබෙනවා.එමෙන්ම මෙම සිනමාපටය හොදම සිනමාපටය ලෙසත් නිර්දේශ ලැබිය හැකියි.



 
 
 
 
 
10.රෙනේ සෙල්වෙගර්/Renee Zellveger - Judy
(ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නිළිය)

ඇමරිකානු ගායිකාවක් සහ නිළියක් වූ ජුඩී ගාර්ලන්ඩ් ගේ ජීවන කතාව ඇසුරින් නිපදවූ ජූඩි සිනමාපටයේ රංගනය උදෙසා රෙනේ ඔස්කාර් නිර්දේශයක් ලැබීමට මෙන්ම සම්මානය දිනීමටද ඉඩකඩ බොහොම වැඩියි.

 
 
 
 
 
 
 
 
 
 
 
11.ලියනාර්ඩෝ ඩි කැප්‍රියො/Leanardo DiCaprio - Once Upon a time in Hollywood
(ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නළුවා)


 
මෙම සිනමාපටයේ රංගනය උදෙසා ලියෝ මෙවර නිර්දේශයක් ලබාවි යැයි විශ්වාස කරන්න පුළුවන් .
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
මීට අමතරව තව බළාපොරොත්තු තැබිය හැකි (මෙ වන විට ට්‍රේලරය පමණක් නරඹා ඇති බැවින් වැඩි යමක් කිව නොහැක.) රංගනයන් වන්නේ

• ඇන්තනී හොප්කිංස් /Anthony - The Two Popes 
 • ජොනතන් ප්‍රය්ස් /Jonathan Pryce - The Two Popes
 
• මැඩ්ස් මිකල්සන්/Mads Mikkelson - Arctic 

• එමා තොම්සන් / Emma Thompson - Late Night 

• ඇල්ෆ්‍රි වුඩර්ඩ්/Alfri Woodard - Clemency

• සින්තියා එරිවෝ /Cynthia Erivo - Harriet 


- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters