"ඉත්තෑවාගේ ගෙට රිංගූ කබල්ලෑවා..."


එක්තරා අරුණෝදයක කුඩා එමී කැලයට යන්නෙ එදින ආහාරයට ගන්න හතු ටිකක් කඩං එන්න... එලියත් අන්ධකාරයත් මුසු වුණ වනාන්තරය අතිෂය ගුප්ත, දැන් දැන් මොකක් සිදුවේදෝයි පපුව ඩක් ඩක් ගාවන සුළු දර්ශණයක්...

එමීට හම්බ වෙනවා ගහක් ලග වැටිලා ඉන්න මිනිහෙක්...මිනිහෙක් කිවුවට ඇමරිකානු සිවිල් යුද්දෙ වෙලාවෙ Union Army එකට වැඩ කල සොල්දාදුවෙක්..එයාගෙ කකුලා හොදටම තුවාල වෙලා.. එමී එයාව එක්කං යනවා එයාලගෙ ඉස්කෝලෙට... ඉස්කෝලෙ පාලිකාව තමයි මිස් මාර්තා..

ඊට පස්සෙ සිද්ද වෙන්නෙ මොකක්ද?! කියලා දැන ගන්න ෆිල්ම් එක බලන්න...

මම බලපු ෆිල්ම් වලින් හොරර් ෆිල්ම් වලවත් නොදැක්ක විදිහෙ ගුප්ත, සීතල හැගීමකින් වෙලා ගන්න දර්ශණ තියෙන සිනමාපටයක් මේක (2017 එක) . මුලු සිනමාපටය පුරාම තියෙන්නෙ අන්ධකාර යෙන් හෝ අඩ අන්ධකාරයෙන් පිරුණු දර්ශණ. ලස්සන ගමක වනාන්තරයක් සහ ගගක් අසල තමයි රූගත කිරීම් සිදු වෙලා තියෙන්නේ..ලොකේෂන්ස් නම් පට්ට, සිනෙමැටෝග්‍රැෆි සහ සවුන්ඩ්ස් එහෙමත් මටනම් සුපිරි තමයි...
කතාව ඉතාම සරල එකක්. ට්විස්ට් නැහැ.හිතා ගන්න අමාරු ගැට පදයකුත් නෙමේ.හැබැයි ට්‍රේලර් එක බලලා මම හිතපු එක නෙමේ කතාවෙ තිබ්බෙ.කම්මැලි නැතිව බලන් ඉන්න පුළුවන් .
A Painted Devil නමින් මුලින් පලවුණ නවකතාව ආශ්‍රයෙන් මෙම සිනමාපටය නිර්මාණය වෙලා තියෙනවා.1971 දීත් මෙම සිනමාපටයේම නම තියෙන සිනමාපටයක් නිර්මාණය වෙලා තියෙනවා. මම දෙකම නැරඹුවා.දෙකේම හොද නරක මිශ්‍රව තිබ්බත් අවසානයේ කුමක්දෝ කියන්න බැරි, කතාවට ගැලපෙන ගුප්ත ගතියක් තිබ්බ නිසා 2017 එක හිතට අල්ලලා ගියා.හැබැයි රේටිං වලින් නම් 1971 ඉස්සරහින් ඉන්නවා.ඒක එහෙම වෙන්න පුළුවන් 1971 එකේ ක්ලින්ට් ඊස්ට්වුඩ් සහ ජෙරල්ඩීන් පේජ් රංගනයෙන් දායක වෙච්ච නිසා.ක්ලින්ට්ගෙ රංගනය කොලින්ගෙ රංගනයට වඩා සෑහෙන ඉදිරියෙන්.
Cast එක
• John McBurny
1971 - Clint Eastwood
2017 - Colin Farrell
• Martha Farnsworth
1971 - Geraldine Page
2017 - Nicole Kidman
• Edvina
1971 - Elizabeth Hartman
2017 - Kristen Dunst
• Carol
1971 - Jo Ann Haris
The Character replaced by Alicia in 2017
• Alicia
2017 - Elle Fanning
Direction
1971 - Don Siegel
2017 - Sofia Coppola
Ratings
IMDB
1971 - 7.2/10
2017 - 63/10
Rotten Tomatoes
1971 - 88%
2017 - 79%
Metacritic
1971 - 66%
2017 - 77%




"The Beguiled "

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters