නවකතාකරිය...නවකතාව කියවන්නිය...කතානායිකාව


වර්ජීනියා වුල්ෆ් කියන්නෙ විශාදයෙන් පෙළුණ සුප්‍රකට ඉංග්‍රීසි නවකතාකාරියක්.1925 දි ඇයගෙ සුප්‍රකටම නවකතාවක් එලි දක්වනවා.."Mrs Dalloway" කියලා.
වර්ජීනියා මේ කතාව ලියන්නෙ 1923 දි.

1950 ගණං වලදි විශාදයෙන් පෙළුණ ගෘහණියක් වෙච්ච ලෝරා බ්‍රවුන් මේ නවකතාව කියවනවා.

2000 දශකයේ වර්ජීනියාගේ එම නවකතාවේ කතානායිකාවගේ , ඒ කියන්නෙ Clarissa (කතා නායිකාවගේ නම Clarissa Dalloway වුණත් මැයගේ නම Clarissa Vaughan ය.

එහෙත් ඇගේ පැරණි පෙම්වතා ඇයට අමතන්නෙ Mrs.Dalloway කියලා) සහ එම කතාවේ වෙනත් චරිත නම් තියෙන කිහිප දෙනෙක් සාදයක් සදහා සූදානම් වෙනවා.හරියට නවකතාවෙත් ඒ අය සාදයක් සදහා සූදානම් වෙනවා වගේ. ක්ලැරිසා ඒ සාදය සූදානම් කරන්නෙ 1950 දශකයේ නවකතාව කියවූ ලෝරා බ්‍රවුන් ගෙ පුතා වෙනුවෙන් ( ඒ කියන්නෙ උඩදි කිවුව එයාගෙ පරණ පෙම්වතා )
ටිකක් පැටලිලි සහගතයි නේද? ඔවු තරමක්...මේ සිනමාපටයත් ඉවසීමෙන් බලා තේරුම් ගතයුත්තක්. ඒ නිසා මසාලා හෝ DC , Marvel විතරක් ෆෑන්ස් ලට අල්ලලා යන එකක් නෑ.
දෙවතාවක් බලලා තමයි මමත් ටිකක් හරි තේරුම් ගත්තේ.
පරම්පරා තුනක කාන්තාවන් තිදෙනෙක්ගේ සිතැගි සහ සමානකම් නිරූපණය කෙරෙමින් මෙම සිනමා පටය නිර්මාණය වෙලා තියෙනවා. දශක ගණනාවක අන්තරයකින් යුත් මේ පරම්පරා තුනේ කාන්තාවන් සියුම් හුයවල් වලින් එකිනෙකා අනෙක් චරිත සමග සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධතාවයන් ඉදිරිපත් කරන ආකාරය අතිෂය අලංකාරයි.



ඉහතිනුත් කිවුවා වගේ තරමක් ඉවසීමෙන් නැර්ඹිය යුත්තක්.
පරම්පරා තුනේම චරිත වල දැකිය හැකි එක් සමාන කමක් නම් සියදිවි හානි කර ගැනීම. වර්ජීනියා වුල්ෆ් මිය යන්නේ 1941 මාර්තු 28 වෙනිදා ,උඩු කබායේ සාක්කු වල ගල් පුරවාගෙන , ඇගේ නිවස අසලින් ගැළූ Ouse නදියේ, ගිලීමෙන්.ඇගේ මෘත ශරීරය හමු වන්නේ 1941 අප්‍රේල් 18 වෙනිදා...
ඇය ලියූ නව කතාව කියවන ලෝරා බ්‍රවුන් සියදිවි හානි කරගන්න මොහොතකට පෙර අවබෝධ කර ගන්නවා ඇයට උරුම මරණය නොව ජීවිතය බවත් ඒ ජීවිතය කුමක් විය යුතුද බවත්.
ඇගේ නවකතාවේ කතානායිකාවගේ නාමය දරණ ක්ලැරිසා ගේ පරණ පෙම්වතා නොහොත් ලෝරා බ්‍රවුන්ගේ පුත්‍රයා සියදිවි හානි කරගන්නේ ගොඩනැගිල්ලක ඉහල මාලයෙන් බිමට පැනීමෙන්...
නැවත කියනවා.එය ඉවසීමෙන් නැරඹිය යුත්තක්.



මේ සිනමාපටය ගැන ඔත්තුව ලැබෙන්නෙ අහම්බෙන් Big Bad Woolf පොත් ප්‍රදර්ශනයේ සිනමා අංශයේ තිබ්බ පොතකින්. පොත නිකොල් කිඩ්මන් ගැන. මම කැමතිම නිලියක් නිසා පොත පෙරලද්දි පිටු කිහිපයක චායා රූප කිහිපයක් තිබ්බා සිනමාපටයක.මට හිතා ගන්න බැරි වුණා ඒ නිකොල්මද කියලා.ඇගේ ස්වරූපය හාත්පසින්ම වෙනස් අන්න එවෙලෙ තමයි මම සිනමාපටයෙ නම බැලුවෙ. ඒ බලලා තමයි බා ගත්තේ.



අධ්‍යක්ෂණය - ස්ටීවන් ඩැල්ඩ්‍රි
කතාව - මයිකල් කනිංහැම්
රංගනය - වර්ජිනියා වුල්ෆ් ලෙස නිකොල් කිඩ්මන්, ලෝරා බ්‍රවුන් ලෙස ජුලියන් මූර් සහ ක්ලැරිසා වෝගන්/ඩැලොවේ ලෙස මෙරිල් ස්ට්‍රීප් ( අකැඩමි සම්මාන ගත්ත මේ තුන් දෙනාම ඉන්න එකක් නොබලා පුලුවන්ද ..අනික මම කැමතිම දෙන්නෙක් ඉන්නවා, නිකොල්,මෙරිල්...) මෙහි වර්ජිනියා වුල්ෆ් ගේ චරිතය වෙනුවෙන් නිකොල් එම වසරේ , ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නිලියට හිමි අකැඩමි සම්මානය දිනා ගන්නවා.
IMDB 7.5/10,Rotten Tomatoes 80%,Metacritic 80%
හමාර කිරීමට වර්ජිනියා වුල්ෆ් සිය දිවි හානි කර ගැනීමට ඇගේ සැමියාට ලියූ ලිපියේ සදහන් වුණ සහ සිනමාපටයේ අවසානයේද සදහන් වන වාක්‍යයක් යොදා ගන්නවා...
"Thanks for loving me...Always the years between us... Always the years. Always the love..... Always the hours."

....."THE HOURS".....

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters