The archive

පරෙවියාගේ නවාතැන්

මේ ලිපියට පරෙවියාගේ නවාතැන් කියලා දාන්න හේතුව ඇයි... ලෝක තැපැල් සංවිධානයේත් ඒ අනුව ලොව පුරාම රටවල් වල තැපෑලේ ලාංචණය විදිහට යොදා ගන්නේ පරෙවියා... 
ඉතින් මේ පරෙවියා සංදේශ අරං හැම පැත්තටම යනකොට නවතැන් ගන්න තැන් තමයි තැපැල් කන්තෝරු....
මේ කියන්න යන්නෙ ලංකාවෙ ලස්සනම හෝ ඓතිහාසිකමය වටිනාකමක් ඇති තැපැල් කන්තෝරු කිහිපයක් ගැන... 
 
පුංචි එංගලන්තයේ මහ තැපැල් කන්තෝරුව ... 

මම තාම නුවරඑළි ගිහින් තියෙන්නෙ තුන් පාරයි.. එකක් පොඩිකාලෙ..ඒක ගියා ආවා වගේ.. දෙවනි සැරේ යාලුවො එක්ක ඇවිදින්න ගිය වෙලේ.. තුන්වෙනි සැරෙත් එහෙමම තමයි...

දෙවෙනි සැරේ ගිය වෙලාවෙ වික්ටෝරියා පාක් එකේ ඉන්නකොට නාකපන වැස්සක් වැටුනා.. යාන්තම් සමර් හට් එකකට වෙලා නොතෙමී හිටි අපි වැස්ස යාන්තං පායාගෙන එද්දි පාක් එකෙන් එලියට ඇවිත් වැහි පොදේම ඇවිදගෙන ගියා...කට්ටියට ඕනෙ වුණා ඒ ගමන බියර් ගන්න..ඒකට ෆුඩ්සිටි එකක් හොයාගෙන  නුවරඑලිය - නුවර පාර දිගේ මාකට් එක පැත්තට යද්දි වම් අත් පැත්තෙ, ටවුන් එක මැද්දෙ , පොඩි කදු ගැටයක් උඩ ලස්සන රතුපාට ගොඩනැගිල්ලක් දැක්කා.. යන ගමන්ම ඒ දිහා හොදට බලාගෙන ගියා.. ඒ මම ඒ ගොඩනැගිල්ල දැක්ක පලවෙනි වතාව.. හොයලා බලද්දි ඒක තමයි නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්‍යාලය...



ලංකාවෙ ලස්සනම තැපැල් කන්තෝරුව මොකක්ද ඇහුවොත් මට අනුවනම් දෙකක් නෑ එකයි ඒ නුවරඑළිය තැපැල් කන්තෝරුව...

දෙමහල්, තරමක විශාල ගොඩනැගිල්ලක් වන මෙය 1894 බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන්නේ ගෘහනිර්මාණ ශිල්පයේ ටියුඩර් සම්ප්‍රදායට ....
                                               (ටියුඩර් සම්ප්‍රදාය ගොඩනැගිල්ලක්)
                                                (ටියුඩර් සම්ප්‍රදාය ගොඩනැගිල්ලක්)

ටියුඩර් සම්ප්‍රදාය ගැන කෙටියෙන් කිවුවොත් මධ්‍යතන යුගයේ  එංගලන්තයේ(ටියුඩර් යුගයේ) භාවිත වුණ ගෘහනිර්මාණ සම්ප්‍රදායක්.. මෙම සම්ප්‍රදායේ ගොඩනැගිලි ඉතා අලංකාර උස් බිත්ති සහ වහල් වලින් යුත් අතර බිත්ති වල තිරස් , සිරස් හා ඇල රේඛා වලින් නොඑක් හැඩ මෝස්තර දමා තිබීම දකින්න පුලුවන්.. බොහෝවිට කලුගල් හෝ ගඩොල් වලින් තැනෙන මේ ගොඩනැගිලිවල කලුගල් හා ගඩොල් පිටට පෙනෙන විදිහට ඉදිකිරීම සුලභයි..නුවරඑළියෙ මෙ සම්ප්‍රදායේ ගොඩනැගිලි කිහිපයක්ම දැක ගන්න පුලුවන් ...
ඔය ඇති ඒ ගැන..

රතු ගඩොල් බිත්ති වලින් සහ තැඹිලි පාට වහල් වලින් යුත් නුවරඑළියෙ මහතැපැල් කන්තෝරුවේ ඉස්සරහා ම තියෙන ඔරලෝසු කණුවෙන් ඒ ගොඩනැගිල්ලට එක් කරන්නෙ සුළුපටු අලංකාරයක් නෙමේ...ඒ නිසාම මේ ගොඩනැගිල්ල පහු කර යන ඕනෙම කෙනෙක්ගෙ ඇහැ ඒ වෙතට යන්නෙ ඉබේම...


2012 වසරෙ මෙම ගොඩනැගිල්ලේ උඩුමහලේ පිහිටි තැපැල් ස්ථානාධිපති නිලනිවාසය ඉවත් කොට එය සංචාරකයන් සදහා නවාතැන් සපයන ස්ථානයක් බවට පත් කලා...එමගින් ගොඩනැගිල්ල තුල සිටම සංචාරකයන්ට එහි අසිරිය විදින්නට හැකිවාක් මෙන්ම නගර මධ්‍යයේ පිහිටි බැවින් නගර සිරිය නැරඹීමටත් පහසුයි...

1990 දෙසැම්බර් මාසෙ ලෝක තැපැල් දිනය සමරන්න නිකුත් වුණ මුද්දරයේ ඇතුළත් වන්නෙත් නුවරඑළිය මහ තැපැල් කන්තෝරුවේ දර්ශණයක්...

මේ වෙනකොටත් මේ ගොඩනැගිල්ල දැකලා ඇති බොහෝ දෙනෙක්.. දැකලා නැත්තං ඊලග සැරේ නුවරඑළි ගිහාම බලන්නකො හොදේ...






කන්දෙ නුවර මහතැපැල් කන්තෝරුව

කන්දෙ නුවර නැත්තම් සුද්දගෙ ක්‍රමේට කැන්ඩි කියන්න මහනුවර කියලත් කියලම පටං ගමුකො...

මහනුවර ගුඩ්ෂෙඩ් පාරෙ , කෝච්චි ස්ටේසම ගාවම පාරින් අනිත් පැත්තෙ තමයි මහනුවර තැපැල් කන්තෝරුව තියෙන්නෙ...

1897 බ්‍රිතාන්‍යයන් මෙම තැපැල් කන්තෝරු ගොඩනැගිල්ල ඉදිකරවන්නෙ මහනුවර ගොඩනැගිලි සම්ප්‍රදායට අනුව...මුලින්ම ගොඩනැගිල්ල භාවිතා වුනේ 'Station Grand Hotel' ලෙසයි... ඒ දුම්රියෙන් එන පුද්ගලයන්ට නවාතැන් සැපයෙන ස්ථානයක් ලෙසට..
පසුකාලීනව යුනෙස්කෝ උරුමයක් ලෙසට ප්‍රකාශ වුණ මෙම ගොඩනැගිල්ල නැවතත් හෝටලයක් බවට පත් කිරීමට විකුණා දැමීමේ වෑයමක් තැපැල් සේවකයන්ගේ විරෝධතා හමුවේ යට ගියා බව කියවෙනවා.. මෙම සිදුවීම ඉහතින් කී නුවරඑළිය තැපැල්කන්තෝරුව සම්බන්ධයෙන්ද එසේම වුණා..


ගාලුකොටුව තැපැල් කන්තෝරුව

ගාලු කොටුවේ , පල්ලිය වීදියත්, පල්ලිය හරස් වීදියත්, රැජිණ වීදියත් එකතුවෙන හන්දියෙ තමයි මේ පරණ ඕලන්ද සම්ප්‍රදායේ ගොඩනැගිල්ලේ තියෙන තැපැල් කන්‍තෝරුව තියෙන්නෙ..
2014 දවසක ගාලු කොටුවෙ ගිය වෙලාවක මේක පින්තූර ටිකක් ගත්තට වහලා තිබුණ නිසා අපිට ඇතුළට යන්න් බැරි වුණා.. පසු කාලෙක යනකොට මේ ගොඩනැගිල්ල ගරා වැටිලා, අනතුරුදායකයි කියලා බෝඩ් පවා ගහලා තිබුණා.. ඊටත් පස්සෙ වතාවක යද්දි එය සංරක්ෂණය කරමින් තිබුණා සහ ලගටවත් යන්න බැරි වෙන විදිහට එලියෙන් දැල් වැටකුත් ගහලා තිබුණා...

කොරල් පර , කබොක් ගල් සහ මැටි ‍යොදාගෙන ඕලන්ද යුගයේ නිර්මාණය වුණ මේ ගොඩනැගිල්ල මේ වෙනකල් තිබුණ එකත් ලොකුම දෙයක්... මෑතකදි ගාල්ලෙ නොගිය නිසා මේ වෙනකල් කොටුව තැපැල් කන්තෝරුව මේ ගොඩනැගිල්ලෙමද තියෙන්නෙ කියන එක නම් මම හරියටම දන්නෙ නෑ..
 
.
1760 දි මෙම ගොඩනැගිල්ල පාවිච්චි කරලා තියෙන්නෙ පොත් තබන්නන්, ගිණුම් ලිපිකරුවන් සහ වෙනත් ලිපිකරුවන් ගේ පරිපාලන කාර්‍යාලයක්  විදිහට.. ඒ කාලයේ දහ අට දෙනෙක් මෙම කාර්‍යාලයේ වැඩ කලාය කියලා එහි පුවරුවක සදහන් වෙනවා... මෙම කාර්‍යාලය ලන්දේසි බසින් 'Negotie -Kantoor' (Trade Office ) හදුන්වලා තියෙනවා...

1820 ගාලු කොටුවෙ මුල් තැපැල් කන්තෝරුව හැදෙන්න ලංකාවේ මුල්ම තැපැල් කන්තෝරු පහෙන් එකක් විදිහට... පස්සෙ 1872 තමයි ඒක පල්ලිය වීදියෙ ගොඩනැගිල්ලට මාරු වෙන්නෙ..

මීට අමතරව වැඩි දුර විස්තර නොකීවත් කුරුදුවත්ත,පිටකොටුව,මීරිගම,මීගමුව,රත්නපුර සහ යාපනය කියන තැපැල් කන්තෝරුත් බ්‍රිතාන්‍ය යුගයේ ඉදිවී තාමත් එම ගොඩනැගිලි වලම පවත්වාගෙන යන තැපැල් කන්තෝරු කිහිපයක්...


- අමිල -





at June 02, 2019
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විවිධ

3 comments:

  1. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)June 3, 2019 at 8:01 AM

    රජගෙදර ඉස්සරා තියෙන මහතැපැල් තන්තෝරුව ලොටස් පාරගාව තියෙන ටෙලිග‍්‍රාෆ් කන්තෝරුව ඇතුලැ තවත් පැරණි තැපැල් කන්තෝරු ඇති ඒවායෙත් විස්තර ටිකත් හොයාගෙන දාන්න.

    ReplyDelete
    Replies
    1. Amila Lakmal AryanJune 3, 2019 at 12:16 PM

      ටෙලිග්‍රාෆ් කන්තූරුව දැන් ටෙලිකොම් එක නේද

      Delete
      Replies
        Reply
    2. Reply
  2. කණ්ඩා ~ KandaJune 3, 2019 at 8:47 PM

    ගාල්ලෙ තැපැල් කන්තෝරැව නං බොහොම ගරා වැටුණ තත්වයෙන් තියෙන්නෙ 😕

    ReplyDelete
    Replies
      Reply
Add comment
Load more...

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters

  • ගබං ගේ රාජ්‍යය.......
    නුවර පාර දිගේ නුවරට යනකොට කඩවත හන්දියෙන් වම් පැත්තට උඩහට යන ගණේමුල්ල පාරෙන් ගණේමුල්ලට වෙනකල් ගිහිං තියෙන්නෙ හෝ යන්නෙ කවුද?.. එහෙනං ඒ අ...
  • දෙවියන්ගේ ගීතයෙන් (from Bhagavad Gita ) - 01
    "ධර්ම් ක්ෂේත්‍රේ කුරුක්ෂේත්‍රේ සම්වේථා යුයුත්සවාහ් මමකාහ් පාණ්ඩවාස් ෂෛවා කිමකුර්වථ සඤ්ජය ....?!" මේ ලියන්න සූදානම් ව...

Total archive views

search the archive

  • Home

about curator

My photo
Amila Lakmal Aryan
View my complete profile

old archives...

  • ►  2021 (15)
    • ►  August 2021 (14)
    • ►  January 2021 (1)
  • ►  2020 (6)
    • ►  May 2020 (1)
    • ►  April 2020 (1)
    • ►  February 2020 (1)
    • ►  January 2020 (3)
  • ▼  2019 (62)
    • ►  December 2019 (4)
    • ►  November 2019 (9)
    • ►  October 2019 (6)
    • ►  September 2019 (3)
    • ►  August 2019 (9)
    • ►  July 2019 (5)
    • ▼  June 2019 (6)
      • බ්‍රෑන්ඩ් එකක කතාවක් - 04 - අඩී සහ රුඩී
      • භාරතයේ විත්ති - 36 - ෆීනික්ස් කුරුල්ලා ताज महल होटल
      • බ්‍රෑන්ඩ් එකක කතාවක් - 03 - රැජිණගේ පෙට්ටි සාදන්නා...
      • Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට.........
      • භාරතයේ විත්ති - 35 - "ඊශාන දිග ඉන්දියාව"
      • පරෙවියාගේ නවාතැන්
    • ►  May 2019 (6)
    • ►  March 2019 (6)
    • ►  February 2019 (6)
    • ►  January 2019 (2)
  • ►  2018 (58)
    • ►  December 2018 (1)
    • ►  November 2018 (3)
    • ►  October 2018 (5)
    • ►  September 2018 (1)
    • ►  August 2018 (9)
    • ►  July 2018 (1)
    • ►  June 2018 (9)
    • ►  May 2018 (9)
    • ►  April 2018 (6)
    • ►  March 2018 (4)
    • ►  February 2018 (3)
    • ►  January 2018 (7)
  • ►  2017 (42)
    • ►  December 2017 (4)
    • ►  November 2017 (12)
    • ►  October 2017 (5)
    • ►  September 2017 (5)
    • ►  August 2017 (6)
    • ►  May 2017 (2)
    • ►  April 2017 (7)
    • ►  March 2017 (1)

archival stacks

  • 'හංගුක් දේශයේ කතා' (1)
  • Beyond reasonable doubt (24)
  • Cinema (20)
  • Cold blooded KILLINGS (3)
  • Life (2)
  • Literature (3)
  • Stotram (4)
  • Vietnam war (2)
  • අම්බලම (1)
  • කාඩ් කුට්ටමේ කතා (3)
  • කොළඹ වීදියක දී (22)
  • ගීයෙන් කියවෙන සත්‍ය කතා (4)
  • චාණක්‍යය (1)
  • දෙවියන්ගේ ගීතයෙන් (from Bhagavad Gita ) (5)
  • නගර (3)
  • බ්‍රෑන්ඩ් එකක කතාවක් (4)
  • භාරත විත්ති (47)
  • මලාවියේ සිට (2)
  • මිහිරී මතකයේ රැඳී (14)
  • විවිධ (12)
  • සංචරණය (14)
  • සහෝදර සමාගම් (3)

followers

popular archives.....

  • ගබං ගේ රාජ්‍යය.......
    නුවර පාර දිගේ නුවරට යනකොට කඩවත හන්දියෙන් වම් පැත්තට උඩහට යන ගණේමුල්ල පාරෙන් ගණේමුල්ලට වෙනකල් ගිහිං තියෙන්නෙ හෝ යන්නෙ කවුද?.. එහෙනං ඒ අ...
  • කාඩ් කුට්ටමේ කතා 01 - "කුට්ටමේ රජවරු"
    කාඩ් කුට්ටම නොදන්නෙ කවුද නේද.  බැලු බැල්මට ලොකුදෙයක් නෑ හරි ලේසි වගේ පෙනුණත් කාඩ් කුට්ටමක සංකේත, රූප,හා අංක තුළ හැංගිච්ච රහස් බොහොමය...
  • අම්බලම
    "මන්දාරමට උඩ කෙලිනා          වැහි ලේනි ගොනුගෙ කරේ බැන්දා වැනි      බර ගෝනී වෙල ලඟ අම්බලම කාටත්           පරවේණී මට තනි නැත උඹ...
  • දෙවියන්ගේ ගීතයෙන් (from Bhagavad Gita ) - 01
    "ධර්ම් ක්ෂේත්‍රේ කුරුක්ෂේත්‍රේ සම්වේථා යුයුත්සවාහ් මමකාහ් පාණ්ඩවාස් ෂෛවා කිමකුර්වථ සඤ්ජය ....?!" මේ ලියන්න සූදානම් ව...
  • ගීයෙන් කියවෙන සත්‍ය කතා ....04... "බිම්බරක් සෙනග ගැවසුණු"
      මේ මාතෘකාවෙ අවසාන ලිපිය ලියලා තියෙන්නෙ මාර්තු මාසෙ 12. මම ලියන්නෙ මොන මොන මාතෘකාවල් වලද කියලා දැන් මටම මතක නෑ.බ්ලොග් එකේ ඉහල පහ...
  • කාඩ් කුට්ටමේ කතන්දර - 02 - "Vrouw and Jack"
    පළවෙනි ලිපියට තිබ්බ ප්‍රතිචාරය නොසිතූ තරම්. ඒ නිසා දෙවනි එකත් ඉක්මනට දාන්න හිතුණා මගෙ අනිත් මාතෘකා පැත්තකට කරලා . කලින් එකේ රජවරු ...
  • භාරතයේ විත්ති - 39 - 'තාර්'
    තාර් යනු එළුවන් විශේෂයක් හඳුන්වන නාමයයි. මෙම එළුවන් බහුල වූ ප්‍රදේශයක් තමයි තාර් කාන්තාරය. උතුරු ඉන්දියාවේ රාජස්තාන්, පන්ජාබ්,ගුජරාත් ස...
  • ස්තෝත්‍ර 02 - ශිවතාණ්ඩව ස්තෝත්‍රය
    කලින් වතාවේ ගෙනාවෙ ශිවගේ බිරිය වන පාර්වතියගේ අවතාරයක් විසින් මහිෂාසුර මර්ධණය කිරීම සහ ඒ ඇසුරින් ඇගෙ බලසම්පන්න කම වර්ණනා කෙරෙන 'මහිෂාසු...
  • භාරතයේ විත්ති - 46 - ශුබ් මංගල් සාව්ධාන්!
    ඉන්දියාවෙ ලිපි පෙල කියවපු ගොඩ දෙනෙක් සැරින් සැරේ ඉන්බොක්ස් ඇවිත් කිවුවා ඉන්දීය විවාහ චාරිත්‍ර ගැන පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න...
  • Beyond reasonable doubt, සාධාරණ සැකයෙන් ඔබ්බට…. – 02 – “Who shot him?…..මලා ජෝන් කොතලාවල…”
    https://www.facebook.com/groups/804276106323782/permalink/1507774459307273/?hc_location=ufi   (රූපය ආටිගල මුදලි තුමා…ආටිගල වලව්ව (කොල...

Report Abuse

Picture Window theme. Powered by Blogger.