ඊශාන දිග ඉන්දියාව ගැන මොකටද අමුතුවෙන් කතා කරන්නෙ? හේතුවක් තියෙනවද ?
ඔවු හේතුවක් තියෙනවා.. ඒක විශේෂ හේතුවක්ද කියන්න මම දන්නෙ නෑ.. නමුත් මට පේන විදිහට ඒක තරමක් විශේෂ හෙතුවක්.. ඒ තමයි ඊශාන දිග ඉන්දියාව කියන කොටස ඉන්දියාවට වඩා භූතානය, චීනය,මියන්මාරය කියන රටවල කොටසක් වගේ වීම.. ඒ කියන්නෙ ඊශාන දිග ඉන්දියාව ඉන්දියාව නම් වූ විශාල රටේ භූමිය හා සම්බන්ධ වෙන්නෙ සාපේක්ෂව ගත්තම ඉතා කුඩා බිම් තීරුවකින් වීම..
ඉන්දියාවෙ
සිතියමක් ගත්තම බලන්න පුලුවන් මේක.. කණක් වගේ පුංචි කොටසක් ඉන්දියාවෙන්
එලියට පැනලා චීනයයි, භූතානයයි,ටිබෙටයයි,නේපාලයයි මියන්මාරයයි, බංග්ලාදේශයයි
අතරෙ හිර වෙලා තියෙනවා ..
මේ හේතුව නිසාම නැගෙනහිර ඉන්දියාව ඉන්දියාවෙන් කොන් වෙලා තමයි තියෙන්නෙ.. ඉන්දියාවෙ අනිත් ප්‍රාන්තවල ජනතාව අතර පවා ඉන්නවා තවම මේ කොටස වෙනම රටක් කියලා විශ්වාස කරන අය.. මේ ප්‍රදේශයේ අයගෙ පෙනුමත් චීන, ටිබෙට්,භූතාන, මියන්මාර පෙනුම ගන්න නිසා ඒ අදහස තවත් වැඩි වෙනවා.. ඉතිං තමුන්ගෙම රටෙව් අමුත්තන් වගේ හැසිරෙන්න සිද්ද වෙනවා මේ ප්‍රදේශ වල අයට බොහෝ වෙලාවට...
මේ හේතුව නිසාම නැගෙනහිර ඉන්දියාව ඉන්දියාවෙන් කොන් වෙලා තමයි තියෙන්නෙ.. ඉන්දියාවෙ අනිත් ප්‍රාන්තවල ජනතාව අතර පවා ඉන්නවා තවම මේ කොටස වෙනම රටක් කියලා විශ්වාස කරන අය.. මේ ප්‍රදේශයේ අයගෙ පෙනුමත් චීන, ටිබෙට්,භූතාන, මියන්මාර පෙනුම ගන්න නිසා ඒ අදහස තවත් වැඩි වෙනවා.. ඉතිං තමුන්ගෙම රටෙව් අමුත්තන් වගේ හැසිරෙන්න සිද්ද වෙනවා මේ ප්‍රදේශ වල අයට බොහෝ වෙලාවට...
ඊශාන දිග ඉදියාවට අයිති ප්‍රාන්ත
- සික්කිම්
- මේඝාලයා
- ඇසෑම්
- මනිපූර්
- ත්රිපුර
- මිසෝරම්
- නාගාලන්ඩ්
- අරුණාචල් ප්‍රදේශ්
ඊශාන දිග ඉන්දියාවෙ වර්ග කිලෝමීටර් 262,230 ක් විතර (මුලු ඉන්දීය භූමි ප්‍රමාණයෙන් 8%ක් පමණ ) භූමි ප්‍රමාණයක් තියෙනවා.මෙම භූමි ප්‍රමාණයෙන් වැඩි කොටසක් හරිත වර්ණයෙන් යුත් , උස් කදුකර ප්‍රදේශයක් සහ දුෂ්කර වුණත් සංචාරක ආකර්ෂණය නොමදව දිනාගත් ප්‍රදේශයක්...
ඒසේ වුවත් භූවිද්‍යාත්මකව මෙම ප්‍රදේශය අවධානම් කලාපයක්..ඊට හේතුව වෙන්නෙ ඊශාන දිග ඉන්දියානු කොටස ඉන්දියානු, යුරේසියානු සහ බුරුම භූ තැටි තුනම ගැටෙන මායිමේ පිහිටා තිබෙන බැවින් භූ කම්පා වලට අධික ලෙස නිරාවරණව පැවතීමයි...
මෙම ප්‍රදේශ වල , ඒවාටවෙනම පාලනයක් ඉල්ලා අරගල කරන ත්‍රස්ථ කණ්ඩායම් ද සිටිනවා...
ඊශාන දිග ඉන්දියාවේ විශාලම නගරය වන්නේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටි නගරයයි...
ඊට අමතරව විශාල/වැදගත් නගර ලෙස
- අරූණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉතනගර්, නහර්ලගුන්,පාසිඝට්
- ඇසෑම් හි සිලාචර්, ජොර්හට්
- මනිපූර් හි ඉම්ඵාල්, චුරාචන්ද්පූර්,තෞබාල්
- මේඝාලයා හි ශිලිගොං, මව්ලායි,චෙරාපුංජි,මෞසින්මාර්
- මිසෝරම් හි අසිවාල් , ලුංලෙයි,චම්පයි
- නාගලන්ඩ් හි දිමාපුර්,කොහිමා,ටිඋන්සං
- සික්කිම් හි ගැන්ටොක් , නම්චි,රැංපෝ,
- ත්‍රිපුර හි අගර්තලා,ධර්මනගර්, උදයිපූර් (රාජස්තාන් හී උදයිපූර් නොවේ ) නගර දක්වන්න පුලුවන් ..
ඉන්දියාවේ විශාලම බෞද්ධ විහාරය වන 'ටවාං' විහාරය පිහිටා තිබෙන්නෙත් ඊශාන දිග ඉන්දියාවේ අරුණාචල් ප්‍රදෙශ් ප්‍රාන්තයේ ය..
මුලින් සත්සහෝදරියන්ගේ රාජ්‍යය නමින් හදුන්වපු ඊශාන දිග ඉන්දියාවට අට වැනි ප්‍රාන්තය විදිහට සික්කීම් නිල වශයෙන් එකතු වන්නෙ 2002 දි (ක්‍රියාවලියේ ආරම්භය 1975 දී සිදු විය ).
ඊශාන දිග ඉන්දියාව ගැන පොදුවේ මෙහෙම කිවුවට ඒ ගැන කතා කරන්න දේ බොහොමයි.. වෙන වෙන මාතෘකා වලින් අපි ඒවා ඉදිරියේදි කතා කරමු...
පෙර කතා කල මාතෘකා කිහිපයක් පහතින්
තෙතබරිත නගරය
http://thearchive123.blogspot.
Forest man
http://thearchive123.blogspot.
නැවත හමුවෙමු
- අමිල-
Gallery
No comments:
Post a Comment