භාරතයේ විත්ති - 36 - ෆීනික්ස් කුරුල්ලා ताज महल होटल


ජනප්‍රවාදයේ එන ෆීනික්ස් කුරුල්ලා , ගින්නෙන් දැවී අළු වී ඒ අළු මතින්ම නැවත ජීවය ලබන්නෙක් ..
මේ කියන්නෙ යන්නෙත් එවන් කතාවක්..

ෆොටෝ දැක්කම දන්නවත් ඇති.. 


තාජ්මැහැල් හෝටලය, ඉන්දියාවේ මුම්බයි හි මුම්බයි ගේට් අසලම යෝධයෙක් සේ වැජඹෙන තරු පහේ සුපිරි හෝටලයක්... 1903 දී ටාජ්මැහැල් හෝටලය හදන්නෙ ඉන්දියාවෙන් බිහි වුණ ලෝකප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ජම්සෙට්ජී නුසර්වන්ජි ටාටා විසින්..ඔහු සුප්‍රකට ටාටා සමූහයේ නිර්මාතෲ වරයා.. බ්‍රිතාන්‍ය-ඉන්දීය රාජ්‍ය සමයේ වොට්සන් හෝටලයට ඇතුළු වීමට දැරූ උත්සාහයේදී සුදු ජාතිකයන් විසින් අපහාස කොට එලවා දැමීම නිසා පත් සිත්තැවුලට ඔහු ප්‍රතිඋත්තර දෙන්නේ තාජ්මැහැල් හෝටලය හදලා...
හෝටලය හදන්න එවක පවුම් දෙලක්ෂ පණස්දහසක් වැය වුණ බව කියවෙනවා.. 
 

අවසානයේ මනස්කාන්ත, ඉන්දු මුඝල්, රාජ්පුත් සහ බ්‍රිතාන්‍ය ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණයන්ගේ මිශ්‍රණයක්ලෙස තාජ්මැහැල් පැලස් හෝටලය දකුණු මුම්බයිහි  මුහුද අසල වැජඹෙනවා...
1973 දී මෙම පැරණි හෝටලය අසලම තාජ් ටවර් නමින් නවීන ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රමයට අනුව තවත් කොටසක් ඉදි වෙනවා... ලොව පුරා සංචාරකයන්ගේ සහ රාජ්‍යතාන්ත්‍රිකයන් තාජ්මැහැල් පැලස් හෝටලයේ සුව පහසුව විද තිබෙණවා...
හින්දි සිනමා රසිකයන් විවිධ වූ සිනමාපට වල මෙම හෝටලය නොඑක් වාර ගණනකදී නරඹා ඇති... 
 


2008 නොවැම්බර් 26


ඉන්දියාවට අතිශය ශෝකී දිනයක්.. සිය ධර්මයේ නාමයෙන් මිනිසුන් මරා දමනා කල්ලියක් එදින මුම්බායි හි චත්‍රපතිශිවාජී මධ්‍යම දුම්රිය ස්‍ථානය, ලියොපොල්ඩ් කැෆේ අවන්හල, නර්මිනා හවුස් යුදෙව් මධ්‍යස්ථානය හා තාජ්මැහැල් පැලස් හෝටලය යන ස්ථානවලට ඇතුළුව ප්‍රහාර දොලහක් සිදුකර විශාල ජනසංහාරයක් සිදු කරනවා..

අනෙක් සියළුම ස්ථාන වලට වඩා තාජ්මැහැල් හෝටලයට මෙය බලපෑවා...
 
                        (Ajmal Kasab at Chhatrapati Shivaji Terminus with an AK-47 in his hand)


මොවුන් ලෂ්කර්-එ-තයිබා නම් ත්‍රස්ථ සංවිධානයක පිරිසක්... ත්‍රස්ථයන් විසින් එදින ඝාතනය කල පිරිස අවන වශයෙන් 167ක් පමණ බව කියවෙන අතර තුවාල කරුවන් 200කට බැඩි බව වාර්තා වද්දී තාජ්මැහැල් හෝටලය තුලදී අවම වශයෙන් 31දෙනෙක් ඝාතනය වී තිබුණා..මින් වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වන අතර විවිධ රට වලින් පැමිණි සංචාරකයන්ද ඒ අතර වුණා..හෝටලය තුළදී ඝාතනය වුණු ඉන්දියානුවන්ගෙන් වැඩි පිරිසක් සිය ගණුදෙණුකාර අමුත්තන්ව බේරා ගැනීමට කටයුතු කල හෝටල් සේවක, සේවිකාවන් බව වාර්තා වෙනවා..මේ අවස්ථාවේ හෝටලය තුළ දල වශයෙන් 450ක් පමණ පිරිස රැදී සිටි බව වාර්තා වෙනවා...
ප්‍රහාරයෙන් හෝටලයට බරපතල හානි සිද්ධ වෙනවා.. හෝටලය ඇතුළත සිදු වුණ බෝම්බ පිපිරීම් සහ ගිනි තැබීම් නිසා එහි අභ්‍යන්තරය වගේම වහලයත් ගිණිගෙන විනාශ වෙනවා....

2008 නොවැම්බර් 26 දින මෙම සිදුවීම ප්‍රවෘත්ති වලින් නැරඹූ හැටි මට මතකයි.. ෆේස්බුක් ලංකාව තුළ ප්‍රචලිත නොවූ, යූටියුබ් නොතිබුණු, තිබුණ සමාජජාලා ප්‍රසිද්ධ නොවූ සහ ඒවායේ සැරිසැරීමට දැනුමක් නොතිබි සමයේ මෙම සිදුවීම අප දුටුවේ රූපවාහිණී ප්‍රවෘත්ති වලින් පමණයි.

දින තුනක් තිස්සේ සිදුවුන මෙම ගැටුම අවසානයේ 29 වන දින අවසන් වන විට ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් විනාශ වී තිබුණා.. අවසන ඉන්දීය කමාන්ඩෝ භටයන් අතින් ත්‍රස්ථයන් දස දෙනෙක්ගෙන් නව දෙනෙක් මරුමුව දකිනවා.. ප්‍රහාරය මෙහෙයවූ මහ මොල කරුවා පාකිස්ථානයේ අදටත් යෙහෙන් වෙසෙන බව කියවෙනවා...තාජ් හෝටලයට පහර දීමේ සැළසුම සකස් කොට තිබෙන්නේ ප්‍රහාරයට පෙර තාජ් හෝටලයේ ලැගුම් ගෙන සිටි ඇමරිකානු - පාකිස්තාන ජාතික ඩේවිඩ් හෙඩ්ලි විසින් රැස් කර ගත් තොරතුරු සහ චායාරූ ඇසුරෙන් ... මොහු වර්ථමානයේ එක්සත්ජනපදයේ සිරගෙදරක සිටිනවා.. (Panthom සිනමාපටය නරඹන්න )..

ප්‍රහාරයෙන් බරපතල හානි සිදු වුනේ තාජ් හෝටලයේ වටිනාම හා අලංකාරම කොටස වන පැරණි කොටසටයි.. හානි අවම වශයෙන් සිදු වුන තාජ් ටවර් කොටස 2008 දෙසැම්බර් 21 දින, ප්‍රහාරයට මාසයක් ගත වන්නට දින 5කට පෙර නැවත විවෘත කෙරෙනවා.. මාස 21 ක් ඇතුළත පැරණි කොටස පිලිසකර කොට විවෘත කෙරෙනවා...

ඉතින් තාජ් නැවත ඇගේ ප්‍රතාපවත් ගමන අරඹන්නෙ එහෙමයි...

නැවත විවෘත කිරීමේ උත්සවයට ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අමුත්තන් සහ සේවකයන් සහභාගී වෙනවා... තාජ් හෝටලය ඉදිරිපස මියගිය සේවකයන් හා අමුත්තන් වෙනුවෙන් ස්මාරකයක්ද ඉදි වෙනවා..

2009 ජුලි මස හිලරි ක්ලින්ටන් තාජ් හෝටලයට පැමිණෙන අතර ප්‍රහාරය ගැන කණගාටුව පලකරමින් ලොග් සටහනක් පවා තබනවා...

2010 අගෝස්තු 15 :නිදහස් දිනයේදී සම්පූර්ණයෙන් පිලිසකර වුණ තාජ්මැහැල් හෝටලය නැවත විවෘත කිරීම සිදු වෙනවා...
2010 නොවැම්බර් මස 6 දින එවක එක්සත් ජනපද ජනපති බැරැක් ඔබාමා තාජ් හොටලයේ නවාතැන් ගන්නේ ප්‍රහාරයෙන් පසු එහි නැවතුණ ප්‍රතම රාජ්‍ය නායකයා ලෙසයි..

අලු මතින් නැගිටි ෆීනික්ස් කුරුල්ලා ඉන් නවතින්නෙ නෑ.. 2017 දී තාජ් හෝටලය තව වාර්තාවක් තබනවා.. ඒ ඉන්දියාව තුළ බුද්ධිමය දේපළ හිමිකම ලබා ගත් පළමු ගොඩනැගිල්ල ලෙසයි... ඒ පැරණි කොටසේ ගෘහනිර්මාණය කොපි කිරීම වලකනු වස් ලබා ගත්තකි..


මේ සටහන ලියන්න මා පෙළඹ වූ දේ ගැන කියලම අවසාන කරන්නම්.. ඒ 2018 තිරගත වුණ හොටෙල් මුම්බයි සිනමාපටයයි.. ප්‍රහාරයෙන් දිවි ගලවාගත් සහ අමුත්තන් රැසකගේ දිවිගලවා ගැනීමට කටයුතු කල තාජ් හෝටලයේ ප්‍රධාන සූපවේදී හේමන්ත් ඔබරෝයි සහ ඔහුගේ සහාය සූපවේදීන් විසින් හෙලි කල කතාව අනුව මෙම සිනමාපටය ගලා යනවා.. 
 
 
සිනමා රසිකයෙක්නම් ඔබ එය අණිවාර්‍යෙන්ම නැරඹිය යුත්තක්..


නැවත හමුවෙමු

- අමිල ලක්මාල්-
 
Gallery
 






 

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters