බ්‍රෑන්ඩ් එකක කතාවක් - 04 - අඩී සහ රුඩී



'අඩි' කියන්නෙ අඩොල්ෆ් ඩැස්ලර් ගෙ නික් නේම් එක... අඩි පොඩියට සපත්තු ව්‍යාපාරයක් ව්‍යාපාරයක් කරගෙන ගියෙ ජර්මනියෙ Herzogenaurach වල  එයාගෙ අම්මගෙ ගෙදර ලොන්ඩ්‍රි කාමරයෙ...
මේකට මෙයාගෙ ලොකු අයියා රුඩි : රුඩොල්ෆ් පස්සෙ එකතු වෙනවා... දෙන්නා ඩැස්ලර් බ්‍රදර්ස් (Gebrüder Dassler Schuhfabrik ) කියලා ව්‍යාපාරය කරගෙන යනවා.. විදුලි බලය හරියටම විශ්වාස කරන්න බැරිවෙච්ච ප්‍රදේශයක හිටි නිසා බොහෝ වෙලාවට මේ දෙන්නට සිද්ද වෙනවා බයිසිකල් එකේ රෝදෙ කරකවලා ඩයිනමෝ එකෙන් විදුලිය ලබාගෙන උපකරණ ක්‍රියා කරවන්න... 

                                                   Adi 


මේගොල්ලො ගොඩක්ම හැදුවේ 'ස්පයික්' ක්‍රීඩා සපත්තු විශේෂය.. මේවයෙ තත්ත්වය වැඩි කරන්න දවසින් දවස මේගොල්ලො එක එක අත්හදාබැලීම් කලා.. එකක් තමයි මුලින් පාවිච්චි කරපු බර ලෝහ වෙනුවට රබර් සහ කැන්වස් උපයෝගී කරගෙන සැහැල්ලු ස්පයික්ස් හදන එක..

1936 සුප්‍රකට ඇමෙරිකානු ක්‍රීඩක ජෙසී ඔවන්ස් ට සිය ,දෑතින් නිමවූ ස්පයික්ස් ලබාදීමට ඩැස්ලර් සහෝදරයො කටයුතු කලා..1936 ඔලිම්පික් ක්‍රීඩා උළලෙදි ඔවන්ස් සිවුවතාවක් රන් සම්මාන ලබා ගන්න නිසා එක්කම ඩැස්ලර්ස් ලගෙ සපත්තු ප්‍රසිද්ධ වෙනවා..ලෝකප්‍රකට ක්‍රීඩකයන් ඩැස්ලර්ස්ලගෙ සපත්තු මිලට ගන්න කටයුතු කරනවා...මේ නිසාම ව්‍යාපාරය දියුණු වෙන්න ගත්තා... දෙවනි ලෝක යුද්ධය වෙද්දි මොවුන් ක්‍රීඩා සපත්තු යුගල් 200,000 ක් අළෙවි කරලා තිබුණා..

1945 එක්සත්ජනපද හමුදාව මොවුන්ගේ කර්මාන්ත්ශාලාව විනාශ කරන්න සූදානම් වෙද්දි ඩැස්ලර් කෙනෙක්ගෙ බිරිද සමත් වෙනවා හමුදා භටයන්ට පහදලා දෙන්න , ඔවුන් කරන්නෙ සපත්තු හදන එක විතරයි කියලා.. ඉන් පස්සෙ ඇමෙරිකානු හමුදාභටයන් මොවුන්ගේ එවක විශාලම ගණුදෙණුකාර පිරිස වෙනවා...


පැණිවරකා ගහට හෙණ ගැහීම


ව්‍යාපාරය දියුණු වෙනවත් එක්කම සහෝදරයන් දෙන්නගෙ හොද හිත පිරිහිලා නෝක්කාඩුවත් දියුණු වෙනවා..
නෝක්කාඩුවට මුල් වුන හේතුව විදිහට කියන්නෙ වරදවා වටහා ගැනීමක් කියලා තමයි කියන්නෙ.. කවුද දන්නෙ ඕවා.. ඒ කියන විදිහට දෙවනි ලෝක යුද්ධෙ කාලෙ අඩී හිටි ප්‍රදේශයට බෝම්බයක් වැටිලා ඔවුන්ගෙ ගෙදර විනාශ වෙන නිසා රුඩීගෙ   ගෙදරට යන්න සිද්ද වෙනවා අඩීගෙ පවුළෙ කට්ටියට..රුඩී කියනවා බෝම්බ දාන ගුවන්‍ යානා වලට "the dirty bastards are coming again" ..අඩී හිතන්නෙ එයා ගෙදරට ආපු නිසා රුඩී මෙහෙම කිවුවා කියලා . .. තව කතාවක් තියෙනවා, අඩී ඉදලා තියෙන්නෙ ජර්මනියට ආයුධ සපයන කර්මාන්ත ශාලවක.. (මේකාලෙ දෙන්නම ජර්මානු හමුදාවට බදවගෙන හිටියෙ) .. අඩී ආයුද කම්හලේ ඉද්දි රුඩීව යවනවා සටන් කරන්න.. එක තැනකදි ඇමරිකානු හමුදාව රුඩීව අත් අඩංගුවට ගන්නවා.පස්සෙ ඔහු නිදහස් වුණාට ඔහුට ඕපාදූපයක් අහන්න ලැබෙනවා අඩී ඔහුව අත් අඩංගුවට ගත්ත එකට සම්බන්ධයි කියලා.. ඒ නිසා දෙන්නා තරහා වුණා කියලත් කියනවා.... ඕවා දන්නෙ නෑ අපි...කොහොම හරි මේක කෙලවර වෙන්නෙ 1947 දෙන්නා වෙන් වෙන එකෙන්..
රුඩී 'රුඩා' කියලා අලුත් ව්‍යාපාරය පටංගන්නවා...අඩී එයාගෙ තිබ්බ එකම අලුත් නමකින් කරගෙන යනවා.. මේත් එක්කම දෙන්නට දෙන්නා ලොකුම තරගකාරයො වෙනවා...ඒකයෑ වැඩේ.. මේදෙන්නා වෙන් වෙනවත් එක්කම මුලු නගරෙත් දෙකට බෙදෙනවා.. නගරෙ තිබ්බ පාපන්දු ක්‍රීඩා සමාජෙත් දෙකට බෙදෙනවා.. කට්ටියක් ;ASV Herzogenaurach අඩීගෙ සපත්තු දාද්දි කට්ටියක් ; FC Herzogenaurach  රුඩී ගෙ සපත්තු දානවා...
හැමෝම පාරෙ යද්දි බෙල්ල පාත් කරලා බලන්නෙ අනිත් කෙනා දාං ඉන්නේ කොයි සපත්තුද කියලා.. මේ නිසාම Herzogenaurach වලට  The town of bent necks (යන්නෙහි ජර්මානු අරුත) කියලා නමක් වැටෙනවා.. 


කොහොම හරි දෙන්නගෙ වෛරේ දෙන්නා මැරෙනකල්ම ඉවර වුණේ නෑ.. අන්තිමේ එකම කනත්තෙ භූමදාන කලත් දෙන්නගෙ සොහොන් අතරෙ සෑහෙන ඉඩක් තියෙන විදිහට තමයි ඒක කරලා තියෙන්නෙ.. ඉන් අවුරුදු ගාණකට පස්සෙ අද වෙද්දි අඩීගෙ සපත්තුයි රුඩීගෙ සපත්තුයි දෙකම ලෝකප්‍රකට සන්නාම බවට පත්වෙලා තියෙනවා..ඇත්ත වශයෙන්ම කියනවනම් මේ වෙද්දි සපත්තු විතරක් නෙමේ සියලුම ආකාරයේ ක්‍රීඩා භාණ්ඩ, ඇදුම් , සපත්තු නිෂ්පාදනයට මේ සමාගම් දෙකම යොමු වෙලා තියෙනවා...

මෙතෙක් ආපු ගමනෙදි සමාගම් දෙකම විශාල මුදලක් වැය කරමින් ලෝක ප්‍රකට ක්‍රීඩකයන් හා නළු නිළියන් සිය සන්නාම තානාපති වරු විදිහට බදව ගන්න කටයුතු කරලා තියෙනවා..

අවුරුදු ගාණකට පස්සෙ 2009 දි අයියා මලෝගෙ සමාගම් දෙක එකතුවෙන්නෙ මිත්‍ර සොකර් ක්‍රීඩා උත්සවයකදි...

මේ වෙද්දි අඩීගේ සමාගමේ බ්‍රෑන්ඩ් එකේ වටිනාකම දල වශයෙන් ඇ.ඩො.බිලියන 16.7 ක් වෙද්දි රුඩීගෙ එක දල වශයෙන්  ඇ.ඩො 8ක් පමණ වෙනවා...

නැවත හමුවෙමු

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
අඩී ගෙ බ්‍රෑන්ඩ් එක තමයි adidas (Adi/Adolf Dassler) රුඩී ගෙ එක Puma






😊

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters