බ්‍රෑන්ඩ් එකක කතාවක් - 03 - රැජිණගේ පෙට්ටි සාදන්නා 'Louis Vuitton'



ලූවී විටන් (විටොන්) කියන්නෙ කොච්චර වටින බ්‍රෑන්ඩ් එකක් කියලද හිතන්නෙ.. ඒක ලෝකෙ තියෙන වටිනාම බ්‍රෑන්ඩ් වලින් එකක්.. ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය සහ ෆැෂන් කරන අය දන්නවා LV බ්‍රෑන්ඩ් එක කොච්චර වටින, ඒ බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදන කොච්චර මිල අධික ඒවද කියන එක.. 2006 සිට 2012 තෙක් නොකඩවා මේ බ්‍රෑන්ඩ් එක ලෝකයේ වටිනාම සුඛෝපභෝගී සන්නාමය කියන වාර්තාව ඉසිලුවා.. ඒ විතරක් නෙමේ Forbes සගරාවට අනුව 2019 ත් ලොව වටිනාම සුඛෝපභෝගී සන්නාමය LV ම තමයි... එහි වටිනාකම 2019 දී ඇමරිකානු ඩොලර් බිලියන 47. 2 ... එය හා දෙවන තැන සිටින Chanel බ්‍රෑන්ඩ් එක අතර වෙනස ඇ.ඩො. බිලියන 10.2 ක්.. ඉතිං හිතා ගන්න මේ බ්‍රෑන්ඩ් එකේ තරම...

අපි ටිකක් මේ ගැන කතාකරමු

1821 අගෝස්තු 4 ,ලූවී ඉපදෙන්නේ ප්‍රංශයේ අන්චේ හි ගොවියෙක් වුණ සේවියර් විටන් සහ කාන්තාවන් සදහා තොප්පි සාදන්නියක් වුණ කොරින් ගිලාර්ඩ් ට දාව,සාමාන්‍ය කම්කරු පවුලක..

(Louis Vuitton )
1835 දවසක වයස 13 ක් වෙච්ච ලූවී නිවස  අතහැරලා අරමුණකින් තොරව යනවා.. අවුරුදු දෙකක් තිස්සෙ එක එක රැකියාවල් කරපු ලුවී 1837 තම උපන් ගමින් සැතපුම් 292ක් එහායින් තියෙන පැරීස් වලට එනවා.. ඔහු එහෙ එනකොටත් පැරීස් කියන්නෙ දුප්පතුන්ගෙන් පිරිච්ච, කාර්මික විප්ලවයට යටත් වුන පුරයක්... වයස 16 දි ඔහු පැරීස් හි ට්‍රංක පෙට්ටි (Trunks) සාදන්නෙක් ලග රැකියාව ලබනවා.. මේ කාලය වෙනකොට මෙය පැරීස් වල හොද ලාබ දායී සහ තරමක් ගෞරවයක් ලැබුණ වෘත්තියක්... සංචාරකයන් , රදලයන් සහ ජනතාව අතර ට්‍රංක පෙට්ටි සදහා විශාල ඉල්ලුමක් තිබුණා.. වැඩි කල් නොගොස් ලුවී අලුත් මෝස්තර වල සුඛෝපභෝගී ට්‍රංක පෙට්ටි සාදන්නෙක් ලෙස පැරීස් හි ප්‍රසිද්ධ වුණා..
1854 දි වයස 33 දී ඔහු 17 වියැති ක්ලෙමෙන් එමිලි පැරොක්ස් සමග විවාහ වෙනවා.. විවාහයෙන් පසු ඔහු එතෙක් වැඩ කරමින් සිටි ආයතනයෙන් අයින් වෙලා ඔහුගේම ආයතනයක් පටන් ගන්නවා..එහි ඔහු අලුත් අලුත් මෝස්තර වල , ජලයට ඔරොත්තු දෙන ට්‍රංක පෙට්ටි හදුන්වා දීමත් සමග පැරීස් පුරා ඔහු ජනප්‍රිය වෙනවා.. 1858 දි ඔහු එතෙක් පැවති රවුම් පෙට්ටි වෙනුවට හතරැස් පෙට්ටි හදුන්වා දීම පැරීස් ගි පෙරලියක් වුණා.. එතෙක් පැවති ගබඩා කිරීමේ අපහසු තා එයින් නැති වුණා..අදටත් ලොව පුරා ප්‍රචලිත ලුවී විටන් බ්‍රෑන්ඩ් එක ලියාපදිංචි කරමින් හදුන්වා දෙන්නෙත් මේ කාලෙමයි.. ඒ ඔහුගේ නිෂ්පාදන හා සන්නාමය කොපි කිරීම වැළැක්වීමටයි.




නැපෝලියන් iii අධිරාජ්‍යයාගේ සමයේදී ලුවී ව ඔහුගේ රැජිණ යූජීන් ඩි මොන්ටිජෝ වෙනුවෙන් ට්‍රංක පෙට්ටි සාදන්නා ලෙස නිල වශයෙන් පත් කරනවා.. මේත් සමග ලුවීට ප්‍රංශයේ ඉහලම සමාජයට දොර විවෘත වෙනවා..


1871 දී ප්‍රංශ ජර්මානු යුද්ධ සමයේදී ලුවීගේ ආයතනය තරමක් පසුබෑමට ලක් වුණා.. ඔහුගේ ආයුද, උපකරණ සොරා ගත් අතර සේවකයන් ආයතනය හැරදමා යන්න වුණා.. නමුත් නොසැළුණ ලුවී හැකි ඉක්මනින් නැවතත් අලුත් තැනක ආයතනය පටං ගන්නවා Rue Scribe හි.. මේ සමග ඔහුගේ දියුණුව පටං ගත්තා..
1892 මිය යන තුරුම ලුවී සිය ආයතනයේ වැඩ කලා..ඔහුගෙන් පසු පුත් ජෝර්ජ්ස් විටන් ආයතනය බාරගත්තා...



ඉතින් අද ලෝකයේ මිල අධිකම බ්‍රෑන්ඩ් එකක් බවට පත්වන්නේ ලුවී විසින් ආරම්බ කල මේ ලුවී විටන් බ්‍රෑන්ඩ් එක..

1867 දි ලුවී විටන් ආයතනය පැරීස් හි ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශණයට සහභාගී වෙනවා.. එහිදී ඔවුන්ගේ පළමු ජපන් ජාතික ගණුදෙණු කාරිය ලෙස  ඔයාමා ඉවාඔ ට්‍රංක පෙට්‍ටි කිහිපයක් මිලදී ගැනීමෙන් වාර්තා අතරට එක් වෙනවා..

1885 දි ලුවී විටන් ආයතනය ලන්ඩනයේ ඔවුන්ගේ පළමු ශාඛාව ඔක්ස්ෆර්ඩ් වීදියේ විවෘත කරනවා.. මේ කාලෙ ලුවී විටන් බ්‍රෑන්ඩ් එක දිගින් දිගටම කොපි කරපු නිසා අවස්ථා කිහිපයකම බ්‍රෑන්ඩ් එක, එක එක විදිහට වෙනස් කරන්න සිද්ද වුණා..

ආයතනය ජොර්ජස් අතට පත්වුණාට පස්සෙ ඔහු එය දියුණු කරන්න විවිධ කටයුතු කලා.. ඔහු මේ කාලයේ එක්සත් ජනපදයේ නිව්යෝක් , ෆිලඩෙල්ෆියා, චිකාගෝ හි සංචාරය කරමින් සිය නිෂ්පාදන විකුණමින් ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කලා ..


මෙසේ ගතවුණ ශතවර්ෂයකට අධික කාලය තුළදී ලුවී විටන් බ්‍රෑන්ඩ් එක ට්‍රංක පෙට්ටිවලින් එලියට පැනලා හම් නිෂ්පාදන, බෑග්, බෙල්ට්, ආභරණ, ඔරලෝසු, සපත්තු, නිමි ඇදුම්  , අවු කන්නාඩි, පොත් ආදී විශාල පරාසයක නිෂ්පාදන පෙළක් දක්වා වර්ධනය වුණා...
අද වෙනකොට ලූවී විටන් අහාඛා සිය ගණනක් ලෝකය පුරා රටවල් රාශියක පිහිටා තිබෙනවා...යුරෝපා සහ ඇමරිකානු මහද්වීපයේ ඉන් වැඩිම ප්‍රමාණයක් තිබෙනවා..






ලෝකය පුරා වැඩිම කොපි කිරීම් ප්‍රමාණයකට ලක් වුණ බ්‍රෑන්ඩ් එකකුත් වෙනවා ලුවී විටන්..ඔවුන් මේ වෙනකොට ලොව පුරා රටවල් වල නියෝජිතායතන හරහා  ,නීතිවේදීන්ගේ සහ සේවකයන්ගේ උපකාරයෙන් කොපි කිරීන වැළක්වීන සදහා කල හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා..
2007 නොවැම්බර් 19 දින ලෝක ප්‍රකට ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ගේ "Do something" කියන ගීත වීඩියෝ වට එරෙහිව නඩු පවරන්නෙත් මේවන් හේතුවක් නිසයි.. එම වීඩියෝවේ බ්‍රිට්නිස්පියර්ස් රෝස පැහැ හමර් එකක ඩෑෂ්බෝඩ් එකේ අත තබාගෙන  සිටින දර්ශණයක ලුවී විටන් චෙරි බ්ලොසම් මෝස්තරය අඩංගු දෙයක් ප්‍රදර්ශණය වීම නිසයි ඒ.. මෙහිදී බ්‍රිට්නි ස්පියර්ස් වරද කාරිය නොවුණ අතර අධිකරණය විසින් Sony BMG සහ MTV online වෙට එම වීඩියෝව ප්‍රදර්ශණය කිරීම නැවැත්වීමට නියෝග කරනවා, එක් එක් ආයතනයට යුරෝ 80,000 ක් ලෙස වන දඩයකුත් සමගම...
ලුවී විටන් සමග මෙවන් ප්‍රසිද්ධ සිදුවීම් ගොඩක් තියෙන නිසා ඒ සේරම කියන්න යන්නෙ නෑ මම...

අවසාන වශයෙන් එදා ප්‍රංශ ජර්මානු යුද්ධෙ වෙලාවෙ ලුවී විටොන් වැටෙද්දි එය අතහැර දැම්මනම් අද වෙනකොට ලෝකයේ රජයන බ්‍රෑන්ඩ් එකක් අපිට දකින්න නොලැබෙන්න තිබුණා...

නැවත හමුවෙමු
- අමිල ලක්මාල්-

Gallery

           House of founder Louis Vuitton


Louis Vuitton  archive



Louis Vuitton Brand

Bollywood Diva Kangana Ranaut promoting Louis Vuitton in India

1 comment:

  1. එලකිරි මචං ..... මෙහෙම විස්තර දැනං හිටියේ නැ

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters