"The enlightened ones"


ක්‍රි.ව . 1500 දී පමණ රෝමයේ බුද්ධිමතුන් රාශියක් එකතුවෙන්න වුනා...ඒ විද්‍යාව වෙනුවෙන් සහ විද්‍යාව යට ගැසීමට පල්ලියෙන් කෙරෙන කාර්යයන්ට විරුද්ධව...මෙම පිරිසට වෙදුන්,ගණිතඥයන් ,තාරකා විද්‍යාඥයන් ආදි විවිධ පරාසයන් හි විවිධ දැනුමැති පුද්ගලයන එකතු වුනා... ඔවුන් රහසේ රැස්වෙන්නට වුණා... එසේ රැස්ව එකිනෙකා සමග ඔවුන්ගේ දැනුම හා අදහස් බෙදා ගැනීම සිදු වුනා... 'පරම සත්‍ය' පිළිබඳව කතෝලික පල්ලිය සතුකරගෙන තිබුණු ඒකාධිකාරය හේතුවෙන් මිත්‍යව වඩ වඩා මතුවී විද්‍යාව යට වීම පිළිබඳව ඔවුන් නිතර සාකච්ඡා කෙරුනා..

මෙම පිරිස විසින් ලෝකයේ පිහිටුවීමට යෙදුන සංවිධානය ලෝකයේ ඓතිහාසින දැනුම් ගබඩාවක් වුනා... ඔවුන් මෙයට නම තැබුවේ "The enlightened ones" ලෙසයි...දැනුමෙන් ආලොකවත් වූ පිරිස යන අරුතක් මෙහි වෙනවා... මෙම අදහස ලතින් බසින් හැඳින්වූවේ Illuminati ලෙසයි.....
යුරෝපය පුරා උගතුන් බුද්ධිමතුන් මෙම සංවිධානය හා රහසේ එක් වුනා... පල්ලියෙන් ඔවුන්ට සිදුවිය හැකි ආපත්ති විපත්ති පිළිබඳව ඔවුන් බිය වුණා මෙන්ම අවධානයෙන්ද සිටියා..




මේ කාලයේ Giordano Bruno , Galileo Galilee වැන්නවුන් පල්ලිය විසින් මරා දැමුවේ ඔවුන් විසින් නව අදහස් ලෝකය හමුවේ තැබීමත් එම අදහස් හා සමගම සියල්ලම දෙවියන් වහන්සේ අතින් සිදුවේය යන අදහස මිනිසුන් කෙරෙන් ඉවතට යාවි යැයි ඇති වුන බිය නිසාමය...මෙම Giordano සහ Galileo යන අයද Illuminati වරු අතර වුන අයයි...ඔවුන් විද්‍යාව හා ආගම අතර ඇති පරතරය අඩු කිරීමට පල්ලිය හා එක්ව කටයුතු කිරීමට සූදානම් වුවද එකල පෑවති බලවත් ආගමික අධිකාරිය ඊට විරුද්ධ වුනේ ඔවුන්ගේ ඒකාධිකාරය බිඳ වැටෙන නිසා බව දැන සිටි නිසා බව සිතිය හැක...
මෙම කාලයේ නම නොදත් විද්‍යාඥයන් සෑහෙන ප්‍රමාණයක් ඝාතනය වුණ බව සහ ඔවුනගේ සිරරු රෝමය පුරා තැන තැන දමා තිබුන බවත් එසේ කිරීමෙන් ඉලුමිනාට වෙත අනතුරු ඇඟවීමත් අනෙකුත් ජනයාට ඉලුමිනාටි හා එක්වීම මරණය වැළඳ ගැනීමක් හා සමාන දෙයක් බව ඒත්තු ගැන්වීමට ආගමික අධිකාරිය උත්සාහ කලා විය හැකියි...මෙසේ රෝමයේ සිටි ඉලුමිනාටීන් විසිර ගියා.. පල්ලිය විසින් ඉලුමිනාටීන් යනු සාතන් අදහන්නන් බවට ප්‍රචාරය කලේ බැතිමතුන් පල්ලිය වෙතම රඳවා තබා ගැනීමටයි...

මෙසේ සියවස් කිහිපයක් ඉලුමිනාටි ගැන වැඩිමනක් දැනුවත් බවක් නැතිව ගෙවී ගියා..එහෙත් නොදැනුවත්ව හා ඉතාම රහසිගතව ඉලුමිනාටි ක්‍රියාත්මක වුණ බව කියවෙනවා.. මෙසේ ක්‍රියාත්මක වුන ඉලුමිනාටි එහි මුල්ස්වරූපයෙන් වියුක්ත වුණ නව ස්වරූපයකින් කරලියට එන්න පටන් ගන්නවා..කතෝලි පල්ලියේ පීඩණයට පත් වෙනත් කල්ලි වල සාමාජිකයන් , මායාකරුවන් ,කෙල්ටික් වරු , මුස්ලිමුන් හා යුදෙවුවන් ඉලුමිනාටීන් සමග එක්වීමත් සමගම එය වඩා වඩා පුළුල්ව හා බලවත්ව ව්‍යාප්ත වුනා...ඉලුමිනාටි යනු පල්ලියට එරෙහි විශාලම බලවේගය ලෙස පල්ලිය හඳුනා ගත්තා... මෙම සහෝදර සමාගමය ට පල්ලිය විසින් නම දුන්නේ "Shaitaan (Satan)" ලෙසයි.. පසුකාලීනව පල්ලියට විරුද්ධ හා ඉලුමිනාටි ඉක්මවා යාමට උත්සාහ ගත් පුද්ගලයන් විසින් සාතන් ඇදහීම ව්‍යාප්ත කල බව වඩා පිළිගත් මතයයි.. මුල් ඉලුමිනාටීන් සාතන් හෝ දෙවියන් වෙනුවට විද්‍යාව තෝරාගත් පුද්ගලයන් වීම මෙම අදහසට හේතු විය හැකියි..
දහසය වන සියවසේදී ඉලුමිනාටි ලාංඡනය නිර්මාණය වෙනවා.. එය උඩුකුරුව හා යටිකුරුව කුමන ආකාරයෙන් බැලුවත් Illuminati යන වචනයම පෙනෙන ආකාරයට නිර්මාණය වූවක්.. එය රහසිගතව තබා ගැනීමට ඔවුන් කටයුතු කලා.

ඉතාලිය හැර වෙනත් රට වලට පලාගිය ඉලුමිනාටීන් ඔවුන් හා සමාන වූ වෙනත් කණ්ඩායම් සමග එක්වීමට කටයුතු කලා.ඉහතින්ද මා එවන් කණ්ඩායම් කිහිපයක් පිළිබඳව සඳහන් කලා...
ෆ්‍රීමේසන් යනු ඔවුන් එක්වුන විශාලම ඔවුන් හා සමානම කණ්ඩායමයි.

                                (Freemason logo)


ෆ්‍රීමේසන් වරු යනු 1717 පමණ ඇති වුන පිරිමි සාමාජිකයන් පමණක ගෙන් සමන්විත වුන අරමුණින් ඉලුමිනාටි වලට යම්තරමක් සමාන වූ විවිධ ආගම් හා විශ්වාසයන්ට අයත් වූ පිරිසකගෙන් සමන්විත වූ සංවිධානයක්...
ෆ්‍රීමේසන් වරු හා සමගව එක්ව කරලියට පැමිණි ඉලුමිනාටි යනු නව ඉලුමිනාටිය ලෙස හඳුනාගෙන තිබෙනවා..බොහෝ දෙනෙක් ඉලුමිනාටිය යනු 1776 දී Adam Weishaupt විසින් ආරම්භ කල සංවිධානයක් ලෙස සලකන්නේ එබැවිනි...

මෙසේ ඉලුමිනාටි හා ෆ්‍රී මේසන් වෙන වෙනම ගතහොත් බැරැක් ඔබාමා, මැඩෝනා , බියොන්සේ යන අය ඉලුමිනාටි සමගද ජෝඡ් වොෂින්ටන් , බී.ෆ්‍රැන්ක්ලින්,වින්ස්ටන් චර්චිල් ,මොසාට් වන් අය ෆ්‍රීමේසන් සමගද සම්බන්ධ යැයි රාවයන් පවතිනවා.. ප්‍රසිද්ධ රහසක් නම් මේ වන විට මෙම සංවිධානය සමග ලොව පුරා සුප්‍රකට හා බලවත් යැයි පැවසිය හැකි බොහෝ දෙනෙක් සම්බන්ධ වී ඇති බවයි...

ෆ්‍රීමේසන්වරු හා එක්ව ඔවුන්ගේ ශාඛා (Masonic lodge) හරහා තම අදහසද ප්‍රචාරය කරන්නට යෙදුනා...ඇතැම් පිරිස් පවසන පරිදි මේ වන විට ඉලුමිනාටි නම් සංවිධානයක් නැති බවත් එය හුදෙක් ෆ්‍රීමේසන් සංවිධානය පමණක්ම වේ...
නව ඉලුමිනාටි ආරම්භය පිළිබඳව අනෙක් අදහස නම් Adam Weishaupt ඉලුමිනාටි ආරම්භ කලේ ෆ්‍රීමේසන් වරු හා එක්වීම වියදම් අධික වූ බව නිසා බවයි..නමුත් ඉලුමිනාටි යනු හුදෙක් 1776 දී ඇති වූවක් නොවන නිසා මේ අදහස බැහැර කරන පිරිස වැඩියි..
තවත් පිරිසක් එහි අනෙක් පක්ෂය අදහස් කරයි...කෙසේ වෙතත් ඉලුමිනාටි මේ වනතෙක් පවතිනවාද නැද්ද යන්න කිසිවෙකු විසින් සනාත නොකල ,විශ්වාසය මත පවත්නා අදහසක්...
ලෝවාසීන් විශ්වාස කරනා පරිදි ඉලුමිනාටි යනු මේලොව සිදු වන විපත්තීන් බොහොමයකට සම්බන්ධ සංවිධානයකි.. ලොව පාලනය කරන්නේ ඉලුමිනාටි වරුන් විසින් බව ප්‍රසිද්ධම අදහසයි..ලොව පුරා ප්‍රධාන බැංකු ඉලුමිනාටි වරුන් අත පවත්නා බව තවත් අදහසක් .. මේවා සුප්‍රකට කුමන්ත්‍රණ න්‍යායන්ය (Conspiracy theories)...
නව ලොවක් කරා යන ගමන උදෙසා ඉලුමිනාටීන් විසින් ඇති කරගත් එකඟතාවයන් Luciferian Doctrine ලෙස හඳුන්වනවා.. මෙහිදී සුප්‍රකට මතය නම් ලූසිෆර් යනු සාතන්ම වන බවය..නමුත් එහි නියම අදහස ලෙස දැක්වෙන්නේ හිරු උදාවත් සමග සිකුරු තරුව හඳුන්වන්නට යෙදෙන නමයි (Venus)..එනම් ආලෝකය උදාකරන්නා යන්නයි... මෙම ලුසිෆර් යන්න භාවිතය , පල්ලිය විසින් ඉලුමිනාටීන් යනු සාතන් අනුගාමිකයන් බව ප්‍රචාරය කිරීමට බොහෝ ලෙස උපයෝගී කරගත්තා විය හැකියි..

කෙසේ හෝ අදද මිනිසුන් විශ්වාස කරන පරිදි ලෝකයේ සිදුවන දෑ බොහෝමයකට වගකිවයුත්තේ මේ ඉලුමිනාටි සංවිධානයයි.. සැමට ඉහලින් තිබෙන ඇස නමින් හඳුන්වන ඔවුන්ගේ එක් ලාංඡනයක්ද මේ සඳහා උදාහරණ ලෙස දක්වනවා.. එනම් ඉලුමිනාටීනාග් ඇස් වලට යටින් මෙලොව සියලු දෑ සිදුවන බවයි...

ඉලුමිනාටි තිබේ වා හෝ නොවේවා එහි නිල වෙබ් අඩවිය නමින් හඳුන්වන වෙබ් අඩවියක්ද තිබෙනවා ... https://www.illuminatiofficial.org එම වෙබ් අඩවියේ ලිපිනයයි.. 
                 
                        (From the website)

ඔවුන් කියනා ආකාරයට ඔවුන්ගේ අරමුණු,රහසිගත සංවිධානයක් පවත්වාගෙන යන්නේ ඇයි?, ඔවුන්ගේ සාමාජිකත්වය හා ධනය, ඔවුන්ගේ විශ්වාසයන් හා ඔවුන් සමග එක්වන්නේ කෙසේද යන්න පිලිබඳව එව වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගත හැකියි...
එහි එක් ටැබයක මෙසේ සඳහන් වෙනවා..
"We are always watching out for you" ...


- අමිල-

Gallery

                       (God as Architect/Geometer, from the frontispiece of French Codex Vindobonensis 2554, ca. 1250.)
              ( A Freemason lodge hall)



Illuminati logo in USD 1 Note

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters