භාරතයේ විත්ති - 28 - මහපාරේ කෝච්චි පාර



මහපාර ..ඒ කියන්නෙ වාහන බස් යන පාරෙ පැත්තකින් හරි මැද්දෙන් හරි යන කෝච්චිපාරවල් එහෙමත් නැත්තම් රේල් පාරවල් ලංකාවෙ නෑ... ඒ නිසා අපිට එහෙම දර්ශන මවා ගන්න අමාරුයි..ලංකාවෙ වගේම අනිත් රට වලත් රේල් පාරවල් හදන්නෙ මහපාරට එපිටින් තරමක් උස් බිමක... හැබැයි මහ පාරෙ අයිනෙ යන රේල් පාරක් තියෙනවා ඉන්දියාවෙ.. ඒ තමයි ඩාජිලිං හිමාලයානු රේල්පාර...
මෙම රේල්පාර පටං ගන්නෙ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ඉහල කොටසේ ඒ කියන්නෙ අල්ලපු රට වන නේපාලයට කිට්ටුවෙන් පිහිටි සුන්දර කඳුකර ප්‍රදේශයක් වන ඩාජිලිං වලින්... අවසාන වන්නේ බටහිර බෙංගාල ප්‍රාන්තයේම නව ජල්පෛගුරි නගරයෙන්...මෙම දුම්රිය මාර්ගය ලොව පුරා සංචාරකයන්ගේ ආදරය දිනා ගත් දුම්රිය මාර්ග අතර ඉදිරියෙන්ම සිටිනවා...
 
1879 ඉදිකිරීම් අරඹා 1881 දී අවසන් කල දුම්රිය මාර්ගයේ වැලමිටි වංගු 6ක් හා දුම්රිය පුඩු (railwas loops ) පහක් තිබෙනවා..එය දිගින් කිලෝමිටර 88ක් (සැතපුම් 55ක්).
 
එම මාර්ගයේ මුහුදු මට්ටමේ සිට උස  ආරම්භක ස්ථානයේ සහ අවසාන ස්ථානයේ වෙනස ඉතාම ඉහලයි.. 
 
එනම් ඩාජිලිං හිදී මූදු මට්ටමින් මීටර 2200 ක් ඉහලින් පටං ගන්නා එය ජල්පෛගුරි හි දී මූදු මට්ටමින් මීටර 100ක් උසින් අවසන් වනවා.. ඩීසල් ලොකොමොටිව් දුම්රිය හතරක් මෙහි ගමන් වාර වලින් වැඩි කොටසක් ආවරණය කරන අතර දෛනික සංචාරක දුම්රියන් ලෙස බ්‍රිතාන්‍ය B පංතියේ වාෂ්ප එන්ජින් සහිත දුම්රිය වලින් ආවරණය කෙරෙනවා.. මෙම වාෂ්ප එන්ජින් සහිත දුමිරිය බොහෝ වෙලාවට පෙට්ටි හතරකින් යුතු කුඩා දුම්රියක්..හරියට ලංකාවෙ වයිස්රෝයි එක වගේ තමයි.
 
මෙම දුම්රිය මාර්ගයේදී ඉන්දියාවේ ඉහලින්ම පිහිටි දුම්රිය ස්ථානයන් වන Ghum (මූදු මට්ටමින් මීටර 7400 කින් උස ) සහ Red panda දුම්රිය ස්ථාන හමු වෙනවා..
 
 
 
 
 
 
 
 
                                        (Ghum Railway station)
                                                                                

මෙහි වටිනාකම කොතෙක්ද යත් 1992 දී UNESCO සංවිධානය විසින් දුම්රිය මාර්ගය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කලා..


මහපාරේ කෝච්චි පාර කියලා කිවුවට ඉතිං මුලු දුරම මහපාරෙම යනවා කියලා වරදවා වටහා ගන්න එපා.. බොහොමයක් ස්ථාන වලදී මහපාර අයිනෙන්ම යන නිසා තමයි එම නම පාවිච්චි කලේ.





දුම්රිය ගමනේදී මනස්කාන්ත දර්ශන වලින් යුත් ෂිලිගුරි,කුර්සොං,ඝූම් පසුකර යනවා.. හිම කඳු තේවතු දිය ඇලි මැදින් යන ගමන කොතරම් සුන්දර එකක් විය හැකිදැයි සිතන්න...

මෙම මාර්ගයේ පිහිටි දුම්රිය පුඩු වලින් වඩාත් අලංකාරම එක වන්නේ බැටසියා පුඩුවයි (Batasia loop) ...කඳුබෑවුමක ඇති වංගුව ගන්නා විට අනෙක් පස ඇති කංචන්ජංගා කඳු වැටියත්  , කඳු වැටි දෙක අතර වලාකුලු කැටිත් මවන්නේ කිව නොහැකි අලංකාර දර්ශණයක්.. (ඡායා රූප නරඹන්න ).
                             (Batasia loop)
(Kanchenjunga maountains by the side of Batasia loop)

 
මෙම දුම්රිය මාර්ගය අවට පහත සංචාරක ස්ථානද පිහිටා තිබෙනවා..
01. ගුරු සක්‍යා විහාරය ( ඩාර්ජිලිං සිට කි.මී. 0.3 ක් දුරින්)
02.බැටසියා පුඩුව
03.ජපං සාම චෛත්‍යය ( ඩාර්ජිලිං සිට කි.මී. 0.8 ක් දුරින් )

04.Ashmitha Trek club ( 2.8 කි.මී.දුරින්

05. ඝූම් කෞතුකාගාරය
06. බාර්බොටේ ශෛලඋද්‍යානය 

 
 
 
 
 
 
 
 
 
 
07. කේබල් මාර්ගය
08. ඝූම් විහාරය 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
09.ටිබෙට් බෞද්ධ විහාරය
10.බොක්රා න්ග්ඩෙං චොකෝර් විහාරය
11.මහාකාල් විහාරය
12. කංචන්ජංගා කඳු වැටිය




 
 
 
 
 
 
 
13.පද්මජා නායිඩු වනෝද්‍යානය (රතු පැන්ඩාවුන් සඳහා සුප්‍රකට)
14.හැපි වැලී තේවතු යාය
15.එවරස්ට් කෞතුකාගාරය
16. දිර්ධම් විහාරය
17.යිගා චොඑලිං විහාරය

සහ තවත් ස්ථාන රාශියක්.ඩාර්ජිලිං දුම්රිය ස්ථානයට ආසන්නම ගුවන්තොටුපල වන්නේ බග්ඩොග්රා (Bagdogra) ගුවන්තොටුපොලයි.

පහත පරිදි දුම්රිය ධාවනයන් මෙම මාර්ගයේ සිදු වෙනවා.

දුම්රිය සේවාවන්
දෛනික පුංචිකෝච්චිය (වාෂ්ප එන්ජිම සහිත) ..සුඛෝපභෝගී පළමු හා දෙවන පංති සහිත..

විනෝද සවාරි සඳහා ඩීසල් ,B පංතියේ ලොකෝමෝටිව් දුම්රිය

කැලෑ සෆාරි සහ නිවාඩු දුම්රිය

ෂිලිගුරි සිට තින්ධරියා තෙක් දිවෙන ලොකෝමෝටිව් දුම්රිය.

ඉතිං ඉන්දියාවෙ යන්න ඉන්නවනම් මේ දුම්රිය මාර්ගයෙත් එන් වතාවක් හරි යන්න උත්සාහ කරන්න... 😊😊

නැවත හමුවෙමු

- අමිල-
 
Gallery
                                    (1880)
                                  (1895)











No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters