All-seeing eye to USD



කලින් ලිපියක ඉලුමිනාටිය හා එහි ඉතිහාසය ගැන කෙටි හැඳින්වීමක් කලා...
මේ කියන්න හදන්නෙ ඉලුමිනාටි සංවිධානය විසින් භාවිතා කරනු ලබන ලාංඡණයක් ගැන සහ එය ලොව ප්‍රභලම රාජ්‍යක ප්‍රභලම මුදල් වර්ගයක නෝට්ටුවට පැමිණියේ කෙසේද යන්න ගැනයි...
මුලින්ම මෙම ලාංඡණය ගැන මදක් විමසමු.

මෙය සත්‍ය වශයෙන්ම ෆ්‍රීමේසන් වරුන්ට හෝ ඉලුමිනාටි වරුන්ට අයත් එකක් නොවේ.එය ඈත අතීතයේ පටන් රෝමය හා ග්‍රීසිය ආශ්‍රිතව දෙවියන් සංඛේතවත් කිරීමට යොදාගත් ලාංඡණයක්..ඉන් පිළිබිඹු වන්නේ දෙවියන්ගේ ඇසින් ලොව සිදුවන සියලූම දෑ නිරීක්ෂණය වන බවයි... මුලින් ඇසක් පමණක් ලෙස විවිධ ආකාරයට යෙදුනු මෙම ලකුණ පසුව ත්‍රිකෝණයක් තුළ ඇඳීම සිදු වුනා...මෙම ත්‍රිකෝණය තුළ ඇඳි ඇස ගැන ඉලුමිනාටි පාර්ශවයෙන් බලන විට විද්වතුන් එය පැහැදිලි කරන්නේ මෙසේයි..
ඒ කේසේද යත් ;ත්‍රිකෝණය මගින් ග්‍රීක පැරණි හෝඩියට අනුව ඩෙල්ටා අකුර සඳහා භාවිතා කරන සංඛේතයක්..මෙම සංඛේතය වෙනස් වීමක් සංඛේතවත් කිරීමටත් යොදා ගන්නවා...
ත්‍රිකෝණය තුල රැස් විහිදෙන ආකාරයෙන් සංඛේතවත් වන්නේ අවබෝධයයි (enlightenment ) ..ඇස මගින් ඉහතින් ද දක්වා ඇති පරිදි සියල්ල දැකීම සංඛේතවත් වෙනවා.. ඒ අනුව ඉලුමිනාටිය විසින් මෙම සංඛේතය යොදා ගැනීම මගින් පෙන්නුම් කරන්නේ අවබෝධාත්මක ව සියල්ල දකින වෙනසක් යන්නයි..ඉලුමිනාටිය ආගමින් බැහැරව ආරම්භ වුන සංවිධානයක් නිසා මෙය දෙවියන්ගේ ඇස යන අරුත විද්වතුන් ඉලුමිනාටිය සම්බන්ධයෙන් බැහැර කරනවා.
මේසන් වරු දෙවියන් උතුම් කොට සැලකූ සහ විශ්වයේ සිටි විශිෂ්ඨතම නිර්මාණ කරු ලෙස දෙවියන්ව සැළකූ බැවින් ඔවුන් සම්බන්ධයෙන් මෙය දෙවියන්ගේ ඇස ලෙස යෙදෙනවා.. ඒ අනුව මෙම සංඛේතයේ ශුද්ධ අයිතිය මේසන් වරුන්ටද එහෙත් නැත්නම් ඉලුමිනාටීන්ටද යන්න ගැටළුවක්..

මෙය ඩොලර් එකේ නෝට්ටුවට පැමිණියේ කෙසේද?

ඔබ ඇමරිකානු ඩොලර් 1 නෝට්ටුවක් දැක තිබේද? නැතිනම් ඡායාරූප නරඹන්න... 

එහි පිටු පස ONE ලෙස සඳහන් වන තැනට ඉහලින් සඳහන් වන්නේ 'In God we trust' යන්නයි..නමුත් එහිම වම් පසින් ඇත්තේ The great seal of america හි පිටු පස දැක්වෙන ඉහතින් සඳහන් කල අසම්පූර්ණ පිරමීඩයක් ඉහලින් ඇති ත්‍රිකෝණයක් තුල වූ ඇස ,සංඛේතයයි...
මෙය ඉලුමිනාටි ක්‍රියාවක් විය හැකිද ? ෆ්‍රී මේසන් ක්‍රියාවක් විය හැකිද? ඉලුමිනාටීන් ආගම් විරෝධීන් වන අතර ඔවුන්ගේ ලාංඡණයක් 'In God we trust ' යන්න සමගම නෝට්ටුවේ යෙදීමෙන් අර්ථවත් වන්නේ කුමක්ද?

එසේනම් මෙය ෆ්‍රීමේසන් වරුන්ගේ ක්‍රියාවක්ද? එසේනම් මෙම ලාංඡණයට යටින් 'Novus Ordo Seclorum' ලෙස සඳහන්පවන්නේ ඇයි..මෙහි අර්ථය නම් 'New secular order' එනම් නව අනාගමික ක්‍රමය/විධානය යන්නයි... ෆ්‍රීමේසන් වරු සමග අනාගමිකත්වය සමිබන්ධ වීම විය හැකිද...මෙවන් ගැටලු කිහිපයක්ම මෙම ලාංඡණය ඩොලර් නෝට්ටුවට යොදා ගැනීම හා සම්බන්ධව පවතී...
මෙම ලාංඡණය නෝට්ටුවට පැමිණි ආකාරය සොයා බැලීම වටී...
ලාංඡණය නෝට්ටුවට පැමිණියෙ එය ඇමරිකානු මුද්‍රාවේ සහන් වන බැවිනි... එසේනම් එය මුද්‍රාවට පැමිණියේ කෙසේදැයි බලමු...
දැනට භාවිතා වන මුද්‍රාව නිර්මාණය කරන සමයේදී මුලින්ම යෝජනා වුනේ කිරුල පැළඳී ඊජිප්තු පාරාවෝ වරයෙක් යුධ රථයක නැගී රතුමුහුදේ ගමන් කරමින් සිටින ආකරයකි. ආදර්ශ පාඨය ලෙස යොදා ගැනීමට යෝජනා වී තිබුනේ 'Rebellion to tyrants is obedience to God' යන්නයි... මෙම ලාංඡණය මුද්‍රාවට ඇතුළත් කිරීමට පෙරමුණ ගෙන කටයුතු කලේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් සහ තෝමස් ඡෙෆර්සන් ය..ජෙෆර්සන් මෙය ඔහුගේ පුද්ගලික මුද්‍රාවට යොදා ගත් බව පැවසෙනවා...
මීට අමතරව ජාතික පක්ෂියා ලෙස කළුකුමා (Turkey) යොදා ගැනීමටත් එය මුද්‍රාවට යොදා ගැනීමටත් ෆ්‍රෑන්ක්ලින් යෝජනා කිරීමට යෙදුනා...රාජාලියා යනු නරක පිළිබිඹු කිරීමට යොදා ගන්නා පක්ෂියෙක් බවත් එය මුදෘවට හෝ ජාතික පක්ෂියා ලෙස යොදා ගැනීම නොසුදුසු බව ඔහු සිය දියණියට ලිවූ ලිපියක සඳහන් වුන බව කියවෙනවා..
කෙසේ වුවත් වසර හයක් තිස්සේ කමිටු 3 මගින් සිදු වුන නිර්දේශයන් අනුව ෆ්‍රැන්ක්ලින් ගේ හා ජෙෆර්සන්ගේ අදහස් ඉවත ගියා.. කොන්ග්‍රසය මගින් 1782 දී අනුමත කල ලාංඡණය අදටත් භාවිතා වනවා.එහි අපගේ මාතෘකාව වන all-seeing eye සහ
යුද්ධය හා සාමය දෑතින් දරණ රාජාලියා සළකුණු ඇතුළත් වෙනවා..මෙම සංඛේත මුද්‍රාව සඳහා යෝජනා කලේ ඇමෙරිකානු ලේඛම් වරයෙක් වුන චාර්ල්ස් තොම්සන් ය.

                               (The great seal of America)

රාජාලි සංඛේතය අප මදකට ඉවත් කරමු.

පසු පස ඇති අඩක් නිම කල පිරමීඩයේ තට්ටු 13ක් තිබෙනවා.ඉන් සංඛේතවත් වුයේ එවකට පැවති ප්‍රාන්ත 13යී..සහ අඩක් නිමවීමෙන් සංඛේතවත් වූයේ තව තවත් ඉදිරියට දියුණු වීමට ඇති ඉඩ ප්‍රස්ථාව යි..
එහෙත් චාර්ල්ස් විසින් 'Novus Ordo Seclorum' යන්න 'A new order of the ages' ලෙස හුවා දක්වා තිබෙනවා.. නව යුගයක් යන්න එයින් කියවෙන බව ඔහු පෙන්වා දී තිබෙනවා..නමුත් ලතින් පාඨයේ සැබෑ අරුත එයමද යන්න ගැටළුවක්.

1930 දශකය තෙක් පැවති ඇමරිකානු ඩොලර් 1 නෝට්ටුවේ මෙම මුද්‍රාව සඳහන් වුනේ නෑ... (නෝට්ටු එකතු කරන්නන් මෙම නෝට්ටුව funny backs) ලෙස හඳුන්වනවා..


1934 දිනෙක එවකට කෘෂිකර්ම ලේඛම් වුන පසුව උප ජනපති වුන හෙන්රි වොලස් මහතා රැස්වීමකට යන අතරතුර පුවත්පතක ලිපියක් කියවමින් සිටියා.. එහි සඳහන් වුනේ ඇමරිකානු මුද්‍රාව ගැනයි.. එහි සඳහන් විස්තරය සං සංඛේත ගැනපඔහු සිත තදින් බැඳුනා.. වහා ඔහු සිය හිතවතෙකුද වුන ජනපති ෆ්‍රැන්කිලින් රූස්වෙල්ට් ට යෝජනා කරන්නේ මෙම සංඛේත මුදල් නෝට්ටු වලට ඇතුළු කිරීමට කටයුතු කරන ලෙසයි... මෙහි හොඳම කාරණ යනු මෙම දෙදෙනාම ෆ්‍රීමේසන් සාමාජිකයන් වීම සහ මෙම සංඛේතය එම සංවිධානය විසින්ද භාවිතා කිරීමයි.


මේ අනුව මෙම සංඛේත නෝට්ටුවට යොදා ගැනිමට කටයුතු කල බව ප්‍රසිද්ධ කතාවයි. නමුත් පසුපස තිබෙන කතාවනම් (තවත් එක් conspiracy theory එකකි) මේසන් වරුන්ගේ හෝ ඉලුමිනාටීන්ගේ උපදෙස් මත මෙම නෝට්ටු වල සංඛේත වෙනස් කිරීමට වහ වහා කටයුතු කල බවයි.. එම නිසා එකිනෙකට විරෝධි පාඨයන් සහිතව මෙම නෝට්ටු මුද්‍රණය කර ඇති බවත් පැවසෙනවා.. තවද පෙර ලිපියේ සඳහන් කල පරිදි පසුකලේක ඉලුමිනාටි හා ෆ්‍රීමේසන් වරු එක්ව ක්‍රියා කලා නම් මෙය ඔවුන්ගේ එකඟතාවයෙන් විය හැකි බවද තව පිරිසකගේ අදහසයි.. තව පිරිසක් කියන්නේ ෆ්‍රීමේසන් හි ඉහලම මට්ටමේ සාමාජිකයන් බොහෝ දෙනෙක් ඉලුමිනාටීන් ද වූ බවයි..

පිරමීඩ හා ඇමරිකාව අතර කිසිදු සබඳතාවක් නැති වීමත් ඔවුන් හුවා දක්වනවා.
තවද පිරමීඩයේ සඳහන් වන තට්ටු දහතුන හා රාජාලියාගේ එක් අතක වන ඊතල දහතුන මුල් ප්‍රාන්ත දහතුන විය හැකි මෙන්ම නපුරෙහි ඉලක්කම වන 13 ලෙසද ඉලුමිනාටියේ කුප්‍රකට ඝාතන 13 සංඛේතවත් වන බවද අදහස් පවතිනවා..

තවද ආදර්ශ පාඨයේ ඇති අකුරු 13 ..රාජාලියාට ඉහලින් ඇති දිදුලන තරු (illuminated stars) 13 .. ඔලිව් අත්තේ ඇති කොල 13 හා ගෙඩි 13 ගැනද පවතින්නේ මේ අදහස්මයි.
පිරමීඩයේ පාදමෙහි රෝමානු ඉලක්කමෙන් සඳහන් වර්ෂය ගැනද මත පවතිනවා. MDCCLXXVI = 1776 ; ෙමය නව ඉලුමිනාටිය පිහිටවූ වර්ෂයයි...

පිරමීඩයේ ගල් 72 කින් දෙවියන්ගේ බලයන් 72 ක් ගැන ( Qabbalah) සංඛේත වන බවත් , රෝමානු ඉලක්කමින් ලියවී ඇති වර්ෂයේ පළමු අකුරත් , හතරවන අකුරත් හත්වන අකුරත් ඉවත් කල විට එනම් මුල් අකුරින් පසු අකුරු දෙකෙන් දෙකට ගෙන ඉන් පසුව ඇති අකුරු ඉවත් කල විට එන අකුරු එනම්
DC LX VI යන්න ගත් කල එය 666 ට සමාන වන බවත් ඉන් යක්ෂයා සංඛේතවත් වන බවත් කියවෙනවා...
කෙසේ පැමිණියත් ඇතැමුන් පවසන්නේ මෙම සංඛේත දෙවියන්ට වඩා යක්ෂයා සමග බැඳී පවතින බවය.
මේ සියල්ලම conspiracy theories ලෙස බැහැර කරන්නන් පවසන්නේ නෝට්ටු වේ හෝ මුද්‍රාවේ ඇති සංඛේත සම්බන්ධයෙන් ඉලුමිනාටියේ හෝ ෆ්‍රිමේසන් වරුන්ගේ සම්බන්ධයක් නොමැති බවයි...

God knows the secrets

- අමිල-


No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters