කොළඹ වීදියකදී.....12- "ජුබිලි කණුව"


මේ ජූනි මාසෙ බ්‍රිතාන්‍යයයට වැදගත් කමක් ඇති මාසයක් ..ඒ තමයි බ්‍රිතාන්‍ය මහරැජිණ කිරුලේ හැට පස් වසරක් ගෙවීම සැමරීම ..ඒ කියන්නෙ රැජිණගේ රාජ්‍යත්වයේ වජ්‍ර ජයන්තිය සැමරීම... එතකොට දෙවන එලිසබත් මහ රැජිණද වැඩිම කාලයක් කිරුල දරා ඉඳලා තියෙන්නෙ?.. ඔවු..

දෙවන එලිසබත් මහ රැජිණගේ මීමිත්තනිය වන වික්ටෝරියා රැජිණ තමයි දෙවැනියට වැඩිම කාලයක් කිරුල දරා ඉඳලා තියෙන්නෙ..
ඒ කියන්නෙ අවුරුදු 63යි මාස 6 ක්..
වික්ටෝරියා රැජිණ ඇගේ කිරුලේ  රජත (වසර 50) ජයන්තිය සැමරුවෙ 1887 දී..
ඒ කාලෙ ලංකාවත් වික්ටෝරියා රැජිණගේ පාලනය යටතෙ තිබුණ නිසා ඇය ලංකාවටත් ඇවිල්ලා තියෙනවා,1887 දී...ඇගේ මේ ගමන සිහි වෙන්න තමයි නුගේගොඩ මිරිහාන ප්‍රදේශයෙ ජුබිලි කණුව ඉදිකරන්න යෙදුනෙ...  රිදී ජුබිලිය සිහි වෙන්න හදපු නිසා තමයි ජුබිලි කණුව කියලා නම වැටුනෙ..
කොළඹ ඇවිදින කරන අය,කොළඹ දන්න කියන අය ජුබිලි කණුව නොදැන ඉන්න විදිහක් නෑ... ඒත් එහි ඉතිහාසය දන්නෙ කීදෙනෙක් විය හැකිද?

ජනප්‍රවාදයේ තිබෙන විදිහට සහ ජුබිලි කණුවේ සටහන් වන තොරතුරු වලට අනුව 1887 දී ලංකාවට පැමිණි වික්ටෝරියා රැජිණ මුලින්ම කෝට්ටේ පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වී තිබෙනවා.. පැවසෙන ආකාරයට මෙම දේව මෙහෙය අවසන් වූ පසු ඇය පා ගමනින් කි.මීටරයකට ආසන්න ප්‍රමාණයක් ගෙවා මෙම ජුබිලි කණුව පිහිටි ප්‍රදේශයට පැමිණ තිබෙනවා.. ජුබිලි කණුව මෙම ස්ථානයේ ස්ථාපනය කිරීමට හේතුව එයයි... 


ජුබිලි කණුව කළුගලෙන් නිමවූවක්...පාදම කොටස් හතරකින් යුත් එකක් වුනත් අද එය දකින්න ලැබෙන්නෙ නෑ..මාර්ගය අයිනට වන්නට ඉදි කරවූ ජුබිලි කණුව පසුකලෙක සිදුවූ අලුත් වැඩියාවකදී එතැනින් ගලවා ඉවත් කර වන තැනකට ගිය බවත් පසුව සිදුවූ කරුණු පැහැදිලි කිරීම් වලින් පසුව කෝට්ටේ සහ නගරසභාව විසින් එය නැවත අද පවත්නා ස්ථානයේ ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත...

 

































වර්තමානය වන විට ජුබිලි කණුව කිසිදු ඓතිහාසික පෙනුමක් නැති , සුදු තීන්ත තැවරූ සොහොන් කොතක සුවරූපය ගන්නේත් මෙම මෝඩ නිල හෝ බලධාරීන් නිසාම ය...

මෙම ජුබිලි කණුව වගේම අනිත් ස්මාරකය තමයි කොළඹ පිහිටි වික්ටොරියා රැජිණගේ පිළිරුව..


සිංහාසනයේ වාඩි වී සිටින ආකාරයෙන් නිමවූ මෙම මූර්තිය ඇගේ කිරුලේ 60 වන වසර සැමරීමට, එනම් ජුබිලි කණුව ස්ථාපනය කිරීමෙන් වසර 10 කට පසුව 1897 දී කොළඹ ස්ථාපනය කලා..



මුලින් එය කොළඹ රැජිණගේ නිල නිවස පිහිටි නිවස පිහිටි ගෝරඩන් ගාර්ඩ්න් හී (වර්තමාන කොටුව ජනාධිපති මන්දිරය ) පිහිටි අතර පසුව එය එතැනින් ඉවත් කර කොළඹ කෞතුකාගාරය පිටුපස පිවිසුම අසල තබා තිබෙනවා... ජනයා වැඩිය ගැවසෙන ස්ථානයක පිහිටා නැති බැවින් මෙය දැක ගැනීමට නම් එම ස්ථානයටම යායුතුයි..

- කොළඹ වීදියකදී නැවත හමුවෙමු -
- අමිල-

Gallery


 

3 comments:

  1. අනාගතය ගැන නොතකන ජාතියක් අතීතයට වැදගත්කමක් දේවිද?

    ReplyDelete
  2. අමිල, ඔයාගේ මේ පොස්ටුවෙන් ටිකක් මගේ බ්ලොග් ලිපියකට උපුටා ගත්තා. ස්තුතියි!
    https://nidigepanchathanthare.blogspot.com/2021/02/blog-post_7.html

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters