බ්‍රෑන්ඩ් එකක කතාවක් - 01 - "හිස් මාස්ටර්ස් වොයිස්"




මේක ඇහිච්ච ගමන් මතක් වෙන්නෙ ගැමොෆෝන් එකක් ගාවට වෙලා ඒක අහං ඉන්න පුංචි බලු පැටියෙක්ගෙ පින්තූරෙ නේද....
නෑ ඒ ග්‍රැමොෆෝන් එකක් නෙමේ..
ඒ ග්‍රැමොෆෝන් වලට කලින් ආපු සිලින්ඩර් ෆෝනොග්‍රාෆ් එකක්...
මේ කියන්න යන්නෙ 'හිස් මාස්ටර්ස් වොයිස් 'ගැන...

Mark සහ Francis Barraud කියන්නෙ සහොදරයන්...මාක්ට හිටියා Terrier වර්ගයේ පුංචි බලු පැටියෙක්... මෙහෙම කාලය යනකොට මාක් මිය යනවා... මාක් ගෙ බලු පැටියා Francis බාරයට පත් වෙනවා..ඊට අමතරව ෆ්‍රැන්සිස්ට හම්බ වෙනවා තැටිගත කරන ලද මාක්ගෙ කටහඬ... ඉතිං ෆ්‍රැන්සිස් සිලින්ඩර් ෆානොග්‍රාෆ් එකක මාක්ගෙ හඬ දාලා අහන වෙලාවට දකින දෙයක් තමයි නිපර් (Nipper) නම් පුංචි බලු පැටියා එතනට වෙලා සිය මියගිය ස්වාමියාගෙ හඬ අඳුනා ගෙන එය අහං ඉන්න හැටි... ෆ්‍රැන්සිස් මෙය කැන්වසයක් මත සිතුවම් කරනවා..එය නම් කරනවා "His Master's voice " නමින්...

                                           (Francis Barraud)

මේ සිතුවම අඳින්නෙ 1890 කාලයේ...මේ පිංතූරෙ තමයි පසු කාලෙක ලෝක ප්‍රකට HMV සන්නාමය වෙනුවෙන් භාවිතා කරන්නට වුනේ...
ෆ්‍රැන්සිස් එයාගෙ පින්තූරෙ තැටි සමාගම් කිහිපයකට විකුණන්න හැදුවත් අසාර්ථක වෙනවා..මෙහෙම ඉද්දි 1899 දී ෆෝනොග්‍රාෆ් සමාගමක අයිතිකරුවෙක් වුන බැරී ඔවන්ස් විසින් මෙය කොන්දේසි සහිතව මිලට ගන්න එකඟ වෙනවා..කොන්දේසිය තමයි පින්තූරයේ සිය සමාගමට අයත් තැටියක් වාදනය වන ආකාරයට අඳින ලෙස..ෆ්‍රැන්සිස් එය එසේ ඇඳීමෙන් පසුව එය සමාගම විසින් මිලට ගනු ලදුව සමාගමේ catalogue එකේ සන්නාමය ලෙස මෙම පින්තූරය පළමු වරට භාවිතා කරනවා...


පින්තූරය ජනප්‍රිය වීමත් සමගම විවිධ ආකාර වලට අඳින ලද HMV පින්තූර වලට ඉල්ලුම ලැබුනා....Emile Berliner විසින් ග්‍රැමොෆෝන් සොයා ගැනීමෙන් පසුව ලන්ඩනයේදී මෙම පින්තූරය දකිනවා...1900 දී ඔවුන් විසින් සන්නාමය මිලට ගැනීමෙන් පසුව 1900 ජූලි මස ප්‍ර‍තම වරට ප්‍රදර්ශණය කෙරෙනවා... 1909 වන තෙක් පොදුරාජ්‍ය මණ්ඩලාය රටවල් විසින් HMV සඳහා නිපර් ගේ රුව භාවිතා කලේ නෑ...
පසුකාලෙකදී මෙම සමාගම HMV සන්නාමය වෙනුවට Recording Angel සන්නාමය යොදා ගත්තා..එහි අඩංගු වුනේ තැටියක් මත වාඩි වී සිටින සුරඟනක්...

EMI සමාගම 1980 වන තෙක් HMV සන්නාමයේ හිමි කමත් 1988 වන තෙක් HMV සාප්පු වල හිමිකමත් දැරුවා...
එම සන්නාමය දැන් අයත් වන්නේ RCA Recordings සමාගමට හා එහි මවු සමාගම වන Sony Music Entertainment සමාගමටයි...
ඒකල යුරෝපය පුරාම විවිධ භාෂා වලින් His Master's voice යන්න ජනප්‍රිය වුණා...

La Voix de sou maitre (French)
La Voz de su ama (Spanish)
A voz do dono (Portugal)
La voce del padrone (Italy)
Die Stimme seines Hernn (Germany)
Husbondns kost (Sweden)
Glos Swego pana (Poland)
2007 දී HMV සන්නාමයේ නිපර් වෙනුවට Wallace and Gomit කතා මාලාවේ බලු පැටියා යොදා ගත්තේ මාස තුනක කාලයකට ළමා DVD පට ප්‍රචාරය උදෙසායි...
ඉතිං මේ කතාව ඉතා කෙටියෙන් ගෙනහැර පෑවේ අදටත් සුප්‍රකට සන්නාමයක් ගැන මදක් මතක් කිරීමටයි..

Galery 

















No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters