භාරතයේ විත්ති - 41 - ඉන්දියාවේ අළුත්ම "බෙදීම"




ඉන්දියාවේ අවසාන වරට ප්‍රාන්ත බෙදීමක් සිදු වුනේ 2014 ජූනි මස 2 දින.ඒ ආන්ද්‍රා ප්‍රදෙශ් ප්‍රාන්තය 'අන්ද්‍රා ප්‍රදෙශ්' සහ 'තෙලිංගනා' ලෙස දෙකොටසකට බෙදීමත් සමගයි. වසර පහකට පසුව ඉන්දියාවේ නවතම බෙදීම සිදුවී තිබෙනවා. ඒ ඉන්දියාවෙ මා වඩාත්ම ආදරය කරන ප්‍රදෙශය වන ජම්මු කෂ්මීර් ප්‍රාන්න්තය මුල් කරගෙනයි.

                                   (J&K state - Jammu Kashmir zone )


  (J&K state - Ladhak zone /now UT) 

අග්‍රාමාත්‍ය මෝඩිගේ දෙවන පදවිප්‍රාප්තියෙන් පසු ඉන්දියාව පුරා විවිධ වෙන්ස්කම් රාශියක් සිදු වුණා. එහි තවත් එක් ප්‍රතිඵලයක් වණුයේඉන්දියාවෙ සුන්දරම ප්‍රාන්තය වන ජම්මු කෂ්මීර් ප්‍රාන්තය ජම්මු සහ කෂ්මීර් ලෙස එක් කොටසකටත්, ලදාක් ලෙස තව කොටසකටත් බෙදීමයි. ඒ අනුව ජම්මු සහ කෂ්මීර් වෙනමත් ලදාක් වෙනමත් පාලනය වනු ඇති.(පෙර පැවති තත්ත්වය අනුව ලදාක් යන ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේම එක් කලාපයක් පමණයි ).
                            (Ladhak  : little Tibet)

භාරත් සම්විධාන් (ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ) හි ව්‍යවස්ථා 370 අනුව ජම්මු සහ කෂ්මීර් ප්‍රාන්ත වලට විශේෂ බලතල ලබාදී තිබුණේ වෙනම ව්‍යවස්ථාවක්,වෙනම කොඩියක් සහ ස්වාධීන පාලනයක් තබා ගැනීමටයි.භාරත් රාශ්ඨ්‍රපති ( ඉන්දීය ජනපති ) ගේ විධානය අනුව 2019 අගෝස්තු මසදී මෙම ව්‍යවස්ථාව රජය විසින් ඉවත් කලේ ඉන්දීය පාර්ලිමෙනතුවේ කලකෝලාහල මධ්‍යයෙය. මෙම ව්‍යවස්ථාව සමගම සම්විධාන්හි 35 A ව්‍යවස්ථාවද ඉවත්කර තිබෙනවා.මෙම ව්‍යවස්ථාවට අනුව කෂ්මීර් වැසියන්ට  පුරවැසිභාවය,දේපළ සහ මූලික අයිතිවාසිකම් පිළිබඳව වෙනම නීති පද්ධතියක් තබා ගැනීමට බලය තිබුණු අතර එම නීති වලට අනුව වෙනත් ප්‍රාන්ත වල වැසියන්ට ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ ඉඩම් මිලදී ගැනීමේ හැකියාවක් තිබුණේ නෑ.
2019 අගෝස්තු 5 වන දින ඉන්දීය ජනපති රාම්නාත් කොවින්ද් විසින් සිදුකල නියෝගය අනුව අ1954 ජනපති නියෝගය ඉවත්ව යන අතර ජම්මු කෂ්මීර් ප්‍රාන්තයද ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත වලට අදාල නීති රීති රෙගුලාසි ක්‍රියාත්මක වනු ඇත.
තවද 2019 පෙබරවාරි 8 දින සිට ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ බෞද්ධ ජනගහනය වැඩිම කලාපය වූ ලදාක් වෙනම පාලන ප්‍රදේශයක් ලෙස පැවතෙනු ඇති අතර 2019 ඔක්තෝබර් 31 දිනෙන් පසුව එය මධ්‍යම පාලන ප්‍රදේශයක් (A Union Territory - UT ) බවට පත්වනු ඇත. ඒ අනුව ඉන්දියාවේ මධ්‍යම පාලන ප්‍රදේශ ගනන 8 තෙක් වැඩිවනු ඇත.මධ්‍යම පාලන ප්‍රදේශ යනු කිසිදු ප්‍රාන්තයකට අයත් නොවන ඉන්දීය මධ්‍යම රජයෙන් පාලනය වන ප්‍රදේශයි. තවද ජම්මු සහ කෂ්මීර් කොටසද මධ්‍යම පාලන ප්‍රදේශයක් බවට පත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතීන අතර මේ හේතු කොටගෙන මේ වන විට ඉන්දීය දේශපාලනයේ විවිධ පෙරලි සිදු වෙමින් පවතී.
අතිශය සුන්දර සීතල කඳු කාන්තාර වලින් ගහන ලදාක් හි අගනුවර 'ලේ' වන අතර දෙවන විශාලම නගරය 'කාර්ගිල්' වේ. ඉන්දියාවේභූමි ප්‍රමාණයෙන් විශාලම චන්දකොට්ඨාශය වන්නේද 'ලේ' ය. මෙහි සංචාරය කිරීමට පෞද්ගලිකව මාද වාසනාවන්ත වීමි.
ලදාක් ගැන සහ ලදාක් සංචාරය ගැන වෙනම ලිපි ලියා ඇති බැවින් ඒවා මෙහි පල කරමි.

https://thearchive123.blogspot.com/2018/08/02.html

https://thearchive123.blogspot.com/search?q=%E0%B6%BD%E0%B6%AF%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A

https://thearchive123.blogspot.com/2017/04/08-ladakh-tibet-la-dvag-land-of-high.html

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනයට මේ වන විට පෙත්සම් හතක් මෙම බෙදීම අහෝසි කරන ලෙස ඉලා ලැබී ඇති අතර ඉන් එකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභා කලේ ගොනු වැරදි හේතුවෙනි.ඉතිරි හයද වැරදි සකසා නැවත ඉදිරිපත් කරන ලෙස නියෝග කොට ඇත. ඉන්දීය ජනගහනයෙන් බහුතරයක් වන අනෙකුත් ප්‍රාන්ත වැසියන් මෙම තීරණය හොඳ තීරණයක් ලෙස සළකයි.

මෙම බෙදීමත් සමග ඉන්දියාවෙ ප්‍රාන්ත සහ මධ්‍යම පාලන ප්‍රදේශ වනුයේ (ජම්මු සහ කෂ්මීර් මෙතෙක් UT එකක් බවට පත් කර නොමැති බැවින් ප්‍රාන්තයක් ලෙස සළකමි )
උතුරේ සිට දකුණට.

ප්‍රාන්ත
01.ජම්මු කෂ්මීර්
02.හිමාචල් ප්‍රදේශ්
03.පන්ජාබ්
04.උත්තරාංචල්/උත්තරාඛන්ඩ්
05.හර්යානා
06.උත්තර් ප්‍රදේශ්
07.රාජස්තාන්
08.බිහාර්
09.ගුජරාත්
10.මධ්‍ය ප්‍රදේශ්
11.ජ්හාර්ඛණ්ඩ්
12.බටහිර බෙංගාලය
13.මහාරාශ්ඨ්‍ර
14.චස්ත්තිස්ඝඩ්
15.ඔඩිස්සා/ඔරිස්සා
16.ගෝආ
17.කර්ණාටක්
18.ආන්ද්‍ර ප්‍රදෙශ්
19.තෙලිංගනා
20.කේරලා
21.තමිල්නාඩු
22.සික්කීම්
23.මේඝාලයා
24.ත්‍රිපූර්
25.මිසෝරම්
26.මනිපූර්
27.නාගාලන්ඩ්
28.ඇසෑම්
29.අරුණාචල් ප්‍රදෙශ්

ම්මධ්‍යම පාලන ප්‍රදේශ

01.ලදාක්
02.චන්දිඝඩ්
03.දිල්ලි/ඩෙල්ලි
04.දමන් සහ ඩිඋ
05.දද්ධ්‍රා සහ නගර්හවේලී
06.පොන්ඩිචෙරි/පුඩුචෙරි
07ලක්ෂද්වීප්
08.අන්දමන් සහ නිකොබාර් දූපත්

නැවත හමුවෙමු
- අමිල ලක්මාල් -

Gallery
          A Ladhaki woman
                  
                                 Ladhak


                                 Ladhaki ladies


                           Ladhak and Poplar trees

Ladhak

Ladhak

Ladhak

        Ladhak - Leh City

Ladhak
 Ladhak - Pangon Lake/Pangon
Kashmiri ladies

Kashmiri men

Kashmir
Kashmir

 Kashmir
 Kashmir

Kashmir - Dhaal lake / Sri Nagar



1 comment:

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters