Frida



IMBD 7.4 /10
Frida Khalo කියන්නෙ මෙක්සිකෝවේ සිටි ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පිණියක්.චිත්‍ර ශිල්පය ඇගේ උප්පත්තියේ සිට ඇගෙම තිබුණා කියලා තමයි ජීවිත කතාවෙ කියවෙන්නෙ...

2002 දි Julie Tymor විසින් 'Frida' සිනමා තිරයේ සිතුවම් වෙන්නෙ Frida ගේ ජීවිත කතාව ඇසුරෙන්.
මුලින් Laura San Giacomo ව චරිතයට තෝරාගෙන තිබුණත් මෙක්සිකානු නොවන කෙනෙක් එම චරිතය කරනවාට එල්ල වුණ විරෝධය නිසා මෙක්සිකානු නිලියක් චරිතයට තෝර ගන්න සිද්ධ වුණා.ඒ විදිහට තමයි Slma Hyek ට චරිතය ලැබෙන්නෙ..කතා දෙකක් නෑ ඒ සල්මාගෙ හොදම රගපෑම.අනෙක් අතට ෆ්‍රීඩාගේ හැඩ හුරුවට සල්මා හොදට ගැලපෙනවා..
2003 ප්‍රධාන චරිතයක් උදෙසා හොදම නිලිය ඔස්කාර් සම්මානයට සල්මා නිර්දේශ වන්නෙ Frida හි රගපෑමටයි (මමත් පෞද්ගලිකව හිතන්නෙ නිකොලෙට නෙමේ ඒක සුදුසු සල්මාට කියලා ).
ෆ්‍රීඩා සහ ඇගේ වයස මෙන් දෙගුණයක් වයසැති ස්ත්‍රී ධූර්ත සැමියා; සුප්‍රකට චිත්‍ර ශිල්පී Diego Rivera ( Alfred Molina ) ගේ කතාව සිනමාපටයේ මනාවගෙන හැර දැක්වෙනවා. මත්පැන් අධික ලෙස භාවිතා කල, කාන්තාවන් මෙන්ම පිරිමින් ඇසුරු කල ෆ්‍රීඩාගේ සංකීර්ණ හැගීම් සල්මා හරහා මැනවින් ලබා ගැනීම්ට් Julie සමත් වෙලා තියෙනවා.
සිනමාපටය පුරාවට මෙක්සිකානු සංගීතයෙන් ලබා දෙන්නෙ ලගන්නා සුළු බවක්.
මෙක්සිකානු සංගීතය සහ පරිසරය තියෙන සිනමාපට නරඹන්න මම කොහොමත් කැමතියි. සල්මා හයෙක් සහ පෙනිලොපේ ඩි කෲස් මගෙ ප්‍රියතම නිලියන් දෙන්නෙක් වෙන්නෙ මේ මෙක්සිකානු හා ස්පාඤ්ඤ ගතිය නිසා.
කතාව පටන් ගන්නෙ ෆ්‍රීඩා ලෙඩ ඇදක ඉන්න දර්ශණයකින්...අවසාන වෙන්නෙ ඇදේ මියගොස් සිටින දර්ශණයෙන්. පැය 2කුත් විනාඩි කිහිපයක් දිග සිනමාපටය හැමට රුචි නොවන්නක් වේවි. ඒ වුණත් සල්මාට ආදරය කෙනෙක් නම් බැලිය යුතුයි කියා යෝජනා කරනවා.

- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters