භාරතයේ විත්ති - 40 - 'ජගන්නාත් දෙවියන්ගේ කුස්සිය'


ජගන්නාත් දෙවියන් කියලා කියන්නෙ වෛෂ්ණව්/විෂ්ණු දෙවියන්ට කියන තවත් නමක්. විෂ්ණු ගේ විශ්වය පාලනය කරන ස්වරූපය ජගන්නාත් නමින් හඳුන්වනවා (ජගන් = විශ්වය/ලෝකය , නාත් = පාලකයා) .
මේ කියන්න යන්නෙ ජගන්නාත් දෙවියන් ගැන නෙමේ.

ජගන්නාත් දෙවීයන් වෙනුවෙන් කැප වුණ මුළුතැන් ගෙයක් ගැන.
මේක තියෙන්නෙ නැගෙනහිර ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ.ඔඩිස්සා ප්‍රාන්තය කියන්නෙ  ආදි කාලයේ කාලිංගය ( අපිත් පැවත එන්නෙ විජය රජ්ජුරුවන්ගෙන් නම් විජය රජ්ජුරුවො ඇවිත් තියෙන්නෙත් මෙහෙන් තමයි ). ඔඩිස්සා වල තියෙනවා ලෝක ප්‍රකට හින්දු මන්දිර දෙකක්. එකක් කොනාර්ක් වල හිරු දේවාලය. අනික තමයි පූරි වල ජගන්නාත් මන්දිරය. 
 
මේ ජගන්නාත් මන්දිරයෙ තියෙනවා ජගන්නාත් දෙවියන් වෙනුවෙන් කැප වුන.එතුමා වෙනුවෙන් ආහාර පිලියෙල වෙන මුලුතැන් ගෙයක්.

ඉතින් ඇයි මේක විශේෂ?

ඒක විශේෂ ලෝකයේ ලොකුම මුළුතැන් ගෙය වෙන නිසා.


එක් මහලක් දිගින් අඩි 150ක් , පළලින් අඩි 100වෙන මහල් තුනකින් යුත් මේ මුළුතැන් ඝි උස අඩි 20ක් වෙනවා.කුටි 32කින් යුත් වෙන මේ මුළුතැන් ගෙයි පොළොවට සවි කරන ලද උඳුන් 250ක් තියෙනවා.ප්‍රධානා කෝකි වරුන් (සුආරා) 600ක් සහ සහායක කෝකි වරුන් 400ක් දිනපතා මෙම මුළුතැන් ගෙහි සේවය කරනවා.


මුළුතැන් ගෙහි ලිප් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා.
  • අන්නා චුලි
  • අහියා චුලි
  • පිතා චුලි
  • කියලා.

මින් බත් උයන ලිපක සාමාන්‍ය ප්‍රමාණය 4' x 2.5' x 2' වෙනවා. මෙම බත් උයන උඳුන් දෙකක් අතර තියෙන කොටස අහියා නමින් හඳුන්වන අතර ඒවායෙ හෑම ආකාරයකම ව්‍යෑංජන වර්ග පිළියෙල කරනවා.
පිතා චුලි නමින් හඳුන්වන ලිප් තියෙන්නෙ දහයක් පමණයි.
මෙම මුළුතැන් ගෙහි කෑම වර්ග (කැටගරි ) හතරක් පිලියෙල වෙනවා.(මෙහි පකා යනු කුණුහරපයක් නොවේ.පකා යනු හින්දියෙන් අර්ථ කිහිපයකට භාවිත වන අතර මෙහි එය ඉවීම,උයමන,ආහාර යන අරුතින් භාවිත වේ)
 
  • භිමපකා  (ප්‍රධාන ආහාර )
  • නාලපකා (බීම වර්ග )
  • සෞරිපකා (පිටි ආහාර වර්ග/කේක් වර්ග )
  • ගෞරි පකා (පැණි රස කෑම වර්ග )
 




මෙහි බත් වර්ගද හතරක් පිලියෙල වෙනවා.
  • සලිඅන්නා
  • ඛීර්-අන්නා (කිරි මිශ්‍ර බත් )
  • දධිඅන්නා
  • සිතල්-අන්නා

(අනෙක් වර්ග වල තේරුම සොයා ගැනීමට අපහසු විය )
කෑම පිසීමට ශුද්ධ වූ ජලය භාවිතා වන අතර වෙනත් කිසිදු ක්‍රියාවක් සඳහා භාවිතයට නොගන්නා විෂ්කම්භය අඩි 20ක් සහ ගැඹුර අඩි 100ක් වන ගංගා සහ ජමුනා නමින් හඳුන්වන ලිං දෙකක් තිබෙනවා.

හින්දු මිත්‍යා මත අනුව මෙම මුළුතැන් ගෙහි කෑම පිසීම මහා ලක්ෂ්මී විසින්, ශුද්ධ වූ ගින්න භාවිත කරමින් සිදු කෙරෙන අතර, අනෙකුත් සියලු දෙනා ඇයගේ අතවැසියන් වෙනවා.
මන්දිර භූමියේ බල්ලෙකු දුටුවහොත් ඉන් ඇඟවෙන්නේ කෑම අශුද්ධ බවත් , සියළුම ආහාර වල දමා නැවත පිසිය යුතු බවත් විශ්වාස කෙරෙනවා (මින් කොතරම් ආහාර ප්‍රමාණයක් අපතේ යනවාදැයි උපකල්පනය කරන්න ).

මුළුතැන් ගේ සඳහා අවශ්‍ය ද්‍රව‍යයන් (හාල්, එළවළු,පළතුරු,කිරි,තෙල් ආදී...) සුආරා නිජෝගා කෝපරේටිව් සොසයිටි මගින් පවත්වාගෙන යන මහා ලක්ෂ්මී භන්ඩාර් වෙතින් ලබා දෙනවා.මුළුතැන් ගේයට අවශ්‍ය මැටි භාන්ඩ (වළං,කල, වතුර බඳුන් ආදී.. ) කුඹල් කරුවන්ගෙන් සැදුම් ලත් කුම්භහාරපුර හි කුම්භකාර නිජෝගා සොසයිටි විසින් ලබා දෙනවා. දර පෙර කලදී ඔඩිස්ස්සාහි විවිධ වනාන්තර වලින් ලබා ගත්තද පසුව ඉන්දියාවේ වනාන්තර ජනසතු කර රජයට පවරාගෙන සමස්ථ ඉන්දීය සේවාවන් යටතට ගැනීමෙන් පසු ඉන්දීය දැව සංස්ථාව විසින් දර ලබා දීමෙ සිදු කෙරෙනවා.






දැනට හඳුනාගෙන ඇති පරිදි මේ විශාලම මුළුතැන් ගෙය දිනකට 50000 ත් 10000ත් අතර පිරිසකට ආහාර ලබා දෙනවා (නොමිලේ ) .මෙය පූජා සමයන් හි මිලියන දහයත් විස්සත් අතර ප්‍රමාණයක් වෙන බවත් වාර්තා වෙනවා.

එම නිසාම ජගන්නාත් මන්දිරයේ මුළුතැන් ගෙය ලෝකයේ ; පෙර දැනුම් දීමකින් තොරව ඕනෑම වෙලාවක නොමිලයේ ආහාර සපයන, විශාලම හෝටලය ලෙස හඳුනාගන්නවා.

නැවත හමු වෙමු
- අමිල ලක්මාල් -
 

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters