ස්තෝත්‍ර 03 - ශාන්ති මන්ත්‍ර


ॐ असतो मा सद्गमय ।
तमसो मा ज्योतिर्गमय ।
मृत्योर् मामृतं गमय ।
ॐ शान्तिः शान्तिः शान्तिः ॥

ॐ सर्वे भवन्तु सुखिनः
सर्वे सन्तु निरामयाः ।
सर्वे भद्राणि पश्यन्तु
मा कश्चिद्दुःखभाग्भवेत् ।
ॐ शान्तिः शान्तिः शान्तिः ॥

ඕම්
අසතෝමා සද්ගමය
තමසෝ මා ජ්‍යෝතීර්ගමය
මෘත්‍යෝමා අමෘතම්ගමය
ඕම් ශාන්ති ශාන්ති ශාන්ති
සර්වේ පි සුඛිනස්සන්තු
සර්වේ සන්තු නිර්-ආමයා
සර්වේ භද්‍රානි පශ්‍යන්තු
මා කාෂ්ශිද් දුක්ඛ භාග් භවේ
ඕම්
දයුඃ ශාන්තිර්ඃ
අන්තරීක්ෂම් ශාන්තීර්ඃ
පෘතිවි ශාන්තීර්ඃ
ආපඃ ශාන්තීර්ඃ
ඕෂධයඃ ශාන්තීර්ඃ
වනස්පතයඃ ශාන්තිර්ඃ
විශ්වේ දේවාඃ ශාන්තීර්ඃ
කාමඃ ශාන්තීඃ
ක්‍රෝධඃ ශාන්තීර්ඃ
බ්‍රම්හ ශාන්තීර්ඃ
සර්වම් ශාන්තීර්ඃ
ශාන්තීර් -ඒව ශාන්තීර්ඃ
සාම ශාන්තීර් ඒධී

යථෝ යථ සමී හසේ තථෝ
නූම් අභයම් කුරු
ශන්නඃ කුරු ප්‍රජාභ්‍යෝ
භයම්න පශුභ්‍යහා

සුශාන්තීර් භවතු
සුශාන්තීර් භවතු 🙏🙏
ඕම්

තේරුම 
 
අසතෝමා සද්ගමය
තමසෝ මා ජ්‍යෝතීර්ගමය
මෘත්‍යෝමා අමෘතම්ගමය

මා
මිත්‍යාවේ සිට සත්‍යයටද
අන්ධකාරයේ සිට ආලෝකයටද
මරණයේ සිට මරණයක් නැති තැනටද
ගෙනයත්වා...

ශාන්තියක්ම වේවා!!

සර්වේ පි සුඛිනස්සන්තු
සර්වේ සන්තු නිර්-ආමයා
සර්වේ භද්‍රානි පශ්‍යන්තු
මා කාෂ්ශිද් දුක්ඛ භාග් භවේ

සියල්ලෝම සතුටින් වසත්වා
සියලු යහපත් දෙයින් ආශිර්වාද වේවා
සියල්ලෝම යහපත් දෑ පිළිබඳ පමණක් සාක්ෂි දරත්වා
සියලු දුක් දුරුවී යේවා!!

දයුඃ ශාන්තිර්ඃ
අන්තරීක්ෂම් ශාන්තීර්ඃ
පෘතිවි ශාන්තීර්ඃ
ආපඃ ශාන්තීර්ඃ
ඕෂධයඃ ශාන්තීර්ඃ
වනස්පතයඃ ශාන්තිර්ඃ
විශ්වේ දේවාඃ ශාන්තීර්ඃ
කාමඃ ශාන්තීඃ
ක්‍රෝධඃ ශාන්තීර්ඃ
බ්‍රම්හ ශාන්තීර්ඃ
සර්වම් ශාන්තීර්ඃ
ශාන්තීර් -ඒව ශාන්තීර්ඃ
සාම ශාන්තීර් ඒධී

විශ්වය,අන්තරීක්ෂය,පෘථිවිය,ජලය,ඖෂධ,වනස්පතීන් (මහා වෘක්ෂයෝ),විශ්වයේ සිටිනාවූ සියළුම ශුද්ධාත්ම ආදී සියලක්ටම ශාන්ති වේවා...

හින්දු දහමේ උපනිෂද් වල සඳහන් වන ශාන්ති මන්ත්‍ර කිහිපයක් වෙත්. ඒවා බෞද්ධයන් මෛත්‍රී භාවනාව වඩන්නා සේ මෛත්‍රිය හෝ ශාන්තිය වැඩීම සඳහා භාවිතා කෙරෙති. බොහෝ වෙලාවට මෙම ශාන්ති මන්ත්‍රයන් පූජා කටයුතු අවසානයේ ගායනා කෙරේ.විවිධ උපනිශද් වල විවිධ ශාන්ති මන්ත්‍ර සඳහන් වේ (බ්‍රිහදරනයක,ඉශාවස්‍ය,තෛත්ත්‍රීය,කත,මන්දුක්‍ය,ශ්වේතශ්වතර,කේන,චන්දෝග්‍ය,ඓතරේය,මන්දුක,මාන්දුක්‍ය,ප්‍රශ්න ආදී උපනිශද් - උපනිශද් යනු වේදයන්හි සඳහන් වන ප්‍රධාන දර්ශණික සංකල්ප සඳහන් කෙරෙමින් සංස්කෘත බසින් ලිය වුණු ග්‍රන්තයන්ය.).බොහෝ විට උපනිශද් ආරම්භ වන විට ස්තෝත්‍ර කිරීමක් ලෙස ශාන්ති මන්ත්‍ර දක්වා තිබේ. මෙහි මා සඳහන් කර ඇති ශාන්ති මන්ත්‍රයන්
1. සත්‍ය ශාන්ති මන්ත්‍ර (අසතෝමා සද්ගමය කොටස )
2.විශ්ව ශාන්ති මන්ත්‍ර (දයුඃ ශාන්තීර්ඃ කොටස )
3.උට්ඨාන ශාන්ති මන්ත්‍ර (සර්වේ පි සුඛිනස්සන්තු කොටස )ලෙස නම් කර ඇත (විවිධ ගුරුකුල වල විවිධ නම් භාවිතා වන අවස්ථා හ තිබේ )

ශාන්ති මන්ත්‍රයන් සියල්ලක්ම ආරම්භයේදී හා අවසානයේදී 'ඕම්' යන්න භාවිතා කෙරේ. ඕම් යන්නට තේරුම් රශියක් ඇති අතර සරලම තේරුමක් වනුයේ අප ආශ්වාශ ප්‍රාශ්වාශ කිරීමේදි ඇති වන ශබ්ධයයි. තවද විශ්වය බිහි වීමේදි ඇති වුණ ශබ්ධය 'ඕම්' බවද හින්දු දහමේ කියවේ. යෝගා ශාස්ත්‍රයේදී ඉගැන්වෙන පරිදි විශ්වයේ සෑම ශබ්ධයකම ඕම් යන්න ගැබ් වී ඇත. මුහුදක රල නැගෙන හඬ,මහා වර්ෂාවක හඬ, සුළං හමන හඬ යන සියල්ලගේම.....
ඉන්දියෑවේදී හින්දූන් සහ බෞද්ධයන් දෙකොට්ඨාශයම භේදයකින් තොරව භාවනාවන් සඳහා ශාන්ති මන්ත්‍ර භාවිතා කරති.එමෙන්ම බටහිර රටවලද යෝගා ශාස්ත්‍රය ඉගැන්වීමේදි ශාන්ති මන්ත්‍ර භාවිතා කිරීම හා ගායනා කිරීම සිදු වේ....

සු ශාන්තීර් භවතු ....
🙏🙏

- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters