කොළඹ වීදියකදී.....21 - අයිෆල් Vs ලෝටස්


කතාව කියන්න යන්නේ ලෝටස් ටවර හෙවත් නෙළුම් කුළුණ ගැන. මාතෘකාවට අයිෆල් එදිරිව ලෝටස් කියලා දැම්මෙ ලෝකයේ සුප්‍රකටම කුළුණක් වන පැරීසියේ අයිෆල් කුළුණටත් වඩා නෙළුම් කුළුණ උස නිසා මිසක් වෙනකක් නිසා නෙමෙයි.
අයිෆල් කුළුණෙ උස මීටර 324ක් වෙද්දි නෙළුම් කුළුණෙ උස මීටර් 350ක් වෙනවා.


ඔබ නුවර පාරෙ හෝ කටුනායක අධිවේගී මාර්ගයේ සිට එනවානම් බලන්න..ඔබට පෙනේවි ඔබ එන මාර්ගය කෙලින්ම නෙළුම් කුළුණ වෙතටම ඇදෙන බව.
ඔබ හයිලෙවල් පාරේ කොළඹට එනවානම් බලන්න, ඒත් ඔබට පෙනේවි ඔබ යන මාර්ගය කෙලින්ම නෙළුම් කුලුණ වෙතටම ඇදෙන බව.
ඔබ මීගමු පාරේ එනවානම් බලන්න..ඒත් ඔබට එසේම පෙනේවි.
ඔබ වෙරළබඩ මාර්ගයේ,පුත්තලම් මාර්ගයේ හෝ ප්‍රධාන මාර්ගයේ කෝච්චියෙන් කොළඹට එනවානම් බල්ලන්න..ඒත් ඔබට එසේම පෙනේවි.



නෙළුම් කුළුණ ස්ථානගත කර තිබෙන තැන නිසයි එසේ පෙනෙන්නෙ.
දෑනට ලංකාවෙ පමණක් නොවේ දකුණු ආසියාවේමත් උසම කුළුණ නෙළුම් කුළුණයි.


නෙළුම් කුළුණ ගැන යම් යම් කාරණා දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති..ඒ නිසා මේ ඒවා ගැන මම දන්න ටිකක් කියන්නයි සූදානම.
නෙලුම් කුළුණේ මූලික පරමාර්ථයන් වන්නේ සන්නිවේදන කටයුතු, නිරීක්ෂණ කටයුතු සහ සංචාරක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමයි.එම නිසා මෙහි ප්‍රධානා ආදායම් මාර්ගය වනුයේ සන්නිවේදන ඇන්ටනා කල්බදු දීම (ලීස්) සහ සංචාරක කටයුතූයි.මෙහි රූපවාහිනි සේවා 50කටත්, ගුවන්විදුලි සේවා 35කටත්,වෙනත් සන්නිවේදන සේවා 20කටත් පහසුකම් සැළසෙනු ඇත. මුල් සැළසුම අනුව මෙය හදන්න යෝජනා වෙලා තිබ්බේ පෑලියගොඩ.නමුත් පසුව සැළසුම් වෙනස් වෙලා තමයි බේරේ වැව අයිනෙ හැදෙන්නෙ.

උසින් මීටර 350ක් වෙන මෙම කුලුණේ භූමි ප්‍රමාණය වර්ග මීටර 30,600ක් (ව.අ.329,000) වෙනවා.ප්‍රධාන දොරටු හතරක් තියෙන ගොඩනැගිල්ලෙ දෙකක් වෙන්නෙ ප්‍රභූ වරුන්ට සහ රාජ්‍ය නායකයන්ට.
කුළුණෙහි පලමු මහලෙහි සන්නිවේදන කෞතුකාගාරයකිනුත්,ප්‍රධර්ශණ ශාලා දෙකකිනුත් ... දෙවන මහල එකක ආසන 500කින් යුත් සම්මන්ත්‍රණ ශාලා කිහිපයකිනුත් ...තෙවන මහල ආපන ශාලා සහ සුපිරි වෙළඳසැල් ...සිවුවන මහල ආසන 1000 කින් යුත් දේශන ශාලාවකිනුත්...පස් වන මහල අධි සුඛෝපභෝගී හෝටල් සහ බෝල් රූම් වලිනුත්.... හත්වන මහල නිරීක්ෂණ මධ්‍යස්ථානයකිනුත් යුත් වන බවට සැළසුම් වෙනවා.






ඉතින් සන්නිවේදන කර්මාන්තයට සහ සංචාරක කර්මාන්තයට මහත් පිටුබලයක් වෙනු ඇතැයි යෝජනා වෙන නෙළුම් කුළුණ හැකි ඉක්මනින් ජනතා අයිතියට පත්වේවායි පතමි.

කොළඹ වීදියකදී නැවත හමු වෙමු.

(නම නොදත් චායාරූප කරුවන් පිරිසක් විසින් ගත් චායාරූප බොහොමයක් අන්තර්ජාලයෙන්)

- අමිල ලක්මාල් - 

Gallery















2 comments:

  1. නෙලුම් කුලුන හදන්නේ චිනයට ඉන්දියාවේ උත්තු බලන්න කිව්ව නිසා උස උඩු කරපු කතාවක් තියේනවා. ඒ කතාව ඇත්තද? කතාව ඇත්ත හෝ බොරු වෙතත් හැබැයි තව ටිකක් උස වැඩි උනානම් කියලා හිතෙනවා කොළඹ ගොඩනැගිලි වලින් කවර්වුන නෙලුම් කුලුන දිහා බලද්දි.

    ReplyDelete
    Replies
    1. දැනට තියෙන කුළුණෙ උස හරියටම මීටර් 362ක් කියලා කියන්නෙ. ප්‍රොජෙක්ට් එකේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් ගෙන් දැනගත්ත විදිහට.

      Delete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters