'চারুলতা’ - චාරුලතා



ඉන්දීය මහා කවී රබින්දොනාත් තගෝර් විසින් බෙංගාලි බසින් රචිත Nastanirh (The broken nest) නවකතාව අනුසාරයෙන් ඉන්දීය මහා සිනමාවේදී සත්‍යජිත් රායි විසින් අදියුරු කරනු ලදුව 1964 දී තිරගත වුණ බෙංගාලි ඉසිනමාපටයකි "චාරුලතා".....

සත්‍යජිත් රායි විසින්ම වතාවක් පවසා ඇති අන්දමට ඔහු විසින් නිමවූ සිනමාපට අතරින් ඔහු වඩාත් ප්‍රිය කරන්නේද චාරුලතා ය.. රායි ගේ පාතර් පංචාලි හා අපූ ත්‍රිත්වයේ අනෙක් සිනමාපට දෙක තරමට චාරුලතා ගැන කතා බහක් ඇති වී තිබේද යන්න සැකයකි...
වර්තමානයේ අපටනම් චරු ලතා කතාව අමුත්තක් නොවන්නේ ඒ අච්චුවේ කතා ඕන තරම් ඉන් පසුව අප විසින් දැක ඇති බැවිනි..එහෙත් මෙම නව කතාව ලියවුන හා සිනමාපටය නිමවුනු යුගයේ එවන් මාතෘකා එතරම් ප්‍රකට නොවුන එලිපිට කතා කිරීම ඉතාම අවම වූ යුගයකි...
කතාව දිවෙන්නේ 1800 දශකයේ, බටහිර බෙංගාලයේ (කතාවේ කාලයට අනුවනම් එය එකම බෙංගාලයකි පසුව නැගෙනහිර හා බටහිරව වෙන්ව නැගෙනහිර කොටස වෙනම රටක් වශයෙන් වෙන් වී ගියද..)
කල්කටා නුවර වාසය කරන උසස් පාංතික පුවත්පත් හිමි කරුවෙකුගේ බිරිද චාරුලතා (මාධොබී මුකර්ජී)  වටාය.. 

ඈ බුද්ධිමත් ය, තරුණය,සුරූපීය, කලා කාමීය එහෙත් ඇගේ සැමියා ;භූපති (සෛලන් මුකර්ජී) ඊට හාත් පසින්ම වෙනස් ය ඈට වඩා වයසින් තරමක් වැඩිය, දේශපාලනය ගැන උනන්දුව ඇත්තෙකි, නිතරම සිය පුවත්පත ගැන සිතන නිසා සිය සුකොමල තරුණ බිරිද ගැන අවධානය දීමට කාලය අඩුය...
අලස කමින් දිවි ගෙවනා චාරුලතාගේ දිවිය වෙනස් වන්නේ භූපතිගේ සොහොයුරෙක් වන අමල් /අමොල් (සෞමිත්‍රා චැටර්ජී) භූපතිගේ ආරාධනයෙන් , සිය බිරිදගේ කාන්සිය මකා ඇගේ කලා කටයුතු වලට සහය ලබා දීම සදහා ඔවුන්ගේ නිවසට පැමිණීමත් සමගය... අමෝල් සෑම අතකින්ම චාරුලතාට සමපාතය තරුණය, බුද්ධිමත්‍ය,ක්‍රියාශීලීය,
කඩවසම්‍ ය, කලාකාමීය .. ඉතින් චාරුලතාගේ සිත අමෝල් කෙරෙහි බැදී නොතිබේවිද ?!...
සිය සිතැගි හා වෛවාහක ස්ත්‍රියකගේ ධර්මතාවයන් අතර ඈ කෙසේ දෝලනය වේද?...

මේ අතර ව්‍යාපාර කටයුතු වලට සහාය සදහා චාරුලතාගේ සොහොයුරා උමාපදා (ශ්‍යාමල් ඝෝශාල්) සහ ඔහුගේ බිරිය මන්දා (ගීතාලී රෝයි) ද පැමිණ ඔවුන්ගේ නිවසේ වාසය කරයි... කපටි සහ චරුලතා මෙන් බුද්ධිමත් ස්ත්‍රියක් නොවන මන්දා ද අමෝල් සමග ඇගෑලුම් කමක් ඇති කර ගැනීමට උත්සාහ කරයි... කතාව සම්පූර්ණයෙන් කීම නොසුදුසුය...

බෙංගාලි සිනමාවේ කුමක්දෝ කියා පැහැදිලි කල නොහැකි හිමි ගුප්ත භාවය තීව්‍ර කරන්නේ එකල සිනමාපට වල කලුසුදු රූප රාමුය.. (මෙකල වර්ණ රුප රාමු භාවිත වුවද ඒ ගුප්ත බව මටනම් එසේමය) චාරුලතා සිනමාපටයෙ මුලු කාලයෙන්(විනාඩි 117ක්)  99% දිවෙන්නේ එකම දර්ශණ තලයකය... එනම් භූපති හා චාරුලතාගේ සුවිශාල  මන්දිරයේය...
රායි විඓන්ම නිමවූ සංගීතය අත්‍යාවශ්‍යම තැන් වල පමණක් සුලුවෙන් යොදා ගැනීම රායි ගේ අනෙකුත් සිනමා පට වල මෙන්ම මෙහිදීද ඒ ආකරයෙන්ම දකින්න පුලුවන්..ඒද සාම්ප්‍රදායික බෙංගාලි සංගීතයයි.. බෙංගාලි සංගීතය නම් අසා සිටීමට ඉතා ප්‍රිය , වැඩි වශයෙන් වීණාව යොදාගෙනම නිර්මාණය වන්නකි (බෙංගාලි සිනමාපට වැඩි වශයෙන් නරඹන්නේ නැති අය මෑත කාලීන සිනමා පටයක් වන පිකූ හි තේමා සංගීතය සිහියට නගා ගන්න ) ..

කතාව තුල මාධොභී මුකර්ජීගේ භූමිකාව ඈ අතිවිශිෂ්ඨ ලෙස හසුරවා තිබෙන බව මා අමුතුවෙන් නොකිවයුතු බව සිනමා පටය නරඹන්නෙකුට වැටහේවි... අවස්ථානුකූලව ඇගේ භාව ප්‍රකාශනය විශිෂ්ඨය... අපූර් සන්සාර් හි අපූ ලෙස අප දකින සෞමිත්‍රා චැටර්ජී ගේ රංගනයද එසේමැයි...
කතාව අවසාන වන්නේ නිශ්චල චායා රූප කිහිපයකිනි... මුලින්ම භුපති සහ චාරු ගේ දෑත් ලංවන චායාරූපයකුත් (දෑත් පමණක්) , ඉන් පසු ඔවුන්ගේ මෙහෙ කරුවාගෙ චායාරුවකුත්, පසුව භූපති සහ චාරු ගේ සම්පූර්ණ රුව සහිතව දෑත් අල්ලා සිටින චායා රුවකුත් , ඉනුදු පසු භූපති සහ චාරු දෑත් දරා සිටින අන්දම මන්දිරයේ කොරිඩෝරයේ ඈතක සිට පෙනෙන අන්දමට ගත් චායාරුවක් පෙන්වයි.. මින් පෙන් වීමට උත්සාහ කරන්නේ භූපතිගේ සහ චාරුගෙ සම්බන්ධතාවය ඉන් පසු නොසැලී තිබුණ බවය යන්න මාගේ වැටහීමයි...


මෙම ශෛලියේ සිනමා පට සැමට රුචි නොවන්නේ කතාව සෙමින්  ගලායාම සහ තරමක අලස ස්වභාය හේතුවෙනි.. එසේ වුවද  මේ සිනමාපටය නරඹන්නට හැකිනම් අණිවාර්‍යෙන්ම නරඹන්න කියමින් නවතිමි...

IMDB 8.2/10
Rotten tomatoes 96%

- අමිල -

3 comments:

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters