භාරතයේ විත්ති - 32 - මහා 'මහමැතිවරණය'


ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක මැති වරණයක් යනු අතිශය වැදගත් සංසිද්ධියක්. මෙවන් ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක ප්‍රධාන ජාතික මට්ටමේ මැති වරණය මහ මැති වරණය...ඊට අමතරව ඇතැම් රාජ්‍යයන් වල තවත් එක් ජාතික මැතිවරණයක් පවත්වනවා ජනාධිපති වරණය නමින් ..

ලෝකයේ විශාලම මහමැතිවරණය කුමක්ද?! ඒ ඉන්දීය මහමැතිවරණය...

2019 වර්ෂයේ (දැනුදු අවසානයක් නැති ) ඉන්දීය මහමැතිවරණයේදී චන්දය ප්‍රකාශය කිරීමට සුදුසු කම් ලබා ඇති පිරිස මිලියන 900කට අධික වන අතර එය ලෝක ජනගහණයෙන් 10% කට ආසන්න වෙනවා ...ඉනුත් මිලියන 84ක් පළමු වතාවට චන්දය ප්‍රකාශ කරන්නන්...


මොකක්ද මේ ඉන්දීය මහාමැතිවරණය

ඉන්දියාව සන්ධීය රාජ්‍යයක්.. එහි පාර්ළිමේන්තුව ප්‍රධාන සභා දෙකකින් සමන්විත  වෙනවා .
මින් පළමු වැන්න හා වැදගත්ම එක  'ලෝක් සභා' නමින් හැදින්වෙනවා..මෙය පාර්ළිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩළය වන අතර සාමාජික මන්ත්‍රී වරුන් මහ ජනයා විසින් කෙලින්ම  තෝරාගනු ලබනවා..

                                                (ලෝක් සභා)
                                                     
                                                 (රාජ්‍ය සභා)



අනෙක් එක තමයි 'රාජ්‍ය සභා' නොහොත් ඉහල මන්ත්‍රී මණ්ඩලය.. මේ සදහා සාමාජිකයන් තෝරා ගනුලබන්නේ එක් එක් ප්‍රාන්ත වල සභා වලට තෝරා ගත් සාමාජිකයන්ගෙනුයි.. මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්.. අපි එය මෙසේ ගනිමු...

ප්‍රාන්ත සභා/State legislative Assembly
ප්‍රාන්ත සභාවක් යනු ඉන්දියාවේ ප්‍රාන්ත 28ට සහ ස්වාධීන බල ප්‍රදේශ වල පාලනය උදෙසා පවතින සභායි.. හරියට අපේ පළාත් සභා වගේ..හැබැයි මේ ප්‍රාන්ත අපේ පළාත් සභා වගේ නමට තියෙන ඒවා නෙමේ.. ප්‍රාන්තය තුළ පොලිසිය, බන්ධනාගාර,වාරිමාර්ග, කෘෂිකර්මය , ප්‍රාදේශීය රාජ්‍යයන් (අපේ ප්‍රාදේශීය සභා හා සමානයි),මහ ජන සෞඛ්‍යය,වන්දනාවන්,සහ සොහොන් බිම් ආදී වැදගත් අංශ පාලනය සදහා බලතල තියෙන්නෙ මේ ප්‍රාන්ත සභා වලට..ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රාන්ත වල නීති රීති හදන්නෙ ප්‍රාන්ත සභාවලින්..
ඉන්දිය පාර්ළිමේන්තුව හා සමානවම ප්‍රාන්ත සභාත් දෙකොටසකට බෙදෙනවා.. එකක් 'විධාන් පරිෂද්' නොහොත් State legislative Council නොහොත් සභාවේ ඉහල මණ්ඩලය වන අතර අනික 'විධාන් සභා' නොහොත් State legislative Assembly නොහොත් සභාවේ පහල මණ්ඩලය වේ...

මෙම විධාන් සභා වලට සාමාජිකයන් තෝරා පත් කර ගැනීමත් සිදුවන්නේ ඉන්දීය මහා මැතිවරණයේ කොටසක් ලෙසයි.. ඒ; එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයෙන්, එක් බල ප්‍රදේශයකට එක් සාමාජිකයෙක් වෙන විදිහටයි..
මීට අමතරව ඇංග්ලෝ ඉන්ඩියන් ජන කොටස් වලින් සාමාජිකයෙක් බැගින් සභාවට පත් කරන්නෙ ආණ්ඩුකාර වරයා..

විධාන් සභාවක අවම සාමාජිකයන් ගණන 40 ක් සහ උපරිම ගණන 500ක් වියයුතුයි කියලා සම්විධාන් (Constitution of India) හි කියලා තිබුණත් ජනගහණය අඩු ප්‍රාන්ත වල අවම සාමාජිකයන් ගණනට වඩා අඩු ප්‍රමාණයක් පවත්වා ගන්න ඉඩ දී තිබෙනවා.. ඒ අනුව විශාල සහ ජනගහණය වැඩිම ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හී සාමාජිකයන් ගණන 404 ක් වෙද්දී පොන්ඩිචෙරි හි 33 ක්ද,මිසෝරම් සහ ගෝවා හි 40ක් ද, සික්කිම් හි 32 ක් ද  විදිහට උදාහරණ දක්වන්න පුලුවන් .

මේ සාමාජිකයන් Member of State Legislative Assembly නොහොත් MLA නමින් හදුන්වනවා..

විධාන් සභාවෙ ප්‍රධානීන් දෙන්නයි.. මහ ඇමති සහ ආණ්ඩුකාරවරයා...


විධාන් පරිෂද්
වලට සාමාජිකයන් යෝජනා වෙන්නේ විධාන් සභා වලට පත් වුන සාමාජිකයන්ගෙන් සහ ප්‍රාන්තයේ උගතුන්, ගුරුවරු , වෘත්තිකයන් වැනි අයගෙන්... මේ අය වර්ෂ 6කට තෝරා ගන්නා අතර ඉන් 1/3 ක් වර්ෂ දෙකකට වතාවක් ඉවත්වන විදිහට සැකසී තිබෙනවා...

මේ සාමාජිකයන් Member of State Legislative Council නොහොත් MLC නමින් හදුන්වනවා..

යම්කිසි ප්‍රාන්තයක් හිතනවා නම් මේ විධාන් පරිෂද් අපට අවශ්‍ය නෑ කියලා ඔවුන්ට පුලුවන් විශේෂ නීතියක් සම්මත කරලා, එය පාර්ළිමේන්තුවේ මණ්ඩල දෙකෙන්ම අනුමත කරවාගෙන, ජනාධිපති වරයාගේ අත්සනින් නීතියක් බවට පත් කරගෙන එම සභාව අහෝසි කර දමන්න..දැනට ආන්ද්‍ර ප්‍රදේශ්,බිහාර්,ජම්මු කෂ්මීර්,කර්ණාටක්,මහාරාශ්ඨ්‍ර ,තෙලංගනාසහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවල පමණක් 'විධාන් සභා සහ විධාන් පරිෂද් ' දෙකම පවතින අතර අනෙක් සියලුම ප්‍රාන්ත විධාන් පරිෂද් අහෝසි කර දමා විධාන් සභා පමණක් පවත්වාගෙන යනවා...

හරි දැන් අපි දන්නවා විධාන් සභා වලට සාමාජිකයන් (MLA s ) තෝරා ගන්නෙත් මහමැතිවරණයෙන් මයි කියලා..

ඊ ලගට මෙහෙම විධාන් සභා වලට තෝරා ගන්න සාමාජිකයන් (MLAs ) අතරින් එක් එක් විධාන් සභා වලට සාමාජිකයන් 7 - 9 ත් අතර වන විදිහට සාමාජිකයන් තෝරා ගන්නවා පාර්ළිමේන්තුවට.. මෙහෙම තෝර ගන්නා අයගෙන් සැදුම් ලත් මණ්ඩලය තමයි ඉන්දීය පාර්ළිමේන්තුවේ ඉහල මන්ත්‍රී මණ්ඩලය නොහොත් 'රාජ්‍ය සභා'ව..මෙය Indirect Election නම් වෙනවා...

ලෝක් සභාව
උඩම චේදයකත් කිවුවා වගේ ලෝක් සභාවට සාමාජිකයන් තොරා ගන්නේ ඍජුවම මහජනයා විසින්..මෙය Direct election නම් වෙනවා..

ප්‍රාන්ත සභාවෙදි විධාන් සභාව කැමතිනම් විධාන් පරිෂද් ඉවත් කර දමන්න පුලුවන් වුනත් පාර්ළිමේන්තුවෙදි ලෝක් සභාවට රාජ්‍ය සභාව අවශ්‍ය නෑ කියලා ඉවත් කිරීමේ හැකියාවක් නෑ...
ලෝක් සභාවේ ප්‍රධානියා කතානායක වරයා වන අතර රාජ්‍ය සභාවේ ප්‍රධානියා එම සභාවී සභාපති වරයා වේ.

ඉතින් මේ ලෝක් සභාවට සහ රාජ්‍ය සභාවට (ප්‍රාන්ත සභා හරහා) දෙකටම සාමාජිකයන් පත් කර ගන්න තමයි ලෝකයේ විශාලම මහාමැතිවරණය හෙවත් ඉන්දීය මහාමැතිවරණය පවත්වන්නෙ...

මිලියන 900 ක චන්ද දායකයන් ගෙන් ප්‍රාන්ත 28කින් හා ස්වාධීන බල ප්‍රදේශ දෙකකින් සාමාජිකයන් පත් කර ගැනීම සෙල්ලමක්ද? කොහෙත්ම නෑ.. ඒ නිසා තමයි ඉන්දීය මහාමැතිවරණය පියවර කිහිපයකට , කඩින් කඩ, මාස කිහිපයක් තිස්සෙ පවත්වන්නෙ..

මෙම මැතිවරණ කාල සටහන හදද්දි  ප්‍රාන්ත ලැයිස්තුගත කොට එක් දිනකට ප්‍රාන්ත කිහිපයක් අන්තර්ගත වන විදිහට එය සිදු කරනවා..

මේ අනුව 2019 මහා මැතිවරණයේදී
  • අප්‍රේල් 11 දින
 ආන්ද්‍ර ප්‍රදේශ්,අරුණාචල් ප්‍රදේශ්, ඇසෑම්,බිහාර්,චත්තිස්ඝඩ්,ජම්මු කෂ්මීර්,මහාරාෂ්ඨ්‍ර,මිසෝරම්,මනිපූර්,මේඝාලයා,නාගාලන්ඩ්,ඔඩිස්සා,සික්කීම්,තෙලංගනා,ත්‍රිපුර,උත්තර් ප්‍රදේශ්,උත්තරාඛණ්ඩ්,බටහිර බෙංගාලය,අන්දමන් හා නිකොබාර් දූපත් , ලක්ෂදිව්

යන ප්‍රාන්ත 20ක චන්ද බල ප්‍රදේශ 91 කත්..

  • අප්‍රේල් 18 දින
ඇසෑම්,බිහාර්,චත්තිස්ගඩ් ,ජම්මු කෂ්මීර් , කර්ණාටක් ,මහාරාශ්ඨ්‍ර ,මනිපූර් ,ඔඩිස්සා ,තමිල්නාඩු,උත්තර් ප්‍රදේශ්,බටහිර බෙංගලය,පොන්ඩිචෙරි

යන ප්‍රාන්ත සහ ස්වාධීන බල ප්‍රදේශ වල චන්ද බල ප්‍රදේශ 95 කත්..

  • අප්‍රේල් 23 දින

ඇසෑම්,බිහාර්,චත්තිස්ගඩ් ,ගුජ්රාත්,ගෝව,ජම්මු කෂ්මීර් ,කර්ණාටක් ,කේරලා,මහාරාශ්ඨ්‍ර ,ඔඩිස්සා ,උත්තර් ප්‍රදේශ් ,බටහිර බෙංගාලය,ත්‍රිපුර,ධද්රා සහ නාගර්හවේලී, දමන් සහ දිව්

යන ප්‍රාන්ත හා ස්වාධීන බල ප්‍රදෙශ වල චන්ද බල ප්‍රදේශ 116කත්

  • අප්‍රේල් 29 දින

බිහාර්, ජම්මු කෂ්මීර් , ඣාර්ඛණ්ඩ්, මධ්‍ය ප්‍රදේශ් , මහාරාශ්ඨ්‍ර ,ඔඩිස්සා ,රාජස්තාන් , උත්තර් ප්‍රදේශ් ,බටහිර බෙංගාලය

යන ප්‍රාන්ත වල චන්ද බල ප්‍රදේශ 71 කත්

  • මැයි 6 දින
බිහාර්, ජම්මු කෂ්මීර් , ඣාර්ඛණ්ඩ්,මධ්‍ය ප්‍රදේශ්,රාජස්තාන් ,උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය

යන ප්‍රාන්ත වල චන්ද බල ප්‍රදේශ 51කත්

  • මැයි 12 දින
බිහාර්, හර්යානා,ඣාර්ඛණ්ඩ් ,මධ්‍ය ප්‍රදේශ්, රාජස්තාන් , උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය

යන ප්‍රාන්ත වල චන්ද බල ප්‍රදේශ 59කත්

  • මැයි 19 වන දින

බිහාර්, හිමාචල් ප්‍රදේශ්, ඣාර්ඛණ්ඩ් , මධ්‍ය ප්‍රදේශ් , පන්ජාබ්, බටහිර බෙංගාලය , උත්තර් ප්‍රදේශ්, චන්දිඝඩ්

යන ප්‍රාන්ත සහ ස්වාධීන බල ප්‍රදේශ වල චන්ද බල ප්‍රදේශ 59 කත්

චන්දය ප්‍රකාශ කිරීම සිදු වුනා...

දැන් පවතින්නේ චන්දය ගණන් කිරීමේ අදියරයේය... එම නිසා වාර කිහිපයකදී එකතු කර ගත් චන්ද පෙට්ටි මේ වන විට පවතින්නේ, මේ අවස්ථාවේ ඉන්දියාවේ බලවත්ම පුද්ගලයා වන ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සතුවයි...

      (Sunil Arora - The Chief Election Commissioner of India )


ඔහු විසින් ගණනය කිරීම් සිදු කොට ඉදිරියේදී ප්‍රතිඵල පවසාවි..

නවතිමි..

නැවත හමුවෙමු...

- අමිල -
   

2 comments:

  1. මගේ බ්ලොග් එකේ ලියන්න පොරොන්දු වෙච්ච මාතෘකාවක්. ඔයා ලියපු එක වටිනවා. නැශනල් ජොහ්‍රැෆික් වාර්තා වැඩසටහනක්. තියෙනවා මේගැන. ඒකෙදි කියනවාඔවුන් භාවිත්ස්ස් කරන පාපැදි වලට අයිතිකරුවෝ නෑ, ලැබුන කෙනෙක් පැදගෙන යනවා, ගිහිං දුම්‍රිය පොළක් ගාවාදාලා යනවා. පස්සේ එනකොට ඒ වගේම එකක යනවා කියලා. එ වගේමයි ට්මත්න්මන්ට ලැබෙන බයිසිකලය නඩත්තු කර එකත්. එතැනදීඔවුන් කෙතරම් පරාර්ථකාමීද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මේක ඩබ්බාවාලා පෝස්ට් එකේ දාන්න ඕන එකක් මෙතන වැර්දීමකින් දාලා වෙන්න ඕනෙ... කොහොම වුණත් ප්‍රතිචාරයට තුති.. පරාර්ථකාමී බව වගේම විනය..

      Delete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters