'ठाकरे - Thackeray'.




මේ කියන්නෙ මේ අවුරුද්දේ ජනවාරි මාසෙ තිර ගත වුණ හින්දි සිනමාපටයක්...
ශිව් සේනා සංවිධානයේ ආරම්භකයා වන බාල් කේශව් තාකරේ ගේ කතාව ආශ්‍රයෙන් මේ සිනමාපටය නිමවෙන්නෙ...

කියන්න තරම් ලොකු කතාවක් නැති වුණත් නවාස් ගේ විශිෂ්ඨ රංගනය හා සිත් ගන්නා සුලු කැමරාකරණය නිසාම ඒ ගැන කියන්න හිතුණා...බාල් කේශව්ගෙ වීඩියෝ කිහිපයක් බලපු මට හිතුණා නවාස් කොච්චර සාධාරණයක් ඒ චරිතෙට කරලා තිබුණද කියලා...
සිනමාපටයෙන් ; තරමක් අන්තවාදී අදහස් දරණ ශිව් සේනා සංවිධානයේ අරමුණු වලට සුදුහුණු ගාන්න උත්සාහ කර තිබුණාදෝ කියලා හිතෙනවා...
සිනමා පටයේ වැඩි කොටසක් දිවෙන්නෙ කලු සුදු රූප රමු ලෙස... තාකරේගේ තරුණ හා මැදිවිය නිරූපණය කරන්නට ඒ යුගයේ සිනමාපටයක් විදිහටම කලු සුදු රූප රාමු භාවිත කිරීම ප්‍රශස්ථයි ..
සිනමා පටයේ මගේ සිත් ගත් මුල්ම රූප රාමුව වෙන්නෙ තාකරේ ;පත්තර කන්තෝරුවෙ දකුණු ඉන්දීය ජාතික සිය ප්‍රධානියාට වෙනස්ම විදිහේ හාස්‍ය ජනක ඉල්ලා අස්වීම්ක් බාර දීලා ගෙදර එන ගමන් සිනමා ශාලවට ගිහිං සිනමා පටයක් නරඹලා එම සිනමා පටයේ "The end " ලෙස සදහන් වන දර්ශණය දෙස ඉනට අතක් තබාගෙන් බලා සිටින දර්ශණයයි...


ඒ කාටූන් සිනමාපටයෙන් පෙන්වන්නේ මහරාෂ්ඨ්‍ර ප්‍රාන්තය නිජබිම් කරගත් මරාතී ජාතිකයන් එම ප්‍රාන්තය තුලම වර්තමානයේ වෙනත් ප්‍රාන්ත වලින් සංක්‍රමණය වූවන්ගේ අඩන්‍තේට්ටම් වලට නතුවන ආකාරයයි.. සිනමා ශලාව තුල දකුණු ඉන්දීය, පාර්සි ,බෙංගාලි ,පංජාබී වැනි පුද්ගලයන් හිනා වෙවී (ඒ හිනාවන් නම් පට්ටම කෘතිමයි) සිනමා පටය නරඹද්දි තාකරේ තනිවම හිනා නොවී ඒ දෙස බලා සිටීමේ රූප රාමු තුලින් සංඛේතාත්මකව පෙන්වන්නේත් මහාරාශ්ඨ්‍රය තුලම අන් ජාතීන් මරාතිජාතිකයන්ට වෙනස්කම් කිරීමත් ඒ අතර මරාති ජාතිකයන් අසරණව සිටි හැටිත් බැව් මගේ වැටහීමයි...
ඉස්සෙල්ලා කිවුවා වගේ The end දෙස තාකරේ බලා සිටින දර්ශණය නියමයි..
හරියට අපි මොකක් හරි වරදක් කලාම එක අතක් ඉනේ තියාගෙන අනික් අතින් කෝට්ට අරං අම්මා 'වරෙල්ලකො... දෙන්න පාර' කියලා හිතාගෙන අපි දිහා බලං ඉන්නවා වගේ...තාකරේ වැඩ පටං ගන්නෙත් අන්න එහෙම හිතලා එතනින් පස්සෙ තමයි...

ඔය විදිහට සිනමාපටය පුරාම සිත් ගන්න සුළු කැමරා කෝණ යොදාගෙන තිබුණා...
කැමරා ව රංග ශිල්පීන් වෙත යොමු වෙද්දී බොහෝ වෙලාවට එම ශිල්පියා අසලින්ම , කෙලින්ම කැමරාව ඔවුන් වෙත යොමු නොවී යම් කිසි වස්තුවක් පිටුපස සිට, යම් පිරිසක් පිටුපස සිට කැමරාව විවිධ කෝණ වලින් ඔවුන් වෙත එල්ල වන ලෙස රූප රාමු පටිගත කර තිබීම වෙනස්... ලස්සනයි..
උදාහරණ විදිහට කිවුවොත් උසාවි දර්ශණ වලදි තාකරේ සහ නීතිවේදියා වෙත කැමරාව යොමු වෙන්නෙ විනිසුරු අසුනටත් පිටුපසින් සිට හෝ ඉදිරි මේස අසල පහල සිට ඉහල බලන ආකාරයට.. විනිසුරු වරයා වෙත කැමරාව යොමු වන්නෙ කෙලින්ම ඔහු හෝ විනිසුරු ආසනය අසලින්ම නොවේ..ඒ උසාවියේ මිනිසුන් වාඩි වීසිටින පේලියකට පිටුපසින් ලෙස , තරමක් එහා සිටයි.. මේ වගේ වෙනස් කැමරා කෝණ,මුළු සිනමාපටය පුරාවටම සියුම් වෙනසක් කරන්න සමත් වුණ බව හොදින් නරඹන්නෙකුට පේනවා..



පරණ කතාවයි දැන් කතාවයි (දැන් කතාව තමයි තාකරේට විරුද්ධව උසාවියේ ඇහෙන නඩුව...හරියට රංග් රසියා එකේ වගේ මේකෙත් කතාව දිවෙන්නෙ තක්‍රේගෙන් උසාවියෙදි අහන ප්‍රශ්න වලට දෙන උත්තර විදිහට...) ගැලපීමත් නියමෙට කරලා තිබුණා...
කාලෙකට පස්සෙ දැන් වැඩිය රගපාන්නෙ නැති අම්රිතා රාඕ ව දැක්කා..තාම ඒ වගේම ලස්සනයි ඉතිං..
කලා අධ්‍යක්ෂණය, සංස්කරණය සුපිරි..



තව හෑලි ලියලා දික් කරන්න ඕනෙ නෑ..
කතාව ඉවර වෙන්නෙ අවිනිශ්චිතව.. ඒ කියන්නෙ තාකරේ සම්බන්ධයෙන් උසාවිය දෙන තීන්දුව අපි දන්නෙ නෑ.. හබැයි පෙන්වනවා ඔහු උසාවියේ කතාකරමින් සිටින අතර කැමරාව රොටේට් වෙද්දී ඔහුගේ පසුබිම් දර්ශණයන් වෙනස් වෙලා ඔහු ජනතාවක් අමතමින් ඉන්න ආකාරයට ..එයින් අපිට හිතන්න පුලුවන් ඔහුව උසාවියෙන් නිදොස් කොට නිදහස් කලාය කියලා...
සිනමාපටයේ අවසාන රූපරාමුව මගෙ සිත් ගත් අනිත් එකයි...
බාල් කේශව්ගේ දීර්ඝ දේශණයකින් පසු ඔහු කියනවා මා මේ කල දේ වරදක් නම් මම එල්ලුම් ගසට යාමටත් සූදානම් කියලා...ඒ කියලා ඔහු දකුණු අත ඔසවන දර්ශණයෙන් සිනමාපටය අවසාන වෙනවා..
එසේ ඔහු දකුණු අත ඔසවා සිටින විට කේශරී වර්ණයෙන් යුත් ඔහුගේ සළුව දකුණතින් පහලට වැටෙනවා.. එයින් මැවෙන්නේ මහාරාශ්ඨ්‍ර ප්‍රාන්තයයි...



සිනමාපටය low budget එකක් නිසා එය box office hit එකක් වුණා.. මහා රාෂ්ඨ්‍රප්‍රාන්තයේන් බිහි වුණ වීර වරයෙක් හා වීර වරියක් පිළිබද සිනමාපට වන ,පිළිවෙලින් තාකරේ සහ මණිකර්ණිකා සිනමාපට එකම දවසේ දර්ශණ ආරම්භ වුවත් මහාරාශ්ඨ්‍ර ප්‍රාන්තය තුළ වැඩියෙන් පිලි ගැණුනේ තාකරේ සිනමාපටයයි...
මණිකර්ණිකා තිරගත වීම ආසන්නයේ ශිව් සේනා සංවිධානයෙන් විවිධ බලපෑම් එල්ලවීමත් කංගනා රනෞත් හා ශිව් සේනා අතර සීතල ගැටුමක් ඇතිවීමට හේතුවත් ;ශිව් සේනා සංවිධානය සිය වීරයාගේ සිනමාපටයට වැඩි ඉඩක් ලබා ගැනීමටත්, කංගනා සිය සිනමාපටයට වැඩීඩක් ලබා ගැනීමටත් උත්සාහ කිරීම විය හැකියි...
IMDB හෝ Rotten tomatoes දර්ශක වල වැඩි අගයක් නොගත්තද මට අනුවනම් දුර්වල සිනමාපටයක් නොවේ එය..
නොබැලූ අයට බලන්න ආරාධනා කරමි..
- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters